අම්මා තාත්තා කිවුවත් නොකළ යුතු දේවල්

අම්ම තාත්ත දෙයක් දරුවෙකුට කියන්නෙ වරද්දන්න නෙමෙයිනෙ. හැබැයි කවුරු කොහොම කිවුවත් තමුන්ගෙ ජීවිතේ ගැන වැදගත් තීරණ ගන්න එක තමුන් හිතලා කරන්න ඕන දෙයක්. එහෙම තැනකදි අම්මා තාත්තාට වුනත් වරදින්න ඉඩ තියෙනවා. ඒ වගේම වටපිටාවෙ ඉන්න අනිත් අය තමුන් ගැන තියෙන ආදරේකට වඩා උපදෙස් දීලා කැපී පෙනෙන්න තියෙන ආසාවට ඔය වගේ දේවල් කියන නිසා ඔය වගේ දේවල් තෝරලා බේරලා කරන එක අපේ වගකීමක්. අන්න ඒ නිසායි අපි මේ කතාව කියන්නෙ. කරුණාකරලා අපි මේ කියන දේවල් තමුන්ට තනියෙන් තීරණ ගන්න පුළුවන් වයසකට ආවම අනිවාර්යෙන්ම තමුන්ගෙ පැත්තෙන් හිතලා කරන්න.

 

1. ආසා නැති දේ ඉගනීම

Image Source – dailynews.lk

සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළින් පස්සෙ උසස් පෙළට එද්දි තමුන් අධ්‍යාපනය හදාරන්නේ කුමන විෂය ධාරාව යටතේද කියන එක දරුවා විසින් තීරණය කළ යුතු වෙනවා. සිසුවෙකුගේ ජීවිතයේ වටිනාම කාලයෙන් ආසන්න වසර තුනක් පාසල් අධ්‍යාපනයේ උසස් පෙළ වෙනුවෙනුත් ඉක්බිති තවත් වසර 4ක් උපාධියක් වෙනුවෙනුත් වෙන් වද්දී එය දරුවාගේ ආශාව සහ දක්ෂතාවය මත පදනම්ව ගත යුතු තීරණයක් මිස සමාජය ගණන්ගන්නා හෝ දෙමාපියන්ද නිරතවන්නා වූ ක්ෂේත්‍රයක් කියා සිතීම වැදගත් නොවෙයි. මේ නිසා අනිවාර්යෙන්ම තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දරුවාගේ කැමැත්තට මුල් තැනක් දීම සිදු විය යුතුමය.

 

2. කසාද බැඳීම

කසාදයක් කියන්නෙ ලෙඩකට දුකකට නැති නෑයොත් පවුල් පිටින් වගාවෙන දෙයක්නෙ. කෙල්ලෙකුගෙ පාර්ශවයට මේක වඩා ප්‍රබලව බලපානවා. උදාහරණයකට මරණයකට, ලෙඩකට දුකකට උදවුවට නොහිටපු අය පවා මගුලක් සම්බන්ධ තීන්දුවක් ගනිද්දි මහා මේඝයක් වගේ ඇවිත් එයාලගෙ තීන්දු තීරණ ඉදිරිපත් කරලා මූල්‍යමය සහ ශ්‍රමය අතින් ඇරෙන්න අනිත් හැම අතින්ම එයාලගෙ තීරණ ඉදිරියට ගන්නවා. ඒවට කවදාහරි වන්දි ගෙවන්න වෙන්නෙ කසාද බඳින දෙන්නට. එනිසා කවදාවත් කසාද බඳින කාලය හෝ කසාද බඳින්නේ කාවද කියන දේ කසදයක් බඳින දෙදෙනා මිස වෙනකෙකුට තීරණය කරන්න දෙන්න එපා.

 

3. ලොකු වෙඩිමක් ගැනීම

Image Source – weddingz.in

කසාදයක් බඳිද්දි වෙඩිමක් ගන්න ඕනද? පිළිතුරු එකිනෙකාට සාපේක්ෂයි. සමහරු වෙඩින් ගන්නෙ නෑ. සමහරු පොඩියට වෙඩිමක් ගන්නවා. සමහරු ලොකුවට වෙඩිමක් ගන්නවා. ඒක තමුන්ගෙ කැමැත්ත. වෙන කෙනෙක් කියන විදියකට හෝ කවුරුන් හෝ සල්ලි දෙන්නං කියූ පලියට, පවුලේ නම්බුව ආරක්ෂා කිරීමේ උවමනාවට මහා මුදලක් වැය කරලා කසාදයක් කරගන්න එක කිසිසේත්ම ඵල රහිත දෙයක්. ඒක තමුන්ගෙ කැමැත්ත මතම සිද්ධ වෙන්න ඕන දෙයක්. සමහරු ලොකු වෙඩිමක් ගත්තමත් ඒ සල්ලිවලින් කන්න නැති ළමයින්ට කන්න අරං දෙන්න තිබුනා වගේ දේවල් කියන නිසා කවුරුත් කියන දේවල් නොහිතා ඉන්න එක තමයි හොඳ.

 

4. දරුවො වැදීම

Image Source – thebump.com

දැන් ඉතිං කසාදයක් බැඳපු දවසෙ ඉඳන් වටපිටාවෙ ඉන්න හැම මනුස්සයම ඇහැ ගහන් ඉන්නෙ කවද්ද කසාද ගෑනිගෙ බඩ මහත් වෙන්නෙ කියල. කොච්චර කිවුවත් ඕකෙ වැඩිම ආසාව තියෙන්නෙ අම්මලා තාත්තලාට. සමහරු හිත ඇතුළෙන් ගෑනු ළමයි පිරිමි ළමයි කියලත් වෙන් කරලා හිතාගෙන ආදරේ බෙදාගෙන ඉන්නවා. දැන් බඩ ස්කෑන් කරන නිසා ඔය ප්‍රශ්න එච්චර නෑ. කොහොම වුනත් දරුවෙක් හදන්න ඕන දරුව​ගෙ දෙමවුපියන්ට පුළුවන් කාලෙක මිසක් ඒ අයගෙ දෙමවුපියෝ හෝ අනෙක් වැඩිහිටියෝ කියන කාලෙක නෙමෙයි. හරි විදියට ආර්ථිකයක් තියෙන, ළමයි වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් තියෙන, ඒ වෙනුවෙන් තමුන්ගෙ ආතල් කැප කරන්න පුළුවන්කමක් තියෙන කාලය තීරණය කරලයි ඒ දේ කරන්න ඕන.

 

5. කාර්ද? පූල්ද?

Image Source – blog.lightstream.com

කසාදයක් බැඳලා වෙනම ගෙදරකට පදිංචියට ගියාම ඒ ගෙදරටත් එනවනෙ කට්ටිය. ඊට පස්සෙ දෙනව උපදෙස්. දැන් ඉතිං කාර් එකක් ගන්න කාලෙ හරි. මේ ටික ටයිල් කළොත් මොකෝ. මේ රස්නෙ නැතිවෙන්න ගෙදර ඒසී කරන්න. හොට් වෝටර් ෂවර් එකක් දාගන්න. මිදුලෙ ඉඩ තියෙන එකේ පූල් එකක් හදාගන්නකො. වගේ ටෝක්ස් දෙන අය ඕන තරං. හැබැයි ඒවා හදාගන්න හෝ මිදීගන්න වියදම ගැන ඒ කවුරුත් කතා කරන්නෙ නෑ. ඒ වගේම ඒවයෙ අවශ්‍යතාවය ගැන කවුරුත් හිතන්නෙ නෑ. කොටිම්ම අම්මා තාත්තා හිත හොඳින් කිවුවත් තමුන්ට අනවශ්‍ය දේට නං වියදං කරන්න එපා.

 

6. අනවශ්‍ය මිනිස්සු

Image Source – fiverr.com

සාමාන්‍යයෙන් පවුල්වලට බලෙන් ප්ලග් වෙන මිනිස්සු ඉන්නව. කවුරුන් හෝ කාට හෝ බලෙන් ප්ලග් වෙන්නෙ වාසියකටම විතරයි. වෙන කිසිම හේතුවක් එතන නෑ. ඒ නිසා අම්මා තාත්තා හරහා හඳුනාගෙන ආවත්, වෙනත් නෑදෑයෙක් හරහා හඳුනාගෙන ආවත් අනවශ්‍ය මිනිස්සුන්ව ජීවිතේට ළං කරගන්න එපා. අම්මා තාත්තා ඇරෙන්න බොහෝමයක් දෙනා ඔයා වෙනුවෙන් ලොතරැයි හූරනව කියල පෙන්නන්නෙ බොරුවට විත්තිය මතකෙ තියාගන්න.

 

7. මත්පැන් හෝ දුම්වැටි

Image Source – therahnuma.com

සමහරු පාටිවලට ගිහින් බොන්නෙ යාළුවො බල කරන නිසා. බල කරන යාලුවොත් වැරදියි. යාලුවො බල කරාම බොන එකත් වැරදියි. බොන නොබොන එක ඒ ඒ මනුස්සයගෙ කැමැත්ත. හරිහමං බොන මනුස්සයෙක් කවදාවත් කාටවත් බොන්න බල කරන්නෙ නෑ. ඉස්සර නැති වුනේ බයිට් විතරයි. දැන් බයිටුයි විස්කියි දෙකම වාෂ්ප වෙන්න ගන්නවනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *