ආයෙමත් දවසක – 27 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

26 වෙනි කොටස මෙතනින් කියවන්න

 

27 කොටස

“හරි දැන් ඔයා කියන්න ගිය කතාව කියන්න​කො”

සියුමි ඒක කියාගෙන උඩට ආවෙ දුම් දාන බීෆ් ස්ටූ එක භාජනේක දාගෙන අරං එන ගමන්. ඒ ඉද්දි නදිකට නින්ද ගිහින්. ඉස්සරහ තිබුණු ස්ටූල් එකෙන් බීෆ් ස්ටූ එක තියලා සියුමි ආයෙ පහළට ගියේ රාත්‍රී මධු සාදයට ඕන කරන අනෙක් අඩුමකුඩම අරගෙන එන්න. සියුමි ආයෙ එද්දිත් නදික නිදි. සියුම් රස්නෙ භාජනේ නදිකගෙ අතට හේත්තු කරාම නදික ගැස්සිලා ඇහැරුණා. නදික බාගෙට පියවුණු ඇස් දෙකෙන් සියුමි දිහා බැලුවා.

“මොකෝ බොන්න කලින්ම වෙරිද?”

“නෑ”

“එහෙනං”

“නතිං”

“ඇත්ත කියන්න”

“කම්මැලියි”

“මාත් එක්ක ඉඳලා”

“නෑ ඔයා නැතුව ඉඳලා”

“ඉතිං මං ඔයාට ස්ටූ හදන්නනෙ ගියේ”

“ඒකනෙ ඉවසගෙන හිටියෙ”

“එහෙම නොවුනනං?”

“එහෙම නොවුනනං හොයාගෙන එනව”

“ඇවිල්ල”

“ඇවිල්ල පෙරළගන්නව”

“පෙරළගෙන”

“ඉස්සෙල්ල කරපු දේ කරනව”

“එතකොට ඔයා 2යි මම 0යි”

“ඔවු”

“ඔයා හිතනවද මං එහෙම පරාද වෙයි කියල”

“නෑ මං කොහොමහරි ඔයාව පරාද කරනව”

“කොහොම කළත් මම දිනුම්නෙ”

“ඇයි?”

“ඇයි ඉතිං මටනෙ සතුට ළඟාවෙන්නෙ”

“ඒකත් ඇත්ත”

“දැන් ඉතිං මොකෝ කරන්නෙ?”

“බොමුද?”

“හා!”

දෙවැනි ජින් අඩියත් වීදුරුවෙන් හිස් වෙලා යනකං දෙන්නගේ ඇඟවල් එකට ගෑවිලා තිබුනෙ නෑ. තුන්වෙනි ජින් අඩිය ​දාගෙන දෙන්නත් එක්ක සෝෆා එකේ පිටිපස්සට බර වුනා. උරහිස් දෙක ගෑවුනා. සියුමි හරිබරි ගැහිලා හේත්තු වුනා. සියුමි උගුරක් බීලා නදිකගෙ අතේ තිබුණු මස් කෑල්ල, නදිකගෙ අතින්ම අරගෙන කටට දාගත්ත.

“රසයිද?”

“හ්ම්ම්ම්…”

“මගෙ වයිෆ් හැදුවෙ?”

“මේ ඒක නෙමෙයි?”

“මොකද්ද?”

“හෂිනිට උයන්න පුළුවන්ද?”

“ඔවු රසට පුළුවන්”

“ඒ කියන්නෙ එයාගෙ ගෙදරත් ගියාද?”

“නැතුව”

“මේ කරන දේවල්ම කරාද?”

“ඔයා හිත රිද්දගන්න එපා සියුමි”

“මට ඇත්ත කියන්න”

“ඔවු අපි දෙන්න සෙක්ස් කරා ගොඩක්”

“එය ෂෝක්ද?”

“ඔවු”

“මමද? එයාද?”

“එයා!”

“හ්ම්ම්… අශිනි?”

“එයානං ටිකක් බෝරිං”

“ඇයි ඒ?”

“එයාට කරන්න වුනේ මට”

“අපෝ… වෙනිං සීරියස් ලවු එකක් තිබිල නැද්ද?”

“හෂිනි විතරයි”

“ඉතිං දැන් හෂිනිව අතාරින්න ඔයාට හිතිච්ච විකාරෙ මොකද්ද කියන්න”

මේ වෙද්දි පස්වෙනි ජින් ෂොට් එක දෙන්න අතේ තිබුණෙ. දෙන්නම සෝෆා එක උඩ ගුලි වෙලා හිටියෙ. මස් එකත් පතුළට බැහැලා. නදිකගෙ ඇස් රතු වෙලා. නදික හිතුවා මේ ගමන්ම ඔයා මගේ තාත්තගෙම දුව කියලත් කියල දානවද කියල. ඒක් සියුමි ඉන්න රාගාධික විදියට නදිකට ඒක කියන්න හිතුනෙ නෑ.

“මෙහෙමනෙ”

“කොහොමද?”

“මං හෂිනිට ආදරෙයිනෙ”

“ඉතිං”

“ඉතිං මං හිතුව මං වගේ විකාරකාරයෙක් එක්ක සෙට් වුනොත් එයා විඳවයි කියල”

“ඔයාට මං ගැන එහෙම හිතුනෙ නැද්ද?”

“නෑ”

“ඇයි?”

“මට හිතුනා ඔයාට මගේ විකාරෙ දරාගන්න පුළුවන් වෙයි කියල”

“ඔයාට එච්චරයිද ඒ ගැන කියන්න තියෙන්නෙ?”

“ඔවු”

“ඒ වුනාට මට හෂිනි ගැන ඉරිසියයි”

“හ්ම්ම්ම්…”

“හ්ම්ම්ම් නෙමෙයි මගේ හිතේ එයා ගැන ඉරිසියාව නැති කරන්න”

“අයි ලයික් යුව බූබ්ස් මෝ දෑන් හර්ස්”

“වයි?”

“ද සයිස්, ද ස්මෙල්, ද ෂේප්, ද ෆීල්… දීස් ආ මච් ලවබල්”

“දෙන් වයි ආ යු ජස්ට් සීන් දෙම්”

“අයි නීඩ් ටු ෆිනිෂ් ද බොට්ල්”

“දෙන්?”

“දෙන් අයිල්…”

“වට්?”

“ඉන්න පෙන්නන්න”

එතන ඉඳන් පටන්ගත්තේ රාගයේ උමතු රැඟුමක්. නදික තමුන් කෙල්ලෙක් ඉස්සරහ කරලා නැති එක්ස්පෙරිමන්ටල් වැඩ පවා සියුමි ඉස්සරහ පෙන්නුවා. සියුමිට මේ වැඩවලට පුදුම වෙනවද? සතුටු වෙනවද? හෂිනිට ඉරිසියා කරනවද? අම්මලා එයි කියල බය වෙනවද? කියල හිතාගන්න බැරි වුනා. සියුමි වෙන දේට සිද්ධ වෙන්න දීලා ඒකේ හැඟීමට මුළු ඇඟම දීලා හිටියා. සියුමි තුනට බින්දුවක් විදියට පැරදිලා ඉවර වුනත් නදික නැවතිලා නෑ. හතර වෙනි වරටත් පරදින්න යනව කියල තේරුනාම සියුමිට නදික ගැන පවු කියල හිතුනා. ඇයි මේ මනුස්සයට කිසිම සතුටක් ලං වෙන්නෙ නැහැනෙ. සියුමි අතින් නදිකගෙ ඔලුව අල්ලලා නැවැත්තුවා.

“ඇයි?”

“ඔයා පවුනෙ”

“ඇයි?”

“ඔයාට මොකුත් නැහැනෙ”

“කමක් නැහැ”

“එහෙම බෑ”
“ඇයි?”

“මටත් අශිනි වෙන්න බෑ. මට හෂිනි වෙන්නයි ඕන”

“හ්ම්ම්…”

“ඔයා කිවුව විදියටම කළා”

“මොකද්ද?”

“මගේ හිතේ හෂිනි ගැන ඉරිසියව නැති කළා”

“ඉතිං?”

“ඉතිං දැන් මගේ චාන්ස් එක”

“එතකොට අපි අර කරන්න කතා වෙච්ච ගේම් එක”

“ඒක වෙනිං දවසක. දැන් මම?”

“සියුමි?”

“කට වහගන්න”

එතන ඉඳන් යුද පිටියෙ ජයග්‍රාහකයා වුනේ සියුමි. කොහොම වුනත් අන්තිමට තරගාවලිය අවසන් වුනේ තුනට දෙකක් විදියට නදික දිනලා. දෙන්නා ඒ විදියටම නිදා ගත්තා. දෙන්නට නින්ද ගිහින් තියෙද්දි කාමරේ ඇතුළෙ මහ සද්දෙට සින්දු ප්ලේ වුනා. සියුමිගෙ අම්මා කාමරේ ගාවට ඇවිත් ටිකක් වෙලා අහගෙන ඉඳලා ආපහු හැරුනා. ඒ පිටිපස්සෙන් අනපේක්ෂිතව හිටගෙන හිටපු ඇයගේ ස්වාමිපුරුෂයා ඇහැක් ගහලා ගියේ ගණං ගන්නෙපා කියන්න වගේ.

සිද්ධ වෙච්ච අතොරක් නැති රති කෙලියෙන් සහ ජින් මතින් දමනය කරපු සිරුරු දෙකක් ඇඳෙන් නැගිටින්න බැරුව හිටියත් දෙන්න ඇහැරුනේ සියුමිගේ කාමරේ දොරට තට්ටුවක් දානව ඇහිලයි. දොර ඇරලා බලද්දි තේ දෙකක් ට්‍රේ එකක තියලා දොර මුළ තිබුනා. මේක අම්මයි තාත්තයි දැන් ඔෆීෂියලි දන්න නිසා සියුමිට හිනා ගියා. නදිකට ලැජ්ජා හිතුනා.

“දැන් ඉතිං මෙහෙම පදිංචි වෙන්න පුළුවන්.”

සියුමි තේ දෙක අරගෙන නදික ගාවට ආවෙ එහෙම කියාගෙන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *