මිනිස්සු ගණිතය, විද්‍යාව වගේ දේවල් ඉගෙනගන්න කලින් ඉගෙනගත යුතුම දෙයක් ගැනයි අපි අද කියන්නෙ. ඇත්තටම කිවුවොත් මිනිස්සු මුලින්ම ඉගෙනගන්න ඕන මිනිස්සු විදියට ඉන්නනෙ. ඒ කියන්නෙ මනසින් උසස් විදියට ඉන්න එක. චින්තනය දියුණු අය විදියට ඉන්න එක. ඒකෙ මුල්ම පියවර තමයි අනෙකාට කරදරයක් නොවීම. කොටිම්ම කිවුවොත් ලෝකෙට වාතයක් නොවීම. මේ කේස් එක බොහෝදෙනෙක් තේරුංගන්නෙ නෑ. අපි බොන මේසෙකදි වාතයක් නොවෙන්න ඕන විදිය කිවුවත් සැබෑ ලෝකෙ බොන මේසෙකට වඩා ලොකුයිනෙ. ඇත්තටම තරුණයි නාකියි කියල භේදයක් නැතුව මෙහෙම උදවිය ඉන්න නිසා අපි කියන කතාවෙන් ගොඩක් අයට රිදේවි. රිදුනනං හිතට ගන්න. රිදුන්නැත්තං සතුටු වෙන්න.
1. සද්දෙ

Image Source – entrepreneur.com
ගෙදරදි, ඔෆිස් එකේදි, බස් එකේදි, පන්සලේදි කියල වෙනසක් නැතුව තමුන්ගෙ සද්දෙ පාලනය කරගන්න. ගෙදරදි තමුන්ගෙ ගෙදර මිනිස්සු ගැන නොහිතුවත් වටපිටාවෙ මිනිස්සුන්ගෙ නිස්කාංසුව ගැන හිතන්න. ඔෆිස් එකේදි තමුන් වැඩක් නොකළත් අනිත් මිනිස්සු වැඩ කරනව නේද කියල හිතන්න. සද්දෙට සින්දු දාන්න, පොර ටෝක් දෙන්න, බෙරිහන් දෙන එක ඒ මිනිස්සුන්ගෙ වැඩවලට බාධාවක් නේද කියල හිතන්න. තමුනුත් අන්ප්‍රොඩක්ටිවු එකේ අනිත් මිනිස්සුන්ගෙ වැඩ ටිකවත් ප්‍රොඩක්ටිවු වෙන්න උදවුවක් දෙන්න. බස්වලදි මහ හයියෙන් කෝල් ගන්න එපා. තවත් කෝල් ගන්න මිනිස්සු, නිදහසේ ඇහැ පියාගන්න මිනිස්සු, නිදියගෙන ඉන්න පොඩි ළමයි බස්වල ඉන්න විත්තිය මතක තියාගන්න. ඒ මිනිස්සුන්ට තමුන්ගෙ පෞද්ගලික ප්‍රශ්න ඕනෙම නෑ. පන්සලේදි බෙරිහන් දීලා ගාථා කියන්නෙපා. සද්දෙට ගාථා කියන උන් නිවන් දකින්නෙ නැති විත්තිය මතක තියාගන්න.
2. වාත කුඩ

Image Source – dissolve.com
කුඩ කියන්නෙ ගෑණු පිරිමි බාල මහළු භේදයකින් තොරව පාවිච්චි කරන දෙයක්. පිරිමි නං බොහෝ වෙලාවට කුඩයක් පාවිච්චි කරන්නෙ වැස්ස වෙලාවට විතරක් වුනත්, කාන්තා පාර්ශවේ උදේ හතට වැටෙන අවුවටත් කුඩ පාවිච්චි කරනව. හැබැයි ඉතිං කුඩ කියන්නෙත් නිසි ලෙස භාවිතා නොකළොත් අනුන්ට හරියට කරදරකාරී වෙන්න පුළුවන් දෙයක්. පාරෙ යද්දි ඉහළපු නැති කුඩ වන වන යන්නෙපා. අනුන්ගෙ ඇඟේ වදින බව තේරුම් ගන්න. ඉහළපු කුඩයක් අනිත් මිනිස්සුන්ගෙ වැදුනත් නැතත් ගාණක් නැතුව යන්නෙපා, කුඩ අරන් යද්දි වෙනිං වෙලාවට වඩා කල්පනාවෙන් පරිස්සමෙන් ඇවිදින්න. වහින වෙලාවක කුඩ අරගෙන බස් එකට නැග්ගම අනිත් මිනිස්සුන්ගෙ ඇඟට වතුර වැටෙන විදියට තියාගන්න එපා. වැස්ස වෙලාවක කුඩේ අරගෙන ඔෆිස් එකට ගොඩ වුනාම අනිත් මිනිස්සු ඇවිදගෙන යන පාරෙ කුඩ වේලෙන්න තියන්නෙපා. ප්ලීස්!
3. ගමන් මළු

Image Source – reddit.com
බෑග්වලට කියන්න තියෙන්නෙත් කුඩ ගැන කතාවමයි. කට්ටිය බෑග් දාගෙන බස් එකට නගිනව. ඌ හැරෙද්දි හිටං ඉන්න මිනිස්සු දෙන්නෙක් විතර වැටිලා වාඩිවෙලා ඉන්න මිනිස්සුන්ගෙ කන්නාඩි කුට්ටං ගැලවිලා වැටෙනවා. දෙයියංගෙ නාමෙන් ලොකු බෑග් බස් එකට ගොඩ වුණු ගමන්ම බෑග් රැක් එකෙන් දාන්න හෝ තවකෙකුගේ අතට දෙන්න. ඔෆිස්වලදිත් ඒවා තමුන්ගේ කිට්ටුවෙන් තියාගන්න. තමුන්ට අවශ්‍ය දේවල් ගේන බෑග් එක අනුන්ගෙ ඉඩ අහුරන එක වැරදියිනෙ මහත්තයො. පිස්සො වගේ හෑන්ඩ් බෑග් පත ඇරගෙන ගිහින් පොකට් ගැහුවම වටේ පිටේ ඉන්න මිනිස්සුන්ව සැක කර කර බනින්නෙපා. තමුන්ගේ සිහි කල්පනාව හදාගන්නත් ඕන නෝනා මහත්තයො.
4. පොදු වැසිකිලි

Image Source – bustle.com
පබ්ලික් ටොයිලට් පාවිච්චි කරද්දි මිනිස්සු අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕන හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි ඒක පබ්ලික්. ඒ කියන්නෙ පොදුයි. තොගේ විතරක් නෙමෙයි. අනික මේක සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමුන්ගේ ලිංගේන්ද්‍ර ගැන විශ්වාසය නොතබා මොළයෙන් තීරණය කරලා වටපිටාවේ ඉහිරෙන්නෙ නැතිවෙන්න බහිස්‍රාවී කටයුතු කරන්න. ඒ වගේම වතුර තැන තැන හලන්නත් එපා. නාස්තිය ගැන වගේම වගේම මනුස්සයෙක් ලිස්සලා වැටෙන එක ගැනත් හිතන්න. වැසිකිලි පාවිච්චි කරාට පස්සෙ හොඳට ෆ්ලෂ් කරලා එහෙමත් නැත්තං හොඳින් වතුර ගහලා එන්න හිතට ගන්න. බස් හෝල්ට් එකේ ටොයිලට් එකට යන මිනිස්සුන්ට වගේම මැජස්ටික් සිටි එකේ ටොයිලට් එකට යන මිනිස්සුන්ටත් නහයක් තියෙනව. වාතයක් වෙන්නෙපා.
5. කෑම කද්දි

Image Source – videoblocks.com
මේ වගේ දේවල්වලට සේවකයො ඉන්නවනෙ, එහෙමත් නැත්තං අම්ම කොහොමත් අස් කරනවනෙ, වයිෆ්ට කොහොමත් ගෙදර අස් කරන්න වෙනවනෙ වගේ හේතු කියලා මගහරින්න එපා. කෑම කද්දි කෑම හැලෙන්නෙ නැතිවෙන්න කන්න. හැලුනොත් අස් කරන්න. ඉස්සො කාලා හොරාට පොතු බිම දාන්නෙපා. මස් කටු ගොඩක් පිඟානෙ ඉතුරු වුනාම ලැජ්ජා නිසා කටු හොරාට මේසෙ යටට දාන්නෙපා. ඔෆිස් එකේ කෑම කෑවම පොලිතීන් සහ ඉඳුල් නිසි පරිදි බැහැර කරන්න. පියන අල්ලලා අප්පිරියා කරන්න එපා.
6. කතා බහ

Image Source – historyhustle.com
තමුන් ඉන්න තැන අනුව කතා කරන දේවල්වල සීමාවක් තියාගන්න. මං ෆුල් නිදහස් මිනිහෙක්. මට මං කැමති ඕන දෙයක් කියන්න පුළුවන් වගේ ගොං තර්ක දාන්නෙපා. අදාළ නැති තැන්වල තමුන්ගෙ දේශපාලන මත වපුරන්න එපා. ඊටපස්සෙ ඒවට පාර වැදුනම හර්ට් වෙලා දඟලන්න එපා. ගෑණු ළමයි ඉන්න තැන සෙක්ස් ජෝක්ස් දාලා උන්ව ඒවයින් අල්ලගන්න ප්ලෑන් කරන්නෙපා. මොළයක් නැති කෙල්ලෙක් අහුවුනත් නුවණක්කාර කෙල්ලෙක් ඇඹරිලා යන්න උත්තරයක් දුන්නම හර්ට් වෙන්නෙපා. කෙටියෙම්ම කිවුවොත් ඔයාගේ මෝල කර වීම ලෝකෙට අදාළ නෑ මහත්තයො.
7. ගෙදරදි

Image Source – verywellmind.com
ගෙදර ආවම ඉතිං තමුන්ගෙ විජිතෙ වගේනෙ කියල ෆුල් නිදහස් ගතියක් දැනෙනව තමයි. එහෙමයි කියල සපත්තු දොර ගාව ගලවල, මේස් දෙක කෑම මේසෙ යටට දාලා, කලිසම කාමරේ දොර ගාව දාලා, අන්ඩර්වෙයා පිටින් ඇඳේ නිදියන්න එපා. කෑම කාලා පිඟාන සින්ක් එකට දාලා අත විතරක් හෝදගෙන යන්න එපා. මේවා හෝටල් නෙමෙයිනෙ. අම්මටවත්, නංගිටවත්, වයිෆ්ටවත්, දරුවෙක්ටවත් වාතයක් වෙන්නෙපා. ලොරි ටෝක් දෙන්න කලින් ගෙදරින්ම මේ දේවල් හිතන්න පටන්ගත්තොත් හොඳයි.
මේ කතාව ඔබ අපි අතර ඉන්න හය හතර නොදත් වැඩිහිටියන්ට පේන්න ෂෙයා කරන්න.
Leave a Reply