කුස්සියේ වැඩට තියෙනවා නම් හොඳ ඉලෙක්ට්‍රික් බඩු කීපයක්

සැලකිය යුතුයි! – මේ ලිපිය අපගේ පැරණි ලිපියක් බැවින් මෙහි සඳහන් මිල ගණන් වෙනස් වී තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න!!!

 

දැන් ඔය අලුත බැඳපු කපල් එකක් අලුත් ගේකට ගියාට පස්සේ, එතකොට රස්සාවක් කරන්න පටන් ගන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි තමන්ටම කියලා පොඩි ඇනෙක්සියකට, කුස්සි පොඩ්ඩක් තියෙන රූම් එකකට එහෙම ගියාට පස්සේ එතනට බඩු ගන්න වුවමනා වෙනවනේ. කුස්සියටත් බඩු ගන්න ඕන. ආන්න එතකොට උයන්න පිහන්න නොදන්න කෙනෙක්ට වුනත් තමන්ගේම කියලා කිචන් එකක්, බඩු මුට්ටුත් එක්ක තියෙනකොට උයන්න පිහන්න පොඩි ආසාවක්, කික් එකක් එන්නෙ නැද්ද? ආන්න ඒ ආතල් එකට හොඳටම සෙට් වෙනවා, ඉවුම්පිහුම් වඩාත් පහසු කරන නවීන උපකරණ උපාංග එකක් දෙකක් කිචන් එකේ තියෙනව නම්. එක පාරම ගන්න ඕන නෑ. ටික ටික ගෙවන්න ගන්න පුළුවන්. හෙමිහිට එකින් එක ගන්න පුළුවන්. කෙල්ලෙක්ට වුනත් කොල්ලෙක්ට වුනත් කුකින්ග් කියන එක මාරම ෆන් වැඩක් වෙයි මේ උපාංග කීපය ලඟ තියෙනවා නම්.

මතක තියාගන්න, අපි මෙතනදී අනිවාර්‍යයෙන් තියෙන්න ඕන රයිස් කුකර් වගේ එව්වා ලිස්ට් එකට අරගෙන නැහැ.

 

1. Coconut Scraper

Image Source – singersl.com

ඉස්සර නං අපේ අම්මලා පොල් ගෑවේ පරණ තාලෙට හිරමණෙන්. දැන් ගොඩක් ඔය මොඩර්න් කිචන් වල හිරමණ නෑ වගේම පොලුත් නෑ. දැන් පොල් කිරි ඕන වෙලාවට පිටි කළ පොල් කිරි තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි සමහර කෑම ජාති තියෙනවා, ගාගත් පොල් නැතුව නෑ කිසි ගතියක්. හැබැයි ගොඩක් අය දැන් හිරමණේට වාඩි වෙලා පොල් ගාන්න කැමැත්තකුත් නැහැනේ. ආන්න ඒ වෙලාවට තමයි මේ පොල් ගාන මැසිමේ වටිනාකම දැනෙන්නේ. කෙලින්ම කරන්ට් එකට ගහලා, තමන්ට ඕන ගාණට වේගේ හදාගෙන ගාගෙන ගාගෙන යන්න තමයි තියෙන්නේ.

 

 

2. Blender

Image Source – buyabans.com

බ්ලෙන්ඩර් එකක් කියන්නෙත් සාමාන්‍යයෙන් දැන් කාලේ ඕනෑම කුස්සියක තියෙන උපකරණයක්. හැබැයි අළුත බැඳපු කපල් එකක් හරි අළුතෙන් තමන්ගේම තැනකට යන තරුණයෙක් හරි තරුණියක් හරි බ්ලෙන්ඩර් එකක් ගන්න ඒ තරම් ප්‍රමුඛත්වයක් දෙන්නෙ නැති නිසා අපි ලිස්ට් එකට ඒක දානවා. සාමාන්‍යයෙන් බ්ලෙන්ඩර් එකක් හොඳයි පොල් කිරි මිරිකගන්න එකේ ඉඳලා විවිධ සෝස් ජාති මිශ්‍ර කරගන්න, ජූස්, ස්මූතීස්, ලැසී වගේ කෑම ජාති හදන්න වගේ නොයෙක් වැඩ වලට. ඒ වගේම බ්ලෙන්ඩර් එකේ අර පොඩි මික්සර් එකේ දාලා ඔය කෑමට ඕන අමුද්‍රව්‍ය දෙක තුනක් හොඳට මිශ්‍ර කරගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් බර වැඩ වලට නම් බ්ලෙන්ඩර් එක ගන්න හොඳ නෑ. ඒ බර වැඩ සහ ඒකට හරියන භාණ්ඩය ගැන ඊලඟට කියනවා.

 

3. Food Processor

Image Source – mydeal.lk

මේක නම් මුළුතැන්ගෙයට අනිවාර්යයෙන්ම ඕන උපකරණයක් කියන්න අමාරුයි. හැබැයි ඉතින් ඉවුම් පිවුම් රහ වැටිලා වඩාත් සීරියස් රෙසිපි එහෙම අත්හදාබලන අයට නම් මේක ගොඩක් වෙලාවට ඕන වෙනවා. මේක සංකල්පය අතින් බ්ලෙන්ඩරයක් වගේම තමයි. හැබැයි ඊට වඩා ප්‍රබල මෝටරයක් සහ ඊට වඩා තියුණු බ්ලේඩ් තියෙන්නේ. ඒ නිසා එළවළු හෝ පළතුරු වගේ දෙයක් වුනත් බොහොම පහසුවෙන් කුඩාවට කෑලි කරගන්න පුළුවන් ෆුඩ් ප්‍රොසෙසර් එකේ දාලා. මේකේත් එක එක ආහාර සැකසුම් වැඩ වලට එක එක ජාතියේ බ්ලේඩ් එහෙම තියෙනවා. බහුකාර්ය උපකරණයක්.

 

 

4. Microwave Oven

Image Source – mydeal.lk

මයික්‍රොවේව් එකකින් මොනවද කරන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මයික්‍රොවේව් එක කියන්නේ බහුකාර්ය අවන් එකක්. විශේෂයෙන්ම කාර්යබහුල මනුස්සයෙක්ට හරි කපල් එකකට හරි ගෙදර පොඩි පහේ හරි මයික්‍රොවේව් උදුනක් තියෙන එක කියන්න බැරි තරම් වටිනවා. විශේෂයෙන්ම කෑම උයන්න වගේම කලින් උයපු කෑම හොඳට රත් කරගන්නත් මයික්‍රොවේව් එක මාරම වටිනවා. මේක කුස්සියකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන උපකරණයක්.

 

 

5. Toaster

Image Source – buyabans.com

ටෝස්ටර් එකකින් මූලිකවම කරන්නේ පාන් ටෝස්ට් කරගන්න එකනේ. එහෙම හිතන්න එපා. ටෝස්ටර් එකෙන් ඕන නම් කේක් හදන්නත් පුළුවන්. එතකොට පාන් ටෝස්ට් කරගන්න එක වුනත් එක එක ක්‍රම සහ විධි වලට කරගන්න පුළුවන්. ඇත්තටම ටෝස්ටර් එකක් කුස්සියේ තියෙන එකෙන් හදිසියකට සැන්ඩ්විච් එකක් ලස්සනට ගොඩදා ගන්න පුළුවන් වගේම, පාන් එක්ක කරන්න පුළුවන් විවිධ එක්ස්පෙරිමන්ට් වලටත් ඒක උපකාරී වෙනවා!

 

 

6. Induction Cooker

Image Source – singersl.com

සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ වලට අපිට ලිපක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර කාලේ උයපු දරලිප දැන් ගෑස් ලිපට තමයි මාරු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔය ටේබල් ටොප් ගෑස් ලිපක් ගත්තහම වැඩේ නීට්. හැබැයි ඊටත් වඩා ඉතාමත් පහසු, ඉතාමත් ලාබ විකල්පයක් තමයි කරන්ට් එකෙන් උයන්න පුළුවන් ඉන්ඩක්ෂන් කුකර් කියන්නේ. බොහොම අඩුවෙන් කරන්ට් එක යන්නේ. ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එක එක කෑම වලට විශේෂ උෂ්ණත්ව සහ වෙලාවල් නිසා පහසුවෙන් එදිනෙදා කෑම උයාගන්නත් පුළුවන්. ආරක්ෂාව අතිනුත් ඉතාම ඉහළයි.

 

 

7. Electric Grill

Image Source – mystore.lk

ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි එක්ක, එහෙම නැතිනම් යාලුවෙක් දෙන්නෙක් එක්ක කුඩාවට බාබකියු එකක් දාන්න හිතෙනවද? බාබකියු මැෂින් එකක් වගේම නැති වුනත්. මස් මාලු අනං මනං බොහොම පිරිසිදුවට, කරන්ට් එකෙන් ග්‍රිල් කරලා ගන්න මේක තමයි කියාපු භාණ්ඩේ. ඇත්තටම මේකෙන් අර බාබකියු එකේදී වගේ දුම් නැති නිසා ස්මෝක්ඩ් මීට් නම් ගන්න බැහැ. හැබැයි උයන පිහන වැඩ වලට සෑහෙන්න වුවමනා වෙන භාණ්ඩයක්. එතකොට ඔය සෝස් පෑන් එකේ දාලා ෆ්‍රයි කරන්න ඕන දේවල් මේකේ නිකම්ම කරගන්න පුළුවන්. ඒ නිසාම වඩාත් සෞඛ්‍ය සම්පන්නයි.

 

 

8. Air Fryer

Image Source – dinapalagroup.lk

අපි ඉතින් ඔය ඩයට් එහෙම කළාට හැමදාමත් හෙල්දි ෆුඩ් සීන් එකේ ඉන්නෙ නැහැනේ. අපිටත් හිතෙනවා බැදපු අර්තාපල් අල කෑල්ලක්, බැදපු කුකුළු දණ්ඩක් එහෙම කාලා බලන්න. හැබැයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රයිඩ් චිකන් වගේ හැම සීන් එකක්ම ගැඹුරු තෙලේ බැදිලා එනව කියන්නේ කොලෙස්ටරෝල් විමානයක්. හැබැයි එයාර් ෆ්‍රයර් එකේ තෙල් අවශ්‍ය නෑ. ඒ නිසා ග්‍රිල් එක තරම් හෙල්දි නැති වුනත්, සාමාන්‍යයෙන් ගැඹුරු තෙලේ බදින කෑම වලට වඩා ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්නව ජන්ක් ෆුඩ් හදාගන්න පුළුවන්.

 

 

පොඩි අවවාදයක්: අපි මේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක විශ්වාසවන්ත උපාංගයක් ගන්න පුළුවන් සාමාන්‍ය ගණන්. තමන්ගේ අවශ්‍යතාවය අනුව මේ ගණන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, මයික්‍රොවේව් උදුන් ගත්තොත් තමන්ට වඩාත් කුඩා මයික්‍රොවේව් එකක් ප්‍රමාණවත් නම් ඒකේ ගාණ අපි දාලා තියෙන ගාණටත් වඩා තව අඩු වෙන්න පුළුවන්.

හැබැයි එකක්. කුස්සියට උපාංග ගන්නකොට හොඳ දන්න කියන බ්‍රෑන්ඩ් එකක්ද කියලා බලන්න. ඉන් පස්සේ ඒකට අවුරුද්දකවත් ඒජන්ට් වොරන්ටි දෙනවද කියන එක බලන්න. මතක තියාගන්න, අලෙවි නියෝජිත වගකීමක් අවුරුද්දක හෝ තියෙන උපාංගයක් මිසක් ගන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *