හොඳම යාලුවගෙ වෙඩිමට දෙන්න පුළුවන් බයිට් 7ක්

කොල්ලෙකුගෙ ජීවිතේ හොඳම යාලුවා කියන්නෙ ඒ පුද්ගලයාගෙ ජීවිතේ අතිශය නරකම සිදුවීම් දන්න සහ ඒ පුද්ගලයාට ජීවිතේ අහන්න ලැබුණු නරකම කතා කියලා තියෙන පුද්ගලයාට. ඒ තමයි බැඳීම. ඒ බැඳීම තීව්‍ර වෙන දවසක් තමයි අර කියන හොඳම යාලුවාගේ විවාහ මංගලෝත්සවය පැවැත්වෙන දවස. මේ දවසට හොඳම යාලුවා ලොකුම බයකින් පසුවෙන්නෙ. ඇයි යකෝ මොනවයින් මොනව වෙයිද දන්නැහැනෙ. සමහරු හිතන්නෙ මේ යකා කසාදෙට බයේ ඉන්නව කියල. එහෙමත් නැත්තං වයිෆ් පෝරුව උඩ කලන්තෙ දාලා වැඩ මාට්ටු වෙයි කියල බයේ ඉන්නව කියල. නෑ මිත්‍රවරුණි. මේ බය ඇතිවෙන්නෙ, තමුන්ගෙ හොඳම යාලුවො මොන ගිනි විජ්ජුම්බරයක් මෙතන නටයිද කියන හැඟීම නිසා. අපි මේ කියන්න යන්නෙ අන්න ඒ දිනයේදි තමුන්ගෙ හොඳම යාලුවට දෙන්න පුළුවන් නරකම විදියෙ බයිට් හතක් ගැන.

 

1. තිළිණේ ලෙසින්

සාමාන්‍යයෙන් වෙඩින්වලට දෙන පාර්සල් විවාහ ජෝඩුව කඩා බලන්නෙ අතිශය කැමැත්තකින් වුනත් තමුන්ගෙ හොඳම යාලුවා දුන්නු දේ කඩා බලන්නෙ නං පිපිරී විනාශවීමට නියමිත හෘදයාබාධයක් අග්ගිස්සෙ තියාගෙන. ඇයි හත්තිලවුවෙ මොනව දීලද දන්නෑ. කසාදෙ මංගල රැයෙන්ම නිම කරවන්න පුළුවන් රහස් දන්න තමුන්ගේ යාළුවා මේ දෙන්නෙ කසාද බඳින නිසා යාළුවාගේ ගෙදරට පටවපු තමුන්ගේ පැරණි පෙම්වතියන්ගේ අඩුමකුඩුමද? අපි දන්න අඳුරන යාළුවෙකුට එයාගෙ හොඳම යාළුවා දීලා තිබුනෙ ලොකු පෙට්ටියක්. ඒක වයිෆ් ලිහලා බැන බැන යද්දි පොර හොඳටම බය වුනාලු. බැලින්නං ඒක ඇතුළෙ තිබ්බ කාඩ් එකක ලියලා තිබුනෙ උඹ බය වුනා නේද? කියලලු. අන්න එහෙමයි මහත්තයො හොඳම යාළුවො.

 

2. හොඳම යාලුවො දෙන්නගෙ කතාව

Image Source – youtube.com

මේකත් මනමාලයෙක් හිරිවට්ටන සුළු දෙයක්. ඇයි දෙයියනේ මොනව කියයිද දන්නැහැනෙ. හොඳම යාළුවො කියන්නෙ අපි ඉස්සෙල්ලත් කිවුව වගේ මුළු රහස් දේවල් සියල්ල දන්න ඈයොනෙ. අන්තිමටම මයික් එක අතට අරගෙන යාළුවො දෙන්නා මූණට මූණ බලල හිනා වුනාම ලස්සන මල් මැද්දෙ සැපපහසු පුටුවක වාඩි වෙලා ඉන්න මනමාලයට දාඩිය දාන්න ගන්නව. පුළුවන් වුනානං දෙමවුපියන්ට වඳින දෑතින් වැඳලා ඉල්ලන්න වුනත් පුළුවන් වුනත්, විහින් චාටර් වෙන්න බැරි නිසා තමුන්ගෙ යාලුවො දෙන්න මොනවද කියන්නෙ කියන්නෙ කියල පොර කට ඇරගෙන බලං ඉන්නෙ. මනමාලිගෙ පැත්තෙන් කතා කරපු කෙල්ල කිවුවෙ ඒ දෙන්න ජුංජං කාලෙ වැලි බත් ඉවුව හැටි වගේ විස්තර වුනාට මුං කියන්න යන්නෙ අල්ලපු ගෙදර නංගිගෙ කෝම්පිට්ටු කාපු හැටි විත්තිය මනමාලය මයික් අතට ගනිද්දිම දන්නවා.

 

3. වීඩියෝ එකක්

Image Source – youtube.com

ස්මාට්ෆෝන් එන්නත් කලින් ඉඳන්ම වීඩියෝ කෑල්ලක් ගහගන්න පුළුවන් ෆෝන් තිබුනනෙ. කොහොමින් කොහොම වුනත් අවුරුදු පහළොවක් තිස්සෙ යාළුවොන්ගෙ ෆෝන්වල එකතුවෙන වීඩියෝ සහ ෆොටෝ කියන්නෙ හොඳම යාළුවෙක් දකින්න ඒ තරම් ආසා කරන දෙයක් නෙමෙයි. ඒ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතිං වෙඩින් එක වෙලාවෙ දැන් අපි හැමෝම මේ වයිට් ස්ක්‍රීන් එක දිහාවට ඇස් යොමමු කිවුවම මනමාලයව ගැස්සිලා යන එක නවත්තන්න බෑ. ඒ වෙලාවට මනමාලයගෙ ඔලුවෙ වෙනමම වීඩියෝ එකක් ප්ලේ වෙනවා. වීඩියෝ එක බලන තමුන්ගෙ වයිෆ්ගෙ අම්මයි තාත්තයි වෙඩින් සෙටිබැක් එක ගාවටම ඇවිත් ගහන හැටි ඔහුට මැවිලා පේනවා.

 

4. ඉන්වයිටීස්

Image Source – marthastewartweddings.com

සාමාන්‍යයෙන් විවාහයට ආරාධනා කරන අයව තෝරන්නෙ මනාල යුවල වුනත් යාලුවොනෙ ආරාධනා පත් ලියන වැඩේ කරන්නෙ. ඉතිං එයාලට කාඩ් දෙකක් උස්සන එක මහ දෙයක් නෙමෙයි. එයාල ඉන්වයිට් කරන්නෙත් එසේ මෙසේ අයට නෙමෙයි. ඒ තමයි මනමාලයගෙ පැරණි පෙම්වතියන් දෙදෙනෙකුට. හැබැයි ඉතිං බොහෝ වෙලාවට විශ්වාසවන්ත අයව තමයි මේ වැඩේට ගේන්නෙ. එහෙම ගේන්න කෙනෙක් නැත්තං කතාව පුරුදු කරපු කෙල්ලො දෙන්නෙක් ගේන එක වඩා යෝග්‍යයි. සාමාන්‍යයෙන් මෙහෙම දෙන්නෙක් මයික් අරගත්තම කට්ටිය හිතන්නෙ මේ මනමාලිගේ යාළුවො කියලා වුනාට ටිකක් වෙලා යද්දි හැමෝගෙම ඇස් ඇරේවි.

 

5. හනිමූන් ක්‍රෑෂ්

Image Source – youtube.com

කියන්න දෙයක් නැහැනෙ. පනින්න හනිමූන් එකට. හනිමූන් ගිහින් හෝම්කමින් එකට එන ගමන් ඉද්දි වගේම යද්දිත් සමහර යාළුවො පැන්නත් වඩාත් ඉෆෙක්ටිවු වෙන්නෙ හනිමූන් එකට පනිද්දියි. අපි දන්න කියන යාළුවෙක් හනිමුන් ගිහින් උදේ ආහාරයට ඕන දේ ලියාගන්න ආපු වේටර්වරයට ඕනදේ කිවුවම වේටර්ගෙ පිටිපස්සෙන් එබිච්ච කොල්ලො තුන්දෙනෙක් උන් කැමති කෑම මොනවද කියලත් කිවුවලු. එවුවනෙ මහත්තයො උන් හිටි තැන් අමතක වෙන සර්ප්‍රයිස්.

 

6. බෑග් එක

මේක තමයි බොහෝමයක් දෙනෙකුට උරුම සන්තෑසිය. සමහරුන්ගෙ බෑග්වල ලොක් හොයාගන්න නැති වෙනවා. තවත් සමහරුන්ගේ ඇඳුම්වල මඩ පිරිලා. නිකං නෙමෙයි රොන් මඩ. තවත් සමහරුන්ට බෑග් එක අරිද්දි තියෙන්නෙ බෙඩ් ෂීට් විතරයි. තවත් අයට දකින්න ලැබෙන්නෙ වෙනස් සයිස්වල ඇඳුම්. එහෙමත් නැත්තං පේන්ට් බාස්ලා ඇඳපු විදියෙ තීන්ත ඉහිරිච්ච පරණ ඇඳුම්. සමහරුනං කරන්නෙ කෙලින්ම බෑග් නොගෙන හනිමූන් ගිහින් අම්මලට කියලා ඇඳුම් බෑග් එක හෝටල් කාමරේට ගෙන්න ගන්න එක. මේක කසාද බැඳපු මනුස්සයෙකුට වෙන්න තියෙන කරදරකාරීම දෙයක්.

 

7. සර්ප්‍රයිස් ඩාන්ස්

Image Source – youtube.com

හරි කලබල වෙන්නෙපා. සාමාන්‍යයෙන් සර්ප්‍රයිස් ඩාන්ස් කියන්නෙ මනාල යුවල හොඳින්ම දන්න දෙයක් සහ එයාලා බොරුවට ඒ වෙලාවෙ සර්ප්‍රයිස් වුනා වගේ පෙන්වන දෙයක්. අනිත් එක මේ සර්ප්‍රයිස් ඩාන්ස් සිද්ධ කරන්නෙ මනාලියගේ මිතුරියන් විසින්. හැබැයි සර්ප්‍රයිස් ඩාන්ස් එකකට මනාලයාගේ මිතුරන් ඩාන්ස් ෆ්ලෝ එකට එන්ටර් වුනාම සහ ඒක ඇත්තටම සර්ප්‍රයිස් එකක් වුනාම මනාලයා ගැස්සිලා යනවා. මේවා සමහරවිට ඉවරවෙන්නෙ කුණුහරුප සින්දුවකට නටලා හෝ මනමාලිගේ නම සඳහන් කරපු යට ඇඳුම් ඇඳගෙන නටන කොල්ලො සෙට් එකක නැටුමකින්.

ඉතිං ඔයාගෙ හොඳම යාළුවට ඔයා දීපු අමතක නොවෙන වෙඩින් බයිට් එකත් අපිට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *