අනිත් නිවාඩු කාලවලට වඩා අවුරුදු නිවාඩුවෙ තියෙන වාසි 7ක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ ජාති බේදයකින් තොරව හැමෝම ආතල් එකේ ඉන්න කාලයක්. මේ ආතල් එක අනිත් ප්‍රසිද්ධ නිවාඩු කාලවලට වඩා ආතල්. කොටිම්ම ආගමික සංසිද්ධි මූලික වෙලා එන වෙසක් වගේම නත්තලටත් වඩා සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු කාලෙ ආතල් එක වැඩියි. අපි මේ අලුත් අවුරුද්දෙ හාහා පුරා කියල කියන්න යන්නෙ ඒ ගැනයි. ඒ වගේම බලලා හිනා වෙලා නොගිහින් මේ අලුත් අවුරුද්දෙ කමෙන්ට් තීරුව පාළුවට නොයවා අපිට කියන්න ඇයි ඔයාලටත් සිංහල හින්දු අලුත් අවුරුදු කාලෙ හොඳම නිවාඩු කාලෙ වෙන්නෙ කියලා.

 

1. අන්ලිමිටඩ්

Image Source – dailynews.lk

අපේ ඇඟට නිවාඩු කියලා පුරුදු මොනවද? සෙනසුරාදා ඉරිදා දවස් දෙක. ඒක ගෙවෙනව අසුරු සැනින්. සිකුරාදා රෑට නිදාගත්තම ඇහැරෙන්නෙ සෙනසුරාදා දවල්ට. ඇහැරිලා කාලා යාලුවො එක්ක එළියට ගිහින් ආවම සෙනසුරාදා ඉවරයි. ඉරිදට කිසිම ආතල් එකක් නැතුව සඳුදා හෙට නේද කියල හිත හිත බයෙන් ඉන්න වෙනව. නත්තල් වෙසක් කියලත් මහ වෙනසක් නෑ. හැබැයි අලුත් අවුරුදු නිවාඩුව එහෙම නෑ. දවස් කීපයක් අඩුම තරමෙ සෙට් වෙන නිසා නින්දක් ගැහුවත් ගමනක් ගිහින් ආවත් ගිල්ටියක් නෑ හිතට. අනික ඔක්කොම ඉවර වෙලා ඔෆිස් යද්දි අවුලකුත් නෑ. ඇයි ඔෆිස් එකෙත් ගිය වෙලේ ඉඳන් අවුරුදු කෑම කකා ආතල්නෙ.

 

2. හැමෝම පාහේ

Image Source – youtube.com

අලුත් අවුරුදු සීසන් කියන්නෙ හැමෝම පාහේ නිවාඩු පාඩුවෙ ඉන්න කාලයක්. සාමාන්‍යයෙන් නත්තලටනං ළමයි විතරයිනෙ නිදහසේ ඉන්නෙ. අම්මලා තාත්තලා බිසී. හැබැයි අලුත් අවුරුදු නිවාඩුව නං එහෙම නෑ. අනික අලුත් අවුරුදු නිවාඩුව කියන්නෙ කට්ටිය වෙන වෙනම නැතුව පවුලක් විදියට සතුටු වෙන කාලයක්. ගෙදර චාරිත්‍ර කරන්නෙත් ගමන් බිමන් යන්නෙත් කන්නෙ බොන්නෙත් සතුටු වෙන්නෙත් එකම සෙට් එකක් විදියට. අවුරුදු සතුට ලොකුවටම දැනෙන්න ඒක ​ලොකු හේතුවක්.

 

3. කෑම

Image Source – facebook.com

බැලු බැලු අත වගේම යන යන තැන කෑම වැහිවැහැලා තිබීමත් අවුරුදු ජයවෙන්නට හොඳම හේතුවක්. අලුත් අවුරුද්දෙ හොඳම දේ වෙන්නෙ කෑම. පැණි රස ජාති, තෙලෙන් බැදුණු ජාති වගේම අවුරුදු කාලෙට ගෙවල්වලට හදන විවිධ කෑම ජාතිත් බොහෝමයක් තියෙනවා. උදාහරණෙකට අලුත් අවුරුදු කාලෙට අම්මා හදන සිංහල අච්චාරුව වගේම ලුණුදෙහි දැමිල්ලත් එකම විදියෙ රස දෙන කෑම දෙකක්. මේ කෑම බොහෝමයක් අවුරුදු නිවාඩුවෙන් පස්සෙත් ගෙදර ගැවසෙනවා. මේ විදියෙ රස ආකරයක් තියෙන අවුරුදු කාලෙ කියන්නෙ මගහැරගත නොයුතුම ආතල් එකක්.

 

4. ෂල්ලි

Image Source – rove.me

අලුත් අවුරුද්දෙ හොඳම දේ තමයි අනිත් කාලවලට වඩා සල්ලි අතේ ගැවසීම. සාමාන්‍යයෙන් ඔෆිස්වල අලුත් අවුරුද්දට බෝනස් එකකුත් ලැබෙනවා. ඒ නැතත් අලුත් අවුරුද්දට සැලරි ඇඩ්වාන්ස් එකක් ලැබෙනවා. ඒක තනි පඩියකින් ගන්න ලැබෙන මුදලක් නොවී, මාස් පතා ඉදිරි මාස වලින් පොලී රහිතව කැපෙන්න හැදිලා එන මුදලක්. එනිසා අලුත් අවුරුදු නිදහසේ වාසිය ලබාගන්න ඒ මුදල ලොකු හේතුවක්. කොයි දේ කරන්නත් සල්ලි නැතුව බැහැනෙ. ඉතිං සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට ගියත් ඒ ටිකම තමයි.

 

5. නානාප්‍රකාර අවස්ථා

Image Source – directasia.com

අලුත් අවුරුද්දේ තියෙන අනෙක් වාසිය වෙන්නෙ නිවාඩුව දිග නිසා නොයෙක් විදියෙ සෙට්වීම් වැඩිවීමයි. උදාහරණෙකට වෙනිං නිවාඩු කාලෙක දවස් දෙකේ ට්‍රිප් එකක් ගියොත් නිවාඩුව ඉවරයි. එහෙම නැත්තං සමහර නිවාඩු කාල කොල්ලො සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මම ඉවරයි. හැබැයි අලුත් අවුරුදු නිවාඩුව එහෙම නෑ. ඔෆිස් එකෙන් එන්නෙම අන්තිම දවසෙ පාටියක් දාලා. ඊළඟට ට්‍රිප්, පාටි, නෑ ගමන් ඇතුළු නානාප්‍රකාර ආතල් රැසක් අලුත් අවුරුද්ද එක්ක බැඳෙනවා. මේ වාසිය වෙනිං කාලවල සෙට් වෙන්නෙ තනි තනි වශයෙන්

 

6. ෂොපින් ආතල්

Image Source – shoppingfestival.lk

අලුත් අවුරුද්දෙ හොඳම ආතල් එකක් තමයි ෂොපින් කියන්නෙ. ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි. කෑම ජාති, බීම ජාති ඇතුළු නොයෙක් විච්ඡූරණ අලුත් අවුරුද්දෙදි සේල් වෙනවා. ඒ ෂොපින් ආතල් එක සතුටක් දෙන්නෙ ගෑනු හිතකට විතරක් නෙමෙයි. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්දෙ ෂොපින් ආතල් එක අපි හැමෝටමයි. ජාත්‍යන්තර සේල් පොළවල් වගේම, සාමාන්‍ය කඩවලත් සේල් සීන් එකක් තියෙන නිසා බොහෝවෙලාවට එළියට බැස්සොත් අලුත් දෙයක් ලාබෙට අරගෙන ගෙදර එන්න පුළුවන්.

 

7. නිවාඩුවෙන් පස්සෙ

සිංහල හින්දු අලුත් අවුරුද්ද හොඳම නිවාඩුව වෙන්නෙ මෙන්න මේ කාරණේ නිසායි. ඇයි දෙයියනේ නිවාඩුවෙන් පස්සෙත් ඔෆිස් රෂ් එකක් ලොකුවට නැහැනෙ. ඔෆිස් එකට යන්නෙම අලුත් ඇඳුම් ඇඳලා ආතල් පිට. ගිය ගමන් කට්ටිය සුබ පතාගන්නවයි ඕපාදූප කියෝනවයි එක විකාරයයි. ඊටපස්සෙ කෑම මේසෙ. ඊටත් පස්සෙ වෙසක් එකට කූඩු හදන්න සෙට් වෙනවා. ඉතිං මාසෙම නිවාඩු වගේ තමයි. ඒ ආතල් එක ලේසියෙන් ගන්න බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *