පෙළපාලි නොයන අහිංසක කම්කරුවෝ

බොහෝම ඈත කාලෙක ඉඳලා මැයි පළවෙනිදාට අපේ රටේ පෙළපාලි යනවා. දැන් නම් ඒක දේශපාලන පෙළපාලි වසන්තයක් වෙලා ඉවරයි. ඒත් හීනියට කම්කරු ජනතාවගේ නශ්ඨාවශේෂ වශයෙන් තියෙන පෙළපාලි කිහිපයකුත් ඉතුරු වෙලා තියෙනවා. මේ පෙළපාලි යන්න බැරි කම්කරුවෝ කවුද? අපි ටිකක් ඒ ගැන සොයා බලමු.

 

1. විදෙස් ශ්‍රමිකයන්

ජාත්‍යන්තර කම්කරු දිනය කියලා කිව්වට සමහර රටවල මේ කම්කරු දිනය සමරන්නේ නැහැ. ඇමරිකාව වගේ රටවල මැයි 1 නෙමෙයි කම්කරු දිනය සමරන්නේ. ඒ සැමරුවත් ලංකාවේ වගේ පෙළපාලි ගිහින් ඒ දිනය සමරන්න අවස්ථාව ලැබෙනවාද කියලා සැකයි. ඒ අනුව විදෙස් ගත ලංකාවේ පිරිස් වලට මැයි දිනයේ තියෙන පෙළපාලි මග හැරෙනවා.

 

2. යාචක පිරිස

Image Source – youtube.com

යාචකයෙක් අමාරුවෙන් වසර ගණනාවක් සිඟමන් යැදලා වාහන දෙක තුනක්, විශාල ගෙයක් ගත් කතාවක් පහුගිය දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වුනා. අපිට බැලූ බැල්මට අසරණ කියලා පෙනුනත් යාචකයින් තැන මාරු කරමින්, විදිය වෙනස් කරමින් අවුරුදු ගාණක් වෙහෙස මාන්සියෙන් සිය රැකියාව කරනවා. ඔවුන්ටත් සිය වෘත්තීය ගැටළු ඇති. ඒත් ඒවාට පෙළපාලි යන්න ගියොත් ඔවුන්ගේ බිස්නස් වලට පාඩු වෙනවා.

 

3. පිරිසිදු කරන අය

Image Source – commons.wikimedia.org

හැමෝටම නිවාඩු ලැබුනත් අපේ පිරිසිදු කරන අයට නිවාඩු නොලැබෙන තරම්. අපිට පේන මාර්ග පිරිසිදු කරන පිරිස් එහෙම වැඩ කරන්නේ දවස් කුලියට. ඔවුන්ට ඇත්තටම මැයි දවස නිවාඩු වුණත් ඒකට ගෙවීම් නැතිවෙනවා. අනෙක් අතින් මැයි දවසේ පිරිසිදු කිරීම් නොකළොත් මැයි දවස තුළ යකා නටන පෙළපාලි වලින් පස්සේ පාරවල් බෙහොම අපවිත්‍ර විදියටම තියෙනවා.

 

4. පොලිස් සහ හමුදා නිලධාරීන්

Image Source – militaryimages.net

පොලිසියේ සහ හමුදාවේ වැඩ කරන අයට වැටුප් ප්‍රශ්නයකට හෝ මොනම ගැටළුවකටත් පෙළපාලි යනවා වාගේ වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න නීතියෙන්ම තහනම්. බොහෝ වෙලාවට මැයි පෙළපාලි වගේ අවස්ථාවල පොලීසිය සහහමුදාව සීරුවෙන් තියන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදි ඒ ආරක්ෂක අංශවල හිතවතුන්ටත් මැයි දවසෙ පෙළපාලි මිස් වෙනවා.

 

5. ශිෆ්ට් ඩියුටි වැඩකරන අත්‍යාවශ්‍ය සේවකයින්

මොන තරම් කම්කරු දවස් ආවත් ඉස්පිරිතාල වහන්න බැහැ. විදුලිය, ජලය, ටෙලිකොම් සේවා වගේ සේවාවන් ක්‍රියාත්මක කරන්නත් සෙනඟ ඉන්න ඕනි. මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් වල නිරත වෙලා ඉන්න හිතවතුන්ටත් මැයි පෙළපාලි යන්නට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ ආරක්ෂක අංශවල හිතවතුන්ටත් මැයි දවසෙ පෙළපාලි මිස් වෙනවා. ඒත් සෞඛ්‍ය සේවකයින් නම් තමුන්ගේ වෘත්තිය සමිති හරහා අයිතිවාසිකම් දිනාගන්නට ලංකාව තුළ අරගල කරන වෙලාවල් තියෙනවා.

 

6. ස්වයං රැකියා කරන ජනතාව

ස්වයං රැකියා කරන අයත් දේශපාලන සංවිධාන පිහිටුවාගෙන තියෙනවා. ඒක හොඳ පිවිසුමක්. ඒත් ලංකාවේ ගම් වල, ඈත පළාත්වල තමුන්ම සුලුවට මොනා හරි දෙයක් අමාරුවෙන් කරලා සල්ලි කීයක් හරි හොයන ජනතාව ගොඩක් ඉන්නවා. එයාල ඔය කොළඹ පිටකොටුවේ තියෙන ස්වයං රැකියා සංගම් වල අය අඳුරන්නෙත් නැහැ. ඒ වගේ තමුන්ගේ ව්‍යාපාරය හෝ ආදායම් මාර්ගය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ස්වයං රැකියා ජනතාවටත් සැබැවින්ම ජාත්‍යන්තර කම්කරු දිනයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි යෑම මග හැරෙනවා.

 

7. කවුද කම්කරුවෝ? කවුද නැති අය?

Image Source – twitter.com

කම්කරුවන්ට අයිති නැති කෙනෙක් හොයන්න අමාරුයි. ආයතනයක සිටින ඉහළ නිල දරන අයෙක්ට වුනත් කම්කරු අයිතිවාසිකම් තියනවා. ඒත් නිතරම පීඩනයට පත්වෙන කම්කරු කොට්ඨාස වෙනුවෙන් හඬක් නගන්න කම්කරු දිනය සාර්ථකව යොදාගන්නට හැකියාවක් තියෙනවා. ලංකාවේදි එහෙම වෙනවා අඩුයි. දේශපාලකයින් තමුන්ගේ ගොඩ පෙන්වන්න තවත් එක අවස්ථාවක් විදියට කම්කරු දිනය පාවිච්චි කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *