හොඳට බොන්නො, සාමාන්‍යයෙන් බොන්නො, ප්‍රමාණික බොන්නො, නොහිතන බොන්නො සහ නොබොන්නො කියල බොන ඈයොන්ව වර්ග කරන්න පුළුවන්නෙ. හොඳට බොන්නො ඩේලි නැතත් සතියකට දින තුනක්වත් කුදාර් වෙන්න ගහල ඉන්නව. සාමාන්‍යයෙන් බොන්නො සතියකට පාරක්වත් අනිවාර්යෙන්ම හොඳට බොනව වගේම ඇබ්බැහි වෙලා කියල නොපෙනුනත් අරක්කු නැතුව ඉන්නෙ නැති තරම්. ප්‍රමාණික බොන්නො කියන්නෙ දවසට සීයක් වගේ නිශ්චිත අරමුණක් ඇතුව බේබදු නොවී කෑමට පෙර දාගන්න ඈයොන්ට. නොබොන්නො කියන්නෙ ඉතිං නොබොනම ඈයොනෙ. ඔය අතරෙ අපි නම නොකියපු හොරෙන් බොන්නොත් ඉන්නව. ඒ අතරෙ නොහිතන බොන්නො කියන්නෙ අපේ කතා නායකයො. ඉඳල හිටලා අඩියක් ගහන. ඒ වුනත් බොනව කියල කිසිම තැනක නම රෙජිස්ටර් නොවුණු ඈයො. මෙහෙම කෙනෙක් වෙන එක හරිම අවාසියි. මොකද කාටවත් මෙයා බිවුවද නැද්ද කියලවත් මතක නෑ. සමහරවිට සමහරු මෙහෙම කරන්නෙම පොඩි පොඩි බොරු වාසිවලට වෙන්නත් පුළුවන්.
1. උඹත්!

Image Source – thoughtcatalog.com
දැන් මේ අපි කියන නොහිතන බොන්නො බොන්නෙ සාමාන්‍යයෙන් උත්සව අවස්ථා වගේ තෝරාගත් අවස්ථාවලත් නෙමෙයි. එහෙමනං කට්ටිය එයා ගැන දන්නවනෙ. සාමාන්‍යයෙන් මේ ඈයො බොන්නෙ හිතුනම. ඒකට ඉතිං හිතෙන්න ඕන. හිතුනමයි බොන්නෙ. ඔන්න ඔහොම හිතුණු අවස්ථාවක් අපි උදාහරණයකට ගමු. එහෙම හිතෙන අවස්ථාවෙ බොන මේසෙ ඉන්න යාළුවො පුදුම වෙනව. අඩෝ උඹත් බොනවද? කියල අහනව යාළුවො. ඔය අතරෙ පවුලෙ වෙඩිමක් අතරතුරේ අම්ම ඉන්න තැන බොන්න හිතුනොත්, දැන් උඹ බොන්නත් පුරුදු වෙලාද? කියල අහනව අම්ම. ඔන්න ඔය විදියට නොහිතන බොන්නා කියන මනුස්සයා අන්ත අසරණ වෙනවා. එහෙම වුනා කියල බොන විත්තිය ලෝකෙට අඬබෙර ගහන්න බැහැනෙ.
2. ඔයාගෙ මේ බීම

Image Source – quotabulary.com
බිරින්දෑවොන්ට රණ්ඩු වෙන්න අමුතුවෙන් හේතුවක් ඕන නෑ. කොටිම්ම ඒ වෙනුවෙන් වෙලාවක්, කලාවක් කිසිම දෙයක් එයාලට අදාළත් නෑ. ඉතිං එයාලට තමුන්ගෙ මනුස්සයා වැරැද්දක් කළාද කියන එක අදාළම නැහැ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතිං එයාට රණ්ඩුවක් පටන්ගන්න ඕන වුනොත් එයාලා ඒක පටන්ගන්නෙ තමුන්ගෙ මනුස්සයා ඉඳලා හිටලා බොන බීමෙන්. මේ විදියට රණ්ඩුවක් පටන්ගත්තම, තමුන්ගෙ බීම මේ රණ්ඩුවට කිසිසේත්ම හේතුවක් නෙමෙයි කියල දන්න නිසා, මං බොන්නෙ නැහැනෙ වගේ උත්තරයක් දුන්නොත් රණ්ඩුව යනව දුර දිග. කොටිම්ම හැමදාම තොල බිම ගාගෙන එන මනුස්සයෙක් ගාණට දාලයි ඒ රණ්ඩුව පටන්ගන්නෙ.
3. මක්කොරන්නද බං

Image Source – wisegeek.com
දැන් ඉතිං ඔය නොහිතන බොන්නා කියන යාලුවා බිව්වා නොබිව්වා කියල නැතුව යාලුවො එක්ක සෙට් වෙනවනෙ. එහෙම සෙට් වෙන දවසක පොරට බොන්න හිතුනොත් ඉතින් බොනවනෙ. මොකද පොර හොරෙන් බොන්නැහැනෙ. පොරට බොන්න හිතිච්ච දාට හීනී අඩියක් ගහන එක තමයි පොර කරන්නෙ. දැන් ඉතිං ඔය හිතුනහම දාන හීනි අඩිය දැක්කම මුළු ලෝකෙම අරක්කුවලට අධිපති දෙවිවරු කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ. ඉතිං දෙන්න පටන් ගන්නව උපදෙස්. තව ටිකක් දාගනිං බං! සැන්ඩි අඩුවෙන් දාගනිං බං! ඔය ගාණට බීලා මක්කොරන්නද බං! කිය කිය නහින්න හදනව මිනිහා පරිප්පුව හොඳද නැද්ද කියල නොකියපු ගෑණු වගේ.
4. ලැයිස්තු

Image Source – giphy.com
දැන් ඉතිං සාමාන්‍යයෙන් කට්ටිය බොද්දි පොඩි සංගණනයක් යනවනෙ. ඒ කියන්නෙ මූලිකව කී දෙනෙක් බොනවද? බොන්නෙ මොනවද? කීදෙනෙකුට සෝඩද? කීදෙනෙකුට කෝක්ද? නොබොන උන්ට බොන්න ගන්නෙ මොනවද? නොබොන උන් කීයක් ඉන්නවද? බයිට් එකට ගන්නෙ මොනවද? නොබොන උන්ට කන්න ගන්නෙ මොනවද? මේ ඔක්කොටම අදාළ අමතර වියදම් සැලකීමේදී මුළු වියදම කීයද? බොන උන්ගෙන් කීයක් එකතු කරනවද? නොබොන උන්ගෙන් කීයක් එකතු කරනවද? කියලනෙ ඔය මූලික සංගණනය සිද්ධ වෙන්නෙ. ඔය සංගණන පුරුදු යාලුවො අතරෙ හදද්දි හැමදාම අහ අහ ඉන්නෙත් නැහැනෙ. කෙලින්ම ලැයිස්තුව හදල සල්ලි එකතු කරන එකනෙ කරන්නෙ. අනේ ඉතිං ඔය සංගණන ඔක්කොම අවුල් යනවනෙ මූ අතරමැද්දෙදි බොන්න පටන්ගත්තම.
5. ඩිසපොයින්ටඩ්
සමහර ගෑණු ළමෝ පතන්නෙ නොබොන කෙනෙක්නෙ. එයාගෙ තාත්තත් බිවුවෙ නැතිය, ඒ නිසා එයා හොයන්නෙත් නොබොන කෙනෙක්ය කියලනෙ කියන්නෙ. ඇත්තටම කිවුවොත් තාත්තට සිද්ධ වුනේ කෙල්ලගෙ වියදං වැඩි නිසා බොන්න සල්ලි නැති වෙච්ච එක. ඊටපස්සෙ යාන්තං කෙල්ල කසාදයක් බන්දන්න ලං වුනාට පස්සෙ බොන්න මතක නැති වෙච්ච එක. එහෙම නැතුව ඒ මිනිස්සු නොබී හිටියෙ නෑ. ඔන්න ඔය අවුඅස්සෙ කෙල්ල හොයනව නොබොන කෙනෙක්. සමාජ ආශ්‍රයත් ඇති නොබොන කොල්ලෙක් එයාලා හොයාගන්නව. ආයෙ අහන්න බලන්න දේකුත් නෑ. එයාලගේ රෝ ඔත්තු සේවයට අනුව කොල්ල බොන්නෙ නෑ. අනේ අවුරුද්දක් විතර ආස්සරේ කරල, ගෙදරටත් ගෙන්නුවට පස්සෙ දවසක කොල්ල පාටියක බොන්න ගිහින් කෝල් එකක් දෙනව. අනේ කෙල්ලට ඉතිං කලන්තෙ.
6. ගිහින් දාහං
දැන් ඉතිං ඔය නොබොන උන්දැටනෙ සාමාන්‍යයෙන් අනිත් යාලුවොන්ව ගෙදරට දාන වගකීම භාර වෙන්නෙ. හප්පේ ඉතිං. නොබී ඉන්න නිසා බොන්න කලින්ම කට්ටිය වගකීම භාර දෙනව ඉතිං අපි මේ කියන අයියලට. අනේ ඉතිං එයාලටත් මේසෙට වාඩි වුනාම ඔවුව මතක නෑ. කතාවෙන් කතාවෙන් එයාලත් හෙමිහිට අඩියක් දෙකක් වනාගන්නව. ටික වෙලාවක් යනකොට එයාලත් යම් ගාණකට එනව. ඇයි ඉතිං කාලෙකට පාරක්නෙ බොන්නෙ. ඔන්න පුතෝ මේ බීම නිසා තියෙන වෙරියත් එක්ක පොරට මතක් වෙනවා ට්‍රාන්ස්පෝට් අංශයේ නිල සැපයුම් කරුවා විදියට බොන්න කලින්ම තමුන් වගකීම් භාරගත්තා නේද කියල. බඩු බනිස්නෙ. ඉතිං පොලිස් පාටියට බැලුම් පුම්බන්න බලාගෙන තමයි පිටත්වෙන්නෙ.
7. යකෝ ඔච්චර අවුල්ද?
දැන් ඔය අපි මුලින් කියපු ඈයොන්ව ආයෙ පෙළගස්වමුකො. හොඳට බොන්නො, සාමාන්‍යයෙන් බොන්නො, ප්‍රමාණික බොන්නො, නොහිතන බොන්නො, හොරෙන් බොන්නො සහ නොබොන්නො කියලනෙ කිවුවෙ. හොඳට බොන්නො කොහොමත් වෙරි වෙනකං බොනව. සාමාන්‍ය බොන්නො බොන්නෙ හොඳට බොන්නොන්ට වඩා අඩු අවස්ථා ගාණක් වුනාට එයාලත් හැමදාම වගේ වෙරි වෙනවා. ප්‍රමාණික බොන්නො වෙරි නොවුනත් ලිමිට් එකේදි ගාණට නවත්තන්නට හැකි සත්තාභ්‍යාසයෙන් හෙබියි. හොරෙන් බොන්නො කවදාවත් ප්‍රසිද්ධියෙ බොන්නෙ නැහැ කියල අපි උපකල්පනය කරමුකො. නොබොන්නොන්ට වෙරිය අදාළම නැහැනෙ. හැබැයි අපි මේ කියන නොහිතන බොන්නොන්ට වෙරිය නුහුරුයි. ඇයි ඉතිං ඉඳල හිටලනෙ බොන්නෙ. අනික තරමකටනෙ බොන්නෙ. නිකං ආසාවටනෙ. මෙහෙවු උන්ට ආසාව දෙගොඩතලා ගිහින් කබර ගඟ ගලා යන්න පුළුවන්. ඊටපස්සෙ යාළුවො දෙහි අතුල්ලලා එක විකාරයයි. දේශනා අහන්නත් එපැයි.
Leave a Reply