හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් වැඩි දෙනෙක් පාවිච්චි නොකරන ඇප්ස් 7ක්!

මේ කියන්න යන්නේ හදිසි අවස්ථාවක තමන්ගේ හිතවතුන් එක්ක සම්බන්ධ වෙලා, ඒ අයත් එක්ක තොරතුරක් බෙදා හදා ගන්න යොදාගන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන.

 

1. Telegram

Image Source – bbc.com

ටෙලිග්‍රෑම් කියන්නේ කාලෙකට කලින් රහසින් චැට් කරන්න නම් කියාපු ඇප් එක. හැබැයි දැන් ටෙලිග්‍රෑම් එකේ තියෙන පහසුකම් ගොඩක් අනෙක් ඇප්ස් වලත් තියෙනවා. ටෙලිග්‍රෑම් එකේ තියෙනවා නෝමල් විදියට චැට් කරන්න සහ, ෆුල් ප්‍රයිවට් එකේ චැට් කරන්න කියලා විකල්ප දෙකක්. ප්‍රයිවට් චැට් එක දාගත්තට පස්සේ ආයෙ කාටවත් ඒ චැට් එක දකින්නවත්, කොපි කරන්නවත්, ස්ක්‍රීන් ෂොට් ගහන්න වත් බෑ!

 

2. Brief

Image Source – gobrief.com

සාමාන්‍යයෙන් ෆේස්බුක් මැසෙන්ජර් වලටම පුරුදු වෙලා හිටපු කෙනෙක්ට මේ මැසෙන්ජර් ඇප් එකත් බොහොම හුරුපුරුදුයි කියලා හිතෙයි. මේ ඇප් එක විශේෂයෙන්ම එකට වැඩ කරන අය, සේවාදායකයෝ එක්ක ආරක්ෂිතව කතාබහ කරන්න පුළුවන්, වඩාත් වෘත්තිමය ගතියක් තියෙන ඇප් එකක් කියන එක හරි. විශේෂයෙන්ම ඔෆිස් එකේ ටීම් ඇප් එකක් විදියටත් මේක මරු. ඒ වගේම තමයි අපේ ඔය ප්‍රොජෙක්ට්ස්, ටු ඩූ ලිස්ට් එහෙමත් එකම තැනක තියාගන්න Brief උදවු වෙනවා.

 

3. Signal Private Messenger

Image Source – popularmechanics.com

ආරක්ෂාව ගැන වැඩිපුර හිතන අයට සහ, අනෙක් ඇප් වලින් අතුරුදන් වෙලා දෙයියනේ කියලා චැට් එකක් දාගෙන ඉන්න කැමති අයට මේක මරු. ඇත්තටම මේකේ ටිකක් වැඩිපුර ප්‍රොෆෙෂනල් ගතියක් තිබ්බට ගණන් ගන්න දෙයක් නෑ. ඕන වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. මේකේ නිෂ්පාදකයෝ කියන්නේ ඕනම මැසේජ් එකක්, ඕනම කෝල් එකක් සම්පූර්ණයෙන්ම එන්ක්‍රිප්ට් වෙලා යන නිසා මේ මැසෙන්ජර් ඇප් එකේ ආරක්ෂාව අති ඉහළයි කියලා තමයි.

 

4. LINE

Image Source – parhlo.com

ලයින් කියන්නෙත් ලෝකේ කාටවත් හොරා කැමති කෙනාත් එක්ක ලයින් එකක් ගහගෙන ඉන්න නියමෙටම ගැලපෙන ඇප් එකක්. විශේෂයෙන්ම මේකත් ඔය වට්ස්-ඇප් එහෙම වගේ කම්පියුටර් එකටත් ආරක්ෂිතව ස්ථාපනය කරන්න පුළුවන් නිසා, වැඩ අධික වෙලාවට වුනත් ලැප්ටොප් එකෙන්ම මැසේජ් වලට රිප්ලයි කරන්න පුළුවන්. එතකොට LINE ඇප් එකම පාවිච්චි කරන තවත් කෙනෙක් එක්ක කෝල්ස් ගන්නත් මේ ඇප් එක හරහා පුළුවන්.

 

5. Kik

Image Source – idownloadblog.com

මේ නම ගොඩක් දෙනෙක්ට හුරු හේතු දෙකක් තියෙනවා. එක්කෝ අර ඉස්සර ආපු කික් කෝලා එකේ රහ මතක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඇත්තටම මේ Kik මැසෙන්ජර් ඇප් එක ගැන කලින් දැනගෙන හිටපු එක මතක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් Kik කියන්නෙත් තමන්ට කැමති ඕනම Kik එකේ ඉන්න කෙනෙක් එක්ක කථාබහ කරන්න, ඕන නම් ගෘප් චැට් දාන්න හොඳ, සරල ඇප් එකක්.

 

6. GroupMe

Image Source – mspoweruser.com

ඔය සමහරු ඉන්නවා, අපායට යතත් තනියෙන් යන්න බෑ. ඒකටත් ගැන්සියේ කට්ටියව හොයනවා. හැබැයි අන්න ඒ වගේ අයට ගැලපෙන මැසෙන්ජර් ඇප්ස් පවා තියෙනවා. මේ GroupMe කියන්නේ ඒකට එක උදාහරණයක්. නමෙන්ම කියවෙන විදියට මේ GroupMe මැසෙන්ජර් ඇප් එක සරලවම නිර්මාණය කරලා තියෙන්නේ ගෘප් චැට් වලට. ආරක්ෂාවත් හොඳ ප්‍රමාණයකින් තියෙන මේ ඇප් එක හරහා ගෘප් චැට් කරන්න විතරක් නෙවෙයි, අවශ්‍ය අන්තර්ගතයන් ඒ ගෘප් වල බෙදාගන්නත් පුළුවන්.

 

7. Skype

දැන් ඔන්න කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ඇයි ලිස්ට් එකට ස්කයිප් දැම්මේ කියලා. ඇත්තටම අපි කියලා තියෙන්නේ වැඩිය කවුරුවත් පාවිච්චි නොකරන ඇප්ස් කියලා මිසක්, වැඩිය කවුරුවත් නොදන්න ඇප්ස් කියලා නෙවෙයිනේ. ඇත්තටම වයිබර්, ෆේස්බුක් මැසෙන්ජර්, වට්ස්-ඇප් වගේ මැසෙන්ජර් සේවාවන් ආවට පස්සේ කුඩම්මගේ සැලකිලි ලැබුණු එක් සේවාවක් තමයි ස්කයිප් කියන්නේ. ඉස්සර නම් ස්කයිප් නැතුව වෙන කවුද අපිට වීඩියෝ කෝලින් පහසුකම් දුන්නේ?

ඇත්තටම දැන් වුනත් ස්කයිප් කියන්නේ ෆෝන් එකේ වගේම ලැප්ටොප් එකේත් තිබ්බට කමක් නැති ඇප් එකක්. විශේෂයෙන්ම දැන් ස්කයිප් තියෙන්නේ මයික්‍රසොෆ්ට් යටතේ නිසා තමන්ගේ හැම උපාංගයකටම දාගන්න ස්කයිප් ඇප් එක ස්ට්‍රීම්ලයින් කරගන්න පුළුවන්.

දැන් පරිශීලක අතුරුමුහුණත් එහෙම වඩාත් වෙනස් වෙලා, නවීන වෙලා තිබුණට මේ පරණ ස්කයිප්ම තමයි. සුපිරි වීඩියෝ කෝල්ස්! ඉස්සර වගේ කවුරුත් ලේසියෙන් ස්කයිප් එන්නෙ නැති නිසා කරදරේකුත් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *