බබාගෙ බර්ත්ඩේ පාටි එක අඩු වියදමින් ලස්සනට කරගන්න ටිප්ස් 7ක්

බර්ත්ඩේ පාටි එකක් කිව්වම ඉතින් අපි හැමෝටම සතුටු හිතෙන දෙයක්නෙ. අපේ පුංචි බබාගෙ පළවෙනි උපන්දිනේ. ලොකු දුවගෙ 21 වෙනි උපන්දිනේ වගේ අපි ගොඩක් ලස්සනට ඇරේන්ජ් කරන්න ට්‍රයි කරනවනේ. ඒ වගේම ඒකට අපේ බජට් එක ගැනත් අපි ගොඩක් හිතනවනේ. බබාගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එකම විතරක් නෙමෙයිනෙ වැඩේ, එයාගෙ අනාගතේ ගැනත් හිතන්න ඕනනේ. ඒ නිසාම ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් නැතුව ලස්සනට අඩු වියදමෙන් පාටි එක ඕගනයිස් කරගන්න මෙන්න අපෙන් චූටි උපදෙස් ටිකක්…

 

1. බර්ත්ඩේ ටේබල් එක ඇරේන්ජ් කරගන්න හැටි

Image Source – candybuffetsnj.files.wordpress.com

බර්ත්ඩේ පාටි එකකට ගියාම ඉස්සෙල්ලම ඇහැ යන්නෙ බර්ත්ඩේ ටේබල් එකටනෙ. ඒක මැද ලොකුම ලොකු කේක් ගෙඩියකුයි තව ස්වීට්ස් ඇතුළු කෑම ගොඩකුයි ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා දැකලා ඇතිනේ. ඇත්තටම කොහොමද මේ තරම් ලස්සනට කළේ කියලා අපිට හිතෙනවා නෙහ්. ඒක කරන්නෙ මෙහෙමයි. අපිට බජට් ප්ලෑන් එකක් තියෙනවනම් ඒකෙ බර්ත්ඩේ කේක් එකට යන කොස්ට් එක ගන්න. ඒ වගේම අපි ගන්න තීම් එකට අනුව වැඩි වැඩ නැති ලස්සන කලර්ස් වලින් හදන කෙනෙක්ට දීලා කේක් එක හදවගන්න. ගොඩක් ලොකුවට බර්ත්ඩේ කේක් එක හදන එකේ තේරුමක් නෑ වෙන කේක් වර්ගෙකුත් එන අයට දෙන්න ඇරේන්ජ් කරලා තියෙනවනම්. ඒ වගේමයි අනික් දේවල්. කැන්ඩි ඇන්ඩ් ස්වීට්ස් දාපු ජාර්ස් වගේම ජූස් ජාර් අපිට රෙන්ට් කරන තැන් වලින් අඩු මුදලට ගන්න පුළුවන්. ටේබල් එකට හදන කෑම අතරට අන්කොමන් දේවල් ටිකක් එකතු කරගන්න තියෙනවනම් ගොඩක් හොඳයි. ඒකට කේක් පොප්ස්, කුකීස්, නගට්ස්, ගාලික් බ්‍රෙඩ් ස්ටික්ස්, චිකන් පයීස්, අනියන් රින්ග්ස්, කීශ්, රේන්බෝ මෑශ්ඩ් සැන්ඩ්විච්, සොසේජ් ඇන්ඩ් එග් ඩෙකරේශන්ස්, සිනමන් පේස්ට්‍රි වගේ කෑම එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ජූස් විදියට කොමඩු, පපායා, දිවුල්, අලිගැටපේර වගේ ඔයාලගෙ තීම් කලර් එකට මැච් වෙන ජූස් එකක් හදාගන්න පුළුවන්.

 

2. පාටි බැක්ග්‍රවුන්ඩ් එක හදාගන්න හැටි

පාටි එකක් කිව්වට මේක නිකම්ම පාටි එකක් නෙමෙයිනේ. ඒ නිසා බබාගෙ අවුරුද්ද දෙක හරි නැත්තන් ඊට වැඩිමල් කෙනෙක්ගෙ හරි උනත් බර්ත්ඩේ එක නම් බර්ත්ඩේ ටේබල් එකට එහා පැත්තෙන් පුංචි ටේබල් එකක් ඇරෙන්ජ් කරලා ඒකෙ බබාගෙ වයස් වල මතකයන්ට අදාළ ෆොටෝ ඇල්බම් එකක් හදලා තියන්න පුළුවන්. ඒ වගේම ෆොටෝස් දාපු ෆ්‍රේම් එකක්. එයාගෙ ජීවිතේ වැදගත් කියලා අම්මලා එකතු කරගත්තු දේවල් (පළවෙනියට අන්දපු ගවුම, නැපි එක, එයා ක්‍රියාකාරකම් කරන්න ගත්තු දවස් සටහන් කරපු පොත්) වගේ දේවල් එතනින් තියන්න පුළුවන්. ඒ වගේම බර්ත්ඩේ ටේබල් එකට පිටිපස්සෙන් පේපර්ක්‍රාෆ්ට් වලින් ලස්සන මල් වගේ හදලා ඩෙකරේශන්ස් කරන්න පුළුවන් ඔයාලා ගන්න තීම් එක හා තීම් කලර් එක අනුව.

 

3. බබා වගේම අම්මලත් එදාට ලස්සනට ඉන්න ඕනේ

Image Source – parents.com

දැන් ඉතින් මේ වැඩ ඔක්කොම කරන්න වෙන්නෙ බබාගෙ අම්මටයි තාත්තටයිනේ. හැබැයි එහෙමයි කියලා එදාට බබාව විතරක් ලස්සනට තියලා මදි. අම්මයි තාත්තයිත් එදාට බබා වගේම ඊට ගැළපෙන ඇඳුමකින් සැරසිලා හිටියොත් ෆොටෝස් වලටත් ගොඩක් ලස්සන වෙයි. ඒ වගේම ඔයාලා ගන්න තීම් එකකට ගැළපෙන විදිහෙ ඇඳුමක්, විශේෂයෙන්ම බබාට අපහසු නැති ලස්සන ඇඳුමක් අන්දවනවනම් ගොඩක් හොඳයි.

 

4. පාටි එකට එන අයට දෙන කෑම ගෙදරම හදන්න/ අඩු මුදලට කේටර් කරන්න

Image Source – parents.com

මේ ඔක්කොම ගෙදර කරගන්න පුළුවන් වෙයිද මන්දා නෙහ්… අනේ ඒවට තමා නැදෑ හිතමිත්‍රාදීන් ඉන්නෙ. එයාලවත් උදව් කරගෙන රස කෑමවේල හදන්න. පාටි එක තියෙන්නෙ රෑට නම් රෑ වේලකට සුදුසු ආකාරයට පැස්ටා, නූඩ්ල්ස්, ඒ වගේම ගාඩ්න් පාටි එකක් වගේ ලෑස්ති කළා නම් ආප්ප, කොත්තු, කෙබාබ්ස්, බාබකියු වගේම දවල් නම්  බත් සමඟ ඊට ගැළපෙන ව්‍යාංජන වර්ග ටිකක් හදාගන්න. ඒ වගේම වෙල්කම් ඩ්‍රින්ක් එක බර්ත්ඩේ ටේබල් එකට තියන්න හදාගන්නවා වගේම කට්ටියට දෙන්නත් හදාගන්න. බර්ත්ඩේ කේක් එක කපලා එන අයට දෙන්නෙ නැත්නම් ඒ අයට දෙන්න වෙනම කප් කේක් ටිකක් හරි හදනවනම් හොඳයි. බබා එක්ක මේ වැඩ කරගන්න උදව්වට අය නැත්තම් විතරක් කේටරින් සර්විස් එකකට බාර දෙන්න. ඒකත් වැඩි වියදමක් යන්නෙ නෑ. ප්ලේට් ගාණට අය කරන විදිහට වැඩේ කතා කරගන්න.

 

5. පාටි එක යන අතරෙ බබාට තියෙන්න ඕනෙ අවධානය

Image Source – birminghammail.co.uk

මෙහෙමයි, පාටි එක තියන්නෙ බබා වෙනුවෙන්නෙ. ඒ නිසා පාටි එකට ඉන්වයිට් කරන්නෙ කාටද සහ ඒ අය ඇවිත් හැසිරෙන විදිය ගැනත් කල්පනා කරන්න වෙනවා. මොකද බබාට අවහිරයක් වෙන විදියට ඒ අය හැසිරෙනවනම් ඒකෙන් බබාට කොහෙත්ම සතුටක් ලැබෙන්නෙ නෑනෙ. බබාට මුල් තැන දීලා එයා ආස කරන පොඩි ළමයි ටිකක් ගෙන්නලා එයාලා එක්ක තෑගි හුවමාරු කරගෙන බබාගෙ මට්ටමින් කල්පනා කරලා බලලා පාටි එක ප්ලෑන් කරනවනම් ගොඩක් හොඳයි. මේකෙන් කියන්නෙ නෑ ලොකු අයට ඉන්වයිට් කරන්න එපා කියලා. බබාට වෙන්න ඕනෙ කොටසයි මේ කිව්වෙ හොඳේ. ඒ වගේම ඒ එන අය එක්ක බබා කන කෑම ගැනත් පොඩ්ඩක් බලන්න. අසනීප වෙලා හිටපු නිසා කූල් ඩ්‍රින්ක්ස් දෙන එක අඩු කරලා නම් ඒ එන කෙනෙක් අතට ගියොත් ඒ අය ඒව දෙයිද කියන එක ගැන අම්මා ටිකක් අවධානෙන් හිටියොත් හොඳයි.

 

6. හැමවෙලේම බජට් එක ගැන හිතලා වැඩ කරන්න

Image Source – popsugar.com

අපි පාටි එකක් කරනකොට ඒකට බජට් එකක් හදාගන්නවනේ. මෙන්න මේ බජට් එක පනින විදියට වියදම් කරන්න තියාගන්න එපා. කෑම බීම උනත් ගෙදරම හදාගන්න එක හරි නැත්තන් අඩු මුදලට කේටරින් කරන තැනකින් ගෙන්නගන්න එක හරි කරන්න. ඒ වගේම ඩෙකරේශන්ස් වලට ඕනවට වඩා මුදල් වියදම් කිරීමත් අපරාධයක්. ඉවත දාන දේවල් වලින් ලස්සනට සැරසිලි කරගන්න පුළුවන් විධි යූටියුබ් එකේ විඩීයෝස් තියනවා. ඒවයිනුත් අයිඩියාස් ගන්න.

 

7. ෆොටෝ ෂූට් එකක් කරන්නත් අමතක කරන්න එපා

බර්ත්ඩේ එක කියන්නෙ බබාගෙ විශේෂ දවසක්නෙ .ඉතින් ඒ දවස මතක සටහනක් විදියට තියන් ඉඳලා බබා ලොකු උනාම පෙන්නන්න තියෙනවනම් අම්මයි, තාත්තයි බබාගෙ බර්ත්ඩේ එක සමරලා තියෙන විදිහ දැකලා බබා ගොඩක් සතුටු වෙයි නේද? ඒ නිසා බබාට අපහසුවක් නොවෙන විදියට ෆොටෝග්‍රැපර් කෙනෙක් ගෙන්නලා හරි තාත්තගෙ යාලුවෙක්ට කියලා හරි ලස්සන ෆොටෝස් ටිකක් අරන් ඇල්බම් එකක් හදලා තියාගන්න. ඒක අනාගතේට ගොඩාක් වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *