පැණිරසට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒ අහම්බෙන් කෙනෙක් තමයි. ඒ තරමට ලොකු පුංචි ඕනම කෙනෙක් පැණිරසට කැමතියිනේ. හැබැයි ඉතින් දැන් කාලේ හැටියට ඕනවට වඩා පැණිරස කන එක නම් නුවණට හුරු නෑ. දත් පණුවො කන නිසා නෙවෙයි, සීනි වැඩිවීම සහ දියවැඩියාව දැන් සුලභ රෝගී තත්ත්වයක් වෙලා තියෙන නිසා. කොහොම නමුත් සාමාන්‍යයෙන් එදිනෙදා කෑම බොහොම සෞඛ්‍ය සම්පන්නව, ශරීරයට හිතකර විදියට අරගෙන, ඉඳලා හිටලා ගිහින් විශේෂ ස්වීට් කෑමක් කාලා ආවට කිසිම ප්‍රශ්නයක් නෑ. ආන්න ඒ වගේ වෙලාවකට හැමදාම කඩෙන් අරගෙන කන ස්වීට් දේකට වඩා විශේෂිත අතුරුපසක් කන්න තියෙනවා නම් ඒක හිතටත් හොඳයි, එක්ස්පීරියන්ස් එකක් විදියටත් හොඳයි. ඉතින් මේ කියන්නේ කොළඹ අවට තියෙන ඩිසර්ට් ගන්න තියෙන තැන් කීපයක් සහ ඒ තැන්වල තියෙන විශේෂිත ඩිසර්ට් වර්ග ගැන තමයි.
1. Simply Strawberries By Jagro

Image Source – tasty.lk
ජැග්රෝලගේ ස්ට්‍රෝබෙරි කඩේ මේ වෙනකොට සෑහෙන කාලයක් පුරාවට කොළඹ තියන එකක්. ගොඩක් දෙනෙක් නියම ස්ට්‍රෝබෙරි රසත් එක්ක අතුරුපසක් කන්න, මිල්ක්ෂේක් එකක් බොන්න යන තැනක් වුනේ ජැග්රෝලගේ ස්ට්‍රෝබෙරි කඩේ. මේ අයගේ ස්පෙෂල්ටි එක සරලවම ස්ට්‍රෝබෙරි. ඒ නිසාම මේ අයගේ ඕනෑම අතුරුපසකට, ඕනෑම බීමකට ආයෙ ස්ට්‍රෝබෙරි වරදින්නෙ නෑ. ස්ට්‍රෝබෙරි නැතුව කන්න පුළුවන් දේකුත් මෙතන නෑ. ඉතින් ස්ට්‍රෝබෙරි රස දන්න ස්ට්‍රෝබෙරි ලෝලීන්ට අපි රෙකමන්ඩ් කරන්න කැමතියි මෙතන තියෙන චීස් කේක් එක. බිස්කට් බේස් එකක් උඩ ඉතාම මෘදුව ගොඩනැගුණු චීස් කේක් කෑල්ලක් උඩට දාපු ස්ට්‍රෝබෙරි කෑලි සහ ස්ට්‍රෝබෙරි සෝස් එකත් එක්ක එන චීස් කේක් ඩිෂ් එක දිව්‍යලෝක රහයි. මේ අපි කාලා තියෙන රසවත්ම චීස් කේක් කෑලි වලින් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
අපිට ලඟම ජැග්රෝ ස්ට්‍රෝබෙරි කඩේ තියෙන්නේ ටවුන් හෝල් එකට කිට්ටුව, අනගාරික ධර්මපාල මාවතේ කොට්න් කලෙක්ෂන් එක ඇතුළේ.
තැන මෙතන:
2. Skrumptious

Image Source – deskgram.net
ස්ක්රම්ෂස් කියන නමේම නිකම් අර ඩිසර්ට් බ්රවුනි කෑල්ලක උඩ තියෙන ක්‍රිස්පි ලේයර් එක හැපෙනකොට එන විදියේ හැඟීමක් නැද්ද? ගණන් ගන්න එපා, අපි එහෙම කිව්වේ ස්ක්රම්ෂස් එකේ බ්රවුනි කාලා මත් වෙලා හිටපු වෙලාවක. කොහොම වුනත් කොළඹ බ්රවුනි එකක් කාලා එන්න යන්න තියෙන සුපිරිම තැනක් තමයි ස්ක්රම්ෂස් කියන්නේ. හැබැයි අපි මේ කියන්න යන්නේ ස්ක්රම්ෂස් එකේ තියෙන බ්‍රවුනීස් ගැන නෙවෙයි, බ්රවුනි මිල්ක්ෂේක් එක ගැන. මිල්ක්ෂේක් කියන්නේ ඩිසර්ට් එකක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ස්ක්රම්ෂස් එකේ මිල්ක්ෂේක් එක ඇත්තටම ඩිසර්ට් එකක්. ඒක චොකලට් ගුලාවක්. සෑහෙන්න මහත ස්ට්‍රෝ එකක් එක්ක එන මේ බ්රවුනි මිල්ක්ෂේක් එකේ රසම රස බ්රවුනි කෑලි අහුවෙනවා. එක්කෙනෙක්ට කාලා බීලා ඉවර කරන්නත් බැරි තරමයි.
තැන මෙතන:
3. Hyve Dessert Bar

Image Source – yamu.lk
හයිව් ඩිසර්ට් බාර් එක පටන් අරගෙන ඒ තරම් කාලයක් නෑ. තිඹිරිගස්යායේ තියෙන හයිව් එක ස්වීට් ටූත් තියෙන සිදාදියේ ඇත්තන්ට සෑහෙන්න අල්ලලා ගිහින් කියලා පේනවා. මෙතන සාමාන්‍යයෙන් දන්න කියන ඩිසර්ට් වර්ග වල ඉඳලා ලේසියෙන් නොදන්න නම් දක්වා රසවත් අතුරුපස කිහිපයක්ම තියෙනවා. අපිට රස කෝකද කියලා ෂුවර් නැති නිසා එතන අයගෙන් ඇහුවහම අපිට රෙකමන්ඩ් කලේ අයිරිෂ් ක්රෙමේ පොට් කියලා ඩිසර්ට් එකක්. ඉතින් අපිත් හිතාගෙන හිටියා අර ලොකු පොට් එකක පුරවපු අයිරිෂ් ක්‍රීම් දාපු අමුතු එකක් මේසෙට එයි කියලා. ඒ බලාපොරොත්තුව කඩ වුනා මිත්‍රවරුනි. ඒ කියන්නේ මේක ඒ තරම් ලොකුවට තියෙන අතුරුපසක් නෙවෙයි, හැබැයි ඒක හොඳයි. මේකේ තියෙන ලාවට බේලීෂ් රහක් මිශ්‍ර වෙච්ච ඇල්කොහොල් ගෑවුණු රසට ලොකු ප්‍රමාණෙකින් කෑවොත් අනිවා මත් වෙනවා. හැබැයි අයිරිෂ් ක්‍රීම්, කලූවා රස පදමට තියෙන මේ ඩිසර්ට් එක සුපිරි කියලා තමයි අපි එතන අයටත් කිව්වේ.
තැන මෙතන:
4. Smokey’s Cafe

Image Source – d3dz4rogqkqh6r.cloudfront.net
ස්මෝකීස් කියන්නේ අපි සෑහෙන කාලෙක ඉඳලා බ්‍රවුනීස් ඩිලිවර් කරගන්න තැනක්. මේ අයට කැෆේ එකක් තිබුණෙ නෑ. දිව්‍යලෝක රස බ්‍රවුනීස් හදන්න කොළඹ ඉන්න එක්ස්පර්ට්ස්ලා කීප දෙනාගෙන් මේ අයත් එක්කෙනෙක්. කොහොම හරි දැන් ඔන්න මේ අයගේ පොඩි පහේ කැෆේ එකක් තියෙනවා ගල්කිස්සේ කොලේජ් ඇවනිවු එකේ ස්ලීක් සැලුන් එකට එහා පැත්තේ. වෙනදා කාලා පුරුදු බ්රවුනි එකක් කාලා මොනවා හරි චොකලට් පානයක් බීලා වෙරි වෙලා වැනි වැනි එන්න යන්න මෙතනට. හැබැයි පුරුදු බ්‍රවුනීස් රේන්ජ් එකට අමතරව තව තව දේවලුත් ස්මෝකීස් කැෆේ එකේ තියෙනවා. හැබැයි අපේ ප්‍රියතම අතුරුපස වුනේ මේ අය ඩිලිවර් කරන කාලෙත් කාලා පුරුදු පීනුටෙලා බ්රවුනි එක තමයි. චොකලට් ආකරයක් උඩට රටකජු දාලා, ලස්සනට සරසලා මේසෙට එන මේ බ්රවුනි එක කොච්චර කාගෙන කාගෙන ගියත් ඉවර වෙන්නෙ නැති තරම්!
තැන මෙතන:
5. Waffling

Image Source – instgram.org
වොෆ්ල්ස් කියන්නේ ලංකාවට එච්චර හුරුපුරුදු කෑමක් නෙවෙයි. හැබැයි පොදුවේ ගත්තොත් වොෆ්ල්ස් ලෝකේ සෑහෙන්න ජනප්‍රියයි වගේම, දන්න අය දන්නවා වොෆ්ල්ස් වල ආතල් එක. වොෆ්ල්ස් වල ඇත්තටම රස තියෙන්නේ වොෆ්ල් එකේම නෙවෙයි. මොකද වොෆ්ල් එක තමයි බේස් එක. ඒකට දාගන්න සෝස් එක, ෆිලින්ග් එක මත තමයි වොෆ්ල් එකේ රස තීරණය වෙන්නේ. ඉතින් කොළඹ වොෆ්ල්ස් තියෙන තැන් බොහෝමයක් තිබුණත්, අපේ ප්‍රියතම තැනක් තමයි වොෆ්ලින්ග් කියන්නේ. ලොකු තැනක් නෙවෙයි, මෙනු එකේ වුනත් ලොකු සීන් එකක් නෑ. හැබැයි මරේ මරු. ස්වීට් ටූත් ඩයල් එකකට තියෙන්නේ ගියපු ගමන් යුනිකෝන් ප්ලේට් එකක් ඕඩර් කරන්න. දැකලා තියෙනවද අර කාටූන් වල ඉන්න යුනිකෝන්ලගේ ඉස්සරහ අඟෙන් පාට පාට දේදුනු මතුවෙනවා? ආන්න ඒ වගේම වොෆ්ල් එකක් තමයි මේක. පාට පාට. බලන්න ලස්සනයි. මෘදුවට තියෙන නියම රස වොෆ්ල් එකත් එක්ක පැත්තකින් එනවා චොකලට් සෝස් දාපු අයිස්ක්‍රීම් මික්ස් එකක්. ඇත්තටම කන්න කලින් මේ ඩිෂ් එක ඒ මේ අතට හරව හරවා ෆොටෝස් ගන්න තමයි හිතෙන්නේ.
තැන මෙතන:
6. Butter Boutique

Image Source – zomato.com
බටර් බුටීක් එක සාමාන්‍යයෙන් කොළඹ කරක් ගහන කෙනෙක්ට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. විශේෂයෙන්ම මියුසියස් එක කිට්ටුව තියෙන මේ අයගේ අවුට්ලට් එක ඇතුළට ගියහම කේක් පෙරේතයෙක්ට නං පිස්සු හැදිලා ආයෙ හැදෙනවා. ඒ තරම් කේක් සිලෙක්ෂන් එකක් තියෙන්නේ. හැම කේක් එකක්ම අර රවුම් කේක් දාන පොඩි වීදුරු ඩිස්ප්ලේ වල දාලා වහලා, කවුන්ටරේ දිගේ පෝලිමට තියලා තමයි තියෙන්නේ. එතනට ගිහින් ඔලුව කස කසා කල්පනා කරන්න ඕන මොකෙන්දෑ තෝරගන්නෙ කියලා. එහෙම අතරමං වෙලා ඉන්න පළවෙනි වතාවට බටර් බුටීක් යන කෙනෙක්ට අපි කැමතියි යෝජනා කරන්න ලෙමන් බ්ලූබෙරි කේක් කෑල්ලක් හරි චොක්ලට් චිප් කුකී කේක් කෑල්ලක් හරි මයිලෝ ස්ලයිස් එකක් හරි කාලා බලන්න කියලා. විශේෂයෙන්ම මයිලෝ බීලා හරි හොරෙන් කාලා හරි තිබුණට, මයිලෝ කේක් කෑල්ලක් අපි පළවෙනි වතාවට කෑවේ බටර් බුටීක් එකෙන් තමයි!
තැන මෙතන:
7. Cookies & You

Image Source – facebook.com
සාමාන්‍යයෙන් කොළඹ රටේ ඔය ඩිසර්ට් බාර් එකක් හරි ඩිසර්ට් ඩිලිවරි එකක් හරි අවුරුදු කීපයක් වැහෙන්නේ නැතුව පවතිනවා කියන්නෙම ඒ තැන සුපර් කියන එක තමයි. හැබැයි එහෙම අවුරුදු කීපයක් තිස්සේ තිබිලත් කුකීස් ඇන්ඩ් යූ කියන්නේ තාමත් ගොඩක් දෙනෙක්ගේ ඇහැ ගැටුනේ නැති තැනක්. ඒකට ගොඩක්ම හේතුව මේක කැෆේ එකක් හෝ ඩිසර්ට් බාර් එකක් නොවී ඩිලිවරි කරන තැනක් වුණු නිසා වෙන්න පුළුවන්. හැබැයි අපිට සරලවම කියන්න තියෙන්නේ, කුකීස් ඇන්ඩ් යූ එකෙන් ස්වීට්ස් කාලා නැති මේ රස දිව මක්කටෙයි කියලා තමයි.
අර මෙක්සිකන් අතුරුපස කෑමක් තියෙන්නේ චුරෝස් කියලා. අපි කැමතියි ආන්න ඒක රෙකමන්ඩ් කරන්න. ක්‍රිස්පි ගතියත්, සොෆ්ට් ගතියත් දෙකම තියෙන, සීනි පව්ඩර් වගේ දැවටුණු චූරෝස් උඩට චොකලට් සෝස් දාගත්තට පස්සේ ඉතින් තව කාටවත් දීලා කන්න නම් හිතෙන්නෙ නෑ!
හැබැයි අපි කුකීන් ඇන්ඩ් යූ එකේ චුරෝස් විතරක් රෙකමන්ඩ් කරන්නෙ නෑ. චුරෝස් ගැන කිව්වට මේ අයගේ සම්පූර්ණ මෙනු එකම අවුරුද්ද පුරාවට ට්‍රයි කරල බැලුවත් පාඩු නෑ!
දුරකථන අංකය: 077 462 2894
දැන් අයිස්ක්‍රීම් ලෝලියෝ බලයි මොකද මේ අතුරුපස ලිස්ට් එකේ අයිස්ක්‍රීම් නැත්තේ කියලා. අයිස්ක්‍රීම් කියන්නෙත් අතුරුපස තමයි. හැබැයි අපි ඒ ගැන කලින්ම ලියලා තියෙන්නේ. ඒ නිසා අයිස්ක්‍රීම් ලෝලියෝ කරුණාකරලා මේ පැත්තෙන් ගිහින් අපේ අයිස්ක්‍රීම් ආටිකල් එක කියවලා එන්ඩ!
Leave a Reply