ඔෆිස් යන යුවතියක් සතුව තියෙන්නම ඕනේ දේවල් 7ක්

ගෑණු ළමයෙක් එළියට යනකොට තම හෑන්ඩ් බෑග් එකේ තියෙන්නම ඕනේ දේවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්නේ. සාමාන්‍යයෙන් හෑන්ඩ් ෆෝන් එක, පර්ස් එක ඇරුණම මේ දේවලුත් අපි ගාව නිතරම තියෙනවනම් කොච්චර වටිනවද වගේම  කොතරම් ආරක්ෂිතද කියල ඔයාලම හිතලා බලන්නකෝ.

 

1. මෙඩිකල් පැක් එකක්

Image Source – gapyeartravelstore.com

මේක නම් අත්‍යවශ්‍ය දෙයක්. මොකද අපි එළියට ගියාම මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නෑනේ. අපි දවල් වෙලාවක ගියොත් නම් අව්ව සැරටත් එක්ක ඔලුව කැක්කුමක් නම් අනිවා එනවා. ඒ වගේම මගතොටේදි අනතුරු වෙන්නෙ කිය කිය නෙමෙයිනේ. ඒ නිසා කෝකටත් බෑග් එකේ පොඩියට පැනඩෝල් 2ක්, ඩයිජින් පෙත්තක්, ඇක්ස් ඔයිල් එකක්, සිද්ධාලේප එකක්, තැල්මකට ගාන ක්‍රීම් එකක්, පොඩි ප්ලාස්ටර් රෝලක් එක්ක මිනි ඩ්‍රග් කන්ටේනර් එකක් වගේ පොඩි දේවල් අඩංගු බෑග් එකක් තියෙනවනම් ගොඩක් වටිනවා. ඒ වගේම සනීපාරක්ෂක තුවායක්, හෑන්ඩ් සැනිටයිසර් එකක් තිබීමත් ගොඩක්ම වැදගත්. මගතොටේදී යාලුවෙක් මුණගැහිලා හරි පාක් එකකට වගේ ගිහින් ආහාර ගන්නාවිට ළඟපාතක තියෙන ටැප් එකෙන් නිකන් වතුරෙන් අත හෝදනවට වඩා මේ වගේ කුඩා බෝතලයක් ළඟ තියාගෙන ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න එක ගොඩක් වටිනවා.

 

2. සොවින් කිට් එකක්

Image Source – indiamart.com

ඒ කියන්නේ මගතොටේදී අපේ ඇඳුමක බොත්තමක් ගැලවුනොත්, සිපර් එක කැඩුනොත්, ඇඳුමක වාටියක් ලෙහුනොත් වගේ වෙලාවක දන්න අඳුරන කෙනෙක් ළඟපාතක නැතිනම් අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා නේද? ඒ වෙලාවට නොදන්නා කෙනෙක්ට කටක් ඇරලා කියන්නත් අපි මැලි වෙනවා නේද? ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න ඉඳිකට්ටක්, නූල් ටිකක්, එක්ක අමතර බොත්තම් කිහිපයක්, සේෆ්ටි පින්ස් ටිකක්, කුඩා කතුරක් වගේ දේවල් අඩංගු පැක් එකක් තිබුනොත් ගොඩක් වටිනවා. එතකොට විශ්වාසයෙන් එළියට බැහැල යන්නත් පුළුවන් හැඟීමක් ඇතිවෙනවා. ඒ වගේම මගතොටේදි වෙන කෙනෙක්ට ඒ වගේ කරදරයක් උනොත් ඔයාට පුළුවන් බය නැතුව එයාලට පිහිට වෙන්නත්. මොකද ඔයා සියල්ලෙන් සමන්විතයිනෙ නෙහ්.

 

3. මේකප් කිට් එකක්

Image Source – nykaa.com

මේක නම් කිව්වත් නැතත් අපේ ගෑණු ළමයි ගාව අනිවාර්යයෙන්ම තියෙන දෙයක් කියල දන්නවා. විශේෂයෙන්ම ඔෆිස් යන කෙනෙක් උනාම උදේට පොඩි මේකප් එකක් දාගෙනනේ එළියට බහින්නේ. ඒ වගේමයි ඔෆිස් එකේ ඉද්දි දවල් කෑමෙන් පස්සෙ වගේම හවස එළියට එනකොට මේකප් කරන එක අපි හැමෝම වගේ කරන දෙයක්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවකට අපි ළඟ මොයිශ්චරයිසර් ක්‍රීම් එකක්, පෑන් කේක් ආලේපයක්, ලිප්ස්ටික් එකක්, ලිප්ලයිනර් එකක්, ලිප් බාම් එකක්, කුඩා සුවඳ විලවුන් බෝතලයක්, පොඩි ෆේස් වොෂ් එකක්, ටිෂූ පැකට් එකක්, කුඩා කණ්ණාඩියක්, පනාවක්, හෙයා පින්ස් ටිකක් සහ සන් ප්රෝටෙක්ෂන් ක්‍රීම් සහ අමතර හෙයා බෑන්ඩ් එකක් වගේ දේවල් හැමවෙලේම ළඟ තියාගන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම අමතර කරාබු දෙකක් තියාගන්නත් අමතක කරන්න එපා.

 

4. නෝට් බුක් එකක් එක්ක පෑනක්

Image Source – medium.com

මගතොටේදී වෙන්න පුළුවන් දේවල්‍ අපිට කලින් දැනගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා වැදගත් වන තොරතුරු ටික ලියපු පොඩි නෝට් බුක් එකක් ළඟ තියෙනවනම් හදිසි වෙලාවක ගොඩක් වටිනවා. ඒකේ ළඟම ඥාතීන්ගේ නම්බර්ස් වගේ තමුන්ගේ විස්තරත් පොඩ්ඩක් ලියල තියාගන්නවනම් හොඳයි. ඒ වගේම ඔයාට වෙනත් මොනාහරි විශේෂිත රෝගාබාධ එහෙම තියනවනම් ඒවත් නෝට් කරලා තියාගන්න එක බොහොම වැදගත්.

 

5. කුඩයක්, වතුර බෝතලයක්

Image Source – dees-boutique.com/ brandability.co.za

කිව්වත් නොකිව්වත් අපි හැමෝම අරගෙන යන දෙයක් තමා කුඩය කියන්නේ. මොකද ගෑණු ළමයි සම හා තමන්ගේ රුව ගැන හරි සැලකිලිමත්නේ. කුඩය එක්කම අමතර ඉටි බෑග් එකක් තියාගන්නත් අමතක කරන්න එපා. වැස්ස වෙලාවකට කුඩේ බෑග් එකට දාගන්න ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම වතුර බෝතලයක් අරගෙන යන එකත් පුරුද්දක් කරගත්තට නරක නෑ.

 

6. පර්ස් එක

Image Source – thinkgeek.com

උඩින් කිව්ව ඔක්කොම දේවල් අරන් ගියත් වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ මුදල් පසුම්බිය අමතක කරලා ගියොත්. මොකද ඒකනෙ වටිනම දේ අපේ බෑග් එකේ තියන. ඒ නිසා පර්ස් එක දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම පර්ස් එක අනවශ්‍ය කොල කෑලි වලින් පුරෝගෙන ඉන්නත් එපා. තමුන්ට අවශ්‍ය බැංකු කාඩ්, ක්ලාස් කාඩ්, බිස්නස් කාඩ්, සල්ලි, මාරු කාසි, වෙන වෙනම අසුරලා වගේම තමුන්ගෙ සහ පවුලෙ අයගෙ කුඩා පින්තූරයක් තියාගන්නත් අමතක කරන්න එපා. නිතරම ගමන්බිමන් යන කෙනෙක් නම් පර්ස් එකේ ශොපින් බිල්ස්, බස් ටිකට් වගේ දේවල් පිරිලා තියෙන්න පුළුවන්. ඒ නිසාම සතියකට වරක්වත් පර්ස් එක අස් කරන්නත් අමතක කරන්න එපා හොඳේ.

 

7. අමතර සෙරෙප්පු දෙකක් සමග තවත් අත්‍යවශ්‍ය දේවල්

 Image Source – thinkgeek.com

ඔෆිස් යන යුවතියක් නම් සෙරෙප්පු භාවිතය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නෙහ්… වැඩි කාලයක් දාන්න පුළුවන් නිෂ්පාදන දැන් වෙළඳපොලට එන්නෙ නැති නිසා සෙරෙප්පු දෙක කොයිවෙලේ කැඩෙයිද කියලා බයෙන්නෙ ඉන්නෙ. ඒ නිසා කෝකටත් බෑග් එකේ අමතර සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න එක බොහොම වටිනවා. ඒ වගේම අපි මේ කියන්න යන්නේ ඒ සමගම තවත් අත්යවශ්‍ය වෙන දේවල් ටිකක්. ඒ තමයි අවශ්‍ය වෙලාවට ගන්න කුඩා ඉටි බෑග් එකක්, හෑන්ඩ් ෆ්‍රී සෙට් එක, කුඩා මින්ට් අඩංගු බෝතලයක්, පොඩි බඩගින්නක් ආවොත් කන්න පොඩි ස්නැක් පැකට් එකක් වගේම පවර් බෑන්ක් එකක්. ෆෝන් චාජර් එක‚ පෙන් ඩ්‍රයිව් එකක් ළඟ තියෙනවනම් හොඳයි. ඒ වගේම බස් එකක වගේ යන වෙලාවක ෆෝන් එක ඔබ ඔබ යන්නෙ නැතුව පොතක් බෑග් එකේ දාගෙන ඇවිත් ඒක කියවන එක ගොඩක් හොඳ පුරුද්දක්.

මේ කියපු දේවල් ඉතා කුඩා ප්‍රමාණෙ නිසා බෑග් එකේ අසුරගන්න ගොඩක් අපහසු නෑ. ඒ වගේම බයක් නැතුව එළියට බැහැලා සැහැල්ලුවෙන් ගමනක් යන්නත් පුළුවනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *