පළවෙනි කොටස මෙතනින් කියවන්න
27 කොටස මෙතනින් කියවන්න
.
28 කොටස
දැන් ඉතිං මෙහෙ පදිංචි වෙන්න පුළුවන් කියල සියුමි කිවුව කතාවට නදිකට කට උත්තර නැති වුනා. සියුමි ඒක කිවුවෙ විහිළුවට තමයි හැබැයි දැන් ඇත්තටම දවස් ගණං මේ ගෙදර ලැගගෙන ඉන්න එක අවුලක් නේද කියල නදිකට හිතුනා. නදිකට සියුමිගෙ අම්මා කියපු කතාවවත් කනකට නොගෙන හැසිරෙනව කියල සියුමිගෙ අම්ම හිතාවිද? එහෙමත් නැත්තං සියුමිගෙ තාත්තා අපි දෙන්න මෙහෙම ඉන්න එක ගැන කොහොම හිතාවිද? නදිකගෙ ඔලුව ඇතුළෙ විදුලි කොටනව වගේ මේ ප්‍රශ්න වැඩ කරන්න ගත්තා. උදේ තේකට පිඹින පාරක් ගානෙ නදිකට මේවා මතක් වුනා. ඊටත් වඩා දැන් සියුමි කියපු කතාවට රිප්ලයි එකක් දෙන්න මෙච්චර වෙලා ගියා කියලත් නදිකට මතක් වුනා.
“දැන් තමයි මෙහෙ පදිංචි වෙන්න බැරි?”
“ඇයි නදික ඒ?”
“අම්ම ඇවිල්ල තේ දෙක දොර ගාව තියල ගියේ අපිට ඒක කියන්නමයි”
“එහෙම නෑ අනේ ඒ දෙන්න”
“ඔයා එහෙම හිතුවට…මට ඒකෙ අවුලක් තේරෙනව ”
“අනේමන්දා ඔයානං”
“ඇයි?”
“ඔයා නිකං විකාර හිතලා අච්චර හොඳ හෂිනිව අතෑරියා”
“ඉතිං”
“දැන් ඔයා මේ විකාර හිතලා මාවත් අතාරියිද?”
“ඒක කියන්න බෑ..”
නදික තේක බොන්න ගත්තා. සියුමි වොෂ්රූම් ගියා. තාමත් සියුමිගෙ ඔලුවෙන් හෂිනිව අයින් වෙලා නැහැ. ඇත්තටම දැන් හෂිනි මොනව කරනවද කියල දන්නෙත් නෑ. සියුමිත් එක්ක ඉන්න වෙලාවෙ හෂිනිට කතා කරන්නත් බැහැ. හෂිනිගෙ හිත නං ආයෙ කිසිම දේකින් රිදෙන්න දෙන්නෙ නෑ කියල නදික හිතාගත්තා. ඒ කොහොම වුනත් මේ ප්‍රශ්න අස්සෙ සියුමිගෙ අම්මා කියපු දේ ගැනත් ටිකක් නිදහසේ හිතන්න ඕන නේද කියල නදික හිතලා තිබුනා.
සියුමි වොෂ්රූම් එකෙන් එළියට ආවෙ නදිකටත් වතුර ඉහගෙනමයි.
“තාම ඕක කටේ ගහගෙනද අනේ ඉන්නෙ?”
“හ්ම්ම්ම්… රසයි”
“නදික”
“ඇයි?”
“මම මේක ඇහුව කියල තරහ වෙන්නෙපා”
මොකද්ද?
“මට හෂිනිව මීට් වෙන්න ආසයි”
“කීයටවත් එපා!”
“ඇයි?”
“එයාට ආයෙ කිසිම වෙලාවක හිත රිදෙන දෙයක් මම කරන්නෙ නෑ”
“එහෙනං මට එයාව දුරින් ඉඳලා එක පාරක් බලන්න”
“ඒත් එපා”
“ඒ කියන්නෙ ඔයා එයාට තාමත් ආදරෙයි”
“ඔවු!”
“කොහොමද නදික මට කෙලින්ම ඔහොම කියන්නෙ?”
“ඔයත් එක්ක කෙලින් කතා කරන්න පුළුවන් කියල හිතලයි මම යාලුවුනේ”
“අනේ නදික.. මම එහෙම බෑ කිවුවෙ නැහැනෙ”
“එහෙනං දැන් ඇහුවෙ?”
“ඒ මට සියුමිව දකින්නම ඕන නිසා”
“බෑ! ඒක කරන්න දෙන්න බෑ.”
නදික තේ එක ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තියලා පහළට ගියා. පහළට යද්දි ආන්ටි හිටියෙ නෑ. අංකල් පත්තරයක් බල බල හිටියෙ. නදික අංකල් එක්ක ගිය කෙටි කතාබහෙන් තීරණය කළේ ආයෙ ඔෆිස් යන්නෙ නෑ කියලයි. නදික ඒක අංකල්ට කියල ඩිමෙල් අංකල්ගෙ අනුමැතියත් අරගෙනම ගෙදර ගියා. ඒ යන අතරමගදි සියුමිගෙන් කෝල් ආවත් නදික ආන්සර් කළේ නෑ. දෙමවුපියො ඉතුරු කරලා ගිය දේවල්වලින් එන පොලිය ආයෙත් ලොකු ඉතුරුමක් බවට පත්වෙලා. නදිකට ලොකු වියදමක් නැති නිසා මේවා වැඩක් නෑ කියල නදිකට හිතුනා.
නදික තාත්තගෙ ලෝයර්ටම කියල මේ සල්ලිවලින් සමාන කොටස් තුනක් හදලා අප්පුටයි, අප්පුගෙ උදවුවට කුස්සියෙ ඉන්න ගෑනු මනුස්සයටයි, වත්තෙ පිටියෙ වැඩ කරන්න හිටපු මනුස්සයටයි දුන්නා. ඒ අය නදික ගාවින් යන්න අකමැති වුනත්, නදික එයාලට ඒ තීරණය ගන්න බල කළා. තමුන් තනියම ඉන්න ගෙදර පුටුවක වාඩි වෙලා සින්දුවක් දාගත්තු නදික කන්න දෙයක් ඕඩර් කළා. ඕඩර් එක එනකං නදික සියුමිට කෝල් එකක් ගත්තා.
“අනේ අනේ”
“ඇයි?”
“දැන්ද තරහ නැති වුනේ?”
“මොන තරහද?”
“තරහ නැත්තං ඇයි ෆෝන් ආන්සර් නොකළෙ?”
“ඩ්‍රයිවු කරන නිසා”
“අනේ හරි නීතිගරුක පුරවැසියා.”
“ඔවු එහෙම තමයි”
“මට ඔයා එක්ක කතා කරන්න ඕන”
“මටත් ඕන”
“මොකක් ගැනද?”
“අපි දෙන්න ගැන”
“මට කතා කරන්න ඕන ඒක නෙමෙයි”
“එහෙනං”
“හෂිනි ගැන”
“මං කැමති නෑ ඒක ගැන කතාකරන්න”
“නදික ප්ලීස්…”
“මොකද?”
“ඒක ඔලුවෙන් යවාගන්නෙ නැතුව අපි දෙන්නට එක ගෙදරකට එන්න බෑ”
“ඔයාගෙ කැමැත්තක්”
“ආ යූ ගොයින් ටු ඩම්ප් මී ටූ?”
“ඔයානෙ එහෙම කිවුවෙ. මම නෙමෙයි”
“නදික ප්ලීස් අපි කතා කරමු”
“හරි. හැබැයි ඔයාගෙ කතාවට පස්සෙ මගේ කතාවත් අහන්න ඕන”
“ඒ මොනව ගැනද?”
“මම කිවුවෙ. අපි දෙන්න ගැන”
“හරි”
“මම තියන්නද?”
“ඕකේ බායි”
නදික ඕඩර් කරල ගෙන්නගත්ත කෑම කන ගමන් ටෙක්ස්ට් එකක් දැම්මා. ඒකෙ ටයිප් කළේ වී නීඩ් ටු ටෝක් කියල. හැබැයි ඒක දැම්මෙ කාටද කියල දැම්ම නොකියා ඉන්නං. නදික ආයෙත් සියුමිට කෝල් එකක් ගත්තා.
“මොකෝ මොනවහරි කියන්න අමතක වුනාද?”
“ඔවු”
“මොකද්ද?”
“අපි දෙන්න ගේම් එකක් කරමු”
“සෙක්ස්!”
“නෝ! අ රියල් ගේම්!”
“වට්?”
“ඔයාට කියන්න තියෙන දේ මට ලියන්න. මට කියන්න තියෙන දේ ඔයාට ලියන්නං”
“හරි. ඩීල්. “
“ලියල මේල් කරගමු”
“ඕකේ”
“හෙට හවස හතරට තමයි වෙලාව.”
“හරි”
“ඒ වෙලාවට දෙන්නගෙ මේල්ස් දෙක දෙන්නට ඇවිත් තියේවි.”
“ඕකේ”
Leave a Reply