රත්තරන් කියන්නෙ කවදටත් ඉහළ මිලක් තියෙන වටින කියන භාණ්ඩයක්නේ. අළුත උපන් බබෙකුට, විවාහ වෙන යුවලකට, වැඩිවිය පත්වෙච්ච දුවෙකුට වගේ ඕනෑම කෙනෙක්ට තෑග්ගකට දෙන්න විතරක් නෙමෙයි තමන්ගේම අයට මතක සටහනකට, ආයෝජනයකට වගේ ඕනෙම දේකට සුදුසුම දෙයක් තමයි මේ. අනිත් එක තමයි විලාසිතාවක් විදිහට අඳින්න පළදින්න විතරක් නෙමෙයි හදිස්සියකට මුදල් කරගන්නත් රත්තරන් බඩුවක් ගෙදරක තියෙන එක හරිම ප්‍රයෝජනවත්. හැබැයි ඔන්න මේ දවස්වලනම් රත්තරන් ටිකක් විතර ගණන්. පවුමක් රු. 57,000 – 58,000 අතර ඉහළ මිලකට අලෙවි වෙන කාලයක් තමයි මේක. රත්තරන් මිලදී ගනිද්දී මේ මිල අඩු වැඩි වීම් ගැනත් බලලම තමයි මිලට ගන්න ඕනෙ. කොහොම උනත් මේ කියන්න යන්නෙ කොළඹ අවට ඉන්න අයට රත්තරන් ගන්න යනවනම් හොඳම ශොප්ස් කීපයක් ගැන.
1. Pettah Gold Market
ගෝල්ඩ් මාර්කට් කියන්නෙ එක රත්තරන් බඩු කඩයක්නම් නෙමෙයි. මේක ගෝල්ඩ් ශොප්ස් ගොඩක එකතුවක්. ෂොපින් කම්ප්ලෙක්ස් එකක් වගේ. පිටකොටුවේ පරණ මාළු මාකට් එක තිබ්බ තැන තමයි මේ මාකට් එක තියෙන්නේ. පහල තියන කඩවල් ඇතුළුව තව ගෝල්ඩ් ශොප්ස් ගොඩක් තියෙන ඇවිදලා තමන්ට කැමති, මිලට හරියන තැනකින් කොලිටිය චෙක් කරලම ගෝල්ඩ් ගන්න පුළුවන් පහසුකම් මෙතන තියෙනවා. කඩවල් කිහිපයක රස්තියාදු නොවී එක තැනකින්ම වැඩේ කරගන්න කැමති කෙනෙක්ටනම් කියාපු තැනක් තමයි මේ පෙටා ගෝල්ඩ් මාර්කට් එක කියන්නෙ.
2. Nithyakalyani Jewellery
නිත්‍යකල්‍යාණි ජුවෙලර්ස් තියෙන්නෙ වැල්ලවත්තෙ විලියම්ස් ඇවනියු එක ළඟ. 1978 ඉඳන් අවුරුදු 40ක විතර ඉතිහාසයක් තියෙන ප්‍රසිද්ධම රත්තරන් බඩු කඩයක් තමයි මේක. අයිතිය හින්දු ජාතිකයෙකුගේ. රත්තරන් වලට කොහොමත් එයාල හුඟක් ප්‍රසිද්ධයිනෙ. මේ කඩේ රත්තරන් මිල ගණන් බොහොම සාධාරණයි. කොලිටි එකයි නමයි හොඳ උණාට අධික මිලක් අය කරන්නෙ නැහැ. හැබැයි හුඟක්ම තියෙන්නෙ හින්දු අය පළඳින රත්තරන් විලාසිතා. අළුත් මාදිලියේ වෙනස් ඩිසයින්ස් නම් ටිකක් අඩුයි. හැබැයි ටිකක් කල් ඇතුව ගිහින් තමන් කැමති ඩිසයින් එක දුන්නොත්නම් සාධාරණ මිලකට හොඳම බඩුවක් ගන්න පුළුවන් තැනක් තමයි මේ.
3. Vogue Jewellers
වෝග් ජුවෙලර්ස් කිව්වමනම් අහල නැති කෙනෙක් නැහැනේ. ලංකාව පුරා මෙයාලගේ ශාඛාවන් 5ක් තියෙනවා. කොළඹ අවටනම් ගාලු පාරෙ කොල්ලුපිටියේ ශොප් එකත් නුගේගොඩ සවුසිරි බිල්ඩින් එක ඇතුළේ ෂොප් එකත් තමයි. වෝග් කියන්නෙත් 1962 විතර ඉඳන් අවුරුදු 56ක විතර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ෂොප් එකක්. ඩිසයින් පැත්තෙන් ගත්තම ලස්සනම ඩිසයින්ස් තියෙන ෂොප් එකක්. මිල ගණන් උනත් ඉතාම අධික නැහැ. ඒවගේ තියෙන අළුත් ඩිසයින් එක්ක බැලුවම ගෙව්වට පාඩු නැති මිලක් තමයි එයාල කියන්නෙ. කොලිටි එකත් ඉතාම ඉහලයි කියල බය නැතුව කියන්න පුළුවන්.
4. Arthur De Silva Jewellers
ආතර් ඩි සිල්වා එහෙමත් නැත්තම් ආතර්ස් ජුවෙලරි තියෙන්නෙත් නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේමයි. මෙයාලගෙත් හිතාගන්න බැරි තරම් ලස්සන ඩිසයින්ස් තියෙනව. නිකමට බලල එන්න ගියත් අරන් එන්න හිතෙන තරම් ලස්සන ඩිසයින් තියෙන ෂොප් එකක්. මිලනම් ටිකක් ඉහලයි. හැබැයි මෙයාලගේ රත්තරන් වල කොලිටි එකනම් වෙන කාටවත් පරාද වෙන්නෙ නැති තරම්. එයාලගෙන් ගන්න ගෝල්ඩ් වලට ලයිෆ් ටයිම් වොරන්ටි එකකුත් දෙනවා. ඒ රත්තරන් හඳුනාගන්න වෙනම සිස්ටම් එකකුත් එයාල ළඟ තියෙනවා.
5. Raja Jewellers
රාජා ජුවෙලර්ස් කියන්නෙ කවුරුත් දන්න ප්‍රසිද්ධම රත්තරන් කඩයක්නේ. ලංකාව ඇතුළේ ශාඛා 3ක් තිබ්බට මෙයාලගේ කොළඹ තියෙන්නේනම් බම්බලපිටියෙ බ්‍රාන්ච් එක විතරයි. හයි සිකියුරිටි තියෙන තැනක් මේ ෂොප් එක. කොලිටි එකයි ඩිසයින්ස් පැත්තයි දෙකම ඉතාම ඉහල තත්ත්වයක තියෙනවා. හැබැයි මිලත් ඉතින් එහෙම තමයි. ඉහලම මිලක් කියන ෂොප් එකක්. හැබැයි කස්ටමයිස්ඩ් ඩිසයින්ස් වලට හොඳම තැනක් තමයි මේක. තමන් කැමති ඩිසයින් එක හදාගන්න බය නැතුව බාරදෙන්න පුළුවන්.
6. MuthuKarupan Chettiyar Jewellers
මුතුකරුපන් කියන්නෙත් හින්දු අයිතියක් තියෙන ෂොප් එකක්. නිත්‍යකල්‍යාණි වගේම ලොකු රේන්ජ් එකක ඩිසයින් නැති හුඟක් ටැමිල් හුරුවට තියෙන ඩිසයින්ස් තියෙන ෂොප් එකක්. හැබැයි ඕන ඩිසයින්ස් හදව ගන්න පුළුවන් සාධාරණ මිලක් අය කරන ෂොප් එකක්. මේ ෂොප් එක තියෙන්නේ කොටුවේ හෙට්ටිවීදියේ. දමිළ ජාතිකයෝ එහෙම රත්තරන් ගන්න හුඟක්ම යන තැනක් තමයි මේ. හුඟක්ම හින්දු ආගමික වතාවත් වලට අදාළ ප්‍රමෝශන්ස් එහම කරනව මේ ෂොප් එකෙන්. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සෙ ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන ඉන්න ෂොප් එකක්. රත්තරන්නම් බය නැතුව කියන්න පුළුවන්, ඒ වගේම තමයි රත්තරන් කිව්වම එක පාරටම ඕන කෙනෙකුගේ ඔලුවට මතකෙට එන නමක් තමයි මුතුකරුපන් චෙට්ටියාර් කියන්නේ.
7. Swarnamahal Jewellers
ස්වර්ණමහල් කියන්නෙත් අපි කවුරුත් දන්න රත්තරන් කඩයක්. මෙයාලගේ ශාඛාවන් ලංකාව පුරා 16 තියෙනවා. කොළඹ අවටත් 5 ක් තියෙනවා ගාලු පාර, මහරගම, හෙට්ටිවීදිය, මොරටුව නුගේගොඩ කියන තැන්වල. මිල ගණන් මධ්‍යමයි කියල කියන්න පුළුවන්. ඉහලම මට්ටමක නැති උනත් ලස්සන අළුත් ඩිසයින්ස් හොයාගන්න පුළුවන් තවත් එක ෂොප් එකක් තමයි මේ. කොලිටි එකත් ඉහලම සහ මධ්‍යම කියල විවිධ කතා තියෙනවා. හැබැයි අඩු කොලිටියකට රත්තරන් දීලනම් මෙච්චර ලොකු කාලයක් නමක් තියාගෙන ඉන්න බැහැනේ. එහෙම බැලුවම මිල, ඩිසයින්ස්, කොලිටි එක කියන ඔක්කොම මධ්‍යම මට්ටමක තියෙන හොඳ ෂොප් එකක් කියන්න පුළුවන් මේකත්.
Leave a Reply