තෝරලා බලලා හොඳ වයින් බෝතලයක් ගන්න කොළඹ අවට තියෙන තැන් කීපයක්!

වයින් කියන්නේ මධු ලෝලී හැමෝගේම ෆේවරිට් එකක් නෙවෙයි. හැබැයි වයින් රස දන්න, වයින් සංස්කෘතිය අඳුනන අයට වයින් කියන්නේ ආගමක්. හැබැයි ඉතින් තමන්ගේ හිතට, දිවට ගැලපෙන රස අනුව, තමන්ට ඕන ඇල්කොහොල් ප්‍රමාණය අනුව, ඒ ඒ වෙලාවට වයින් එක්ක ගන්න කෑම වලට අනුව හොඳටම ගැලපෙන වයින් බෝතලයක් තෝරගන්නවා කියන්නේ සෑහෙන ගේමක්. ඒකට වයින් කියන සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න වුවමනායි. හැබැයි ඉතින් එහෙම සබ්ජෙක්ට් එක දැනගත්තත්, වයින් වර්ග දෙකක් තුනක් තියෙන ෆුඩ් සිටියකින් හරි වයින් ස්ටෝර්ස් එකකින් හරි වයින් බෝතලයක් තෝරගන්න එක ඊටත් වඩා ගේමක්. අන්න ඒ නිසා වයින් බෝතලයක් තෝරගන්න නම් අපි යන්න ඕන වයින් ස්ටෝර්ස් එකකට නෙවෙයි, වයින් විතරක් විකුණන්න තියෙන වයින් ෂොප් එකකට. දැන් අපි කියන්න යන්නේ කොළඹ අවට තියෙන අන්න ඒ විදියේ වයින් ෂොප් කීපයක් ගැන.

 

1. Arpico Super Center – Union Place

Image Source – sundayobserver.lk

යුනියන් ප්ලේස් එකේ තියෙන ආපිකෝ සුපර් සෙන්ටර් එක ප්‍රසිද්ධ ඒකේ නැති දෙයක් නැති නිසා. කොටි වලස්සු, වාහන පාට්ස් විතරයි නැත්තේ. ඉතින් ඔය ආපිකෝ එක ඇතුළේ තියෙනවා වයින් ස්ටෝර්ස් එකක්. ඒකේ සියේට අසූවක්ම වෙන් වෙලා තියෙන්නේ වයින් වලට. තෝරගන්න සෑහෙන්න වයින් වර්ග තියෙනවා විතරක් නෙවෙයි, අලුතින් මාකට් එකට එන වයින් වර්ග එහෙමත් තියෙනවා. එතකොට හොඳ වයින් බෝතලයක් තෝරගන්න එතන වැඩකරන අයත් අපිට උදව්වක් කරයි.

තැන:

 

2. House of Wines

Image Source – yamu.lk

කොල්ලුපිටිය පැත්තට යන කොට මල් පාරේ තියෙන හවුස් ඔෆ් වයින්ස් කියන්නේ නියමම වයින් ෂොප් එකක්. එතන තියෙන්නේ වයින් සහ ස්පාර්ක්ලින් වයින් විතරයි. ඇත්තටම මෙතනින් වයින් එකක් ගන්න යන එකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ඉතාම අඩු මිලක ඉඳලා ඉහළ මිළ ගණන් වෙනකල් සෑහෙන්න රේන්ජ් එකක පැතිරිලා තියෙන වයින් වර්ග නිසා තමන්ගේ බජට් එකට හරියන්න එකක් ‍තෝරගන්න පුළුවන්. ඒ වගේම තමන් වයින් ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක් වුනත්, තමන්ට අවශ්‍ය මොන වෙලාවට බොන්නද, තමන්ට ඕන රස මොකද්ද, මොන කෑමක් එක්කද වයින් බොන්නේ, කීයකට වගේද හොයන්නේ කියන තොරතුරු ටික එතන ඉන්න කෙනෙක්ට කිව්වහම, ඔය ඔක්කොම සලකලා බලලා හරියනම වයින් එක ‍තෝරලා දෙයි.

තැන:

 

3. Victorias Fine Wines & Spirits

Image Source – google.com

කාට හරි තෑග්ගක් දෙන්න ලෙවල් එකක වයින් බෝතලයක් තෝරගන්න වුවමනා නම් මේක හොඳ තැනක්. එහෙම කියන්න හේතුව මේකයි. අපි කතා කරලා තියෙන අනික් තැන්වලත් බජට් එකේ ගාණට ඉඳලා වැඩි ගණන් දක්වා මිලකට ගන්න පුළුවන් ඉතා හොඳ වයින් වර්ග තියෙනවා. හැබැයි මෙතන ටිකක් ගණන් වැඩි වෙන පැත්තට විතරයි තියෙන්නේ. හැබැයි ගණන් වැඩි බෝතල් වුනාට මේ අය ගාව බොහොම ලොකු වයින් එකතුවක් තියෙනවා. ඒ නිසා තෝරගන්න තියෙන ඔප්ෂන්ස් ප්‍රමාණයත් වැඩියි. කොටුවේ ඉඳලා නවලෝකේ පැත්තට යනකොට කොම්පඤ්ඤවීදියේ තමයි තැන තියෙන්නේ.

තැන:

 

4. Fine Spirits

Image Source – finespiritsretail.com

නිතර දකින්න නොලැබෙන වයින් වර්ග ගැන දැනකියාගෙන බෝතලයක් ගන්න වුවමනා නම් දෙකක් නෑ, මෙන්න තැන. ඇත්තටම මේ අයගේ වෙබ් සයිට් එකට ගිහිල්ලා වුනත් හිතට අල්ලන වයින් බෝතලයක් සර්ච් කරලා තෝරගන්න පුළුවන්. එහෙම නැතිනම් යුනියන් ප්ලේස් එකේ තියෙන ෂොප් එකට ගිහිල්ලා වයින් බෝතල් දිහා බලලා තෝරගන්නත් පුළුවන්. මෙතන තියෙන සිලෙක්ෂන් එක එකක් හරිම වර්ණවත් ගතියක් තියෙනවා. අනික් එක සාමාන්‍යයෙන් දරන්න පුළුවන් බජට් මිලක ඉඳලා ඉහළ මිල ගණන් වලට යනකල්ම තියෙනවා.

තැන:

 

5. WS23

Image Source – ws23.lk

මේ අයගේ වෙබ් සයිට් එකට ගිහිල්ලත් එතන තියෙන වයින් වර්ග වලින් හිතට අල්ලන, සාක්කුවට ගැලපෙන එකක් ‍තෝරගෙන ඩිලිවරි එකක් දාගන්න පුළුවන්. හැබැයි ඉතින් ලංකාවේ හැම කොණකටම ඩිලිවර් කරනවද කියලා නම් ටක්කෙටම කියන්න බෑ. ඒක කතාබහ කරගන්න එක හොඳයි. එහෙම නැතුව ෂොප් එකටම ගිහිල්ලා ගන්න ඕන නම් යන්න ලිබර්ටි ප්ලාසා එකට. ඒකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා මේ අයගේ ෂොප් එක. ඇත්තටම ඉස්සරට වඩා බොහොම හොඳ වයින් කලෙක්ෂන් එකක් මේ අය ගාව තියෙනවා. ඒ වගේම හොඳ විවිධත්වයකුත් තියෙනවා. ගණන් වුනත් ලොකු අවුලක් නෑ.

තැන:

 

6. Sugar Bistro & Wine Bar

Image Source – sugarcolombo.com

ඇත්තටම මේක ගිහිල්ලා කෑම ටිකක් කාලා එන්න පුළුවන් බිස්ට්‍රෝ එකක්. එහෙනම් ඇයි අපේ ලිස්ට් එකට මේක ගත්තේ? ඒකට හේතුව මේ අය ගාව වයින් සෙලර් එකකුත් තියෙන නිසා. ඒ වයින් සෙලර් එකේ වයින් සිය ගාණක් නැතත්, තරමක් ඉහළ වටිනාකමකට අලෙවි වෙන, ඉහළ මට්ටමේ කොලිටියක් තියෙන, හොඳ රසක් තියෙන, විවිධ වයින් වර්ග ගණනාවක්ම තියෙන නිසා. සාමාන්‍යයෙන් කෑමත් එක්ක වයින් වීදුරුවක් අරගන්න පුළුවන්. මේක හොඳ අවස්ථාවක් සම්පූර්ණයෙන්ම බෝතලේ ගෙදර ගෙනියන්න කලින්. දැන් ඒ වයින් වීදුරුවට කැමති නම් ඔන්න බෝතලයක්ම ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි කලිනුත් කියපු විදියට ගණන් නම් පොඩ්ඩක් වැඩි පැත්තට බරයි.

තැන:

 

7. Wineworld.lk

Image Source – Wineworld.lk

වයින් වර්ල්ඩ් කියන්නේ ඇත්තටම වෙබ් සයිට් එකක්. හැබැයි බොන වයසේ ඉන්නවා නම් වෙබ් සයිට් එකට ගිහින් හොඳ සෝදිසියක් දාලා, තමන්ට අල්ලන වයින් එකක් තෝරගන්න පුළුවන්. වයින් ගැන එහෙමට දැනුමක් නැතත් ලේසියෙන් තෝරගන්න පුළුවන් විදියේ ක්‍රමේකට වයින් වර්ග ටික වෙබ් සයිට් එකේ පෙන්නලත් තියෙනවා. ඊට අමතරව රතු, සුදු, රෝස් විදියට වගේම, වයින් වර්ග, වයින් බ්‍රෑන්ඩ්, හදපු රටවලට අනුවත් වෙන් කරලා තියෙන නිසා ලේසියි. දැන් මෙහෙම තෝරගෙන සල්ලි ගෙව්වට පස්සේ ඉන්න තැනටම දෙයියනේ කියලා වයින් බෝතලේ ගෙන්නගන්න පුළුවන්.

තැන: Wineworld.lk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *