අවුරුදු කාලෙට සෙට් වෙන වාත 7ක්

අලුත් අවුරුද්ද කියන්නෙ ආතල් එකක් විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ ආතල් අපි විඳලා තියෙන විත්තියත් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි අලුත් අවුරුද්දේ ආතල් කුඩු වෙන සිද්ධි කීපයක්ම තියෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ ගැන. මේවා හිතලා අලුත් අවුරුද්දෙ ආතල් නැති කරගන්න එපා. හැබැයි මෙහෙම දේවල් සිද්ධ වෙලා අලුත් අවුරුදු ආතල් කුඩු වෙන්නට පුළුවන් විත්තිය හිතේ තියාගන්න. එතකොට මූඩ් අවුල් කරගන්නෙ නැතුව ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. එහෙමත් නැත්තං මෙහෙම ෆන් කාලෙක මෙහෙම අවුල් කඩං වැටුනම ඉන්න වෙන්නෙ බකං නිලාගෙන තමයි.

 

1. අනපේක්ෂිත කඩාවැදීම්

Image Source – thriftyfun.com

අනපේක්ෂිත කඩාවැදීම්ස් ඔෆ් නෑදෑයෝස් කියන්නෙ අලුත් අවුරුදු නෙමෙයි ඕනම කාලක සිද්ධ නොවිය යුතු දෙයක්. කෝල් එකක් නොදී එක පාරට ගෙවල්වලට කඩා වදින නෑදෑ සනුහරයක් ඉන්නව කියන්නෙ ඒ මනුස්සයා පූරුවෙ පවක් කරලා තියෙනවා කියන එකයි. ඒ වගේම අනපේක්ෂිත විදියට කඩා පනිද්දි සිද්ධ වෙන අලාභ හානිත් බොහොමයි. ඒ ගැන අපි නෑදෑයො සම්බන්ධයෙන් ලියන ඉදිරි ලිපියකදි ලියන්නං.

 

2. නොනගත සීන්

Image Source – yamu.lk

මේක තමයි දුකම කතාව. අලුත් අවුරුදු නිවාඩුව ලැබුනම කොල්ලො ඇවිදින එක නවත්තන්නෙ නැහැනෙ. කොල්ලො ඇවිද ඇවිද ඉන්නකොට ඕවට ඉන්ධනත් ඕනෙනෙ. ඔය කෑම බීම දෙන්නෙ ඒ වෙලාවට ඉන්න ගෙදරින්. හැබැයි පුතෝ නොනගත වෙලාව සෙට් වෙලා තිබුනොත් ඔය කිසිම තැනකින් කන්න ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ දුක තමයි. ගෙදර හිටියත් කන්න නොලැබුනම මුළු අවුරුද්දම කෙළ වෙලා ගියත් මොකෝ කියල කාගෙන කාගෙන යන්න හිතෙනව කිරිබත්. එහෙමයි කියල අම්මා රවල බලන බැලිල්ල අමතක කරන්න බෑනෙ බ්‍රෝ.

 

3. බඩු

බඩු කිවුවෙ ඔයාලා හිතන නරක දේවල්වලට නෙමෙයි ආයුබොවන්ඩ. බඩු කියල කියන්නෙ අලුත් අවුරුද්දෙ පොඩ්ඩක් සළු වෙන්න කට්ටිය පාවිච්චි කරන දේවල්වලට. අලුත් අවුරුද්දට කලින් හැමෝම මෙවුව ගෙවල්වල ගොඩගහගන්න නිසා ඒකට වැරැද්දක් කියන්නත් බෑ. උවමනාව ඇති මිනිහට තියෙන්නෙපැයි මහත්තයො සූජානම. ඉතිං මක්කොරන්නද? අලුත් අවුරුද්දෙ තදියම් වෙලා ගිහින් බාර් එක වහල තිබ්බම අවුරුදු කුමාරයටයි එයා වඩින වාහනේටයි මීන රාශියටයි මේෂ රාශියටයි බැන බැන ඇවිල්ල වැඩක් නැහැනෙ බ්‍රෝ. ඔය කේන්තිය තවත් තද වෙන්නෙ ගෙදර එද්දි අම්මා කරපිංචයි මිරිස් කුඩුයි දාලා බැදපු කොකිසක් අතට දුන්නම තමයි.

 

4. කෝල්

අලුත් අවුරුද්දේ දුක දනවන සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නෙ. කෝල් නොකර එන නෑදෑයො ගැන කියපු නිසා කෝල් කරලා එන අය ගැන අපි කියන්නෙ නෑ. පෙර සූදානමක් ඇතුව කෝල් කරලා එන අය කියන්නෙ ඉතිං වාතයක් නෙමෙයිනෙ. හැබැයි අපි මේ කියන්නෙ වෙනමම කෝල් එකක් ගැන. මේක එන්නෙ ඔෆිස් එකෙන්. දුක් සීන් එක. වැඩ කන්දක් තියෙන නිසා දීපු අවුරුදු නිවාඩුව අලුත් අවුරුදු දිනයෙන් පස්සෙ කැන්සල් බව කියන ඒ පණිවුඩය හතුරෙකුටවත් අසන්නට නොලැබේවා. ඇයි ඉතිං ලබන්න තියෙන අලුත් අවුරුද්දෙ ආතලුත් කුඩු වෙනවනෙ ඒක ඇහුවම.

 

5. කප්පාදු

Image Source – thebalancecareers.com

මේ කියන්නෙත් උඩ කියපු කතාවෙම වෙනත් කොටසක්. හදිස්සියේ කෝල් එකක් ඇවිත් නිවාඩු කැන්සල් වෙනවා වගේම දුකක් තමයි නිවාඩු ලැබෙන්න කලින් නිවාඩු කැන්සල් වෙනවා කියන්නෙ. ඇයි ඉතිං මාර්තු අග ඉඳන්ම කට්ටිය අලුත් අවුරුද්දට කරන්නෙ මොනවද කියන එක ගැන ප්ලෑන් කර කරනෙ ඉන්නෙ. ඒ අස්සට මෙහෙම දෙයක් වුනාම දුක් කෝටියයි. ඔන්න අලුත් අවුරුද්දට කලින් ලොක්කා විසින් මූණ බෙරි කරගෙන ගන්නව කෝල් එකක්. අරගෙන කියනව.​ මේ පාර අවුරුදු නිවාඩුව ලැබෙන්නෙ පරණ අවුරුද්ද දිනයේත් අලුත් අවුරුද්ද දිනයේත් පමණක් විත්තිය. ඒකෙත් පරණ අවුරුද්ද දිනය ඔන්-කෝල් ඩියුටි සිටිය යුතු බව. ඉතිං ඒ දවස් දෙක නිදහසේ නිවාඩුව ගත කරන්න පුළුවන්ද කියහංකො. සාමාන්‍ය සෙනසුරාදා ඉරිදාවක් වගේම තමයි. අන්න දැන් ආයතන හිමියොන්ට එහෙම කරන්න පුළුවන් පණතකුත් සම්මත වෙනවලු.

 

6. නින්දට බාධා

සමහරු අලුත් අවුරුද්ද එනකං ඉන්නෙම එකම දේකට. කොහොමත් අවුරුද්දෙ අනිත් දවස්වලත් යාලුවො එක්ක සෙට් වෙනවානෙ. ට්‍රිප් යනවානෙ. හැබැයි මේ කතාව ටිකක් වෙනස්. හැමදාම මේ වගේ අතපය දිගෑරලා නිදාගන්න ලැබෙන්නෙ නෑ. ඉතිං අලුත් අවුරුදු නිවාඩුවෙ නින්දක් ගහගෙන ඉද්දි අම්ම එනව ඒකට අකුල් හෙලන්න. අන්න නැන්දලා ආවා පිළිවෙළට ඇඳුමක් ඇඳගෙන එළියට පලයං. අන්න අර මකුළු දැල් ටික කඩපං. බිත්තියෙ අර පැත්ත හරියට පේන්ට් වෙලා නෑ. ගිහින් ඒ ටික පේන්ට් කරපං යනාදී වැඩ කෝටියයි.

 

7. බිරින්දෑගේ කෑම සීන්

Image Source – youtube.com

මේ දුක දන්නෙ කසාද බැඳපු ඈයො තමයි. කසාද බැඳපු පිරිමි තමයි අලුත් අවුරුදු නිවාඩුවෙ නින්ද ලබන්න කට ඇරගෙන බලං ඉන්නෙ. ඒත් එයාට ඒකට බාධා කරන හෙනහුරා තමයි අර ​ලොකු මගුලක් කාලා ගෙදර ගෙනාපු කෙනා. ඔන්න අලුත් අවුරුද්ද ලං වෙද්දි වයිෆ්ට හිතෙනව කෑම ජාති හදන්න. “අපි අළුවා හදමුද ඒයි? හොඳ රෙසිපියක් හම්බුනා”. කියල කිවුවම හබියට ඒවට විරුද්ධ වෙන්නත් බෑ. ඇයි ඉතිං පවුනෙ හිතේ සතුටනෙ. එහෙමයි කියල පැය ගණං පිටි කොට කොට අන අන ඉන්නත් බෑ. සරොං ගහගෙන භූමිතෙල් ලිපවල් ගාව බිම ඇන තියාගෙන කෝටු ඇන ඇන කොකිස් අච්චුවලින් කොකිස් ගලවපු අපිට දුක කියන්නෙ මොකද්ද කියල කියන්නෙපා මහත්තයො.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *