කාර් එක ඇතුළෙ සෙක්ස් කරන්න සෙට් වෙන්න කලින් හිතන්න ඕන දේවල්

බොහෝදෙනෙක් අපෝ කියලා කටේ අත තියාගනීවි. හැබැයි කාර් එකක් තියෙන ප්‍රේමවන්තයෝ බොහෝදෙනෙක් මේ ගැන නොදන්නවා වගේ හිටියට හොඳින්ම දන්න බව අපි දන්නවා. තමුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව වාහනයක පිටිපස්සෙ සීට් එකේ කිස් කරලා නැත්තෙ කවුද? හැම ප්‍රේමවන්තයෙක්ම ඒ දේ කරලා ඇති. මේ කියන්න යන්නෙ කිස් කිරිල්ලට වඩා හපං වැඩ ගැන. හැබැයි මේ හපං වැඩ කාර් එකක පිටිපස්සෙ සීට් එකේ කරන එකේ අවදානම් කිහිපයකුත් තියෙනවා. අන්න ඒ බව දැනගෙනම වැඩේට මුළපිරුවොත් හොඳයි. කොහොම වෙතත් අපි මේ කියන කාරණා සලකා බැලුවොත් වාහනයක පිටුපස අසුනේ වුනත් ආදරයේ ඵල නෙලන්න අවුලක් වෙන්නෙ නෑ.

 

1. වෙන ඔප්ෂන්ස් නැත්තං විතරක්

Image Source – menshealthindia.com

වාහනයක් පිටිපස්සෙ සෙක්ස් කරන එක හදිස්සි ලිංගික ආකර්ෂණයන් ​නොහොත් සරළ භාෂාවෙන් ක්විකී එකකදි වගේම පුරුද්දටත් සමහරු කරනවා. මෙන්න මේ ක්විකී වලදි හැරෙන්න සමහරුනං බැක්සීට් සෙක්ස්වලට යොමුවෙන්නෙ හේතු කිහිපයක් නිසායි. සමහරුන්ට රූම්ස්වල ආරක්ෂාව ෂුවර් නෑ. එහෙමත් නැත්තං රූම් එහෙකට යන්න තරං වෙලාවක් නෑ. ඒත් නැත්තං හිතට සැටිස්, තරමක් මිලාධික රූම් එකකට යන්න දෙන්න අතේම සල්ලි නෑ. ළඟ පාත ෆිල්ම් හෝල් එකක්වත් නෑ. මේ කියන​ දේවල් අදාළ නැත්තං කරුණාකරලා නිදහසේ ලිංගිකව හැසිරෙන්න පුළුවන් විදියෙ හෝටල් කාමරේකට යන එක තමයි ඇඟට ගුණ.

 

2. කාර් එක ගැන

Image Source – chaostrophic.com

කාර් එක පිටිපස්සෙ සීට් එකේ සෙක්ස් කරන්න සූදානං වෙද්දි කොල්ලා කෙල්ල ගැනයි, කෙල්ල කොල්ලා ගැනයි විතරක් හිතලා හරියන්නෙ නෑ. දෙන්නම කාර් එක ගැනත් හිතන්න ඕන. මුලින්ම බලන්න ඕන දොරවල් ලොක් කරලද කියලා. එක දිගටම දිඩිබිඩියේ හෙල්ලෙන නිසා කවුරුහරි දොර අරලා බැලුවොත් ඒ මිනිස්සුන්ට නූල් බඳින්න වෙනවනෙ නැත්තං. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් ඇදලද කියලත් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඩිස්ඩිඩිං අස්සෙ නොතේරුණාට හෙමීට වාහනේ ඉස්සරහට ඇදිලා ගියොත් හෙළුවෙන් ඩ්‍රයිවින් සීට් එකට පනින්න වෙද්දි අවුල්නෙ. අනිත් වැදගත්ම කාරණේ තමයි දාඩියට විසඳුම. දැන් ඔහොම වැඩකදි කාර් එක ඇතුළෙ දාඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒකට ඒසී එක දාගන්න එකත් සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි දාන ඒසී එකක් එන්ජින් එක ඔන් එකේ තියාගෙන දාන්න. නැත්තං දෙන්නට වැඩේ ඉවර වෙලා තල්ලු ඉස්ටාට් දාද්දි ආතල් කුඩු වේවි. ඊටපස්​සෙ කාර් එකට බනින්න එපා!

 

3. නගින්න බහින්න

Image Source – aliexpress.com

නගින්න බහින්න කියල දැක්ක ගමන් නෝටි සිතුවිලි පහළ කරගන්න එපා. අපි මේ කියන්නෙ වෙනිං කතාවක්. දැන් ඉස්සරහා සීට් එකේ දෙන්නා එක්ක ගිහින් ආරක්ෂිත තැනක් බලලා පිටිපස්සට ගොඩවෙද්දි වටපිටාව බලලා පිටිපස්සෙ සීට් එකට ගොඩවෙන්න. වටපිටේ බුවාස්ලා ඔයාලා බැහැලා පිටිපස්සෙ සීට් එකට යන දිහා බලාගෙන හිටියොත් එයාලා ටක්කෙටම දන්නවා වැඩක් සිද්ධ වෙන්න තමයි යන්නෙ කියලා. එහෙම වුනොත් ඔවුවට හොට දාන්න ඉඩ තියෙනවා. දන්නවනෙ බ්‍රෝ! ලංකාවනෙ! අනුන්ගෙ රෙද්දවල්ම තමයි හොයන්නෙ. ඒ වගේම වැඩේ ඉවර වෙලා ආයෙ නෝමල් පිට ඉස්සරහ සීට් එකට යද්දිත් ඒ විදියටම වටපිට බලලා කාර් එකෙන් බහින්න. කාර් එක එක දිගටම හොල්ලලා ඉවර වෙච්ච ගමන් දොරවල් ඇරගෙන බහින්නෙපා. තත්ත්වය ටිකක් නිසොල්මන් වෙන්න දෙන්න. ඔයාලත් හති අරින්න.

 

4. වටපිටාව

Image Source – aliexpress.com

වටපිටාව සෝදිසිය අතිශය වැදගත්. විශේෂයෙන්ම කාර් එකේ කළු කරපු වීදුරු නැත්තං සහ වටපිටාවෙ ලයිට් එළිය හොඳට තියෙනවානං මේක අනිවාර්යෙන්ම කරන්න ඕන. නිතර පොලිසියෙන් යන එන පාරක්ද කියලා හිතන්න. එහෙමනං කීයටවත් අවදානමක් ගන්න එපා. නිල ඇඳුම් විශ්වාස කළාට ඒ යට ඉන්න මිනිස්සු විශ්වාස කරන්න බෑ. මූණ උඩින් හිනා වෙලා හිටියත් අවට ලෝකය කවදාවත් විශ්වාස කරන්න එපා. හොඳට දන්න අඳුරන මිනිස්සුත් කෙලෝලා ඉවර වෙලා ධැල් සැපධා කියල අහන ලෝකෙක මහ රෑ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෙළුවෙන් කාර් එකක් ඇතුළෙ හිටියොත් මුහුණ දෙන්න වෙන්නෙ සුවදායක අත්දැකීමකට නෙමෙයි. ඉස්සෙල්ලත් කිවුවෙ ඒකයි. මේක ලංකාව නිසා අනුන්ගෙ රෙද්දවල්වලට ඇඟිලි නොගහා ඉන්නෙ නෑ.

 

5. පොසිෂන්ස්

Image Source – airportparking.lk

ඔය යටිතල පහසුකම් සියල්ල සපුරාගත්තට පස්සෙ ඉතිං කතා කරන්න තියෙන්නෙ වැඩේ ගැන තමයි. ඔන්න ඔය ආලිංගන කටයුත්ත කරද්දි හිතන්න පතන්න ඕන දේවල් තියෙනවා. දෙදෙනාගේම සුවපහසුව ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. අනික කාර් එකක් ඇතුළෙ තියෙන සීමිත ඉඩ මැනේජ් කරගැනීම. අනිත් ප්‍රධානම දේ ඇවිලිලි සහ උළුක්කු වීම් ඇති නොවෙන විදියට වැඩේ සිද්ධ කිරීම. මෙන්න මේ දේවල්වලට නිසි පිළිතුර තමයි බැක්සීට් සෙක්ස්වලට ගැලපෙන පොසිෂන්ස් පාවිච්චි කිරීම. සාමාන්‍යයෙන් කට්ටිය කරන මිෂනරි සෙක්ස් පොසිෂන් එක බැක් සීට් එකේදි කරන්න අමාරුයි. ඒ නිසා ස්පූන් සෙක්ස් වගේ ලේසි පහසු පොසිෂන් එකක් හෝ සහකාරියව උකුළ මතට ගැනීම තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ.

 

6. තදියම

Image Source – riverdale.fandom.com

කාර් එකක බැක් සීට් එකේ සෙක්ස් කරන එක නියම ඉන්ටෙන්ස් වැඩක්. මොකද වෙලාව අරගෙන ඉඩපහසු ඇතුව කරන දේවල්වලට වඩා දඩිබිඩියේ සිදුවෙන ලිංගික ක්‍රියාකාරකම්වල උත්තේජනයත් වැඩියි. දොරවල් වහපු කාර් එක ඇතුළෙ ඔක්සිජන් ප්‍රමාණයත් අඩු නිසා එයින් ලිංගික තෘප්තියට දනවන උත්තේජනයත් ඉහළයි. හැබැයි එහෙමයි කියලා ඇඳුම් ඉරාගන්න තරමට ම්ලේච්ඡ වෙන්න එපා. මොකද දෙන්නම කොයි ​මොහොතේ හෝ කාර් එකෙන් බහින්න එපැයි. ඒ වගේම කොන්ඩම් හෝ ආරක්ෂක විදිවිධාන භාවිතයත් අනිවාර්යෙන්ම පිළිපදින්න. නැත්තං පසුවට ප්‍රශ්න ඇතිවේවි.

 

7. ඇතුළෙ සාධක ඉතුරු කරන්නෙපා

Image Source – scoopnest.com

මෙවුවත් ඉතිං කියන්න ඕනමයි. මේ දේ නං වැඩේටත් කලින්ම ප්ලෑන් කරන එක වටිනවා. ටු ඩූ ලිස්ට් එකක් දාගෙන හරි මේ දේවල් සපුරන්න. ඒ තමයි කාර් එක ඇතුළෙ සාධක ඉතිරි නොකිරීම. යට ඇඳුම්, පාවිච්චි කරපු කොන්ඩම්, ඉරපු කොන්ඩම් පැකට් ව​ගේ දේවල් කාර් එක ඇතුළෙ දාන්නෙපා. ආදරේ ඵල නෙළුවට කමක් නෑ… ලෙලි හරි තැන්වල දාන්න. නැත්තං කාර් එකක් ඇතුළෙ සෙක්ස් කරලා ඇඟට දැනුණු සතුට වියැකී යාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *