පළවෙනි කොටස මෙතනින් කියවන්න
29 වෙනි කොටස මෙතනින් කියවන්න
අවසාන කොටස
දෙන්නම දෙන්නගෙ මේල් දෙක කියෙවුව. නදික දාලා යන්න හදන එක ගැන සියුමිට දුකයි. සියුමි එක දිගටම නදිකට කෝල් ගත්තා. නදිකගෙ ෆෝන් එක වැඩ නැහැ. තමුන්ව බ්ලොක් කරලා වෙන්නැති කියල හිතාගෙන සියුමි වෙනිං නම්බර්ස්වලින් කෝල් ගත්තා. ඒවටත් නදිකගෙ ෆෝන් එක වැඩ කළේ නැහැ. එනිසා සියුමි නදිකගෙ ගෙදර ගියා. ගේට්ටුව වහලා තිබුනු නිසා බෙල් කළාම අප්පු එළියට ආවා. තමුන්ගෙ ස්වාමියා තමුන්ටත් යන්න කිවුවත් තමුන් අද උදේ ආයෙත් ආපු විත්තියත්, ඒ ඇවිත් ටිකකින් තමුන්ගෙ ස්වාමියා ටික දවසකට ඈත යනවා කියා ගෙදරින් ගිය බවත් සියුමිට අප්පුගෙන් දැනගන්න ලැබුණා. ගෙදර ආවම නදිකට දෙන්න කියලා සියුමි අප්පු අතේ ලියුමක් තිබ්බා.
නදික සියුමිගෙ ඊමේල් එක කියෙවුවෙ එයාපෝට් එකේදි. නදිකටම පුදුමයි. තමුන් දන්න දේවල් ගැන නොදන්න පොයින්ට් ඔෆ් වීවු එකකින් අහන්න ලැබෙද්දි. ඉතිං නදික හිතුවා තමුන් මේ ගත්තු තීරණය හරි කියලා. අප්පු ගෙදර බලාගනීවි. ඒත් නදික ඉන්නෙ තනියමද? ඒ ගැන තමයි 28 වෙනි එපිසෝඩ් එකේ අපි කිවුවෙ. නදික මෙසේජ් එකක් දැම්මා වී නීඩ් ටු ටෝක් කියල. ඒ දැම්මෙ නදික තමුන්ගෙ පරම පිවිතුරු ආදරය කියල හිතපු, ආයෙ කවදාවත් එයාට නරකක් කරන්නෙ නෑ කියල තමුන්ටම දිවුරගත්තු හෂිනිට. එකපාරටම එයාපෝට් එකේ හිටපු නදිකගෙ මූණ ඉස්සරහ තිබුනෙ ස්ප්රයිට් එකක්.
“ආවද සියුමිගෙ මේල් එක?”
“ඔවු”
“මොකද කියන්නෙ?”
“එයා මාර දෙයක් කියල තියෙන්නෙ හෂිනි”
“මොනවද?”
“ඔයාම කියවන්නකො”
නදික සියුමිගෙ මේල් එක හෂිනිට ඕපන් කරලා දුන්නා. ඔවු නදික එයාපෝට් එකේ ඉන්නෙ හෂිනි එක්ක. හෂිනි ඊයේ කෝල් එකක් දුන්නම හෂිනි නදිකට කියපු දෙයින් නදිකට පිස්සු හැදුනා.
“මම හෙට රට යනව නදික”
“රට? කොහෙද?”
“ඔයාට කියන්නෙ නෑ”
“ඇයි?”
“මම ඔයාගෙන් දුරස් වෙන්නයි යන්නෙ නදික”
“මගෙන් දුරස් වෙන්නෙපා කියන්නයි මං ගත්තෙ”
“දැන් පරක්කු වැඩියි නදික”
“මට ඔයා එක්ක එන්න බැරිද?”
“පුළුවන්. වීසා ඕන නෑ”
“මං එනව හෂිනි”
“කැමැත්තක්. ඒත් ඇයි?”
“මං එන්නද ඔයාව හම්බෙන්න”
“එපා!”
“එහෙනං”
“ෆෝන් එකෙන් කියන්න ඇයි කියල.”
“මට ඔයාව ඕන”
“එච්චරද?”
“එච්චරයි”
“මට ඔයාව එපා කිවුවොත්?”
“එහෙනං කමක් නෑ හෂිනි. මං මෙහෙම ඉන්නං”
“ඒ තරමට මට ආදරේද?”
“කොයි තරමටද?”
“මං කැමති නැත්තං මාව අතාරින්න තරං”
“ඔවු හෂිනි!”
“එහෙනං එච්චරයි”
“මොකද කරන්නෙ එහෙනං?”
“ටිකට් බුක් කරන්නං මං ඔයාටත්. හෙට උදේ මම ගෙදරට එන්නං”
“හරි! මම යනකං ඔයාට කතාව කියන්නං”
“හරි”
මේ විදියට ඉවර වෙච්ච කතාවෙ හේතුවක් විදියට තමයි නදිකයි හෂිනියි දෙන්නම එයාපෝට් එකේ ඉන්නෙ. නදික හෂිනිට කියල තිබුනා සියුමි මේල් එකක් දාන බව. ඒ නිසා නදික සියුමිට තවත් රිප්ලයි එකක් නොදාම ඒ මේල් එක ක්ලෝස් කළා. හෂිනි නදිකගෙ ඔලුව හෂිනිගේ උරෙන් තියාගත්තා. හෂිනිගේ අපාට්මන්ට් එකට ගිහින් නදික නිදාගත්තා. ඇහැරෙද්දි සියුමිගෙන් තවත් මේල් එකක් ඇවිත්. නදික ඒක කියෙවුවෙ හෂිනිගෙ උකුලෙ ඔලුව තියාගෙන.
නදික, මේක කියන්නෙ ඔයාව ගෙන්නගන්න නෙමෙයි. මට ඔයාව නැති වෙලා ඉවරයි. දැන් මට මගේ තාත්තවත් නැති වුනා. ඇයි නදික මට එහෙම වෙන්නෙ?
නදික ඒකට රිප්ලයි එකක් දැම්මෙ නෑ. තමුන් දීපු කන්ට්රැක්ට් එක වැඩ කරලා විත්තිය නදික දැන් දන්නව. රටේ නම ගිය සල්ලිකාරයෙක් නිසා ඩි මෙල් අංකල්ගෙ මරණය ගැන කට්ටිය හොයාවි. දැන් නදික නොදන්න රටක නිසා බය වෙන්න දෙයක් නෑ. තමුන්ගෙත් සියුමිගෙත් තාත්තව මරපු මනුස්සයා දැන් තවත් මේ ලෝකෙ නෑ. ඒ මනුස්සයගෙ සල්ලිවලින් බාගයක් නදිකට ලැබුනත් නදිකට ඒක වැඩකුත් නෑ. නදික හෂිනි දිහා ආදරෙන් බැලුව. බලල ඇහුවෙ නදික අහන්න ආසම දෙයක්. ඒක හෂිනිත් අහන්න ආසම දෙයක්.
අපි ගේම් එකක් කරමුද?
–නිමි–