ලංකාවේ ජැක්කාරයෝ නොහොත් ජැක්සන්ලා

වර්තමානය වෙනකොට ලංකාවේ ගොඩක්ම කාන්තාවන්ට ප්‍රශ්නයක් වෙලා තියන ලිංගික අසහනකාරයෝ නැත්නම් අපේ වචනෙන් කිවුවොත් ජැක් කාරයෝ වැහි වැහැලා. එහෙම අය එක එක විධි වලින් දැන් ඉන්නවා. ඒ වගේ අය ගැන තමයි අපි අද කියන්න යන්නෙ.

 

1. ඩිරෙක්ට් ජැක්සන්

Image Source – ticotimes.net

බස් එකක හරි කෝච්චියක හරි කාන්තාවක් හිටගෙන ඉන්නකොට, ගියා කෙලින්ම වැඩේට බැස්සා මූඩ් එකේ ඉන්නෙ මේ අය තමා. හීන් නූලෙන් වැඩේ කරගන්න නොදන්නා කම කියන්නත් බෑ.මොකද මේ අය හෙන කොන්ෆිඩන්ස් පිට තමයි වැඩේට එන්ටර් වෙන්නෙ. අනේ පව් ඉතින් පුදනකොටම කාපි යකා කියලා මාට්ටු වෙනවා අදාළ පාර්ශවේට. ඊට පස්සෙ ඉතින් කුඩ පාර තමා. එහෙම නැත්තන් මාට්ටු නොවුණත් වටේ ඉන්න අනෙක් අයට නම් පේනවා කෙනාගෙ වැඩේ. ගොඩක් වෙලාවට ජැක් එකක් බලාපොරොත්තුවෙන්මයි මේ අය බස් වලට කෝච්චි වලට ගොඩ වෙන්නෙ. සමහරු නම් සූදානම් ශරීරයෙන් එන වෙලාවලුත් තියනවා. ඇඳුම් එහෙමෙහෙ කරගෙන, ක්ලාස් යන පොඩි කෙල්ලන්ව වගේම ඔෆිස් යන යුවතියන්වත් ටාගට් කරගෙන මේ අය එනවා. 138 රූට් එක, 17 පානදුර – මහනුවර රූට් එකේ බස් ඉතින් මේවට ප්‍රසිද්ධියක් උසුලන්නේ.

 

2. නිදි ජැක්සන්

Image Source – nairaland.com

බස් එකේ හරි කෝච්චියේ හරි යනකොට අහල පහළ කාන්තාවක් ඉන්නවනම් මෙයාට හරී ලොකු නිදිමතක් එනවා. ඊට පස්සෙ කරේ නැත්තන් ඔලුවෙ හරි වැදි වැදී ඉන්න තමයි බලන්නෙ. හැබැයි ඒ අතරෙ ඇත්තටම නින්ද යන ඩෑලුත් ඉන්නවා. ගොඩක්ම දුර ගමන් යන කෝච්චි වල, බස් වල මේ අය දකින්න පුළුවනි. ඒ වගේම හෙඩ්සෙට් ගහගෙන සින්දු අහන ලයින් එකෙන් වැඩේට බහින උදවියත් නැතුවාම නෙමෙයි. අනේ ඉතින් ගමනාන්තය වෙනකල් අර කාන්තාව ගොඩක් අපහසුවෙන් ඉන්නවා ලැජ්ජාවට.

 

3. සෙකියුරිටි ජැක්සන්

Image Source – nairaland.com

අපේ ආරක්ෂකයා වගේ අපේ පිටිපස්සෙන්  ඉඳගෙන ජැක් එකට සෙට් වෙන අය තමයි මේ. බලන කෙනෙක්ට පේන්නෙ මේ හිටගෙන ඉන්න අය කපල් එකක් කියලා. ඒ තරමට ලං වෙලා ඉන්න පුදුම ට්‍රයි එකක් දෙනවා. අනේ ඉතින් සමහර ගෑණු ළමයිට තේරෙන්නෙවත් නෑ මුන් මේ කරන වැඩේ. එහෙම අයගෙන් ප්‍රයෝජන ගන්නවා වැඩී මෙයාලා. කොහොමහරි පිටිපස්සෙන් ඇවිත් ජැක් එක ගහන්නයි බලන්නෙ. ඒ වගේම බස් එකේ ඉඳගත්තම ලඟින්ම හිටගෙන ඉන්න ජැක්සන්ලත් ඉන්නවා. කොන්දොස්තර ඉස්සරහට යන්න කිව්වට යන්නෙ නෑ හරියට එයා අපේ වගේ. ඒ විදිහට ඉන්නෙ නිකන් නෙමෙයි කියලා දන්නවනේ ඉතින්. මේ වගේ වෙලාවක නම් හීල් එකක් දාලා ඉන්න කාන්තාවන්ට කරන්න තියෙන්නෙ කකුල හොඳට බලලා පාගන එක. එතකොට කොහොමද සැප?

 

4. චැට් චැට් ජැක්සන්

Image Source – observers.france24.com

මෙන්න නියම සෙට් එක. කපටිකමින් නොදන්න කාන්තාවන්ව කතාවට අල්ලගන්නවා. ඊට පස්සෙ තමුන්ගෙ අරමුණ ඉෂ්ඨ කරගන්නවා. අර මනුස්සයා ඉතින් මේ මනුස්සකමට කතා කළානේ කියලා හිතලා මොන දේ උනත් සද්ද නැතුව ඉන්නවා. ඒ වගේම බ්‍රේක් කරද්දි හදිසියේ වැටෙනවා කියලා පෙන්නමින් බස් ඩ්‍රයිවර්ටත් බැණ බැණ තමයි මෙයාලා ඉන්නෙ. ලංකාවේ බහුතරයක් කාන්තාවන් මේ තත්ත්වෙට පත් වෙන්නෙ ඉවසගෙන, දරාගෙන සද්ද නොකර ඉන්න නිසා. ඒ අතරේ ගේම ඉල්ලන අයත් නැතුවාම නොවේ.

 

5. ලකී ජැක්සන්

Image Source – dailymotion.com

හීහී… එහෙම කියන්නෙ ඇයි දන්නවද? මේ අයට අහුවෙන කාන්තාවනුත් මෙයාලටම හරියන උන්දැලා වීම. මාර සපෝටිව්. එයාලත් දීගෙන යනවා ඉතින්. එතකොට එතන වෙන දේවල් ඉතින් බස් වල කෝච්චි වල නිතර යනෙන අයට නම් නුපුරුදු දසුන් නෙමෙයි. ඇමක් බලාගෙන ගොඩ වෙන දෙපාර්ශවයම ඉතින් මේ ගණයට තමයි වැටෙන්නෙ. මේ සීන් එක කෝච්චි වල යන අයනම් හොඳට දන්නවා. ඒ වගේම එහෙම එක්ස්පීරියන්ස් තියන කොල්ලො කියන කතා ඇහුවම එපා වෙනවා. ඔය පොඩි ළමයි එහෙම අරන් යද්දි කල්පනාවෙන් හොඳේ.

 

6. හොල්මන් ජැක්සන්

Image Source – yamu.lk

ඒ කියන්නෙ ගාණට වැඩේ කරලා මොකුත් නොදන්න ගාණට ඉන්න අය. ඔය වැදගත් කියන කැටගරි එකේ ඉන්න, ඒ වගේම ඒ විදියට ඇඳලා පැළඳලා ඉන්න අය තමා මෙහෙම කරන්නෙ. මේ අයව මාට්ටු උනත් එයාලා නෙමෙයි ගාණට තමයි ඉන්නෙ. සීට් එකක ඉඳගෙන ඉන්නවානම් එයාලගෙ ඔලුව තියෙන්නෙ වෙන කොහෙවත් අතපය තියෙන්නෙ හැබැයි අනික් පාර්ශවය ලඟ. ගොඩක් වෙලාවට එහෙම කරනකොට මෙයාලට නින්දත් යනවා. ඔය පොඩි ළමයි එහෙම කල්පනාවෙන් යන්න අසාමාන්‍ය විදියට අත පය වදිනකොට. මෙහෙම වෙලාවට එක්කො කුඩේ අතට ගන්න නැත්තන් පොඩි ආය කට්ටක් තියාගෙන ලෝබ නැතුව අහුවෙන තැනකට ඇනලා දාන්න.

 

7. තද තද ජැක්සන්

Image Source – youtube.com

මේ කියන්නෙ සෙනග පිරුණු බස් හරි කෝච්චිවල හරි යනකොට හිරවෙන එකෙන් උපරිම ආතල් ගන්න කොට්ඨාසය. ඇත්තටම හිර වෙලා යනකොට ඇඟවල් හේත්තු වෙන එක වෙනම දෙයක්. නමුත් එහෙම තදබද වෙලාවෙදිත් හේත්තුව දාගෙන යන්න ට්‍රයි කරන එක තව දෙයක්නේ. ඇත්තටම එහෙම උවමනාවක් නැති මනුස්සයා කොහොමහරි බලන්නෙ ඒ කාන්තාවට අපහසුවක් නොවෙන විදියට ඉන්නයි. ඒත් ඉතින් අර අර අනික් කස්ටිය, ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු. එහෙම හේත්තුව දාගෙන ඉන්න අතරෙ කාන්තාවට හරි ඒ ගෑණු ළමයට හරි මාට්ටු උනාම මෙයාලාගෙ ඊළඟ ඔප්ශන් එක තමයි එක්කො ඒ ළමයට බනින එක. ගොඩක් උන් කියන කතාවක් තමයි “හිර වෙලා යන්න බැරි නම් තමුන්ටම කියලා වාහනයක් ගන්න” කියන එක. එතකොට කෙල්ලනේ මොකද්ද දන්නවද කියන්න ඕනේ. “මං වාහනයක් ගන්නම්… ඊට කලින් ඔයා ගෑණියෙක් ගන්න කියලයි”.

තරුණ, වයසක කියලා භේදයක් නැතිව කාන්තාවන් බොහෝ අවස්ථාවල පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළෙ පීඩාවට පත්වෙනවා. මේක මතුපිටින් දකිනවාට වඩා ඉතාම බරපතළ කාරණයක්. වැඩි දෙනෙක්ගේ අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක් මේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *