ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් හමුවන විෂඝෝර සත්තු

ඔස්ට්‍රේලියාව කියන්නේ රටක්ම නෙමෙයි. තවත් එක මහද්වීපයක්. ඔස්ට්‍රේලියා රට ලෝකයේ අඩුම ජන ඝනත්වයක් තියෙන රටවලින් එකක්. මිනිස්සු නැති මහා ඔස්ට්‍රේලියානු බිමක් ඔසියන්ට අයිති වෙලා තියෙනවා. මේ ඔසී දේශය ලාංකිකයින් නම් යන්න සහ ගිහින් පදිංචි වෙන්න බොහොම කැමති බිමක්. එහෙම අනවසරයෙන් යන නිසා කාලයක් බෝට්ටුවෙන් නම් ඔස්ට්‍රේලියා එන්න එපා කියලා දැන්වීම් පවා ගියා.

 

ඔසී රටේ සත්තු

ඔස්ට්‍රේලියාව ලොකුයි වගේම විශාල සත්ව ගහණයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා. ඒ අතර විසකුරු සතුන්, භයානක මිනිසාට විනකරන සතුනුත් ඉන්නවා. ඔසී රටට පිටින් මිනිස්සු ගිය මීට වසර සීයකට දෙසීයකට එපිට කාලයේදී මේ සතුන්ගෙන් මිනිස්සුන්ට ලොකුවට බලපෑම් එල්ල වුනා. සමහර විසකුරු සතුන් අදටත් ඔසී ජනයාට සහ සංචාරකයින්ට ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ සතුන් මොක්කුද? අපි එහෙම කිහිප දෙනෙක් ගැන දැනගනිමු.

 

1. බොක්ස් ජෙලිෆිෂ්

Image Source – australiangeographic.com.au

ගොඩාක් අනතුරුදායක මට්ටමක ඉන්න මේ බොක්ස් ජෙලිෆිෂ් උතුරු ඔස්ට්‍රේලියාවේ උණුසුම් මාස වලදී මුහුදේදී හමු වෙනවා. බොක්ස් ජෙලිෆිෂ් කියලා ඌට කියන්නේ බෙල් එකක් වගේ තියෙන උගේ හැඩය නිසා. ඇත්තටම උගේ පෙනුම තුළ පෙට්ටියක වගේ කොන් හතරකුත් පෙන්නුම් කරනවා. පිංතූරවලට ටිකක් පොඩි වගේ පෙනුනාට මීටර දෙකකට වඩා දිග බොක්ස් ජෙලිෆිෂිලත් හමුවෙලා තියෙනවා. මූදේ නාන්න යන අය එහෙම මේ බොක්ස් ජෙලිෆිෂ් අනතුරට මුහුණපානවා. බොක්ස් ජෙලිෆිෂ්ගේ විෂ ස්වභාවිකව ඔවුන් යොදාගන්නේ මාලුන්ව ක්ෂණිකව අඩපණ කරන්න. ඉතින් මිනිස්සුන්ට ටිකක් වැඩිපුර වැදුනොත් මරණය පවා ඇතිවෙන්නට හැකියාවක් තියෙනවා.

 

2. කලපු දියේ සිටින කිඹුලන්

කිඹුලන් කියන්නේ දැක්කත් ටිකක් බය හිතෙන සත්තු ජාතියක්. ලවණ මිශ්‍ර මිරිදියේ වාසය කරන කිඹුලන් තරමක් ලොකුවට හැදෙනවා. ඒ වගේම මේ උතුරු ඔසී වල ඉන්න කිඹුලන් මූදේදිද හමුවෙලා තියෙනවා. කිඹුලන්ගේ දරුණු දත් වලට අහුවුනොත් එයින් ගැලවීම ලෙහෙසි වැඩක් නෙමෙයි.

 

3. දුඹුරු නාගයා

Image Source – reptilepark.com.au

සාමාන්‍ය නයාට තියෙන්නේ බිම සිට උඩට ඇදෙන පෙනයක්. ඒත් මේ ඔසී වල දුඹුරු නාගයාගේ පෙනේ ගොඩක් දිගට දඟර ගැහිලා තියෙනවා. දුඹුරුපාට නිසා මේ නයාව හඳුනාගන්නත් අපහසුයි. සාමාන්‍ය ඉන්දියානු අපේ නාගයාට වඩා ගොඩක් විස මේ නාගයා අඩි දෙක තුනක් දිගයි. මේ නාගයා දෂ්ඨ කිරීමක් වාර්තා වුනොත් වහාම ප්‍රතිකාර වලට යොමු විය යුතු වෙනවා.

 

4. මෝරා

Image Source – reptilepark.com.

ලෝකේ වටේම මූදේ සෙල්ලම් කරන අයට මෙම මෝරුන් අනතුරක් එල්ල කරනවා. මේ බුල් ෂාක් ඔස්ට්‍රේලියාවේ හාබර් වල සහ ගංගා වලත් දකින්නට ඉන්නවා. මෝරාගේ දත් වලට අහුවුනොත් මූදෙදි ගැලවෙන්නට ගොඩක් අමාරුයි. මෝරු ඉන්න පළාත් අඳුනාගෙන ඒ වගේ තැන්වලින් මූදට බහින්නේ නැතුව ඉන්න එක තමයි මෝරුන්ගෙන් වලකින්න සාමාන්‍ය ජනයාට කරන්න පුළුවන් වෙන්නේ.

 

5. විෂ මී මැස්සා

මේ මී මැස්සා ඔසී රටට ආවේණික මී මැස්සෙක් නෙමෙයි. වෙන රටකින් ගෙනල්ලා වගා කරන්න හදාපු මී මැස්සෝ ඔසී රටේ මී මැස්සන් සමග එකතු වෙලා තියෙනවා. ඉන් පස්සෙ හැදුන මී මැස්සෝ දෂ්ට කළාම ලොකු ලොකු අනතුරු වලට මිනිස්සුන්ට මුහුණ පාන්නට වුනා. මේ මී මැස්සා දෂ්ඨ කළාම ඇතිවන්නේ ඇලජික් එකක්. මී මැස්සෝ පොදියක් එකවර දෂ්ඨ කළොත් ඒක මරණයට පවා හේතුවක් වෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා.

 

6. සිඩ්නි මකුළුවා

උතුරු සිඩ්නි පළාත ජනාවාස වුණු මුල් කාලයේ, ඒ කියන්නේ 1927 වර්ෂයේදී පමණක් මේ මකුළුවා නිසා මරණ 14ක් වාර්තා වෙලා තියෙනවා. කෙලින්ම අධෝරක්ත කිරණ පාවිච්චි කරලා පස්සේ කාලේ මේ විෂ මකුළුවා මරණයට පත් කළා. ඒත් තවමත් මේ විෂ මකුළුවාගේ දෂ්ඨ කිරීම් වාර්තා වෙනවා. මිනිස්සු විසින් ගොඩගහන ගඩොල් ගොඩවල්, අබලි ද්‍රව්‍ය ගොඩවල් අස්සේ එහෙම මේ අනතුරුදායක මකුළුවා සැඟවිලා ඉන්නවා. මේ සතාගේ දෂ්ඨ කිරීමක් අපේ ස්නායු පද්ධතියට බලපානවා. මරණීය දෂ්ඨ කිරීමක් වන මේ සිඩ්නි මකුළු දෂ්ඨනය ඉතා වේදනාකාරී එකක්.

 

7. නිල් මුදු බූවල්ලා

මේ බූවල්ලා බැලූ බැල්මට හරි හැඩයි. උගේ කුඩා සිරුරේ තැන් තැන්වල නිල්පාට විසිතුරු මුදු දකින්නට ලැබෙනවා. මේ බූවල්ලා දෂ්ඨ කළොත් විනාඩියකින් විතර ඒ දෂ්ඨනය බලපවත්වන්නට ගන්නවා. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන මේ නිල්පාට බූවල්ලාගේ විෂ මගින් එවෙලේම සිරුර පණනැතිවීම පවා ඇතිවෙන්නට පුළුවන්කම තියෙනවා. යම් විදියකින් මේ බූවල්ලාගේ ප්‍රහාරයකට ලක් වුනොත් හැකි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම වැදගත් වෙනවා.

 

8. ඉන්ලන්ඩ් ටායිපන්

කුඩා ප්‍රමාණයේ සර්පයෙක් වෙන මෙම සතාගේ විස නම් කිසිසේත්ම කුඩා නැහැ. ලෝකේ සිටින විෂඝෝර සර්පයින් අතර මෙම සර්පයා මුල් තැනක ඉන්නවා. සාමාන්ය දෂ්ඨනයකදි මේ කුඩා සර්පයා මුදා හරින විෂ මිනිස්සු විස්සක් තිහක් මරුමුවට පත් කරන්නට තරම් ප්‍රබලතාවයකින් යුක්ත වෙනවා. මේ විෂඝෝර සර්පයා දෂ්ඨ කරලා විනාඩි 45කින් වගේ මරණය ළඟා වෙනවා.

මේ ලැයිස්තුවේ ඉන්නේ ඔසී වල ඉන්න දරුණු ගණයේ සතුන් ලැයිස්තුවේ කිහිප දෙනෙක් පමණයි. ඔස්ට්‍රේලියාව සතුව මිනිස්සුන්ට වින කරන මේ වගේ සතුන්ගේ දිග ලැයිස්තුවක් තියෙනවා. ඔස්ට්‍රේලියා රටට සංචාරයකට යනවා නම් හෝ ඒ රටේ පදිංචියට යනවා නම් ඒ පළාතේ ඉන්න මේ වගේ සත්තු ගැන හොයාබලන එක බොහොම වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *