ඕගොල්ලොත් අලුත් අවුරුදු දා ආහාරයට මේ කෑම එකතු කරගත්තද?

අලුත් අවුරුදු කෑම මේසය කියන්නෙ අලුත් අවුරුද්දෙ ගෙදර හැමෝම එකම බැඳීමෙන් එකතු වෙන තැන. සම්ප්‍රදායන් බොහෝමයක් එක් රැස් වුණු, හැමෝම ආසාවෙන් එකතු වෙන, අලුත් අවුරුදු කෑම මේසය පැණි රසවලිනුත් පිරිලා තියෙනවා. පොඩි ළමයි වගේම සීනිවලට බය පක්ෂපාත වැඩිහිටි පරම්පරාවත් අලුත් අවුරුද්ද දවසෙදි පාලනයක් ගැන නොහිතා අවුරුදු කෑම කන්නෙ ඒ මොහොත තරම් අවුරුද්දක වර්ණවත් කාලයක් නැති නිසායි. මේ කියන්නෙ අවුරුදු කෑම මේසයට වගේම අවුරුදු කාලයට බොහෝමයක් නිවෙස්වල හැදෙන කෑම වර්ග ටිකක්.

 

1. හත්මාළුව

හත්මාළුව කියන්නෙ අතිශය සාම්ප්‍රදායික සිංහලයන් අතරේ පුරාණයේ පටන් ප්‍රසිද්ධ වුණු ව්‍යංජනයක්. විවිධ ප්‍රදේශවල හත්මාළුව පිළියෙළ කිරීමේ ක්‍රමය විවිධයි. කජුමද, වට්ටක්කා දළු, කොස් ඇට, තිබ්බටු, ඇඹුල් කෙසෙල්, කිරිඅල, රත් තම්පලා එක් කර පිසින හත්මාළුව බහුලවම හැදෙන හත්මාළුව වෙයි. පුරාණයේ රජරට පිසූ හත්මාලුව යනු හොද්ද, තැම්බුම, මැල්ලුම, ආනම, බැදුම, පැලහුම සහ නියඹලාව වේ. හත්මාළුවට එක් කරන ප්‍රධාන කුළුබඩුවක් ලෙසින් කරාබුනැටි හැඳින්විය හැකි අතර එයින් ලැබෙන සුවඳවත් බව සහ නැවුම් රසය හත්මාළුවේ ගුණයත්, රසයත් දෙකම වැඩි කරයි. අලුත් අවුරුදු කාලයට හත්මාළුව සෑදෙන්නේ එය සිංහල සංස්කෘතියේ වැදගත්කම පෙන්වන ආහාරයක් නිසාමයි. බොහෝවිට අවුරුදු කෑම​ මේසයට ඇතුළත් නොවුනත් අවුරුදු දා දිවා ආහාරයට එක්වන ප්‍රධාන ව්‍යාංජනයක් ලෙසින් මෙය දැක්විය හැක.

 

2. දුන්තෙල් බත

දුන්තෙල් බත යනු බොහෝ නිවෙස්වල අලුත් අවුරුදු දා දිවා ආහාරය රස කරවන්නකි. අලුත් අවුරුදු දා හැරෙන්නට දුන් තෙල් බතක් රස විඳින්නට ලැබෙනවානම් ඒ බොහෝවිට වෙසක් සමයේ දන්සැලකින් වන අතර, ඒ කෙසේ වෙතත් සුවඳ පතුරවමින් අලුත් අවුරුදු දා දිවා ආහාරයට අම්මා පිසින දුන් තෙල් බත නිවැසියන් සැවොම එක්ව රසවිඳින්නේ මහත්වූ ගිජු කමකිනි. දුන් තෙල් බතට බොහෝ ප්‍රදේශවලදී අන්නාසි කරියක්ද එකතු වන අතර එය මෙයට වැඩි රසයක් එක් කරයි. දුන් තෙල් බතට එක් කරන අනිවාර්ය අංගයක් ලෙසින් බත රස කරන, සුවඳවත් කරන කුළු බඩුවක් වන  කරාබුනැටි දැක්විය හැක. කුසටත් ගුණදායක බව දනවන නිසාත්, රසවත් බව නිසාත් දුන්තෙල් බත සැමදෙනාම ප්‍රිය කරන ආහාරයක් වෙයි.

 

3. අග්ගලා

ගෙදර පිස ආහාරයට ගෙන ඉතිරි වෙන බත් අපතේ නොයවා එයින් රසකැවිල්ලක් සෑදීමේ පුරුද්ද නිසාම අපට ඉතාමත් රසවත් ආහාරයක් රසවිඳින්නට අවස්ථාව උදාවෙයි. සිරීපාද සමයට වන්දනාවේ යන අපේ පුරාණ උදවිය ‘’අග්ගල කං ඩෝං පුතා – හෙලේ නගින් ඩෝං පුතා, අපේ බුදුන් අපි වඳින්ඩ – පෙරළි පෙරළි අපි වඳින්ඩ ’’ ගයමින් වෙහෙස නිවන කවි ගැයුවේ එකල පටන් පෝෂණයෙන් ඉහළ, රසයෙන් ඉහළ, පහසුවෙන් ආහාරයට ගත හැකි, අග්ගලා අප නිතර ආහාරයට ගන්නා ආහාරයක් වූ නිසායි. අග්ගලා අවුරුදු කෑම මේසයේත් සුවිශේෂත්වයක් උසුලන අතර තරමක් ගම්මිරිස් සහ කරාබුනැටි වැඩි කර දැවිල්ලටත් සකසන නිසාත්, ඇතැම් අග්ගලා සීනි දවටා සකසන නිසාත් බොහෝදෙනා ඒ වෙත මහත් ලැදියාවක් දක්වයි.

 

4. වැලිතලප

අලුත් අවුරුද්දට වැලි තලප කියන්නෙ අවුරුදු කෑම මේසයේ​ රස සහ සුවඳ මෙන්ම පෙනුමත් වෙනස් කරන කෑමක්. ඒ වගේම ලොකු පොඩි කවුරුත් බෙදාගන්න කෑමක්. අතරින් පතර දකින කරාබුනැටි වලින් පැණි බේරෙන වැලිතලපවලට එකතු කරන සුවඳත්, රසත්, ගුණයත් ඉහළයි. අලුත් අවුරුද්ද දවසෙදි ලොකු පොඩි කාගෙත් කෑම පිඟානෙ තියෙන වැලිතලප කෑල්ලක් කෙසෙල් ගෙඩියක් එක්ක රසවිඳින්නට කදිමයි.

 

මේ සියල්ල ගැන කතා කරද්දි අපිට දකින්න ලැබෙන පොදු දෙයක් තමයි කරාබුනැටි කියන්නෙ. කරාබුනැටි කියන්නෙ ආහාරයකට ගුණ දෙන, සුවඳ දෙන කුළුබඩුවක්. අවුරුදු කාලෙ පැණි රස ආහාරයට ගන්නකොට වැඩි පුර හිතන්නම ඕන දෙයක් වුණු දන්තාරක්ෂාව ගැන කතා කරද්දිත් කරාබුනැටි තෙල් අඩංගු ක්ලෝගාඩ් සිහිපත් වෙන්නෙ නිතැතින්මයි. මේ අලුත් අවුරුද්දේ ආහාරවල රසය නැව​ත අපිට සිහිපත් කරවන්නේ අපේකම අගයන අපේම දන්තාලේපය වන ක්ලෝගාඩ් විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *