කන්න එපා කන්න එපා මේවා එකට නම්

මේ අපේ ප්‍රියතම දෙයක් ගැන කතාවක්, ඒ කිව්වේ ඉතින් මේ කතාව කෑම ගැන. හැබැයි කෑම කද්දි  නොකළ යුතු දෙයක් ගැන. සමහර අය කෑම දැක්කම ඔහේ කාගෙන කාගෙන යනවා. ඊට වඩා දෙයක් නෑ. ඒත් තමන් පාවිච්චි කරන බෙහෙත් සහ එකවර ගැනීමෙන් තමන්ට අපත්‍ය වෙන්න කෑම ජාති ගැන අවබෝධයක් නෑ. දැන් ඔයා අපත්‍ය කියන වචනේ තේරුම ගැන කල්පනා කරනවා ඇතිනේ. අපත්‍ය කියන්නේ තමන්ට නොගැලපෙන, නොදිරවන කියන තේරුම. සමහර අයට අන්නාසි, කකුළුවෝ සහ සී ෆුඩ් ආහාර වර්ග කන්න බෑ. කෑව ගමන් ඇලර්ජික් වෙලා බෙහෙත් ගන්න යන්න සිද්ධ වෙනවා. හැබැයි අපේ අය එහෙම කොච්චර අසාත්මිකතා ඇති වුණත් සමහර කෑම කන එක නතර කරන්නේ නෑ. උදාහරණයක් විදිහට අම්බලන්ගොඩ පැත්තේ දෙල් සහ බලමාලු ජනප්‍රිය ආහාරයක්. ඒ අය කියනවා හරි ඌෂ්ණයිලු, පලු දානවලු. ඒත් ඒවා කන එක නතර කරනවද ඉතින්? නෑනේ නෑනේ. මේ වගේ අසාත්මිකතා ඇති වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති කරන ප්‍රතිචාරයක් විදිහට. අපි ගත්ත ආහාරයක්, ප්‍රෝටීනයක් ශරීරයට අහිතකරයි කියලා වැරදියට අඳුනගන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා මේ ඇලර්ජීස් ඇති වෙනවා.  මේ අපි දැන් කතා කරන්නේ ඒ වගේ ඔබට අපහසුතා ගෙනෙන්න පුළුවන් කෑම කම්බිනේෂන් කීපයක් ගැන.

 

මොන පිස්සුද? මම ඊයේ පෙරේදත් මේවා කෑවනෙ…

මේ සමහර කම්බිනේෂන්ස් ගැන කියවද්දි නම් ඔයාට මෙහෙම හිතෙයි. සමහර කම්බිනේෂන්ස්වලින් ඇලර්ජික් එකක්ම නෙමෙයි ඇති කරන්නේ. ආහාර දිරවීමේ ක්‍රියාවලියෙදි ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා හොඳට කල්පනා කළොත් දවස පුරා ඔයාට  බඩේ කැක්කුම, වාතය පිටවීම, කෙණ්ඩ පෙරලීම, හිසරදය, සමේ ආසාදන, මහන්සිය සහ ඇඟට අමාරු ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ආහාරයක් ගැනීමෙන්  පස්සේ ආහාර ආසාත්මිකතාවයක් ඇති වෙනවා නම් පෙන්නුම් කරන්නේ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ, ඒ කිව්වේ ශරීරය කැසීම, පලු දැමීම, උගුර, ඇස් සහ දිව ඉදිමීම, ඔක්කාරය, වමනය, බඩ යෑම, රුධිර පීඩනය අඩු වීම, කරකැවිල්ල, ක්ලාන්තය වගේ රෝග ලක්ෂණ. මේ ලක්ෂණ ඇති වුණොත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ලංකාවෙදි නම් මෙහෙම ආහාර ආසාත්මිකතාවයක් ඇති වුණොත් ගොඩක් වෙලාවට ගෙදරදි ගොඩ බෙහෙතක් කරලා නිකන් ඉන්නවා. ගොඩක් වෙලාවට තැඹිලි වතුර බීම තමයි ජාතික බෙහෙත.

හරි, අපි එහෙනම් බලමු ඒ විදිහට ආසාත්මිකතා ඇති කරවන්න පුළුවන් කෑම බීම සංයෝග මොනවද කියලා…

 

1. මඤ්ඤොක්කා සහ ඉඟුරු සහිත කෑම

Image Source – woolworths.com

මේක තමයි ප්‍රසිද්ධම විස වෙන්න පුළුවන් කියලා හිතන ෆුඩ් කම්බිනේෂන් එක. මේ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද මඤ්ඤොක්කාවල අඩංගු ලිනමරේස් එන්සයිමය (Linermarase) සමග ඉඟුරු ප්‍රත්‍රික්‍රියා කීරීමෙන් මාරන්තික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ලංකාවේදි මඤ්ඤොක්කා කාලා ඉඟුරු තේ බොන්න එපා කියලා කියන එක තමයි අපේ වැඩිහිටියෝ මතක් කරන්නේ. ඒත් හොඳට කල්පනා කළොත් අපි ගොඩක් වෙලාවට ආහාරවලට රසකාරක විදිහට ඉඟුරු භාවිතා කරනවා. මේ නිසා මඤ්ඤොක්කා සමග ඉඟුරු යෙදපු ආහාරයක් වුණත් නොගෙනම ඉන්නවා නම් වඩා හොඳයි.

