පාටියකදි ලෙසට නටන්න මෙන්න පුරුදුවෙන්න වටින විදෙස් නර්තන ක්‍රම 7ක්

සෝශල් ඩාන්සින් අතර ලැටින් ඩාන්සින් ජනප්‍රියයි. බොහෝවිට කපල් එකක් සෙට් වෙලා කරන මේ ලැටින් ඩාන්සින් ටිකක් හුරු වුනොත් ආසාවෙන් කරන්න පුළුවන් සිරාම විනෝදාංශයක්. ඇඟේ හැම තැනම නලවලා පෙරලලා කරන ලැටින් ඩාන්ස් කිහිපයක්ම තියෙනවා. හොඳට උනන්දුව තිබුනොත් මාස කිහිපයකින් මේ ඩාන්සින් ස්ටයිල් කිහිපයේම බේසික් ටික ඇඟට දාගන්න හැකියාව තියෙනවා. අපි මේ කියන්න යන්නෙ ඒ විදිට ඔබට පුරුදු පුහුණු විය හැකි ලැටින් වගේම තවත් විදෙස් නර්තන ක්‍රම කිහිපයක් ගැන.

 

1. බචාටා (Bachata)

Image Source – salserosenclave.com

බචාටා නැමැති ගිටාර් තාලයකට නිමවුණු බචාටා නර්තනය ඩොමිනිකානු ජනරජයේ ඉපදුන ඩාන්ස් එකකි. යුවළක් පෙමින් වෙළෙන අයුරින් රොමාන්තික ආකාරයෙන්ද බචාටා ඉදිරිපත් කළ හැකිය. සාමාන්‍ය තාලයකට වාදනය වන බචාටා සංගීතයට කෙරෙන නර්තනය වඩාත් සිත් කාවදිනසුළු ආලිංගන නැටුමක් මෙන් දිස්වේ. මූලික පියවර 6ක් පමණ ඇති බචාටා වඩාත් ලස්සන වන්නේ දෙදෙනාගේ සිරුර තාලයට චලනය කිරීමේ ආකාර වලිනි.

බචාටා නටන ඉන්දියානු යුවළක්…

 

2. චා චා චා (Cha Cha Cha)

Image Source – arthurmurraycrowsnest.com.au

නටන විට ඩාන්සින් ෆ්ලෝ එකෙන් එන ශබ්දය නිසා චා චා චා නර්තනයට ඒ නම ලැබී තිබේ. ලැටින් ඩාන්සින් හුරුවෙන අයෙක්ට මුලින්ම හැදෑරීමට සුදුසු නර්තනයක් ලෙස චා චා චා දැක්විය හැකිය. ජෝඩු වශයෙන් නර්තනයේ යෙදෙන චා චා චා ස්ටෙප් කිහිපයකි. එහෙත් ආකාර ගණනාවකින් ඉදිරිපත් කිරිම් කළ හැකිය. මෙය මැම්බෝ නම් නර්තන ශෛලියකින් ආරම්භ වී ඇති අතර මෙහි නිජබිම කියුබාව යැයි සැලකේ.

 

3. සම්බා (Samba)

Image Source – vbds.org

රියෝ හි සංචාරක වීදි වල යනෙන විට නිතර ඇසෙන සම්බා සංගීතය දකුණු ඇමරිකාවේ ජනප්‍රියම ඩාන්ස් ආකාරයකි. දණිස් වලින් නැමෙමින් කෙරෙන සම්බා නර්තනය 1920 දී පමණ ඇමරිකාවේ නිව්යෝක් වෙත සේන්දු වී තිබේ. සම්බා හුරුවීම මදක් අපහසුය. ජෝඩු වශයෙන් කෙරෙන සම්බා නර්තනයේදී පිරිමියා සහ ගැහැණිය ආලිංගනයක පරිද්දෙන් එකිනෙකා වෙත නැමී නටති.

 

4. ටැංගෝ (Tango)

Image Source – cstango.no

ටැංගෝ නර්තන ශෛලිය බුවනෝර්ස් අයර්ස්හි ගණිකා වීදි අසබඩින් ඇරඹී අද වනවිට තරු පන්තියේ හෝටල වලට පවා ගිය නර්තන අංගනයකි. ලිංගික හැඟීම් උද්දීපනය වන නැටුම් අතර ටැංගෝ නර්තනය ඉහළ තැනක් ගනී. ටැංගෝ තරමක් අපහසු ජෝඩු නැටුමකි. එය හරියට පුරුදු පුහුණු වීමට කාලයක් ගත වේ.

 

5. මකරෙනා (Macarena)

Image Source – nationalgeographic.com.au

මකරෙනා යනු 1995 දී පමණ පැමිණ තවමත් වසර විසි හතරක් ගතවීත් අප රටේ ඩී ජේ වල පවා රැව්දෙන මනරම් ගීතයකි. එම ගීතයට අනුව පස්ස උරහිස් අත පය සෙලවීමද ගීතය සේම ජනප්‍රිය විය. එසේ මකරිනා ගීතයේ තාලයට රිද්මයානුකූලව නැටීම මකරිනා ලෙස හැඳින්වේ.

මකරිනා ගීතය

 

6. මැම්බෝ (Mambo)

Image Source – youtube.com

මැම්බෝ නර්තන කලාව මැම්බෝ සංගීත ශෛලියද සමගම ආරම්භ වූවකි. 1940 කාලයේ කියුබාවේ හවානා කැසිනෝ වල ජෑස් සහ ඉතාලි ඇමරිකානු ගැංග්ස්ටර්ස් සංගීතයෙන් මැම්බෝ බිහිවී තිබේ. මැම්බෝ නර්තනය ප්‍රධාන අවස්ථා තුනකි. තරමක් වේග රිද්මවලටද යන මැම්බෝ නර්තනය කපල් ඩාන්ස් එකක් ලෙසද වඩාත් ප්‍රසිද්ධ එකකි.

 

7. ජෛයිව් (Jive)

Image Source – fredastaire.com

ජෛයිව් මූලික පාද පියවර 6කින් සමන්විත තරමක වේගවත් නර්තනයකි. කකුල් මදක් ඔසවා කරන ජෛයිව්හි පාද ගෙනයෑම සුන්දර රටාවකට සිදු වේ. ලතින් ඇමරිකානු ආභාෂය තිබුනද ජෛයිව් 1930 ගණන් වලදී අමෙරිකානු සහ එංගලන්ත ඩාන්සින් ෆ්ලෝවල වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

ලැටින් ඩාන්සින් ක්‍රම සහ තවත් කැඩුණු ඩාන්සින් විධි ක්‍රම ගණනාවක් තියෙනවා. පුටුවක වාඩිවෙලා පොප් කෝන් කමින් ඩාන්ස් කරන විදිය බලාගෙන ඉඳීමත් පුදුමාකාර විනෝද වැඩක්. ඒ වගේම ඩාන්ස් කරන්න පුළුවන් නම් ඒකත් බොහොම වටිනවා. මැෂින් වල ඇද අරින්න එක්සයිස් කරනවාට වඩා ඩාන්සින් වල ඇඟට හොඳ එක්සයිස් එකක් වාගෙම ලොකු විනෝදයක් තියනවා කියලා තමයි ඩාන්සින් වලට හුරු වුණු අය කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *