කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක අනිවා තිබිය යුතු, එකිනෙකට වෙනස් වීඩියෝ ගේම් 7ක්!

ඇත්තටම ස්මාට්ෆෝන් එකක් කියන්නේ තවදුරටත් කෝල්ස් ගන්න විතරක් හදපු ගැජට් එකක් නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙන්නේ දැන් කාලේ ස්මාට්ෆෝන් එකකින් සෑහෙන්න සන්නිවේදන, විනෝදාස්වාද, වෘත්තිමය වැඩකටයුතු ගණනාවක් කරගන්න එක. ඒ අතරේ ඕන නම් කෝල් එකකුත් ගන්න පුළුවන්!

දැන් ඔය විනෝදාස්වාද කියන කෑල්ල ආවහම අපිට ස්මාට්ෆෝන් ගේම්ස් අමතක කරන්න බැහැ. ඉස්සර පොඩි පහේ ෆෝන් වල තිබුණු ස්නේක්, බවුන්ස්, ටෙට්‍රිස් වගේ ගේම්ස් නෙවෙයි දැන් ස්මාට්ෆෝන් වල තියෙන්නේ. පරිගණක ක්‍රීඩා, කොන්සෝල් වීඩියෝ ක්‍රීඩා වගේම බොහොම සංකීර්ණ ක්‍රීඩාවන්.

දැන් කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් ගේම්ස් කීපයක් තියෙනවා. හැබැයි අද අපි කියන්න යන්නේ අනිවාර්යයෙන්ම කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක තියෙන්න පුළුවන් විදියේ ගේම්ස් වගේම, අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා අපි කියන ස්මාට්ෆෝන් ගේම්ස් කිහිපයකුත් ගැන. මේ එක් එක් ගේම්ස් එකිනෙකට වෙනස්. අන්න ඒ නිසාම කොල්ලෙක්ට කෙල්ලෙක්ට කම්මැලි කම යන්න ගහන ගේම් එකක් විදියට වගේම, ඊට එහාට ගියපු අත්දැකීමුත් ලබාදෙන විවිධ ගේම්ස් එකතුවක් වෙයි මේ ලිස්ට් එක!

 

1. PUBG

Image Source – timesnownews.com

ඇයි අපේ ලිස්ට් එකේ මුලටම PUBG තියෙන්නේ? හේතුව සරලයි. PUBG කියන්නේ ගේම් එකක් නෙවෙයි, ආගමක්! PUBG ගහන හාදයෙක් දන්නවා ඒක. හැබැයි එකක්, PUBG කියන්නේ ඇබ්බැහි වෙන්න ඒ තරම් හොඳ ගේම් එකක් නෙවෙයි. මොකද යන එන ඕනම තැනක ඉඳගෙන PUBG ගහන්න බෑ. ගේම් එකක් පටන් ගත්තට පස්සේ තාවකාලිකව නවත්තලා තේ බීලා එන්න බෑ. අඩු ගාණේ පැය බාගයක්වත් කෝල් එකකටවත් ආන්සර් නොකර සම්පූර්ණ අවධානය මේ ගේම් එකට දෙන්න වෙනවා. ආන්න ඒ නිසා මේ ගේම් එක ගැලපෙන්නේ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක, දවසකට එක පාරක් හෝ දෙපාරක් වගේ සෙල්ලම් කරන්න තමයි.

කොල්ලෙක්ගේ ස්මාට්ෆෝන් එකක තිබුණට කමක් නැති හෙවි ඩියුටි ගේම් එක තමයි මේ.

PUBG වගේ තවත් ගේම්ස්:

Ring of Elysium

Apex Legends: The Origin

Ark: Survival of the Fittest

 

2. Township

Image Source – township.en.softonic.com

කවුද අකමැති එළවලුවක් වවාගෙන, ඒකෙන් කෑමක් බීමක් හදාගෙන, ඒවා ඉම්පෝට් කරගෙන ඉන්න? ඇත්තටම ටවුන් බිල්ඩින් ගේම් වල වෙනමම ආතල් එකක් තියෙන්නේ. ටවුන්ෂිප් ගේම් එකේ ඇත්තටම තමන්ගේ නගරය නිර්මාණය කරනවට එහා ගියපු දෙයක් තියෙනවා. තමන්ට දේවල් වවන්න, සත්තුන්ගෙන් එකතු කරගන්න පුළුවන්. ඉන් පස්සේ ඒ අමුද්‍රව්‍ය වලින් ආහාර පාන, ඇඳුම් පැළදුම් විතරක් නෙවෙයි, ප්ලාස්ටික් බඩු භාණ්ඩ, කඩදාසි වගේ දේවල් පවා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ නිෂ්පාදනය කරන දේවල් පිටරට යවන්න, ඒවා අවශ්‍ය පාරිභෝගිකයින්ට විකුණන්නත් පුළුවන්. ඒ වගේම අනෙක් ක්‍රීඩකයෝ එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන එකත් මේ ගේම් එකට වැදගත්.

ටවුන්ෂිප් වගේ ගේම් එකකට ඇබ්බැහි වෙන්නෙ නෑ. තමන්ට ඕන වෙලාවකට විතරක් ප්ලේ කරන්න පුළුවන්. ඕන නම් දවසකට විනාඩි පහේ ඒවා දෙකක් වගේ අරගෙන ටවුන් එක මේන්ටේන් කරගෙන විතරක් ඉන්නත් පුළුවන්.

Township වගේ තවත් ගේම්ස්:

Megapolis

Top Farm

Village City Island Sim Build

Fallout Shelter

SimCity BuildIt

 

3. Hungry Shark

Image Source – township.en.softonic.com

සාමාන්‍යයෙන් හැම වෙලාවෙම ගේම් එකක අපිට ප්ලේ කරන්න වෙන්නේ වීරයාගේ චරිතයනේ. හැබැයි කොයි මොහොතක හරි හිතුවද අනික් සත්තුන්ව, මාලුන්ව විතරක් නෙවෙයි, මිනිස්සුන්ව පවා මරාගෙන කන දැවැන්ත මෝරෙක්ගේ චරිතය වීඩියෝ ගේම් එකක ප්ලේ කරන්න ලැබෙයි කියලා? හැබැයි මේ හැමතිස්සෙම කුසගින්නේ ඉන්න මෝරෙක් විදියට හැසිරෙන එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා.

මේ ගේම් එකේ විදියට අපිට හැම මොහොතකම කෑම හොයාගෙන යන්න වෙනවා. මොකද ගොඩක් වෙලා අපි කෑම නැතුව හිටියොත් මැරිලා යනවා. ඒ වගේම මෝරා කියලා මුහුදේ ඉන්න සුපිරි බලවතා නෙවෙයි. මෝරෙක්ට වුනත් ගේම දෙන්න පුළුවන් වෙනත් සත්තුත් මුහුදේ ඉන්නවා. අන්න ඒ නිසා ලකුණු එක් රැස් කරගෙන වඩා විශාල මෝරෙක් වෙන්න තමයි ට්‍රයි කරන්න ඕන. මොකද එහෙම විශාලම මෝරෙක් වුනාට පස්සේ ගේම ඉල්ලන්න වැඩ්ඩෝ මුහුදේ හතර මායිමක නෑ!

මේකත් බොහොම ඇබ්බැහි වෙන සුළු ගේම් එකක්. හැබැයි විනාඩි පහක් දහයක් අරගෙන වුනත් ප්ලේ කරන්න පුළුවන්. අන්න ඒ නිසා ලිමිට් එකක් තියාගන්න අමාරු නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ් ෂොපින් කරලා එනකල් බලාගෙන ඉන්න කොල්ලෙක්ගේ ෆෝන් එකක එහෙම තියෙන්න ඕනම ගේම් එකක් මේ!

Hungry Shark වගේ තවත් ගේම්ස්:

Angry Shark 2016

Ultimate Dragon Simulator

 

4. Lunar Mission

Image Source – apkpure.com

හඳ මත තියෙන රෝවර් යානයක් දුරස්ථ මාර්ගිකව පාලනය කරන එක ලේසි වැඩක් කියලා හිතනවද? එහෙම හිතනවා නම් කරන්න තියෙන්නේ මේ Lunar Mission ගේම් එක ප්ලේ කරලා බලන එක තමයි. මෙතනදී ක්‍රීඩකයෙක්ට තියෙන්නේ හඳේ තියෙන ආවාට, උමං, තියුණු නැමුම් අතරින් තමන්ගේ යානාව නියමිත ඉලක්කයට ගෙනියන්න තමයි. ක්‍රීඩකයෙක්ට මේ ක්‍රීඩාවෙදී යානා වර්ග තුනක් ලැබෙනවා. එතනින් හැසිරවීම පහසුම ස්කවුට් යානයක්. කාර්ගෝ යානයක් හැසිරවීම සාපේක්ෂව අසීරුයි. එතකොට ලෑන්ඩර් යානයක් හසුරුවන්න නම් පුදුමාකාර හැකියාවක් තියෙන්න වෙනවා.

ඇත්තටම කම්මැලි වෙලාවක විනාඩියක් දෙකක් ඇතුළත ක්‍රීඩා කරන්න පුළුවන් මේ Lunar Mission ගේම් එක විනෝදය විතරක් නෙවෙයි සපයන්නේ. තියුණු අවධානය, මනා පාලනය වගේ ගුණාංගත් මේ ක්‍රීඩාව ඔස්සේ වැඩි වර්ධනය කරගන්න පුළුවන්.

 

5. Design Home

Image Source – 18.11.kaartenstemp.nl

ගෘහාලංකරණය සාමාන්‍යයෙන් මුදල් වියදම් කරලා, එක්ස්පර්ට්ලගෙ උපදෙස් අරගෙන කරන්න ඕන දෙයක්නේ. හැබැයි ඕන නම් තමන්ගේ ගෙදර අභ්‍යන්තර අලංකරණය තමන්ටම කරගන්නත් පුළුවන්. ඒක හැබැයි ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හොඳ වැටහීමක්, වර්ණ සම්බන්ධයෙන් දැනුමක් ඒකට ඕන. හැබැයි ඇත්තටම ගෙදර ඉන්ටීරියර් ඩිසයිනින් කරන්න කලින් පොඩි ප්‍රැක්ටිස් එකක් ඕන කියලා හිතෙනවා නම්, මේ ගේම් එක ට්‍රයි කරලා බලන්නයි තියෙන්නේ.

මේ ගේම් එකේ මෙහෙම විශේෂත්වයක් තියෙනවා. මාකට් එකේ තියෙන හැම ජාතියෙම ලී බඩු, ගෘහභාණ්ඩ, කාපට් අනං මනං අරගෙන ගේ සරසගන්න බෑ. දැන් ඇත්ත ජීවිතේදී වුනත් එහෙම බැහැනේ. තමන්ට බජට් එකක් තියෙනවා. බජට් එකෙන් පිට පනින්නේ නැතුව තමයි ඉන්ටීරියර් ඩිසයිනින් කරන්න වෙන්නේ. මේ ගේම් එකේදීත් එහෙමයි. තමන්ට තියෙන බජට් එකේ ඉඳලා, තමන් මිලදී ගත්තු වැඩිමනත් පරණ ගෘහභාණ්ඩ එහෙම පාවිච්චි කරලා තමයි උපරිම කොලිටි එකේ, ඉහළම තත්ත්වයේ නිවෙස් අභ්‍යන්තරයක් නිර්මාණය කරගන්න ඕන. ඒ නිර්මාණය කරන නිවෙස් අභ්‍යන්තරය කොයි තරම් කොලිටිද කියලා අනෙක් ක්‍රීඩකයෝ තමයි තීරණය කරන්නෙත්.

Design Home වගේ තවත් ගේම්ස්:

Home Design Makeover

Design This Home

 

6. Deus Ex GO

Image Source – engadget.com

මේක ඇත්තටම රුපියල් 200ක් වගේ සුළු මුදලක් ගෙවලා ගන්න ඕන ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් වීඩියෝ ක්‍රීඩා ලෝලීන් දන්නවා Deus Ex ගේම් සීරීස් එක ගැන. අනාගත ලෝකයක වැඩිදියුණු කළ ජීවීන්, රහසිගත සංවිධාන, රහසිගත කුමන්ත්‍රණ එක්ක දිවෙන Deus Ex ගේම් සීරීස් එකේ හැම ගේම් එකකම ස්ටෝරි ලයින් එක අති විශිෂ්ටයි. සාමාන්‍යයෙන් හැම Deus Ex ගේම් එකක්ම රෝල් ප්ලේයින් ඇක්ෂන් ගණයට අයිති වුණත්, මේ Deus Ex GO ගේම් එක නම් අයිති වෙන්නේ ප්‍රහේළිකා විසඳුම් ගණයට. හැබැයි මේ ප්‍රහේළිකා වුනත් Deus Ex ගේම් සීරීස් එකේ තියෙන අනාගතවාදී, ගුප්ත මුහුණුවරත් එක්ක තමයි Deus Ex GO දකින්න ලැබෙන්නේ.

හැබැයි ප්‍රහේළිකා කියලා කිව්වට, මේකත් බොහොම සංකීර්ණ ගේම් එකක්. විනෝදයත් ඒ වගේම තමයි. ඒ නිසාම විවේක වෙලාවක, පොඩ්ඩක් හිතන්න මතන්නත් පුළුවන් වෙලාවකට ප්ලේ කරන්න තමයි Deus Ex GO ගේම් එක ගැලපෙන්නේ.

Deus Ex GO වගේ තවත් ගේම්ස්:

Euclidean Lands

 

7. Asphalt 9

Image Source – youtube.com

සාමාන්‍යයෙන් රේසින් වීඩියෝ ක්‍රීඩා කිව්ව ගමන් කෙනෙක්ට ඔලුවට එන්නේ නීඩ් ෆෝ ස්පීඩ් ක්‍රීඩාවනේ. අන්න ඒ වගේ ඇන්ඩ්‍රොයිඩ් රේසින් ගේම්ස් කිව්ව ගමන් කෙනෙක්ගේ ඔලුවට එන්නේ ‘ඇස්ෆෝල්ට්’. මොකද 2004 වගේ කාලේ නින්ටෙන්ඩෝ කොන්සෝල් වෙනුවෙන් ආරම්භ වුණු ඇස්ෆෝල්ට් ක්‍රීඩා සීරීස් එකේ සංස්කරණයන් තමයි මුල් කාලේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩා අතරේ වුනත් රේසින් ක්‍රීඩාවක් විදියට තිබුණේ. දැන් නිකුත් වෙලා තියෙනවා ඇස්ෆෝල්ට් නවතම ක්‍රීඩාව, Asphalt 9. සැබෑ ලෝකේ වගේම පෙනෙන, සැබෑ ලෝකේ වගේම දැනෙන රේසින් ක්‍රීඩාවක අත්දැකීම ලබන්න කැමති කෙනෙක්ට අපි මේ ගේම් එක රෙකමන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් තමන්ට ඩිස්ටර්බ් නොවෙන වෙලාවක, ඩිස්ටර්බ් නොවෙන තැනක ඉඳන් තමයි මේ ගේම් එකත් ප්ලේ කරන්න වෙන්නේ.

Asphalt 9 වගේ තවත් ගේම්ස්:

Forza Horizon 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *