ගැහැණු අපිට ගියාම එන්න හිතෙන්නෙ නැති ප්ලේසස් 7ක්

කාන්තාවන් කියන්නෙ ඉතිං ශොපින් කරන්න උපන් හපන්නුනෙ. අද අපි කියන්නෙ කාන්තාවන්ට ගියාම එන්නවත් හිතෙන්නෙ නැති තැන් කිහිපයක් ගැනයි. බලන්න ඔයාලටත් එහෙම හිතිලා තියෙනවද කියලා මේ තැන් වලට ගියාම.

 

1. මන්ජරී

Image Source – facebook.com

නුගේගොඩ නිතර යන එන කෙනෙක් නම් මන්ජරී එකට එක පාරක්වත් ගොඩ වෙලා ඇති. පිවිසුමේ ඉඳලා අපේ වචනෙන් කිව්වොත් පිස්සු වැටෙන තරමේ නානාප්‍රකාර බඩු ගොඩකින් සමන්විත මන්ජරී එකේ කාන්තා හා පිරිමි ඇඳුම්, ෆැශන් ඇක්සසරීස්, ලී බඩු, ගෘහ උපකරණ, මුලුතැන්ගෙයි උපකරණ, කේක් අලංකරණය බඩු, බේකින් ටූල්ස්, හාඩ්වෙයා ටූල්ස්, ස්ටේශනරි, බේබි අයිටම්ස් මෙකී නොකී හැම දෙයක්ම එකම වහලයක් යටින් ගන්න පුළුවන්. සෙල්ලම් බඩු එහෙම ගොඩක් අඩුවට මේකෙන් ගන්න පුළුවනි. ශොපින් කරන ගමන් බඩගිනි  උනොත් කොෆී ශොප් එකකුත් ඇතුළෙම තියනවා. අඟහරුවාදා හා බදාදා ඇරුණම අනික් හැම දවසකම උදේ 9 ඉඳලා රෑ 8 වෙනකල් ශොපින් කරන්න පුළුවන් වගේම වාහන වල යන අයට බය නැතුව වාහනේ පාක් කරන්න ලොකු බේස්මන්ට් ෆැසිලිටි එකකුත් තියනවා.

මෙන්න තැන –

 

2. ලේඩි ජේ

Image Source – ladyj.lk

බොරැල්ල කිව්වොත් ලේඩි ජේ එක නොදන්න කෙනෙක් නෑනෙ. ඇඳුම් විලාසිතා වලට ප්‍රසිද්ධ ලේඩි ජේ එකේ ඇඳුම් විතරක් නෙමෙයි හවුස්හෝල්ඩ් අයිටම්ස්, ඉලෙක්ට්‍රික් බඩු, කිචන් අයිටම්ස් වගේම ෆැන්සි අයිටම්ස් වලටත් ලොකු ඒරියා එකක් වෙන් කරලා තියනවා. සපත්තු, බෑග් වර්ග වගේම බේබි අයිටම්ස් හැමදෙයක්මත් තියනවා. ඒ වගේම ලේඩි ජේ එකේ තියෙන විශේෂත්වය ඒකේ හැම බඩුවක්ම සාධාරණ මුදලකට තියන එක. සාරි උනත් හරිම ලාබෙට ගන්න පුළුවනි. ඒ වගේම අවුරුද්දත් ළඟ ළඟම එන නිසා නෑදෑයින්ට, පොඩි දරුවන්ට තෑගි ගන්න කියාපු ප්ලේස් එක. සඳුදා ඇර අනික් හැම දවසම උදේ 9.30 ඉඳලා රෑ 8 වෙනකල් විවෘතයි. මහරගමත් අලුතින් ලේඩි ජේ ශාඛාවක් ඇරඹුනා බොහොම මෑතකදි.

මෙන්න තැන – 

 

3. ගාල්ලෙ කොටුවෙ කඩේ

Image Source – matarabusiness.com

මන්ජරී, ලේඩි ජේ ශොප්ස් වල අයිතිකාරයින්ගෙම පළවෙනි ශොප් එක තමයි මේ ගාල්ලෙ කොටුවෙ කඩේ. මේක දැන් සවින්දි නමිනුත් තියනවා. මුලින්ම ගාල්ලෙ කොටුවෙ රෙදි අලවි කරලා එතනින් ජීවිතේ පටන් ගත්තු යුවලකගෙ දහඩිය මහන්සියෙන් තැනුණු පළවෙනි කඩේ තමයි මේ. දශක ගාණක් තිස්සෙ ගාල්ලටම එකයි නාමය දිනාගෙන ඉන්න කොටුවෙ කඩේ නැති දෙයක් නැති තරම්. ඒක අපිට වඩා දකුණෙ අය නම් දන්නවා ඇති. ඒ වගේම කොටුවෙ කඩේ නමින් මාතර හා නුවරත් මේ වගේම ශොප්ස් තියනවා.දවස් 365ම පැය 24ම ඇරලා තියෙන කඩයක් නම් ඒ කොටුවෙ කඩේම තමයි.

මෙන්න තැන – 

 

4. ගුණසේකර – අනුරාධපුරය

Image Source – google.com

රජරටටම තියන ලොකුම ශොප් එකක් තමයි මේ. ඒ පැත්තෙ අය නම් මේකෙ වටිනාකම හොඳටම දන්නවා ඇති. මේකෙ පොත් පත්, කිචන් අ‍යිටම්ස්, ප්ලාස්ටික් බඩු, හෝම් ඩෙකරේශන්ස්, නත්තල් ගස් වගේ අඩු මුදලට ලබාගන්න පුළුවන්. ගොඩක්ම තැන දීලා තියෙන්නෙ ස්ටේශනරි වලට තමා. ඒත් අනික් බඩුත් සෑහෙන තරමට තියෙනවා. ඔයා අනුරාධපුරයේ ඉන්න කෙනෙක් නම් මේකට ගිහිල්ලම බලන්නකෝ. සතියෙ දවස් හතම උදේ 9 ඉඳලා රෑ 8 වෙනකල් ඇරලා තියනවා.

මෙන්න තැන –

 

5. රංජන් ලංකා

Image Source – mapio.net

ගම්පහ ප්‍රදේශයේ තියන විශාලතම මාකට් ස්ටෝර් එක තමයි මේ… මහල් 5කින් සමන්විත මේකෙ පහල මාලයෙන් පටන් ගත්තොත් එළවළු, පළතුරු, කෑමබීම වල ඉඳලා ඇඳුම්, සාරි, සපත්තු, බෑග්ස්, සොවින්ග් අයිටම්ස්, හෝම් ඩෙකෝර්ස්, ගාඩ්න් ටූල්ස්, ඉලෙක්ට්‍රික් බඩු වගේ බඩු ගොඩක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම රෙදි වර්ග,සාරී වර්ග, සෙල්ලම්බඩු සහ ස්පෝට්ස් අයිටම්ස් එහෙමත් ගොඩක් තියනවා. සතියේ දවස් වල, සෙනසුරාදා උදේ 7 ඉඳලා හවස 6 වෙනකල් හා සිකුරාදා  උදේ 9.30 ඉඳලා හවස 6 වෙනකලුත් විවෘතයි.

මෙන්න තැන – 

 

6. පෙන්ගුයින්

Image Source – penguintoys.lk

පෙන්ගුයින් කිව්වොත් ඉතින් කාටත් මතක් වෙන්නෙ සෙල්ලම්බඩු තමා. මේක සෙල්ලම්බඩු රාජධානියක් කිව්වොත් වැරදි නෑ. ඒ තරමට ආස හිතෙන එක එක ජාතියෙ සෙල්ලම්බඩු ගොඩාක් තියන තැනක් මේක. වැරදිලාවත් ඔයාලා බබාලව එක්කන් ගියොත් එයාලව මෙතනින් ගේනවා බොරු. බෝනික්කන්ට වෙන්වුණු බේස්මන්ට් එකක් වගේම බෝයිස්ලාගෙ සෙල්ලම්බඩු තියන ලොකු  ඒරියා එකකුත් තියනවා. සෙල්ලම්බඩු විතරක් නෙමෙයි මේකෙ හවුස්හෝල්ඩ් අයිටම්ස්, ස්ටේශනරි, පොත් බෑග් එහෙමත් වෙනමම ෆ්ලෝර් වල තියෙනවා. මේන් ස්ට්‍රීට් එකේ ගිහින් සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකට ගිහින් එතනින් ප්‍රින්ස් ස්ට්‍රීට් එකට යන්න. සතියේ දවස් වල හා සෙනසුරාදා උදේ 9 ඉඳලා හවස 6 වෙනකල්  ඇරලා තියනවා. ඉරිදා නම් වහලා.

මෙන්න තැන – 

 

7. තිලක්මා සිටි

Image Source – foursquare.com

මහාබාගේ පිහිටලා තියෙන තිලක්මා සිටි එකත් වත්තල ජාඇල ඒරියා එකටම තියන සුපිරිම ශොප් එකක්. අවුරුදු කාලෙට, නත්තල් කාලෙට සුපිරිම ඩිස්කවුන්ට් දෙන තැනක් තමයි මේ. නත්තල් ගස් එහෙම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. සෙල්ලම්බඩු, බෑග්, හෝම් ඇප්ලයන්සස්, ස්ටේශනරි, කිචන් ඇන්ඩ් බේක් අයිටම්ස් වගේ ගොඩාක් බඩු එකම තැනකින් ලාබෙට ගන්න පුළුවන් නම් ඒ තිලක්මා සිටි තමා. ගොඩක්ම කාන්තාවන් අතර තිලක්මා සිටි එක ජනප්‍රිය වෙලා තියෙන්නෙ විවිධ මාදිලියේ දේවල් සහ උපකරණ ගොඩක් අඩුවට මේකේ ගන්න තියෙන නිසයි. සතියේ දවස් 7ම  උදේ 9.30 ඉඳලා රෑ 9.30 වෙනකල් ඇරලා තියනවා.

තැන මෙතැන – 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *