සාමාන්‍යයෙන් ෆෝන් එකක් ගත්තම ඒකෙ තිබිය යුතුමයි කියලා අපි හිතන යෙදුම් කිහිපයක්ම තියෙනවා. ඒ වුනත් අපි බොහෝමයක් දෙනා සිද්ධ කරන්නේ දැනටත් ඒ උපාංගයෙන්ම ලබාදුන්නු සේවාවක් භාවිතා කරන කරන එක හෝ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධම යෙදුම භාවිතා කරන එකයි. මේ කියන ප්‍රසිද්ධම එක හෝ ගනිද්දි තිබුණු එක භාවිතා නොකර ස්මාට්ෆෝන් එකක් භාවිතා කරන ස්මාට් මනුස්සයෙක් වගේ ඒ ගැන සිහි නුවණින් හදාරලා තමුන්ට අවශ්‍ය දේ වටහාගෙන ඒ අවශ්‍යතාවයට වඩාත්ම සරිලන නිෂ්පාදනය ඔබේ ස්මාට්ෆෝනයට යොදාගන්නට අමතක කරන්න එපා. අන්න ඒ විදියට භාවිතා කරන්නට හැකි වඩාත්ම උපයෝගී විය හැකි නිෂ්පාදන කිහිපයක් ගැනයි මේ සටහන.
1. බ්‍රවුසරයක් ලෙසින්

Image Source – theappfactor.com
මේ කියන්නෙ වතුර බවුසර් ගැන නෙමෙයි. අන්තර්ජාලය පරිශීලනයට ස්මාට්ෆෝනය යොදාගන්නා බොහෝමයක් දෙනෙකුට අවශ්‍ය වෙන බ්‍රවුසරය ගැනයි මේ කතාව. සාමාන්‍යයෙන් බ්‍රවුසරය කියපු සැනින් සිහිපත් වෙන්නේ ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස්. ඒ වගේම බ්‍රවුසරය විදියට වැඩි දෙනා භාවිතා කරන්නෙ ෆෝන් එක ගනිද්දිම ලැබුණු නිෂ්පාදනයක්. නමුත් මේ තත්ත්වයෙන් මිදිලා තමුන්ගේ ස්මාට්ෆෝනයට සහ තමුන්ගේ ජීවිතයට ස්මාට් තීරණ ගන්න එක වටිනවා. අන්න ඒ නිසා Brave වැනි යෙදුමක් භාවිතා කිරීම හොඳ තීරණයක්. එය වඩා වේගවත් වෙබ් බ්‍රවුසරයක් සේම අඩු බැටරි ඛාදනයක් සිදු කරන යෙදුමක්, ඒ වගේම Brave ආරක්ෂාව අතින්ද ඉහළ නිසාත් ඇඩ් බ්ලොකර් වැනි දේ ස්වභාවිකවම සිදු කරන නිසාත් එය ඔබට වාසියක් වේවි.
2. කැමරාව වෙනුවට

Image Source – artifactuprising.com
සාමාන්‍යයෙන් ස්මාට්ෆෝනය මිලට ගනිද්දී ඒ හා පැමිණි කැමරා යෙදුමම දිගුකල් පාවිච්චි කරන්නට බොහෝදෙනෙක් පෙළඹෙනවා. ඒ වගේම බොහෝදෙනෙක් විශ්වාස නොකරන දෙයක් වන්නේ කැමරාවේ භොතික ගුණාත්මක බව විනා මෘදුකාංගමය වශයෙන් කැමරාවට සිදුවෙන සෙතක් නොමැති බවයි. නමුත් එය මුසාවක් විත්තිය වෙනස් වෙනස් කැමරා යෙදුම් ඔබේ ස්මාට්ෆෝන් කැමරාව වෙනුවෙනුත් යොදා බැලුවොත් ඔබට වැටහේවි. එනිසාම වඩා යෝග්‍ය කැමරාව ලෙසින් VSCO කැමරාව දැක්විය හැකියි. එසේම බොහෝදෙනෙකුට සාමාන්‍ය පරිදි ඩවුන්ලෝඩ් කර භාවිතා කිරීමේ අපහසුව හැරෙන්නට ගූග්ල් කැමරාවද අතිශය මනරම් ඡායාරූප ප්‍රතිඵල ගෙන දෙන බව කිව යුතුය.
3. වීඩියෝ ප්ලේයරය
සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් ස්මාට්ෆෝනයේ වීඩියෝ ධාවනය කරවන්නේ කලාතුරකින් වුවත් ඇතැමුන් නිරන්තරයෙන්ම වීඩියෝ නැරඹීම සිදු කරනවා. නමුත් පරිශීලකයාට වඩාත් පහසුවක් ඇති කරවන වීඩියෝ ප්ලේයර් තිබියදී තමුන්ට ස්මාට්ෆෝනය මිලට ගනිද්දීම උරුම වුණු වීඩියෝ ප්ලේයරය භාවිතා කරන්නට බොහෝදෙනා පෙළඹෙනවා. එය ස්මාට්ෆෝන් භාවිතා කරන්නන්ගේ ස්මාට් නොවන ගති ගුණයක්. ඒ වෙනුවෙන්ම සකසා ඇති Plex වැනි ප්ලේයරයක් MKV, MP4, MOV, AVI, WMV වැනි දත්ත අපහසුවකින් තොරව ධාවනය කරාවි. ඒ වගේම ස්ට්‍රීමිං පහසුකම්, ස්මාට්ෆෝනයේ ඇති ඡායාරූප, ගීත, වීඩියෝ වැනි දත්ත වෙනමම සකසා ගැනීම වැනි දෑ බොහෝමයක් මෙම නිෂ්පාදනය සතුයි.
4. රිමයින්ඩර් ඇප් එකක්
කාර්යබහුල ජීවිතයකට රිමයින්ඩර්ස් නැතුවම බැරි දෙයක්. අපට අමතක වන දෑ බොහෝමයි වගේම එලෙස අමතක වෙන සුළු දෙයකින් සිද්ධ වෙන්න පුළුවන් පාඩුත් ඉමහත්. ඒ නිසාම රිමයින්ඩර් ඇප් එකක් ඒ වෙනුවෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එයට විකල්ප ලෙසින් Wunderlist හෝ TickTick වැනි යෙදුම් හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. අපට එදිනෙදා ජීවිතයේ ඒ ඒ වෙලාවට සිහිපත් කළ යුතු දේ සේම, සෑම දිනයකම යම් මොහොතක සිහිපත් කළ යුතුදේත් මෙවැනි යෙදුම්වලින් සිහිපත් කරනවා.
5. නෝට්ස්

Image Source – google.com
සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් භාවිතා නොකරන යෙදුමක් ලෙසින් නෝට්ස් යෙදුම හඳුන්වන්නට පුළුවන්. නමුත් එදිනෙදා වියදම්, සිදුවූ සුළු සුළු සිද්ධීන්, රැකියාවේ පහසුවට අවශ්‍ය කාරණා, නිවසේදී ඉටු කරන්නට ඇති කටයුතු සම්බන්ධයෙන් සිහිපත් වූ දෑ වැනි දේ පහසුවෙන්ම නෝට්ස් ඇප් එකක යොදා තබා ගැනීමේ හැකියාව තියෙනවා සේම ඉන් ප්‍රයෝජනයක් ලැබෙනවා. එවන් අවස්ථාවක ස්මාට්ෆෝනයේම යොදා ඇති නෝට්ස් භාවිතා කරනු වෙනුවට Evernote හෝ Google Keep වැනි යෙදුමක් භාවිතය ස්මාට් ජීවිතයකට පහසුවක් වේවි.
6. චැට් ඇප්
මිතුරන් මුණගැසෙන්නට තරම් වේලාවක් අහිමි අපගේ කාර්යබහුල ලෝකයට ඒ වෙනුවෙන් ලැබුනු වර්චුවල් සහනයක් ලෙසින් චැට් කරන්නට ඇති ප්ලැට්ෆෝම්ස් හැඳින්විය හැකියි. එහිදී බොහෝදෙනෙකු මිතුරු කල්ලි වෙනුවෙන් Whatsapp සහ එදිනෙදා කතාබහ වෙනුවෙන් Facebook Messenger භාවිතා කරනවා දැකිය හැකියි. නමුත් බොහෝදෙනෙකු භාවිතා නොකරන, එහි සරළ අතුරු මුහුණත නිසාම ඉතා ඉක්මනින් නැගී ආ චැට් කරන්නට හැකි ඇප් එකක් ලෙසින් Telegram හැඳින්විය හැකියි. නොකඩවා නිරන්තර චැට් කරන්නන් අතරේ එය ජනප්‍රිය වන්නේම එහි ඇති උපයෝගීතාවය සහ භාවිතයේ පහසුව නිසායි.
7. Email
ඊමේල් වෙනුවෙනුත් වෙනමම යෙදුමක් අවශ්‍යයි කියා කිසිවකුත් සිතන්නේ නැහැ. බොහෝවිට තමන් භාවිතා කරන Google හෝ Yahoo මේල්එක හැරෙන්නට වෙනකක් ඔවුන් භාවිතා කරන්නේත් නැහැ. එහෙත් වඩා පහසුවෙන් සියලු ඊමේල් ගොණු කරගත හැකි, වර්ග කරගත හැකි, එක අණකින් වැඩ කිහිපයක් සිදු කළ හැකි, Read Receipts, Send Later, Undo Send, Connected Apps, Recap (ඉංග්‍රීසියෙන් පමණක්), Snooze වැනි පහසුකම් රැසක් ලංකරවන Newton වැනි ඊමේල් යෙදුමක් මේවාට කදිම විකල්පයක් වනු ඇති. ට්‍රයල් එකකට පස්සේ මෙවැනි වැදගත් සේවාවක් වෙනුවෙන් වසරකට සුළු මුදලක් ගෙවිය යුතු වුවත් තමුන්ගේ වෘත්තීයමය ජීවිතය වැදගත් වන සියල්ලන්ට එය පහසුවක් වේවි.
Leave a Reply