ක්විකී එකකට සෙට් වෙනවනං මේ ගැනත් හිතන්න

සෙක්ස් කියන්නෙ මනුස්සයාට අවශ්‍ය දෙයක්. ඒක මැජික් එකක් හෝ මහා දෙයක් නෙමෙයි. ඒක ගෑණු පිරිමින්ට වෙනස් විදියට ඕන දේකුත් නෙමෙයි. ඒක ඒ කාලෙයි මේ කාලෙයි කියල වෙනස් වෙච්ච දෙයක් නෙමෙයි. ඔය දැන් සමහර කොල්ලො කියනවනෙ දැන් කාලෙ කෙල්ලොනං ගන්න දෙයක් නෑ කියල. ඉතිං ඒ උන්දලාගෙ අම්මලා සෙක්ස් නොකළා නං ඒ උන්දලා තාම මේ ලොවෙත් නැහැනෙ. අන්න ඒකයි අපි කියන්නෙ. සෙක්ස් ඕන. සෙක්ෂුවල් හැඟීම් ඕන. සෙක්ස් කරන මොහොතෙ තියෙන ඒ පොඩි වල්කම ඕන. සෙක්ස්වලට උනන්දුව, අවශ්‍යතාවය ඕන. මේ කියන්නෙ බස්වල යද්දි ජැක් ගැහිල්ල ගැන නෙමෙයි. ජැක් ගැහිල්ල අඩු වෙන්නත් හොඳ සෙක්ස් ලයිෆ් එකක් තිබීම වැදගත්. අන්න ඒ අතරින් සුවිශේෂ දෙයක් තමයි ක්විකී එකක් කියන්නෙ. ක්විකී එකක අවශ්‍යතාවය හරිම සරළයි. ගැහැණියට සහ පිරිමියාට යම් මොහොතක රාගික හැඟීමක් ඇතිවෙනවා. හැබැයි ඒ වෙනුවෙන් සුදුසු පරිසරයක් නෑ. ඒ වැනි සුදුසු පරිසරයකට යන්න පුළුවන් කමකුත් නෑ. අන්න ඒ මොහොතට තමයි ක්විකී එකක් නොහොත් ඉක්මන් හදිසි ලිංගික ක්‍රියාකාරකමකින් ඒ ආශාව සංසිඳවන්න වෙන්නෙ. අපි මේ කියන්නෙ ඒ වැනි මොහොතක අවධානය යොමු කළ යුතු දේ ගැනයි.

 

1. ආරක්ෂාව

Image Source – browardgreaterthan.org

මෙන්න මහත්තයො මුල්ම වැඩේ. ක්විකී කියන නමේම තියෙනවනෙ ඉක්මන. මේ ඉක්මනට සෙට් වෙද්දි අත්‍යවශ්‍ය දේවල් මගහැරෙන්න තියෙන ඉඩ වැඩියි. එයින් ප්‍රධානම දෙයක් තමයි අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ සමාජ රෝග මැඩලන කොන්ඩම් කියන්නෙ. ක්විකී එකක් කියන අවශ්‍යතාවය ඕනම මොහොතක එන නිසා ළඟ පාතක කොන්ඩම් එකක් තියාගෙන හිටියත් කමක් නෑ. කොන්ඩම් එකක් ළඟ නැත්තං කරුණාකරලා ඉන්ටර්කෝස් එකකට නොයා ඉන්න එක තමයි ඇඟට ගුණ. මොකද වෙලාවට එළියට ගන්න ප්ලෑන් කරලා චොර වුණු ජීවිත අපේ සමාජයේ ඕන තරම් හොයාගන්න පුළුවන්.

 

2. හදිසි කඩාවැදීම්

Image Source – sickchirpse.com

හෙඩිම දැක්ක ගමන් ගැස්සිලා බය හිතුන නේද? ඒ තමයි ඔබ සෙක්ස් කර කර ඉන්න අතරට කවුරුන් හෝ නොදන්වා හදිසියෙ කඩා පාත්වීම. වොෂ්රූම් එකට, ඔෆිස් රූම් එකට, ඒ තරම් කාර්යබහුල නැති ස්ටෝ රූම් එකට වගේ ඕනම තැනකට නොසිතූ ලෙසින් කවුරුන් හෝ පැමිණෙන්න පුළුවන්. අන්න ඒ නිසා දොරවල් ලොක් කරන්න, එන මග මේසයක්වත් හරස් කර තියන්න (ඔවුන් මේසය ඉවත් කරද්දි ඔබට ශබ්දය ඇහෙන ලෙස) මොලේ කල්පනා කරන්න. මෙහෙම වැඩකට සූක්ෂම වෙන්නට තරමේ මොලයක් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් නැත්තං හදිසි ලිංගික අවශ්‍යතා මගහැරගෙන හිත පාලනය කරගෙන ඉන්න එක හොඳයි.

 

3. පබ්ලික් මෝල්ස්

Image Source – scandalpost.com

අපි මුලින් කියපු දේ පොදු කාරණයක් වුනත් පබ්ලික් මෝල් එකකදි මේ තත්ත්වෙ වෙනස්. පබ්ලික් මෝල් එකක සෙක්ස් කරන්න කියලා සෙනග අඩු තැන් නෑ. ඔබ යන හැම තැනම අනිත් ප්‍රජාවත් සිටිනවා. අනික ගැහැණු සහ පිරිමින්ට වෙන් කරපු ටොයිලට් නිසා දෙදෙනාම එකම ටොයිලට් එකක් ඇතුළට යන එකත් අභව්‍යයි. ඒ වුනත් ලෝකයක ඇස් වහලා දෙන්නා එක්ක ටොයිලට් එකක් ඇතුළට ගියා කියමුකො. කොහොමද වැඩේ කොරන්නෙ කියලා තමයි මුලින්ම ප්‍රශ්න එන්නෙ. මොකද ඕවයෙ ඉඩ අඩුයි. අපිරිසුදුකම වැඩියි. ඉතිං පොසිෂන්ස්වලදි ගෑවෙන තැන් ගැන හිතන්න ඕන. බෙල්ල අත පය උළුක්කු කරගන්නත් බෑ. සද්ද බද්ද ගැන අපි වෙනමම කියන්නං.

 

4. අත යටින්

Image Source – youtube.com

ඔෆිස් එකේ ක්විකී එකකට වොෂ් රූම් එකකට යන්න බැරිනං දෙදෙනාට දෙදෙනගේ පිහිට සරණ ලැබෙන්නෙ අත යටින් විතරයි. සමහරු මේවා කරන්නෙ මුළු ලෝකෙටම පේන විදියට. නිසි ලෙස කවර් කරලා, තම තමන්ගෙ ආශා අවශ්‍යතාත් සපිරෙන විදියට වැඩේ කරගන්න එකයි දක්ෂකම. ඇත්තටම කිවුවොත් අත යටින් වැඩක් කරගන්නවා කියන්නෙ දක්ෂකමක් විත්තිය ක්ලාස්වල ඉන්නගමන් බයික්වල යනගමන් තමන් ආදරය කරන කෙනා එක්ක රාගික හැඟීම් බෙදාගත්තු සැවොම දන්නවා ඇති. ඔෆිස්වල ෆෝල්ඩර් ෆයිල්ස්, පත්තර තියෙන්නෙ ඕවට තමයි අනේ!

 

5. කැමරාස්

Image Source – youtube.com

මේ ක්විකීවලට මාරක බාධකයක්. හිතුණු ගමන් හිතුණු පලියට ක්විකී එකක් නොකරන්න ප්‍රධානම හේතුවක් තමයි මේ. වටපිට ඇහැලන්න උවමනායි මුලින්ම. ඔබට හැඟීම ඇති වෙන මොහොතේ සීසීටීවී තිබෙන්න පුළුවන් ඒ අසලම. ඒ වගේම ඔබ ඇතුළු වුණු වොෂ්රූම් එකට ඉහළින් කවුරුන් හෝ කැමරාවක් අල්ලාගෙන ඉන්නවා වෙන්නටත් පුළුවන්. ඕවා අන්තර්ජාලයට නිකුත් වුනොත් ක්විකී දෙකොණින් යනව. අන්න ඒ නිසා ලොකු පොඩි කොයි සයිස් එකෙත් කැමරා ගැන අවධානය යොමු කරන්න.

 

6. ගෙදරදි

Image Source – lastexittoricklesburgh.com

හිතුනෙම නෑ නේද? ඔවු හස්බන්ඩ් වයිෆ්ටත් ක්විකී එකක අවශ්‍යතාවය දැනෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නිදහස නැතිවෙන්න පුළුවන්. වයිෆ්ගෙ අම්මා ළඟ පාත ඉන්නවානං. දරුවා සාලයේ ඉන්නවානම් අම්මා තාත්තාට මේ වැඩේ කරන එක අවදානමක්. හැබැයි ඉතිං කසාදයක් බැඳලත් හිත ආසා වෙලාවට වැඩේ කරන්න නැත්තං මොකද්ද මහත්තයො ඒකෙන් ඇති පලේ. අන්න ඒනිසා ගෙදරදි නැගෙන අවශ්‍යතාවලදි හදිස්සියට කලින් දොර ලොක් කරන්න මතක තියාගන්න. ජනෙල් රෙදි වහන්න මතක තියාගන්න. රේඩියෝ එක සද්දෙට දාන්න මතක තියාගන්න.

 

7. සද්ද බද්ද

Image Source – bustle.com

හරි. ක්විකී එකක් කියන්නෙ සෙක්ස් වෙනුවෙන් නුපුරුදු පරිසරයක, නුසුදුසු පරිසරයක සිද්ධ වෙන දෙයක් නිසා සද්ද බද්ද ඇහෙන එක හොඳ නෑ. උදාහරණයකට ළමයි සාලයේ සිටින මොහොතක මුළුතැන්ගෙදරදි, එහෙමත් නැත්තං ඔෆිස් එකේ වොෂ්රූම් එකකදි, ෂොපින් මෝල් එකක පබ්ලික් ටොයිලට් එකකදි පිටතට සද්ද බද්ද ඇහෙන එක එච්චර හොඳ නෑ. අන්න ඒ නිසා හැඟීම් බර වුනාට කට වහගෙන හැඟීම් බර වෙන්න මතක තියාගන්න. අපේ උන්දලාට පොදු ස්ථානයක ඔය වගේ සද්දයක් ඇහුනොත් කුලප්පු වෙන්න ඒ හොඳටම ඇති. කටින් විතරක් නෙමෙයි. වෙනත් වෙනත් අවයව වලිනුත් සෙක්ස් කරද්දි සද්ද එන්න පුළුවන්නෙ. ඒ ගැනත් හිතන්න. ඒ වගේම වටපිටාවෙ බඩු පෙරලෙන්නත් පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *