සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක ශක්තිමත් වෙන අපේ බැඳීම්

සිංහල අලුත් අවුරුද්ද කියන්නෙම එකමුතුවේ සංඛේතයක්. සිංහල අලුත් අවුරුදු සිරිතේ තනිවම කරන්නට දෙයක් නැති තරම්. එනිසාමයි අපි ඒ ශක්තිමත් වෙන බැඳීම් ගැන කතා කරන්නෙත්. අලුත් අවුරුද්ද එක්ක තියෙන හෘදයාංගම බැඳීම තීව්‍ර කරවන්න වගේම, අලුත් අවුරුද්ද ගැන පැරණි මතකයන් පවා සිහිපත් කරන්න ඔබේ තියෙන සූදානම ගැනත් අපිත් එක්ක කියන්න. මේ බැඳීම් ශක්තිමත් කරන අලුත් අවුරුදු අරුමය ඔබත් සතුටින් අත්විඳින්න.

 

1. නෑගම්

අපේ කුඩා කාලයේ අලුත් අවුරුද්දෙ අපි ආසම දේ වුනේ නෑගම් යන එක. ගෙදර හදපු කෑම, තෑගි බෝග වගේම කාලයක් තිස්සෙ එකතු වෙච්ච රස කතාත් අරගෙන අපි නෑගම් යන්නෙ ඒ ඔක්කොම සතුට හිතේ දරාගෙන ඇති වෙනකල් සෙල්ලම් කරලා එන්න හිතාගෙන. අපි වැඩිහිටියො බවට පත්වුනා කියලා ඒ සතුටේ වෙනසක් දැනෙන්නේ නැති තරම්. ඒ තරමටම අපි අපේ බැඳීම් එක්ක ජීවිතේ ගෙවන්න ලැදියාවක් දක්වන ජාතියක්. මේ බැඳීම් එක්ක අපි තාමත් අතීතකාමය අවුස්සාගෙන නෑගම් යන්නේ ඒ අරුමය අත්විඳින්නමයි.

 

2. ආහාර පිසීම

ආහාර පිසීමේදී ගෙදර හැමදාමත් කුස් පිරෙව්වෙ අම්මා වුනත්, අලුත් අවුරුදු කෑම මේසය පිරවීම අම්මාට විතරක් ඉඩ ලැබෙන්නේ නැහැ. ආච්චිලා, සීයලා දරු මුණුබුරන් වගේම නිවසේ ගෘහ මූලිකයා වුණු තාත්තාත් අවුරුදු ආහාර පිසින්න එකතු වෙන බව දකින්න පුළුවන්. ආච්චි අම්මා අතින් කැවුම් කොන්ඩය ඉස්සෙන හැටි බලන්න ළමයි වටවෙනවා වගේම, තාත්තා හැමදාම හදන්න ලේසිම කොකිස් වැඩේ බාර ගන්න හැටි ගැනත් අපි හැමෝම හිනා වෙවී කතා කරලා ඇති.

 

3. අවුරුදු දා

අලුත් අවුරුදු උදාවත් එක්ක ගෙවෙන අවුරුදු දවසත් අපේ මතකයන් අවුස්සමින් සිත් සතුටු කරවන කාලයක්. අපි කුඩා කාලයෙදි නොනගත කාලය ගෙවුවෙ අමාරුවෙන්. බඩගින්නක් නැති අයටත් බඩගිනි වුණු කාලයක් ඒක. ඒ දිහා බලාගෙන අම්මලා හිටියෙත් දුකෙන්. පන්සල් ගිහින් වැඩි වෙලාවක් පන්සලේ ඉඳලා ගෙදර එන්නෙ දැන්වත් අලුත් අවුරුදු උදාව වෙයි කියලා හිතාගෙන. අලුත් අවුරුදු උදාව සිද්ධ වෙන මොහොතෙ රතිඤ්ඤා පත්තු කරන්න අපි හැමෝම යන්නෙත් ඒ සතුට එක්කමයි. නැකතට ගනුදෙනු කරන එක, ආහාර අනුභවය වගේම ආයෙත් හිස තෙල් ගාන්න පන්සලට යන එකත් අපිට එදත් අදත් ආදරණීය මතකයක්. මේ බැඳීම් ශක්තිමත් කරන අලුත් අවුරුදු අරුමය අපේ හිතට සතුටක් සැනසුමක් ගෙනෙන්නෙ ඒ සියල්ල එක්කයි.

 

4. අවුරුදු තෑගි බෝග

අපි හැමෝම කැමතියි තෑගි බෝග ලබන්න. පොඩි ළමයි විදියට ඉන්නකොට ලැබෙන තෑගි බෝගවලට වඩා දැන් වෙද්දි ලැබෙන තෑගි බෝග ප්‍රමාණය අඩු වුනත්, ඒ අඩුවීම නිසාමද මන්දා අපි තවමත් තෑග්ගක් ලැබෙද්දි හිතින් බොහෝ සතුටු වෙනවා. අපි තෑගි බෝග ලබද්දී වගේම අපි තෑගි බෝග දෙද්දීත් ඒ වෙනුවෙන් තෑගි තෝරද්දීත් ඒ සතුට ඒ විදියටම හිතේ තියෙනවා. ඒ බැඳීම් තීව්‍ර කරන දෙයක් විදියටත් අලුත් අවුරුදු තෑගි හඳුන්වන්න පුළුවන්.

 

5. අවුරුදු කෑම මේසය

හැමෝම එකට වාඩි වෙන අවුරුදු කෑම මේසය තමයි අලුත් අවුරුද්දෙ පවුලක බැඳීම පෙන්වන ලොකුම අවස්ථාව. ඒ ගැන අපි කලිනුත් කිවුවා. අලුත් අවුරුද්ද ලබද්දි අපි හැමෝම ලහිලහියේ කෑම මේසයට වාඩි වෙන්නෙ ඒක අලුත් අවුරුද්ද ගැන සඳහන් කරන වඩාත්ම හදට ලඟ අවස්ථාව නිසා වගේම නොනගත කාලෙදි කුසට දැනුණු කුසගින්න යන කාරණා දෙකම නිසායි. තාත්තාගේ අතින් පළවෙනි කිරිබත් කට කන්න හැමෝම පෙරුම්පුරද්දී තාත්තා ඒ කිරිබත් කට කැවුවෙ අම්මට. අම්මලා තාත්තලා කිරි බත් බෙදාගනිද්දි පොඩි ළමයි හැමෝම ආස්මි කොකිස් දාගන්නෙ බඩගින්නට වඩා ආසාව ඉස්සරහට දාලයි. එහෙම වෙලාවට හැමෝම මුඛයේ ආරක්ෂාව ගැනත් හිතන්න උවමනා වෙන්නේ සීනි දත්වල සෞඛ්‍යයට එතරම් ගුණදායක නොවෙන නිසායි. නමුත් අපිට ඒ වෙනුවෙන් කරාබු නැටි තෙල් අඩංගු අපේකම අගයන අපේම දන්තාලේපය වුණු ක්ලෝගාඩ් තියෙන බවත් අමතක කරන්න බැහැ. අලුත් අවුරුද්දෙ ශක්තිමත් වෙන මේ බැඳීම්වල අරුමය මගහරවන්න වෙන කිසිම දේකට බැරි වේවි කියලා අපිට හිතෙන්නෙ එනිසාමයි.

මේ අලුත් අවුරුද්දේ බැඳීම් ශක්තිමත් කරන අලුත් අවුරුදු අරුමය ගැන අපිට සිහිපත් කරවන්නේ අපේකම අගයන අපේම දන්තාලේපය වන ක්ලෝගාඩ් වෙතින්.

Leave a Reply

Your email address will not be published.