කෙල්ලො ගැන ඉගෙනගන්න සහ කෙල්ලො සෙට් කරගන්න ටිප්ස් දෙන යූටියුබ් චැනල්

මේ ආටිකල් එක ගෑණු ළමයි කියවන එකෙන් වාසියකට තියෙන්නෙ ඒ අයට මේ ගුණ්ඩු වලින් ගැලවිලා ඉන්න පුළුවන් වීම විතරයි. අපි මේ කියන්නෙ ලවු කරන්න කෙල්ලෙක් හොයාගන්න පුළුවන් විදිය සම්බන්ධයෙන් ටිප්ස් ලබාදෙන යූටියුබ් චැනල් ටිකක් ගැනයි. දැන් මෙහෙම කිවුව ගමන් මෙවුව වැඩක් නෑ කියල කට්ටිය කිවුවට හැමෝම මේවට ගිහින් බලන විත්තිය අපි දන්නව. ඇත්තටම ඔයාගෙ ඩේටින් ජීවිතේ සාර්ථක මට්ටමක තිබුනත් මේවා බලන එකේ වාසිය තියෙන්නෙ මේවයින් විනෝදයක් වගේම පෞරුෂ වර්ධනයට පොඩි පොඩි ටිප්ස් ලැබෙන නිසායි. ඒ අදහසත් ඔලු​වේ තියාගෙනම මේ වීඩියෝ චැනල් ටික නරඹන්න අපි ආරාධනා කරනවා.

 

1. ලෝගන් පෝල්

Image Source – studybreaks.com

අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ලෝගන් පෝල් ගැන යූටියුබ් එකේ කරක් ගහපු ගොඩක් දෙනෙක් දන්නවා. ආන්දෝලනාත්මක චරිතයක් වෙච්ච ලෝගන් පෝල් කියන්නෙ ඇඟ පත හදලා ලස්සනට ඉන්න කොල්ලෙක්. මිලියන් 18ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ලෝගන් පෝල්ගෙ චැනල් එ​කේ වීඩියෝ අතරෙ ගෑණු ළමයි ගැන කතාත් එමටයි. කෙල්ලෙක්ට කතා කරන්නෙ කොහොමද? නම්බර් එක ඉල්ලගන්නෙ කො​හොමද? බය වුනොත් මොකෝ වෙන්නෙ? වගේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලෝගන් පෝල්ගෙ වීඩියෝ ඇතුළෙ තියෙනවා. ලෝගන් පෝල් කියන්නෙ හොඳ කොමඩි සෙන්ස් එකක් තියෙන පොරක් නිසා ඒ චැනල් එකේ අනිත් වීඩියෝත් බලාගෙන ඉන්නට කිසිඳු අපහසුතාවයක් ඇත්තේ නැහැ.

 

2. ඒඩ්‍රියන් ජී

Image Source – youtube.com

ඒඩ්‍රියන් ග්‍රෂ්කා කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ කොල්ලෙක්. පොර ප්‍රධාන වශයෙන් පොරගෙ යූටියුබ් ඉඩ ඇතුළෙ කතා කරන්නෙ පෞර්ෂය හදාගැනීම කියන දේ ගැන සහ ගෑණු ළමයි ගැන. පෞර්ෂය හදාගැනීම ගැනත් වැදගත් සටහන් තිබුනත් අපි කතා කරන මාතෘකාවට අදාළ ටික ගැන අපි කතා කරමු. එයා ගෑණු ළමයි ගැන කරන වීඩියෝ වර්ග දෙකක් තියෙනවා. එකක් කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලගන්න ජිමික් එකක් දාන්නෙ කොහොමද කියන එක. අනික ගෑණු ළමයි දරන මත. උදාහරණයකට පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රයේ දිග ඇයට ප්‍රශ්නයක්ද? පිරිමියෙකු මුණගැසෙන පළමු දිනයේදීම ඔහු සමග යහන්ගත වෙනවාද? ඔබ සතුව කොන්ඩම් එකක් නිතර ළඟ තියෙනවාද? වගේ ප්‍රශ්නවලට මත විමසුම් ඔහු විසින් සිදුකරනවා.

3. ද ලේඩීස් කෝච්

Image Source – facebook.com

කෙල්ලො ගැන කෙල්ලෙක් තරං වෙන දන්නෙ කවුද? මේ වීඩියෝ චැනල් එකේ තියෙන්නෙ ගෑණු ළමයෙක් කරන වැඩසටහන් කිහිපයක්. ඒවා තරුණියන් වෙනුවෙන්ම නිපදවූ ඒවා වුනත් ගෑණු හිත තේරුං ගන්න ඒවා බලන එක අතිශය වැදගත්. පිරිමියෙක් සමග ලිංගිකව එක්වෙන්න සුදුසුම අවස්ථාව තීරණය කරන්නෙ කොහොමද? වගේ දේකට පොදු උත්තර නැහැ. හේතුව සරළයි. ගෑණු හැමෝම එක වගේ නෑ. අන්න ඒ වගේ වෙනස් ප්‍රශ්නවලට වෙනස් විදියට විසඳුම් හොයාගන්න මේ කදිම චැනල් එකක්.

4. As/Is

Image Source – sfwallpaper.com

මේක BuzzFeed එකෙන් කරන යූටියුබ් චැනල් එකක්. කාන්තාවොන්ගේ දේවල් බොහෝමයක් කතාවෙන නිසා මේ චැනල් එකෙන් පිරිමින්ට ගන්න තියෙන දේවල් අතිශය ඉහළයි. ඒ ව​ගේම මේක ඇතුළෙ සෙක්ස් පැත්තටම බර කන්ටෙන්ට් විතරක් නැතුව ජීවිතය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් විදියෙ මාතෘකා බොහෝමයක කතා සිද්ධ වෙනවා. ඒ වගේම කෙල්ලොන්ගෙ පුංචි පුංචි තරග වගේම චැලෙන්ජස් වගේ දේවලුත් මේකෙ තියෙනවා. ඒවා අස්සෙ හැංගිලා තියෙන ගෑණු ගති ගැන ඔලුවෙ තියාගන්න එක කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න ලොකුවටම උදවුවක් වේවි.

 

5. ලෙට්ස් ගෙට් ගර්ල්ස්

Image Source – youtube.com

මේ යූටියුබ් චැනල් එ​කේ නමේම තියෙනවනෙ වැඩේ ගැන. මේ චැනල් එක තනිකරම අරමුණු කරගන්නෙ ගෑණු ළමෝගේ ආකර්ෂණය දිනාගන්නෙ කෙසේද කියන දේ ගැනයි. ලස්සන කෙල්ලො සෙට් කරගන්නෙ කොහොමද? සල්ලි වගේ බාහිර සාධක නැතුව අතිශය ස්වභාවික විදියට කෙල්ලෙකුට අප්‍රෝච් කරන්නෙ කොහොමද? වගේ අතිශය සියුම් මිනිස් හැසිරීම් එක්ක යන තියරි ටිකක් තමයි මේ යූටියුබ් චැනල් එකේ කියා දෙන්නෙ. කාන්තාවක් කෙටි කාලයකින් යාලු කරගන්නෙ කොහොමද? ඇය හා යහන්ගත වීමට අවසර පතන්න තරම් හිතට ගැම්මක් ගන්නෙ කොහොමද? වගේ බේසික් දේවල් පවා මේ යූටියුබ් චැනල් එක කියාදෙනවා.

 

6. වයිටලයිස්ඩ්

Image Source – tubefilter.com

වයිටලයිස්ඩ් කරන්නෙ රෂියන් කොල්ලෙක්. එයාගෙත් තියෙනව හරි හරි වැඩ. ගැහැණුන් සම්බන්ධයෙන් අතිශය කුතුහලය වඩන ආකර්ෂණීය මාතෘකා සපිරි වයිටලයිස්ඩ් ටීවී යූටියුබ් චැනලයේ දකුණු අප්‍රිකාවෙ කෙල්ලො සෙට් කරගන්නෙ කොහොමද? වගේ විශේෂිත පැතිවල වීඩියෝත් තියෙනවා. මේ ඔක්කොම එක්ක ප්‍රෑන්ක් එහෙමත් තියෙන නිසා ඒවා බලලා විනෝදයක් ලබන්නත් පුළුවන්. කාන්තාවො සම්බන්ධයෙන් උපදෙස් වගේම එය ඉදිරිපත් කරන විදිය නිසාත් වයිටලයිස්ඩ් චැනල් එක ඉදිරියෙන් තියෙන බව කිව හැකියි.

 

 

7. දැට් වෝස් එපික්

Image Source – youtube.com

දැට් වෝස් එපික් කියන යූටියුබ් චැනල් එකේ වීඩියෝස් ලැයිස්තුවට ගියාම ලස්සන ගෑණු ළමයෙක් නැති වීඩියෝ තම්බ්නේල් එකක් නැති තරම්. ඒ තරමටම ඒ චැනල් එකේ විවිධ පරාසයන්ගෙන් ගැහැණුන් ගැන කතා කරනවා. ගැහැණුන් ගැන කතා කරනවාටත් වඩා ගැහැණුන් ගැන අදහසක් ගන්නට හැකි විදියේ එක්ස්පෙරිමන්ට් වීඩියෝස් මේ චැනල් එකේ තියෙනවා. ඒ දේවල් එක්ක හරි හරියට ප්‍රෑන්ක් එහෙමත් තියෙන නිසා බලලා හිනා වෙන්නත් පුළුවන්. මෙයාගෙ ප්‍රසිද්ධම වීඩියෝ එකක් වෙන දුටු වනම ආදරේ හිතුනා කියලා ගෑණු ළමයෙකුට කියන ප්‍රෑන්ක් එක, ගෑණු ළමයි ගැන විවිධාකාර අදහස් මතු කරවන වීඩියෝවක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *