දැන් හිතන්නකෝ අපි විද්‍යා ප්‍රබන්ධයක් නරඹනවා කියලා. එක මොහොතකදී හිතෙන්නෙ නැද්ද මේ ෆිල්ම් එකේ පෙන්නන විදියේ දේවල් ඇත්තටමත් සිද්ධ වෙන්න බැරිද කියලා? දැන් ඔය ඒලියන්ස්ලා ඇවිත් ලෝකේ යටත් කරගන්න විදියේ ෆිල්ම් එකක් බැලුවත් අපිට හිතෙනවා ඇයි කවදාහරි ඒලියන්තලා මෙහෙට ගොඩබහින්න බැරිද කියලා. එතකොට ඔය ලෝක විනාසේ පෙන්නන පිචර් එකක් වුනත් බලනකොට අපිට හිතෙනවා සමහර වෙලාවට ලෝකේ ඔය විදියට විනාස වෙන්නත් පුලුවන්නේ, ඒ නිසා සූදානම් සරීරෙන් ඉන්න ඕන කියලා. හැබැයි ඔය වගේ දේවලටත් වඩා ඇත්ත වෙන්න බුදු ෂුවර් එකක් තියෙනවා කියලා හිතෙන ෆිල්ම් තියෙනවා. අන්න ඒ විදියේ ෆිල්ම් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ෆිල්ම් සෙට් එක ගැන කියවලා බලන්න ඇත්ත වෙන්න හැකියාවක් නැද්ද කියලා!
1. The day after Tomorrow

Image Source – youtube.com
දැන් ඔය ඩේ ආෆ්ටර් ටුමෝරෝ ෆිල්ම් එකේ කතා කරන්නේ ඇත්තටම වෙන්න පුළුවන් විදියේ සංකල්පයක් ගැන තමයි. විද්‍යාඥ ගොල්ලෝ මේකට කියන්නේ abrupt climate change කියලා. හැබැයි එක දෙයක්. මේ ෆිල්ම් එකේ පෙන්නන්නේ කෙලින්ම එක රැයින් සිද්ධ වෙන අනපේක්ෂිත කාලගුණික විපර්යාසයක් ගැනනේ. හැබැයි ඇත්තටම නම් abrupt climate change කියලා විද්‍යාඥයෝ කථා කරන්නේ දශක ගාණක් තිස්සේ සිද්ධ වෙන කාලගුණික විපර්යාසයන් ගැන. සාමාන්‍යයෙන් නම් ඒ විදියේ කාලගුණික විපර්යාස සිද්ධ වෙන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සෙනේ. හැබැයි ඔය පර්යේෂක ගොල්ලො කියන්නේ ඩේ ආෆ්ටර් ටුමෝරෝ ෆිල්ම් එකේ වගේ කාලගුණේ චකබ්ලාස් වෙලා, දියවැල් නැවතිලා, උතුරු අර්ධගෝලේ අයිස් ඒජ් වෙනවා වගේ සිද්ධි එක රැයින් නොවුණත්, දශක ගණනාවක් ගිහින් වුනත් වෙන්න ඉඩක් තියෙනවා කියලා තමා! ඇත්තටම දියවැල් නැවතීමෙන් තමයි මේක වෙන්න පුළුවන් වෙන්නේ.
2. Terminator!

Image Source – theverge.com
දැන් ඔය ටර්මිනේටර් පිචර් සීරීස් එකේ විදියට සිද්ධ වෙන සීන් කෝන් එක තමයි, මිනිසා හදපු කෘත්‍රිම බුද්ධියක්, මිනිසාටත් වඩා බුද්ධිමත් වෙලා, සම්පූර්ණයෙන්ම ලෝකෙ පාලනය අල්ලගන්න එක. ඉන් පස්සේ මේ ස්කයි නෙට් කියන කෘත්‍රිම බුද්ධිය තීරණය කරනවා, ලෝකේ තියෙන්න ඕන මැෂින් විතරයි කියලා. එහෙම හිතලා න්‍යෂ්ටික අවි පුපුරුවා හැරලා මිනිස් සංහතියම වගේ විනාශ කරලා දානවා. ඕක ඇත්තටම වෙන්න පුලුවන්ද? ඊලෝන් මස්ක්, ස්ටීවන් හෝකින්ස් වගේ අය හිතනවා මේ වගේ සීන් එකක් ඇත්තටම වෙන්න පුළුවන් කියලා.
කාලය හරහා ආපස්සට එන එක ගැන නම් දැන්මම අපිට වෙන්න පුලුවන්ය කියලාවත් කියන්න බෑ. හැබැයි අර ඕන හැඩයක් ගන්න පුළුවන් ස්මාට් ඇලෝයි වලින් හැදුණු බිහිසුණු රොබෝවරයා වගේ නිර්මාණ නම් බිහිවෙන්න පුළුවන්. අපි එහෙම කියන්නේ මේ වෙනකොටත් දියර ස්වභාවය ගන්න පුළුවන් ස්මාට් ලෝහ මිශ්‍රණයන් ලෝකෙ බිහිවෙලා තියෙන නිසා තමයි.
3. Robocop

Image Source – theverge.com
රොබෝකොප් කියන්නේ අපි හැමෝම මාරම ආසාවකින් බලපු ෆිල්ම් සීරීස් එකක්නේ. ඇත්තටම රොබෝකෝප් ෆිල්ම් සීරීස් එකත් එක්ක අපිට ප්‍රශ්න දෙකක් එනවා. මිනිහෙක්ගේ මොළයක් සහ ස්නායු පද්ධතියක්, ලෝහමය ශරීරයක් තුළට ඇතුළු කරන්න පුලුවන්ද? එතකොට සම්පූර්ණ නගරයක්ම බහුජාතික සමාගමක පාලනයට යටත් වෙන්න පුලුවන්ද?
මේ වෙනකොට ජෛවයාන්ත්‍රික සයිබර්නෙතික විද්‍යාව බොහොම දියුණුයි. ඒ කියන්නේ යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික කොටස් සහ මොළය පිරිද්දීම වගේම, ස්නායු පද්ධතිය එක්ක සුසංගත තාක්ෂණයන් ඔස්සේ බාහිර උපාංග පාලනය කිරීම වුනත් බොහොම සතුටුදායක මට්ටමකින් දියුණු වෙමින් පවතින්නේ. ඒත් ප්‍රශ්නත් නැතුව නෙවෙයි. එකක් තමයි මොළය සහ හදවත සහිත ශරීර කොටසක් විතරක් එක්ක සපෝට් කරන සංකීර්ණ සයිබර්නෙතික ශරීරයක් නිර්මාණය කිරීමේ අභියෝගය. දෙවෙනියට මේ වගේ අති සංකීර්ණ ජෛව යාන්ත්‍රික ශරීරයක් බලගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය. දැන් තියෙන නවීනතම බැටරියකින් වුනත් ප්‍රායෝගික විදියට රොබෝකෝප් කෙනෙක්ට බලය දෙන්න බැහැ කියන එක තේරෙනවනේ.
හැබැයි මේ කියන්නේ මේ වැඩේ කරන්න බැරිය කියලා නෙවෙයි. අනිවා මේක කරන්න පුළුවන් කියලා අපිට පේනවා විද්‍යාවේ දියුණුවත් එක්ක. හැබැයි ටිකක් කල් යයි.
4. 2001: A Space Odyssey

Image Source – futurity.org
අපේ රටේ ආතර් සී ක්ලාර්ක් මහත්තයා ගැන නොදන්න හාදයෙක් ඉන්න විදියක් නැහැනේ. ඇත්තටම ආතර් සී ක්ලාක් මහත්තයා ලියපු 2001: A Space Odyssey පොතෙන් ඒ නමෙන්ම පිචර් එකක් හැදුනා කියලා නම් හැමෝම දන්නෙ නැතුව ඇති. දැන් ඔය පොතෙනුත්, ෆිල්ම් එකෙනුත් කථා කරන ප්‍රධානම කාරණයක්නේ අභ්‍යවකාශ තරණය. හැබැයි ඉතින් අභ්‍යවකාශ තරණය කියන්නේ සාමාන්‍යයෙන් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් වල අති ජනප්‍රිය මාතෘකාවක් කියලත් කියන්න ඕන. ඒත් අපිට ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනික් ග්‍රහලෝක දක්වා හරි යන්න පුළුවන් වෙන්නේ කවද්ද? එහෙම යන්න ඇත්තටම පුළුවන් වෙයිද?
ඇත්තරම අපිට අභ්‍යවකාශ තරණයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ට්‍රාන්ස්පෝට්. අනික් එව්වා ඔක්කොම ගොඩදාගන්න තාක්ෂණය තියෙනවනේ. හැබැයි ග්‍රහලෝක අතර තියෙන දුර ප්‍රායෝගිකව ඉක්මන් කාලයකින් කවර් කරගන්න පුළුවන් යානා තමයි අපිට තාම නැත්තේ. හැබැයි ඒ කියන්නේ අනාගතයෙදී ග්‍රහලෝක අතරට යන්න බැහැයි කියන එක නෙවෙයි. දැනටමත් අඟහරු ජනාවාස කරන්න වැඩකටයුතු සිදුවෙමින් පවතින්නේ. ඒ විතරක් නෙවෙයි, තරු අතරට පවා අපිට යන්න පුළුවන් කියන විශ්වාසයේ තමයි විද්‍යාඥයෝ ඉන්නේ.
5. Her

Image Source – artificial-intelligence.blog
ඇත්තටම කෘත්‍රිම බුද්ධිය, නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ බොහොම ඈත කාලෙක ඉඳලම මිනිස්සුන්ගේ හීනයක්. හැබැයි ඒ එක්කම මිනිස්සුන්ට තියෙන බයක් තමයි කෘත්‍රිම බුද්ධිය කවදාහරි මිනිස්සුන්වත් විනාස කරන්න සමත් වෙයි කියලා.
හැබැයි මේ ෆිල්ම් එකෙන් කථා කරන්නේ මිනිස්සුන්ව විනාස කරන්න සමත් කෘත්‍රිම බුද්ධියක් ගැන නෙවෙයි. ඊට වඩා මිනිස්සුන්ගේ ජීවිත එක්ක බොහොම තදින් බැඳිලා, මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිත පහසු කරවන්න උදවු කරන බුද්ධිමත් මෙහෙයුම් පද්ධතියක් ගැන. අන්තිමට මිනිස්සු මේ මෙහෙයුම් පද්ධතිත් එක්ක ආදරෙන් බැඳෙන්න පවා පෙළඹෙන තරම් හැඟීම් දැනීම් තියෙන බවක් දැනෙනවා මේ කෘත්‍රිම බුද්ධියෙන් යුක්ත මෙහෙයුම් පද්ධතීන්. ඒ විතරක් නෙවෙයි, මිනිස් ආදරේ තමන්ට ප්‍රමාණවත් නැහැ කියලා දැනගෙන මිනිස් ආදරවන්තයාගෙ හිත කඩලා යන්න තරම් හැඟීම් බුද්ධියක් මේ මෙහෙයුම් පද්ධතීන්ට තියෙනවා.
ඇත්තම කිව්වොත් මේ තරම් වෙන්න පුළුවන් දෙයක් තවත් නෑ. අදටත් ඔය චැට් බොට්ස්ලා එක්ක කොයි තරම් මිනිස්සු හැඟීම්බර සංවාද කරන්න උත්සාහ කරනවද? ඒවා තාම සාර්ථක නොවීම වෙනම දෙයක්. ඒත් ස්මාට් ඩිජිටල් සහකරුවෝ දියුණු වෙමින් යන ආකාරය දිහා බලනකොට අනිවාර්‍යයෙන්ම අනාගතයේදී මිනිස් හැඟීම් දැනීම් ස්පර්ෂ කරන්න පවා හැකියාව තියෙන ස්මාට් සහායකයෝ බිහිවෙනවා නියතයි. මිනිස්සු තවත් මිනිස්සු එක්ක නැතුව මේ ස්මාට් සහායකයෝ එක්කත් ප්‍රේමයෙන් බැඳෙන එකත් එතකොට නවත්තන්න පුළුවන් වෙන්නෙ නෑ.
6. District 9

Image Source – imdb.com
අපි පටන් ගැන්මෙදිම කිව්වනේ ඔය ඒලියන්ස්ලා ගොඩබැහැලා බුෂුවා බුෂුවා කියලා හතරවටේටම නෙලාගෙන යන විදියේ ෆිල්ම්ස් ගැන නෙවෙයි මේ කථා කරන්නේ කියලා. හැබැයි එහෙම වුනත්, අනිවා වෙන්න පුළුවන්ය කියලා දැනෙන විදියට ඒලියන්ස්ලා ගැන කරපු ෆිල්ම් එකක් තියෙනවා. ඒ තමයි District 9. මේ ෆිල්ම් එකේ විදියට ඒලියන්ත සරණාගතයෝ සෙට් එකකට රැකවරණ ලබාදෙනවා. මේ අයව අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වල කඳවුරක ගාල් කෙරෙනවා. කොහොම වුනත් ඉක්මනටම මේ කඳවුර මුඩුක්කුවක් වෙනවා. මිනිස්සු සහ සරණාගත ඒලියන්ස්ලා අතර ඝට්ටන ඇති වෙනවා. ඉක්මනටම මිනිස්සුන්ගේ රජය විසින් සරණාගත ඒලියන්ස්ලාව මර්දනය කිරීම ආරම්භ කෙරෙනවා!
මේ කථාව හොඳට අහල පුරුදුයි වගේද? ඔව්, ඇත්තටම මේ ලෝකේ හැම අස්සකම මුල්ලකම එක් එක් කාලයන් වලදී සිද්ධ වුණු දෙයක් තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ. පිටින් ආපු සුළු ජාතීන් කොටසක්, මහජාතිය විසින් මර්දනය කිරීම සහ සුළු ජාතිය අන්තිමට ඊට විරුද්ධව නැගී හිටීම. ඉතින් ඒලියන්ස්ලා කියන්නේ වෙන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධ ලෙවල් එකේ සෑහෙන ඈතින් තියෙන සංකල්පයක් වුනත්, මේ ෆිල්ම් එක නම් වෙන්න පුළුවන් කියලා හිතෙන එක නවත්තන්න අමාරුයි!
7. The Island

Image Source – youtube.com
ඔන්න එක අධි තාක්ෂණික කඳවුරක් තියෙනවා. ඒකේ ඉන්න අය දන්න විදියට ලෝකේ විනාස වෙලා, ඉතුරු වෙලා ඉන්නේ මේකේ ඉන්න අය විතරයි. විනාශ වෙච්ච ලෝකෙන් හොයාගන්න බේරුණු අයවත් මෙතනට ගේනවා. මේ කඳවුරේ ඉන්න අය යන්නේ දූපතකට. ඒ දූපත තමයි විනාශ වෙච්ච පරණ ලෝකේ විනාශ නොවුණු සුරපුරය. හැබැයි හැමෝටම එක පාර දූපතට යන්න බෑ. ඒකට ලොතරැයියක් ඇදලා කීප දෙනා ගාණේ තමයි යවන්නේ. හැබැයි ඉක්මනටම තේරෙන දේ තමයි මේ කඳවුර, දූපත මේ කිසිම දෙයක් පේන දේවල් නෙවෙයි කියන එක.
හරි, මේ විදියට කොටින් කිවුවට ඇත්තටම මේ ෆිල්ම් එකේ කථාකරන්නේ මනුෂ්‍ය ක්ලෝනකරණය ගැන. මනුෂ්‍ය ක්ලෝනකරණයේ තියෙන සදාචාරාත්මක ගැටළු, මොන විදියේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියන ඒවත් මෙතනදී කථාකරනවා.
දැන් අපි ඇත්තටම අහන්න ඕන ගැටළුව මේකයි. ඇත්තටම මිනිස්සුන්ව පිටපත් කරන්න පුළුවන්ද? මනුස්සයෙක්ගේ සර්වසම පිටපතක් නිර්මාණය කරන්න පුළුවන්ද? විද්‍යාඥයෝ කියන විදියට අපිට මේ වෙනකොට සරල සත්ව විශේෂ ක්ලෝනකරණය කරන්න පුළුවන්. ඒ වගේම මිනිස් සෛල ක්ලෝනකරණය කිරීමත් ගේමක් නෑ. කොටින්ම කියනවා නම් මිනිස්සුන්ව ක්ලෝනකරණය කරන්න වුවමනා තාක්ෂණය වුනත් තවදුරටත් සිහින නෙවෙයි. හැබැයි ඉතින් මිනිස්සුන්ව ක්ලෝනකරණය කරන එක අතිශයින්ම අසීරු කාරණයක්. ඒත් කවදාහරි ජයගන්න බැරි කාරණයකුත් නෙවෙයි.
ඒත් මිනිස් ක්ලෝනකරණය සිදුකළ යුතුද? අන්න ඒක වෙනම ප්‍රශ්නයක්!
Leave a Reply