 

2. තක්කාලි සුප් සහ චීස්

Image Source – friendlysrestaurants.com

තක්කාලි සුප් අපේ ගෙවල්වල නිතර හැදෙන සුප් වර්ගයක් නොවුණට බොහෝමයක් තරු පන්ති හෝටලවල බුෆේවල තියෙන සුප් වර්ගයක්. හැබැයි අවුල වෙන්නේ තක්කාලි සුප් එක්ක චීස් වර්ග යහමින් දාලා තියෙන ආහාර ගත්තම. තක්කාලිවල අඩංගු අම්ල සහ චීස් අතර ඇතිවෙන ක්‍රියාකාරීත්වය නිසා ආහාර දිරවීමේ අපහසුතාවය ඇති කරන්න පුළුවන්. ඒ නිසා ආපහු දවසකදී තක්කාලි සුප් බීලා ඊට පස්සේ ගන්න ආහාර ගැන පොඩ්ඩක් විතර සැලකිල්ලෙන් හිතන්න.

 

3. කිරි සහ කෙසෙල්

Image Source – tastingtable.com

මේකට නම් අපිට ඔයාලගෙන් බැණුම් අහන්න වෙනවා පිස්සුද යකෝ කියලා. මෙතනදිත් ගැටලුව වෙන්නේ කිරි සහ කෙසෙල්වල ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව වැඩියි. මේ නිසා ආහාර දිරවීමේ ක්‍රියාවලියට අපහසුකම් ඇති කරන්න පුළුවන්. මේ නිසා හොඳම දේ කිරි සහ කෙසෙල් අඩංගු පානයක් පානය කරනවා නම් කරඳමුංගු වගේ දෙයක් ඊටම එකතු කර ගැනීම

 

4. සීරියල් වර්ග සහ ඔරේන්ජ් ජූස්

Image Source – thefoodgroupmn.org

ඕට්ස් වගේ සීරියල් වර්ගයක් එක්ක දොඩම් යුෂ වීදුරුවක් පානය කරන එක දැන් ලංකාවෙත් ජනප්‍රිය උදෑසන ආහාර වේලක් බවට පත් වෙමින් තියෙනවා. නමුත් දොඩම්වල ආම්ලික සංයෝග නිසා සීරියල්වල අඩංගු පිෂ්ඨය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරනවා.

 

5. නිවිති සහ කිරි යෙදූ ආහාර

Image Source – health.harvard.edu

පරිප්පු එක්ක නිවිති කන්න බෑ බෑ බෑමයි කියන සෙට් එකක් අපිට ෆේස්බුක් එකේ හම්බ වෙනවා. ඒ අය නිතරම පරිප්පුවලට නිවිති දැමීමට එරෙහිව මාරාන්තික සටනක නිරත වෙලා ඉන්නේ. ඒත් පරිප්පුයි නිවිතියි කෑවයි කියලා ඔයාට අවුලක් වෙන්නේ නෑ. අවුල වෙන්නේ නිවිති එක්ක. නිවිතිවල අඩංගු ඔක්ස්ලේට් කිරි එක්ක ප්‍රත්‍රික්‍රියා කිරීම නිසා ශරීරයට අපහසුතා ඇති කරනවා.

 

6. සලාද සහ විනාකිරි

Image Source – thespruceeats.com

සමහර අවස්ථාවල සලාදවල ඩ්‍රෙසින් එකක් විදිහට විනාකිරි හෝ ලෙමන් එකතු කිරීම සිද්ධ වෙනවා. විනාකිරි/ ලෙමන්වල අඩංගු ආම්ලිකතාවය නිසා සලාද වගේ කෑම ශරීරයට අවශෝෂණය කිරීම ප්‍රමාද කරනවා. මේ නිසා සලාද සැකසීමේදී විනාකිරි එකතු කීරිමෙන් හැකිතාක් වළකින්න ඕන.

 

7. බේකන් සහ බිත්තර

Image Source – puretasterecipes.com

මේකත් ජනප්‍රිය උදෑසන ආහාරයක්,විශේෂයෙන් බටහිර රටවල. නමුත් මේ ආහාර දිරවීමට ගතවන කාලය වෙනස් වීම සහ දිරවීමට වැයවන ශක්තිය නිසා දවස පුරා සිරුරට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. මේ නිසා බේකන් වෙනුවට තක්කාලි අඩංගු ආහාරයක් එකතු කර ගැනීමෙන් මේ වගේ අපහසුතා මග ඇර ගන්න පුළුවන්.

 

හරි දැන් ඔන්න අපි කියලා දුන්නා අවුල් වෙන්න පුළුවන් කෑම කම්බිනේෂන්ස් කීපයක් ගැන. මීට අමතරව ඔයා දන්න අවුල් වෙන්න පුළුවන් කෑම කම්බිනේෂන්ස් ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න. ඒ වගේම ආටිකල් එක ගැන බුර බුරා නැගෙන අදහස් රිඇක්ෂන් එකක් විදිහට දානවා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. (හැබැයි අපි කොහොමින් කොහොම කිව්වත් මේ කෑම එකට කන එක ඔයාලා නවත්තන්නෙත් නෑ කියලත් අපි දන්නවා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *