වැඩිදියුණු වූ ක්‍රමවේද වලට හිඟාකන 2.0 හිඟන්නෝ

හිඟාකෑම බැරිවුණ තැන ලගී ගයා මර ගී. එහෙම කිව්වට නියම වෘත්තීය හිඟන්නන්ට නම් කවදාවත් තමුන්ගේ හිඟාකෑම බැරිවෙන්නෙ නැහැ. එයාලට වෙන අනතුරක් ආබාධයක් කියන්නෙත් වෘත්තීය හිඟන්නෙක්ට තවත් ආදායම් මාර්ගයක්. වැරදීමකින් හරි තුවාලයක් වුනොත් ඒක බැඳගෙන මාස ගාණක් තිස්සේ සල්ලි ගන්න විදිය හිඟන්නෝ දන්නවා. එකම ජාතියේ හිඟන අය වැඩි වුනාම හිඟන්නෝ අලුත් අලුත් ක්‍රම අත්හදා බලන්න ගත්තා. ඒ විදියට හිඟා කන අලුත් ක්‍රම මොනාද? කියලා අපි බලමු.

 

1. බිම දාල ඇහිඳින බුවා

Image Source – fox40.com

බොහොම අහිංසක විදියට ඇඳ පැළඳගත් මනුස්සයෙක් හාල් සිල්ලර ටික බිම දාගෙන එකින් එක ඇහිඳිනවා. ඒක දකින කට්ටිය ඒ මනුස්සයට සල්ලි දෙනවා. මේක මුලින්ම දැක්කම හිතන්නේ නැහැ මේක වංචාවක් කියලා. ඒත් එකම මනුස්සයා තැන් කීපෙකදිම මේ විදියට තමුන්ගේ හාල් පරිප්පු ඉහිරවගෙන ඒවා අහුලනවා. ඉතින් මේක මේ කාලේ එක්තරා හිඟාකන විදියක්.

 

2. බයික් එකේ පෙට්‍රල් ඉවරවුනා

Image Source – redcross.org.hk

මෙයාල ඉන්නේ ට්‍රැෆික් ලයිට් ගාව. බයික් එක තියාගෙන බොහොම අහිංසක විදියට ඉන්නවා. එන වාහන නවත්වනවානේ ට්‍රැෆික් ලයිට් එක ළඟ. එතකොට හිමීට වාහනයක් ගාවට කිට්ටු වෙලා කතාව කියනවා. බයික් එකේ පෙට්‍රල් ඉවර වෙලා. පව් පෙට්‍රල් ගහගන්න කීයක් හරි ඉල්ලනවා. ඉතින් අසරණ කම දකින සමහර අය සල්ලි දෙනවා. ඒත් මේකත් වංචාවක්.

 

3. සී ඩ්‍රැගන් ස්පෝට් ක්ලබ් එකේ කොඩි

Image Source – news18.com

පොඩි ස්ටිකර් සයිස් එකේ බෞද්ධ කොඩි සහ ජාතික කොඩි ටිකක් අතේ තියාගෙන තමයි මේ මල්ලිලා ටික බස් වලට සහ බස් හෝල්ට් වගේ තැන් වලට ගොඩවෙන්නේ. ඉන් පස්සේ එයාලගේ සී ඩ්‍රැගන් ක්ලබ් එකෙන් කරන සීල සමාදානය හෝ දන්සැල හෝ වෙන සත්කාරයක් ගැන අපිට කියනවා. කියලා හිමින් හිමින් ඊළඟට ආධාරයක් තමයි එයාල බලාපොරොත්තු වෙන්නේ. මෙයාලගෙත් මේ පිංකම් ඉවර වෙන දවසක් නැහැ.

 

4. ඉංගිරිසි කතා කරන අය

Image Source – english.gossiplankanews.com

හොඳට ඇඳ පැළඳගෙන ඉංගිරිසියෙන් කතා කරන මේ කට්ටිය අසරණකමට වඩා පොෂ් කමක් තමයි පෙන්නුම් කරන්නේ. පාඩම් කරගත් හෝ පුළුවන් කම තියෙන ඉංගිරිසි වලින් මෙයාල හොඳ ටෝකක් දෙනවා. ඒ එක්කම සිංහලෙනුත් ඒක කියනවා. ඔය විදියට බොහොම දුක කතාවක් කියන හිඟන්නෝ, හිඟන්නෝ කියන්න බැරි තරම් උසස් විදියට තමයි සල්ලි ඉල්ලන්නේ.

 

5. කෑම කඩ ළඟට වෙලා ඉන්න කාක්කෝ

Image Source – videoblocks.com

කෑම කඩ ගාව බක්කි වල කාක්කෝ ඉන්නවා. ඒ වගේ හොඳ කෑම කඩ ගාවට වෙලා කෑම එකක් ඉල්ලන අය ඉන්නවා. මේ අයට ඔයාල ගාව තියෙන බත් එකක් දුන්නොත් බැනුම් අහන්නත් වේවි. මෙයාලට ඕනි ඒ හොඳ කඩවල හොඳ කෑම එකක්ම තමයි. ඉන් පස්සේ ඒවා කිහිපයක් එකතු වුනාම විකුණගන්නවා කියලා තමයි මේ ගැන විස්තර දන්නා අය කියන්නේ.

 

6. හඳුන්කූරු විකුණන අය

Image Source – worldnomads.com

අසරණ පෙනුම තියෙන ළමේකුත් වඩාගත් හඳුන්කූරු වෙළෙන්දෝ ඉන්නවා. අපිට මතක නැති වුනත් ඔෆිස් වල පඩි දවස් එහෙම මේ ගොල්ල දන්නවා. ඒ වගේ දවස් වලට කාර්යාල සංකීර්ණ ඉස්සරහට වෙලා ඉන්නවා. ඇත්තටම බැරි අමාරු නිසා හඳුන්කූරු ටිකක් අරන් එනවා ඇති. ඒත් ඉතින් තමුන්ගේ දරුවොත් අරගෙන ඒ ඇවිත් කරන ඒ වැඩේට වඩා ටිකක් වෙහෙස මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න බලනවා නම් වටිනවා… නේද?

 

7. ශ්‍රමණ වෙස් ගත් චීවර, ලෝගු පූසාරි මාදිලි

Image Source – chinasmack.com

චීවරයක් හෝ පාදිලි ලෝගුවක් හෝ අදාළ ඇඳුමක් ඒ ඒ ආගම් වල අයට බොහොම වැදගත් දෙයක්. එවැන්නක් ඇඳන් ඉන්න අයෙකු දැක්කාම ඒ බැතිමතුන් නැමෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ඒ තියෙන භක්තිය වැරදියට යොදා ගන්න පිරිසක් ඒ විදියට චීවරය, ලෝගුව වගේ ආගමික දේවල් ඇඳ පැළඳගෙන හිඟා කනවා.

 

8. මම හිඟන්නෙක් නෙමෙයි කියන අය

Image Source – chinasmack.com

බොහොම දුක හිතෙන කතාවක් කියාගෙන එන මෙයාල කියන්නේම මම හිඟන්නෙක් නෙමෙයි කියලා. ඒත් ඉල්ලන්නේ සල්ලි. අපෙන් ඉල්ලන්නේ රුපියල් විස්සක් පනහක් වගේ සුළු මුදලක්. ඒත් ටික වෙලාවක් ගියාම මේ අය ගාව ඕනි නම් රුපියල් පන්දාහක් මාරු කරගන්න පවා තියෙනවා.

 

9. ට්‍රැෆික් ලයිට් එකේ වීදුරු කොට්ටෝරුවෝ

Image Source – ceylon-ananda.com

කොටන්නේ කවුද? කොට්ටෝරුවෝ නේද? ඒ වගේ ට්‍රැෆික් ලයිට් ළඟට වෙලා ඉඳන් එන වාහන වල වීදුරු වලට කොටන හිඟන්නෝ ජාතියකුත් ඉන්නවා. කැඩුණු කකුලක් අතපයක් පෙන්වන ඔවුන් අසරණ මූණකින් සල්ලි ඉල්ලනවා. එතකොට කරුණාවන්ත හදවත් තියෙන අය වීදුරුව පාත් කරලා කීයක් හරි දෙනවා.

අපි ඔක්කොම මිනිස්සු. තවත් අයට පිහිට වෙන එක අපේ වගකීම. ඒත් මේ සිඟාකෑම වෘත්තියක් වුණු පිරිසකට මුදල් දීම තව තවත් හිඟන්නෝ බෝ වෙන්න හේතුවක් වෙනවා. අපි හොඳටම දන්න කියන අය අසරණ වෙන වෙලාවල් තියෙනවා. අපි දන්න කියන ලෙඩින් දුකින් අසරණ වෙන අය ඉන්නවා. ඒ වගේ අයට හොඳට දැනෙන උදව්වක් පදව්වක් කරන්න පුළුවන් නම් හොඳයි. අපි හැමෝටම ඉන්නේ පෝසත්ම යාලුවෝ නෙමෙයි. පෝසත්ම නෑයෝ නෙමෙයි. අපි දන්න කියන අවකාශයේ ඉන්න දුප්පත් අයෙක්ට, අසරණයෙක්ට උදව්වක් කරන්න පුළුවන් නම් අසරණ වේශයක් මවාගෙන අපෙ පොකට් එකේ සල්ලි වලට විදින්න එන හිඟන්නන්ට සල්ලි දෙනවාට වඩා බොහෝම වටිනවා.

zvr
Your Reaction

Comments