ඕනම බොන මනුස්සයෙක්ට තමන්ගේ ප්‍රියතම ලිකර් බ්‍රෑන්ඩ් එකක් හෝ කිහිපයක් තියනවා. සමහරු සුදු ජාති වලට ප්‍රිය කරද්දි තව අය කැමති තද පාට මත්පැන් වලට. තවත් සමහරු කැමති බියර් වයින් වගේ සැර අඩු ඒවට. මේ විදිහෙ මත්පැන් වල තියන ප්‍රභේද තවත් වෙන්වෙලා එනවා විවිධ රසයන්ගෙන් යුක්තව. විශේෂයෙන්ම වොඩ්කා සහ රම් වගේ මත්පැන් නොයෙකුත් රසයන්, එහෙමත් නැත්නම් ෆ්ලේවර්ස් වලින් එනවා අපිට දැකගන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට පළතුරු, කුළුබඩු වගේ මිහිරි රසයන්ගෙන් තමයි රසවත් වෙලා එන්නෙ. හැබැයි තව ඒවා තියනවා හිතාගන්නවත් බැරි විදිහේ රසයන්ගෙන් යුක්තව එන. මෙහෙම මත්පැන් වර්ග ලෝකේ තියනවද කියලත් සමහරුන්ට හිතාගන්න අමාරු වෙයි.
ඔව්. සැමන් වොඩ්කා තමයි. සාමාන්‍යයෙන් සැමන් කියන්නේ ලංකාවෙ අපි බීමත් එක්ක එච්චර ගාවගන්න බයිට් එකකුත් නෙමෙයිත සැමන් වලට ප්‍රිය නැති කට්ටියත් අපිට ඕනෑ තරම් හම්බුවෙනවනෙ. හැබැයි ඇලස්කා ඩිස්ටිලරියෙ අයනම් හිතන්නේ මුහුදු ආහාර වලට ප්‍රිය අයට මේ වොඩ්කා රේන්ජ් එක හොඳට අල්ලලා යනවය කියලා තමයි. ඒ නිසාමයි ඒ අය සැබෑ සැමන් මසුන් සහ ග්ලැසියර් ජලය භාවිතා කරලා තෙවරක්ම පෙරලා මේ වොඩ්කා වර්ගය හදන්නෙ. මේ වොඩ්කා වල රසය විතරක් නෙමෙයි, පාට වුනත් සැමන් මත්ස්‍යයාගේ පාටින් තමයි එන්නෙ. නීට්, ඔන් ද රොක්ස් වගේම බ්ලඩී මේරි වලටත් කියාපු වොඩ්කා ජාතියක් කියලයි මේ රසයට කැමති අය මේක හඳුන්වන්නෙ.
දේවල් රසයෙන් සහ විවිධත්වයෙන් වෙනස් වෙන තරමටමයි හොඳ කියලා හිතුනට මේක නම් ටිකක් විතර ඕනෑවට වැඩිදත් කියලා හිතෙන ජාතියෙ බීමක්. මධ්‍යසාර සම්බන්ධයෙන් කෙළ පැමිණියවුන් කියලා හිතන නෝර්ඩික් ෆුඩ් ලැබ් එකේ උදවිය කේම්බ්‍රිජ් ඩිස්ටිලරිය එක්ක එකතුවෙලා කරපු හපන්කමක් තමයි මේ. මේක තමයි කෘමි සත්තුන් ආශ්‍රයෙන් හදපු ලෝකයේ පළමු ජින් වර්ගය. මේ හැම ජින් බෝතලයකම අඩුම තරමේ රෙඩ් වුඩ් ඈන්ට්ස් නමින් හඳුන්වන කූඹි 62දෙනෙකුගේ සාරය ඇතුළත්ලු. කොහොමත් ජින් කියන්නේ ටිකක් සිට්රස් පැත්තට බර රසකින් යුතු බීමක්නේ. මේකත් ඒ තත්ත්වයෙන් වෙනස් වෙන්නේ නැහැ. දෙහි සහ සේර ෆ්ලේවර් එකක්ලු මේ ජින් වලින් එන්නේ.
පීසායි බියරුයි කියන්නෙ එකිනෙකට යසට පෑහෙන කෑම බීම කම්බිනේෂන් එකක්. පීසා වල රසය ඉස්මතු කරන ගමන්ම චීස් රසයත් එක්ක නිදිබර සැහැල්ලුවක් ළඟා කරවන්න පුළුවන් හොඳ චිල්ඩ් බියර් කීපයකට. හැබැයි මේ කියන්නේ කෙලින්ම බියර් එකේ එන පීසා රසයක් ගැනයි. ඉල්නොයිස් වල ජීවත්වෙන ටොම් සහ ඇතීනා කියන ජෝඩුව තමයි මේ අමුතුම බියර් එක ලෝකෙට හඳුන්වල දීල තියෙන්නෙ. තක්කාලි, ඔරිගානෝ, සුදුළූණු ඇතුළුව පීසා එකකින් දිවට දැනෙන රස කිහිපයක්ම ඇතුළත් කරලා බියර් පෙරලා කරපු පරීක්ෂණයක් සාර්ථක වීමෙන් තමයි මේ මමා මීයා පීසා බියර් එක බිහිවෙන්නේ. මේක ඔන්ලයින් ගන්නත් පුළුවන් බවයි කියවෙන්නේ.
විදෙස් රටවල ජනප්‍රිය උදේ ආහාරයක් වෙන බේකන් සහ බිත්තර කියන්නේ යම් පමණකට හොඳ හැන්ග්ඕවර් ප්‍රතිකර්මයක් කියලත් කියන්න පුළුවන්. හැබැයි මේ කියන භාණ්ඩේ නම් හැන්ග්ඕවර් ඇති කරවන්නක්. ඇමරිකාවේ සියැටල්වල හදන මේ වොඩ්කා වර්ගයේ විශේෂත්වය වෙන්නේ මේක බැදපු බේකන් රසයෙන් යුක්ත වීම තමයි. අල වලින් පෙරලා බේකන් රසය ඇතුළත් කරලා හදන මේ වොඩ්කා වලින් හොඳ ස්මෝකි රසයක් දිවට දැනෙන බවයි කියවෙන්නේ. අපි මුලින් කියපු සැමන් වොඩ්කා වගේම මේකත් බ්ලඩී මේරි හදන්න කියාපු පානයක්ලු.
තමන්ගේ හොඳම යාලුවා එක්ක බියර් එකක් ගහනවා කියන්නේ ලෝකේ තියෙන ආතල්ම අත්දැකීමක්. ඉතින් බොහොමයක් මිනිස්සුන්ට ඉන්න හොඳම යාලුවා වෙන බලු සුරතලා එක්ක හීනි අඩියක් ගහන්න ලැබෙන එකම කොච්චර ෂෝක්ද. හැබැයි බලු යාලුවන්ටම හදපු මේ බියර් එකෙන් මත් වෙන්නේ නම් නැහැ. ඒ වෙනුවට ඒ අයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ තමයි මේ බියර් එකට එන්නේ. හරක් මස රසින් වගේම කුකුළු මස් රසිනුත් මේ ස්නෆ්ල් බියර් එක එනවලු.
ලෙසට වොඩ්කා බීපු පොරක් වොඩ්කා ලේබල් එකක් දිහා බැලුවොත් පේන විදිහේ බ්‍රෑන්ඩ් නේම් එකකින් සමන්විත මේ වොඩ්කා වර්ගය නම් පිස්සු පීකුදු එකක්. මොකද මේ ඩිස්ටිලරියේ අය අකුණු කාලා වතුර බීපු උදවිය වෙන්න ඕනෙ. නැත්නම් කොහොමද දෙයියනේ අකුණු රසයක් දෙන ඉලෙක්ට්‍රිසිටි වොඩ්කා ෆ්ලේවර් එකක් හදන්නෙ? කොහොම වෙතත් නමේ හැටියටම මේ වොඩ්කා එක දිවට ෂොක් එකක් දනවන රසකින් සහ සැරකින් යුක්ත බවයි දැනගන්න ලැබෙන්නේ. හොඳම වැඩේ කියන්නේ මේ ODDKA වොඩ්කා කොම්පැණිය තවත් අමුතුම විදිහේ රසවලින් යුක්ත වොඩ්කා හදන්න ෆේමස් අය වීමයි. මේ අයගෙ තව වොඩ්කා ජාතියක් තියනවලු කපපු තණකොළ රසය දෙන. මරු නේද?
අමාරුම වෙලාවක බයිට් එකකට පිහිටක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් පොප් කෝන් රසයටත් කෙළලා තියෙන්නේ. ඒ තරමට දැන් මත්පැන් වෙළඳපොලේ රසයන් විවිධාකාරයි. මේ කියන වොඩ්කා වර්ගයෙන් එනවයි කියන්නේ බටර් මිශ්‍රිත පොප්කෝන් වලින් දෙන රසයකින් යුක්තවයි. කොහොම වෙතත් මේකට ඒ තරම් ජනප්‍රසාදයක් නැති වග තමයි පේන්න තියෙන්නෙ. බොද්දී බටර්ඩ් පොප්කෝන් රසක් දුන්නට, බීල ටික වෙලාවක් ගියහම කාර්ඩ්බෝඩ් රසක් දිවේ ඉතිරිවෙනව කියලයි සමහරු කියන්නෙ.
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…