කොළඹ ඉඳන් පැයක් වගේ ඇතුළත ගිහින් දවසක් විනෝදෙන් ගත කරන්න පුළුවන් හොටෙල්ස් 7ක්

අපේ කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක විනෝද වෙන්න වෙලාවක් හොයාගන්නවා කියන්නෙත් දැන් අමාරු දෙයක් වෙලා. ඒ නිසා කොහෙහරි ළඟ තැනකට ගිහින් විනෝද වෙලා ඇඩ්වෙන්චර් එක්‍ස්පීරියන්ස් එකකුත් අරන් එන්න තියනවනම් අපි දෙපාරක් හිතන්නෙ නැතුව යනවා නේද? ඔන්න ලයිෆි අපි හැමදාමත් ඔයාලගෙ පහසුව ගැන හිතන නිසා අද ගෙනාවෙ කොළඹට කිට්ටු හොටෙල්ස් කිහිපයක් ගැනයි.

 

1. Kithul Kanda Mountain Resort

Image Source – booking.com

පාදුක්ක ග්‍රාමයෙ ඉංගිරියට කිට්ටුව කඳු මුදුනක තවත් කඳු රාශියකින් වටවෙලා තියෙන ලස්සනම ලස්සන හොටෙල් එකක් තමයි මේ. මෙහෙට ගියාම ස්වභාව සොන්දර්යය නියමෙටම විඳගන්න පුළුවන්. ඒ තරම් ගස් කොළන් වලින් පිරුණු තැනක් තමයි මේ.
ඩේ අවුට් එකකට යනවනම් එක්කෙනෙකුට රුපියල් 2500ක් වගේ ගාණකට වගේම රූම් එකක් එක රැයකට රුපියල් 12,500 -13,000 අතර ප්‍රමාණෙකට ගන්න පුළුවන්. පහසුකම් අතින් ඉහළින්ම තියෙන හොටෙල් එකක් තමයි මේ. ඒ වගෙම රසම රස කෑම කන්න ඕපන් එයා රෙස්ටෝරන්ට් එකක් වගේම කුඩා දරුවන්ගෙ පූල් එක හා වැඩිහිටියන්ට වෙනම ඉන්ෆිනිටි පූල් එකකුත් තියනවා. ඒ වගේම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයකුත් තියෙනවා. ඩේ අවුට් එකකට යන අයට ජන්ගල් රූටින් එකකටත් එයාලා අවස්ථාව හදලා දෙනවා. ඒ අත්දැකීම නම් ඇත්තටම ගොඩක් රසවත්. කැළේ මැදින් ගිහින් ගල්තලාවක් උඩ ඉඳන් මුළු කොළඹම බලාගන්න හොඳට පුළුවන්. ඒ වගේම බැඩ්මින්ටන්,වොලිබෝල් ක්‍රීඩා කරන්නත්, ලස්සන කුරුල්ලො බලන්නත් එහෙ ගියොත් පුළුවනි.

 

2. Serenity Village – කලටුවාව

Image Source – elapot.lk

පාදුක්ක කලටුවාවෙ තියන තවත් ලස්සන තැනක් තමයි මේ. කැළෑබද ප්‍රදේශයකට වෙන්න පිහිටලා තියෙන මේ හොටෙල් එකට පය තියනකොටම ගලාගෙන යන දියපාරක සිසිලස විඳගන්න පුළුවනි. ස්වභාවික පිහිනුම් තටාකයක් හා තවත් විශාල පිහිනුම් තටාකයක් තියෙන  මේ හොටෙල් එක වටේටම ගස්කොළන් වලින් පිරිලා. සීතාවක තෙත් කලාපීය උද්‍යානයේ ඉඳලා කි.මි. 15ක් විතර දුරින් පිහිටලා තියෙන මේ තැනට ගිය කෙනෙක් නම් ආයෙ යන්න ආසාවෙන් තමයි එන්නෙ. ඒ තරම් සන්සුන් ස්ථානයක් තමයි මේ රෙස්ටෝරන්ට් එක. කඳු මුදුනක තවත් කඳු පන්තියකට මුහුණ දාලා හදලා තියෙන මේ හොටෙල් එක මීදුමෙන් වැහිලා තියෙන වෙලාවල්ද නැතුවා නෙමෙයි.
කාමර උනත් ගස්කොළන් වලින් පිරෙන්න හරිම වෙනස් විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ෆැමිලි ඩේ අවුට් එකකට,අවුඩ් බවුන්ඩ් ට්‍රේනින් එකකට, ඔෆිස් අවුටින් එකකට හරියටම ගැලපෙන මෙතන වෙනම ග්‍රවුන්ඩ් එකකුත් තියනවා. ඒ වගේම විවිධ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් වගේම විශේෂයෙන්ම Paintball Shooting වලට ආස අයට මෙන්න නියම තැන.

 

3. Suriya Resort – වයික්කාල

Image Source – booking.com

මීගමුව බීච් සයිඩ් එකේ වයික්කාල පැත්තට වෙන්න පිහිටලා තියන තවත් සුන්දර හොටෙල් එකක් තමයි මේ. වෙරළට මුහුණදා ඇති මේ හොටෙල් එකේ ඉඳලා බීච් එකේ ඉන්න එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන්. අධි සුඛෝපභෝගී කාමර වගේම කළපුව උඩ ලී වලින් ඉදි කරපු කාමර උනත් එක් රැයකට රුපියල් 12,000 – 13,000 අතර ගාණකට ලබාගන්න පුළුවන්. ඒ වගේම ලොකු ස්විමින් පූල් එක, ජිම් එකක්, ස්පා එකක් වගේම ජල ක්‍රීඩා රැසකටත් අවස්ථාව තියෙනවා.

 

4. Ranweli Holiday Village

Image Source – booking.com

වයික්කාල කිට්ටුව තියෙන තවත් පට්ටම හොටෙල් එකක් තමයි මේ. ගැමි පරිසරයක පෙනුම එන විදියට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නෙ. ෆැමිලි ඩේ අවුට් එකකට වගේම හනිමූන් එකකටත් නියම හොටෙල් එකක් කියලා කියන්න පුළුවන්. මේකෙ කෑම එහෙමත් හරිම රසයි. රූම් එකක් නම් නයිට් එකකට රු 8,000 -10,000 වගේ ගාණකට ගන්න පුළුවන්. කබානාස් විදියටත් ඕනෙනම් තියෙනවා. ඇත්තටම ගියොත් එන්න හිතෙන්නෙ නැති පරිසරයක තියෙන මේ හොටෙල් එකට යන්න ඕනෙ බෝට්ටුවෙන්. ඒ වගේම හොටෙල් එකෙන් බෝට් රයිඩින් වලට වෙනම බෝට්ස් එහෙමත් දෙනවා. ගිං ගඟේ පාවෙවී කෑම ගන්නත් අවස්ථාව තියෙනවා. මුහුදු හුළඟ වගේම ගඟේ සීතලත් එක්ක දවස ගත කරලා එන්න කියාපු තැනක් මේ.

 

5. Laya Leisure – කුකුලේ ගඟ

Image Source – booking.com

කොළඹින් ටිකක් ඈත උනත් ඉක්මනින් යන්න පුළුවන් තැනක තියෙන හොටෙල් එකක් මේ. කුකුලේ ගඟ කියන ගඟ මායිමේ හදලා තියෙන මේ හොටෙල් එකත් ඔෆිස් අවුටින් එකකට කියාපුම ප්ලේස් එකක්. හොටෙල් එක ඉස්සරහින්ම පූල් එක ලොකුවට තියෙනවා. ඒ වගේම ඒ ළඟම හුමාල ස්නානය නැත්තන් Sauna Bathing වලටත් මේකෙ වෙනම තැනක් තියනවා. හොටෙල් එක පිටිපස්සට වෙන්න තමයි සුපිරිම වැඩ ටික තියෙන්නෙ. ඒ කියන්නෙ ඇඩ්වෙන්චරින්ග් වලට හදලා තියෙන්නෙ ඒ හරිය. කෑම්පින් වලට වගේම ගඟ හරහා ඒරියල් රෝප් එකෙන් යන්න, බෝට් රයිඩින් එකක්, හොටෙල් එක වටේට තියෙන කන්ද වගේ පැත්තෙ බයිසිකල් වලින් වටයක් ගහලා එන්න, ෂූටින් වගේ තව වැඩකිඩ ගොඩක් කරන්න පුළුවන් හොටෙල් එකක් කිව්වොත් හරියටම හරි. කෑම බීමත් එක්ක සාධාරණ ගාණකට පවුලටම විනෝද වෙලා එන්න පුළුවන් වගේම නයිට් එකකට රු 15,000කට කබානා එකක් අරගෙන ඉන්නත් පුළුවන්. ඔයාලට තව මොනාහරි ඕන දේවල් ගන්න මිනි සුපර්මාකට් එකකුත් හොටෙල් ඒරියා එකේ තියෙනවා.

 

6. Saprin Beach Resort – උස්වැටකෙයියාව

Image Source – booking.com

කොළඹට කිට්ටුවෙන්ම පිහිටි උස්වැටකෙයියාව කියන්නෙ ඉතින් හරි ලස්සන පැත්තක්නේ. අපේ සමහර උදවිය යූකේ යනවා කියලා යන්නෙත් මෙහෙ තමා ඔන්න. උස්වැටකෙයියාව මුහුදට මායිම්වෙලා හදලා තියෙන එච්චරටම ලොකු නැති ඒත් හරි ලස්සන හොටෙල් එකක් තමයි මේ. ෆැමිලි එක පිටින් ගිහින් දවසම ගත කරලා එන්න පුළුවන් තැනක් වෙන මේ හොටෙල් එකේ පූල් එකනම් ගොඩක් ලොකුවට තියනවා. රූම් එකක් නම් රු 6000 – 8000 අතර ගාණකට ගන්න පුළුවන්. ඒ වගේම සී ෆුඩ් වලට විශේෂ තැනක් හොටෙල් එක ලබාදෙනවා. ලෝ බජට් එකකින් ඩේ අවුට් එකකට යනවනම් රෙකමන්ඩ් කරන්න පුළුවන් පට්ට තැනක් තමයි මේ.

 

7. Nature Lover’s Inn – හොරණ

Image Source – booking.com

හොරණ කිට්ටුවට වෙන්න හොඳට ඉඩකඩ තියෙන විදියට තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නෙ. හොටෙල් එකට යන්න නම් මීටර් 800ක් විතර කන්දක් නැගලා යන්න ඕනෙ. ඔය පූල් බහින්නම බලාගෙන යන උදවිය ඉන්නවා නේද? ආන්න ඒ කට්ටියට නියම ප්ලේස් එක. ඉන්ෆිනිටි පූල් එකක් තියෙන්නෙ මෙහෙ. කඳු ගැට්ටක ඉන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වගේම වටේට තියෙන කඳු ටිකත් පැහැදිලිවම බලාගන්න පුළුවන්. ගොඩක් ලස්සන වටපිටාවක් එක්ක හදලා තියෙන මේ හොටෙල් එකේ දවස ගත කරලා විතරක් මදි, නයිට් එකකටත් යන්න ඕනෙ. කෑමට නම් එයාලා වවපු එළවලුම දෙන්න තමයි ට්‍රයි කරන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *