ගෑණු ළමයෙක්ට දෙන්න පුළුවන් වෙනස්ම විදියේ තෑගි වර්ග 10ක් මෙන්න

පිරිමි කෙනෙක්ට තම බිරිඳව හෝ තම පෙම්වතිය සතුටු කරන්න දෙන්න පුළුවන් වෙනස්ම විදියේ දේවල් ටිකක් ගැන අපි කතා කරන්න හිතුව. ගෑණු ළමයෙක්ට තෑග්ගක් දෙන්න විශේෂ දවස් එනකම්ම ඉන්න ඕන නෑ. ගෑණු ළමයි ආස කිසිම විශේෂ  හේතුවක් නැතුව හරි එයාලව මතක් වෙලා චොකලට් එකක් වගේ පොඩි දෙයක් හරි අරන් එනව නම්. ඕව පුංචි පුංචි ආදර රහස්. අපි අද මේ අරගෙන ආවෙ තමන්ගෙ බිරිඳට හෝ පෙම්වතියට එහෙම දෙන්න සුදුසු පුංචි පුංචි තෑගි ටිකක් ගැන. මේවයින් එකක් දීලම බලන්නකො එයාලගෙ සතුට දිහා.

 

1. ඔයාගේ අතින්ම හදපු කෑම වේලක්

Image Source – esquire.com

මේකටනම් කොල්ලෝ ටික එකඟ වෙයිද මන්ද. කොහොමවෙතත් හැමදාම වයිෆ් අතින්ම හදපු කෑම හරි පෙම්වතිය හදාගෙන එන කෑම හරි ඔයාල කනවනේ. ඒ වගේම එයාලත් කැමතියි ඔයාගේ අතින්ම හදපු කෑම වේලක රස බලන්න. බලන්න එහෙම අවස්ථාවක් අරන්. වැඩි කැටයම් නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් ට්‍රයි කරන්න. අපේ සයිට් එකෙත් ඕනතරම් රෙසිපි තියෙනවා. බිරිඳ වැඩ ඇරිලා ගෙදර එනකොට ලස්සනට කෑම ටිකක් හදලා ආදරණීය සැමියෙක් වෙන්නටත්, තම පෙම්වතිය බලන්න යනකොට මෙහෙම හදපු කෑම එකක් අරගෙන ගිහිල්ලා එයාව පුදුම කරවන්නත් එසේ මෙසේ කෙනෙක්ට බෑ හොඳේ.
රස නැති උනත් කමක් නැහැ ඒක ආදරෙන් හැදුවම දෙන්නා අතර තියෙන බැඳීම තවත් වැඩිවෙනවා වගේම එයාට ඔයා ගැන තියෙන ආදරෙත් ගොඩාක් වැඩිවෙයි කියලයි අපේ නම් විශ්වාසය

 

2. එයා එක්ක මුළු දවසම ගත කිරීම

Image Source – gifthelp.net

කාර්යබහුල ස්වාමිපුරුෂය හරි පෙම්වතා හරි එක්ක එක මොහොතක් හෝ නිදහසේ ඉන්න හැම කාන්තාවම කැමතියි. ඉතින් එයා එක්ක මුළු දවසක් ගත කරන්න කොහෙටහරි ගිහින්. ඒක එයාට අපූරු  තෑග්ගක් වෙයි. ඒ වෙලාවට තමන්ගේ මොබයිල් ෆෝන් එක ඕෆ් කරලා  මුළු දවසම එයා වෙනුවෙන් දෙනවනම් “තමන්ට ඉන්නේ මේ ලෝකේ හොඳම කෙනා” කියල එයාටත් හිතෙන්න ගන්නවා. ඒ වගේම ෆිල්ම් එකක් බලන්න එක්කන් යන්න, ෂොපින් කරන්න වගේම එයා නොහිතන විදියට, එයා කැමති තැනකට ගිහින් ටිකක් විනෝද වෙලා එන්න ප්ලෑන් කරන්න .මේ වගේ දේවල් වලින් දෙන්නගේ ජීවිතේ තවත් ලස්සන වෙනවා. මොකද අපි ජීවත් වෙන්නෙ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයිනෙ. ඒ නිසා ලැබෙන හැම පුංචි අවස්ථාවක්ම සමරන්නත් අමතක කරන්න එපා.

3. තමන්ගේ අතින්ම හදපු අර්ථවත් තෑග්ගක්

Image Source – youtube.com

මේක නිර්මාණයක්, කාඩ් එකක් වගේම තමුන්ට පුළුවන් හැටියට හදපු කුඩා දෙයක් උනත් ඇය සතුටින් බාරගන්නවා නොඅනුමානයි. මේ සඳහා පේපර් ක්‍රාෆ්ට්ස්, එක්ස්ප්ලෝෂන් බොක්ස් එකක්, අතින් හදපු කාඩ් එකක්, පැන්සලෙන් කළ සිතුවමක් වගේ දේවල් දෙන්න පුළුවනි. (එක්ස්ප්ලෝෂන් බොක්ස් එකක් හදන විදිය පහත වීඩියෝ එකෙන් බලාගන්න)
බලන්න එයා පුදුම වෙලා මේක දිහා බලාගෙන ඉන්නේ නැද්ද කියල…

 

4. එයා ආසම පොත් ටිකක් හරි ෆිල්ම් එකක් වගේ දෙයක්

Image Source – mychroniclebookbox.com

ඔයාල වගේම කාන්තාවනුත් කාර්යබහුල ජීවින් කොට්ඨාසයක්නේ. ඉතින් විවේක වෙලාවට එයාලට කියවන්න එයා ආස කරන පොත් ටිකක් ගෙනිහින් දෙන්න බලන්න. හැබැයි පොත් තෝරනකොට එයාගෙ චොයිස් එක ගැනත් හිතන්න ඕනෙ. ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක්  දුන්නොත් එපා නොකියා ගනී නේද? ඒ වගේම ෆිල්ම්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට දාලා විවේක වෙලාවට බලන්න දෙන්න. ඒක එයාලා ආසාවෙන් බාරගනීවි.

 

5. සංගීතමය තෑග්ගක්

Image Source – youtube.com

මේක නම් ගොඩක් ආදරණීය තෑග්ගක් වෙයි කියල අපිට විශ්වාසයි. තමුන්ම කියන සින්දුවක් රෙකෝඩ් කරලා හරි තමුන් වාදනය කරන එකක් රෙකෝඩ් කරලා එයාට යැව්වොත් එයා හිතෙන හිතෙන වෙලාවට ඒක අහයි. ඒ කියන්නේ එයාට ඔයා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා කියලා තමා. ඒ වගේම තම ආදරවන්තිය පුදුම වෙන විදියෙ දෙයක් උනත් සංගීතයෙන් කරන්න පුළුවනි. සංගීතය තුළ ඉන්න කෙනෙක් නම් එයා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටින තෑග්ගක් වෙයිද? ඒත් අපි හැම කෙනෙක්ටම සින්දු කියන්නත් බැරි නිසා එයා කැමතිම සින්දු ඇතුළත් මික්ස් ටේප් එකක් හදල දෙන්න පුළුවන්නම් ඒකත් අපූරු තෑග්ගක් වෙයි.

 

6. හෙල්ත් පැකේජ් එකක්

Image Source – twitter.com

ඔයා ආදරය කරන කෙනා නැත්නම් ඔයාගෙ බිරිඳ ඔයා එක්ක හැමදාම ඉන්නවනම් නේද අපි හැමෝම කැමති. එහෙනම් එයාව නිරෝගීව තියාගන්න එකත් අපේ වගකීමක් නේද? එහෙනම් මෙන්න මේ වගෙ හෙල්ත් පැකේජ් එකක් තෑගි දෙන්න එයාට ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. හොස්පිට්ල්ස් වල ඒ වගේ පැකේජස් තියනවා. හොඳම තැනකින් අරන් දෙන්න. ඔය රෝසමල් ටෙඩීලා වගේ තෑගි වලට වැඩිය කොච්චර අර්ථවත් වටින දෙයක්ද බලන්න.

 

7. කස්ටමයිස්ඩ් නෙක්ලස් හෝ රින්ග් එකක්

Image Source – notonthehighstreet.com

හැමදාම අරන් දෙන ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග්, ඔඩෙල් නෙක්ලස් වලට වඩා එයාගෙ නම ගහපු, එයා වෙනුවෙන්ම හදපු පුංචි මාලයක්, මුද්දක් වගේම ඔයාලා දෙන්නගෙ ෆොටෝ එකක් දාපු පෙන්ඩන්ට් එකක් වගේ දෙන්නත් පුළුවනි. ඒ වගේම  ඔයාලා දෙන්නගෙ ෆොටෝ එක ප්‍රින්ට් කරපු ෆෝන් කවර් එකක් වගේ දෙයකුත් දෙන්න පුළුවනි. ඒවා ලස්සන මතක සටහන් විදියට කාලයක් තියාගන්නත් පුළුවනි.

 

8. පණ තියෙන තෑග්ගක්

Image Source – wired.com

සුරතල් සතුන්ට ආදරේ කරන කෙනෙක්ට නම් මේ වගේ තෑග්ගක් දෙනවා කියන්නෙ ආයේ වෙන මොකුත් ඕනෙ නෑ. චූටි බලු පැටියෙක්, පෙට්ටියක දාපු පූස් පැටියෙක්, කතා කරන ගිරවෙක් හරි පොඩි මාලු ටැංකියක් එක්ක මාලු ටිකක් වගේ තෑග්ගක් ගොඩක් ආදරණීයයි නේද…

 

9. කුඩා මල් පැළයක්

Image Source – almanac.com

ලස්සනට ගෙවත්ත තියාගන්න වෙහෙසෙන එක ගැහැණු ළමයි උනාම කරන දෙයක්නෙ. ඒ වගේ කෙනෙක්ට ලස්සන මල් පිපෙන මල් පැළයක් තෑගි දුන්නොත් ගොඩක් ආස හිතෙයි. මල් කියන්නෙ ඇත්තටම සුන්දර දෙයක්නේ. ඒ වගේම මල් පිපෙන වාරයක් පාසා ඔයාව මතක් වෙයි කියලයි අපි නම් හිතන්නෙ.

 

10. ෆේශල් පැකේජ් එකක් නැතිනම් ඔයිල් ට්‍රීට්මන්ට් එකක්

Image Source – cudo.com.au

ලස්සනට ඉන්න අපි කවුරුත් ආසයිනෙ. එහෙනම් ඔයාගෙ ආදරවන්තියට හරි බිරිඳට හරි සැලෝන් එකකින් ෆේශල් පැකේජ් එකක් අරන් දෙන්න. ඒ වගේම ඔයිල් ට්‍රීට්මන්ට් එකකට එක්කන් යන්න. එහෙම නැතිනම් ගෙදරදිම කරගන්න පුළුවන් ෆේශල් පැක් උනත් කමක් නෑ. ඒක එයාලා හැමදාම කරගන්න එකට වැඩිය ඔයාලා අරන් දුන්නොත් ගොඩක් ආස හිතෙයි. ඒ වගේ තෑගි හැමෝම නොදෙන නිසා ගොඩක් ආදරණීය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *