ආයෙමත් දවසක – 29 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

28 වෙනි කොටස මෙතනින් කියවන්න

 

29 කොටස

දෙන්නගෙ පොරොන්දුව වුනේ කියන්න තියෙන දේවල් ලියලා මේල් කරගන්න. වෙලාව හවස හතරයි. දෙන්නම දෙන්නගෙ මේල් දෙක ඕපන් කළා.

මේ නදික සියුමිට ලියපු ලියුම.

සියුමි මේ ලියුම ලියන්න කලින්ම දෙයක් කියන්නං. මේ ලියුමෙ තියෙන හැමදේම ඇත්ත. හැබැයි මේ ලියුමෙ මම සමහරක් දේවල් හංගනවා. ඒ කියන්නෙ මම ඔයාට කියන ඔක්කොම ඇත්ත වුනාට ඔක්කොම ඇත්ත කියලා දාන්නෙ නෑ කියන එකයි. සියුමි මම තාමත් ගෑනියෙකුට කියල වැඩිපුරම ආදරේ කරල තියෙන්නෙ හෂිනිට. හැබැයි මට ගෑනියෙක්ව කියල කසාදයක් බඳින්න හිතුනෙ ඔයාව. ඒත් ඔයා නිතරම හෂිනිව ඔලුවෙ තියාගෙන ඉන්න එක වදයක්. මොකද ඔයා හෂිනිව මතක් කරන්න කරන්න මට ඔයාට වඩා හෂිනිව මතක් වෙනව. මං මේක ඔයාට කීප වතාවක් කිවුවත් ඔයා ඒක තේරුම් ගන්නෙ නෑ. ඒක මට වදයක්. එනිසා මං හිතාගත්තා ඔයාගෙන් ඈත්වෙන්න. අමාරුයි ඒ දේ. හොඳටම අමාරුයි.

ඒකට ලොකුම හේතුව සෙක්ස්. ඔයත් එක්ක සෙක්ස් කරන්න මම ආසයි. මට ගෑනු එක්ක තරමක් දුරට සම්බන්ධකම් තිබිලා තියෙනවා. එනිසා මම හොඳ නරක අඳුරගන්න දන්නව කියල මම හිතනව. එනිසා ඔයත් එක්ක නැති වෙන සෙක්ස්වල ආසාව මම හරි කරගෙන ඉන්නම්. ඒ වගේම ඔයත් එක්ක සමහර සෙක්ස් ගේම්ස් කරද්දි මට හෂිනිව මතක් වෙනවා. එයත් ඔයා තරමටම හොඳයි. එයාට නරකක් නොකරනව කියල තීරණය කරලා ඉවරයි. ඒත් ඔයා නිතරම මට මතක් කරන්නෙ එයාව. එනිසා මට ඔයා එක්ක ඉන්න බෑ.

නිකමට හිතන්නකො මෙහෙම. ඔයා මට පොරොන්දුවක් දීලත් ආයෙ කසාද බැන්දට පස්සෙත් හෂිනිව මතක් කළොත්. සියුමි මම ගෑනුන්ට බොරු කරල තියෙන මිනිහෙක්. කොටිම්ම මම අච්චර ආදරේ කරපු හෂිනිට පවා මම බොරු කරා. එහෙම වුනත් මම කසාදෙකදි කීයටවත් අනිත් කෙනාට බොරුවක් කරන්නෙ නෑ කියල හිතාගෙන ඉන්න කෙනෙක්. එහෙම තියෙද්දි ඔයා නිතරම හෂිනිව මතක් කරාම එතන වෙන අවුල ගැන ඔයාම හිතන්න. මම ඔයාට කීප වතාවක්ම කිවුවත් ඔයා අහපු නැති නිසා මම මේ තීරණේ ගත්තෙ. මම ආයෙ ඔයාට චාන්ස් දෙන්නෙ නෑ. මම ඔයාගෙන් ඈත් වෙනවා.

ඒ වගේම මම නොකියන කතාවකුත් තියෙනවා. ඒක ඔයාට අම්මා කියයි. අම්මා නොකිවුවොත් ඔයා අම්මගෙන් අහන්න අම්මා නදිකට කියපු මට නොකියපු කතාව මොකද්ද කියලා. එතකොට අම්මා කියාවි. එතකොට ඔයා තේරුං ගනීවි මට යන්න තව හේතු තියෙන විත්තිය. මං ඔයාට මුලින්ම කිවුවනෙ. මං ඔයාට මෙතන කිසිම බොරුවක් කියන්නෙ නෑ. ඒ වගේම හැම ඇත්තම කියන්නෙත් නෑ. එහෙනං එච්චරයි සියුමි කතාව. ඔයාට මාව හොයාගන්න බැරි වෙයි. ඔයා ලියන ලියුමෙ අනිවාර්යෙන්ම ඇත්තෙ හෂිනි ගැන විතරක් නිසා මට ඒක දැන් කියවන්න හිතෙන්නෙත් නෑ. ඒත් මම ඒක හරියටම හතරට කියවනවා. ඔයාට හොඳක්ම වෙන්න ඕන.

*****************************************

මේ සියුමි නදිකට ලියපු ලියුම

නදික, මේ කතාව අහල ඔයා පුදුම වෙයි. මේක මං හොයාගත්තෙ ඊයෙ. ඒක කියන්නයි මම ඔයාට හම්බෙමු කිවුවෙ. මට ඕන වුනේ හෂිනි ගැන කතා කරන්න නෙමෙයි. මේ කතා කිසිම දෙයක් ඔයා නොදන්න නිසා. මං ඉක්මනට කියන්නං.

මට ඊයෙ තාත්තිගෙ ඩයරි එකක් ඇතුළෙ තිබිලා ලියුමක් හම්බුනා. ඒක මට ලියලා තියෙන්නෙ. ඒක මට කියවන්න ලැබෙයි කියල තාත්තා හිතලා තියෙන්නෙ එයා මැරුණට පස්සෙ. මොකද එයා ඒක එයාගෙ ලාස්ට් විල් එකත් එක්ක ලෝයර්ට දෙන්න තියපු ෆයිල් එකේ තිබුනෙ. මං එයාගෙ ලාස්ට් විල් එකත් කියෙවුවා. එයාගෙ දේපල හැම එකක්ම අපි දෙන්නට බාගෙ බාගෙ ලියලා. අම්මිට මොකුත් නෑ. එනිසා මං ඒ ලියුමත් කියෙවුව. ඒ ලියුම කියෙවුවම මට පුදුම හිතුනා නදික.

ඔයාගෙ තාත්තිගෙයි මගේ අම්මිගෙයි අෆයා එකක් තිබුනලු. අරේන්ජ් මැරේජ් එකකින් මගේ අම්මිවයි තාත්තිවයි කසාද බැන්දුවට පස්සෙත් ඔයාගෙ තාත්ති මගේ අම්මි ගාවට ආවලු. ඔයාගෙ තාත්තිගෙන් තමයි මාව අම්මිට හම්බෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ කවදාවත් නොදැනගත්තත් අපි දෙන්න අක්කයි මල්ලියි. තාත්ති කියල තිබුනා අම්මි මේක දන්න නිසා අම්මි මට කියාවි කියලත්. කොහොම වුනත් ඔයාට මේක දැනගන්න තියන්නෙපා කියලා තිබුනා. මේ ගැන දැනගත්තු අපේ තාත්තිට කේන්ති ගිහින් මේ ගැන ඔයාගෙ අම්මිට කියලා. ඒ දෙන්නත් රණ්ඩු වෙවී ඉඳලා තියෙන්නෙ. ඒ අතරෙ තමයි මේ ප්රශ්න නිසා අම්මියි තාත්තියි එයාලගෙ දේපල ඔක්කොම ඔයාට ලියලා තියලා රට ගියේ. මේ ගැන ඔයාගෙ අම්මි අපේ තාත්තිට කියලා. තාත්ති අන්ඩර්වර්ල්ඩ් කන්ටෑක්ට් එකකින් කෙනෙකුට කන්ට්රෑක්ට් එකක් දීලා තියෙනවා ඔයාගෙ තාත්තිව මරන්න. කෝටි පහකට. ඒක කරපු කෙනා මේ වැඩේ කරලා තියෙන්නෙ ප්ලේන් ටෙක්නීෂියන් කෙනෙක්ව අල්ලගෙන. එයා තාත්ති ගිය ප්රයිවට් ප්ලේන් එකේ ෆෝල්ට් එකක් තියලා. ඒ නිසායි ඒ ෆ්ලයිට් එක වැටිලා ඔයාගෙ තාත්තියි අම්මියි නැතිවුනේ.

ඒත් මේක කළාට පස්සෙ ඔයා ගැන මගේ තාත්තිට දුක හිතිලා. ඒ ඒකෙන් ඔයාගෙන් තාත්ති විතරක් නෙමෙයි අම්මිත් නැති වුණු නිසා. එනිසා තාත්ති ඔයාට එයාගෙ දේපළත් ලියලා. ඒ විතරක් නෙමෙයි මාව ඔයාට යාලු කරන්න ප්ලෑන් එකකුත් ගහලා. ඒකත් හරි ගියා. මට කවදාවත් ඔයා මගේ මල්ලි කියලා හිතෙන්නෙ නැහැ නදික. ඔයා ආදරේ කරන හැටි, ඔයා සෙක්ස් කරන හැටි මාව පිස්සු වට්ටලා. ඒ මදිවට ඔයා මාව ගණං නොගද්දිත් මම ඔයාගෙ පස්සෙන් එන හැටි මටම හිතාගන්න බෑ. ඒක තමයි ආදරේ. මේක කියෙවුවම ඔයා පුදුම වෙයි. එහෙම වුනා කියල මොකුත් කරන්නෙපා. මං දැනගත්තු ගමන්ම ඔයාට කිවුවෙ ඒකයි. ඊයෙ රෑ ඉඳන් මේක ලිවුවෙ. මේක දැක්ක ගමන්ම කෝල් කරන්නෙපා. මට ඔයාගෙ මේල් එක කියවනකං සිහියක් නෑ.

 

ලබන සතියේ අවසන් කොටස බලාපොරොත්තු වන්න…

zvr
Your Reaction

Comments