කාටූන් කියන්නෙ පොඩි උන් ඔන්නොහේ මෙලෝ අල බෝලයක් නොතේරී බලපු දෙයක් නෙමෙයි. කාටූන් කියන දේ තාමත් වහ වැටිලා බලන්න හේතු විදියට ඒවා පොඩි කාලෙදි අපේ හිත්වල ඇති කරපු මතකයන් වගේම ඒවා නැවත නැවත බලද්දි ආයෙත් ඉස්මතු වෙන සුන්දර නොස්ටැල්ජියානු මතක අපිට දක්වන්න පුළුවන්. ඒත් කාටූන්වලට තවතවත් බැඳෙන්න තවත් හේතු බොහෝමයක් තියෙනවා. ඒවායෙන් අලුතෙන් උගන්නපු දේවල්, ඒවා නිසා හොයාගෙන ගිය දේවල් වගේම ඒවා නිසා වෙනස් විදියට හිතන්න හුරු වුණු දේවල් ගැන කතා කරද්දි කාටූන් කියන්නෙ ලොකු මිනිස්සු විදියට බලද්දි තවතවත් ජීවිත ගැඹුර පෙන්නන නිර්මාණ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. අන්න ඒ නිසාමයි අපි මේ සටහන තියන්නෙත්.
අපි පුංචි කාලෙදි වගේම වර්තමානයේදිත් ආසාවෙන් බලන කාටූන් සමහරක් ඒවගෙ උප්පත්ති කතාව නං අපිට පේන කාටූන් එක තරං සුන්දර නැහැ. ඒ නිසාමයි අපි ඒ ගැන හොයන්නෙත්. මේක කියවලා කාටූන් එකේ ආතල් එක කඩාගන්න එපා. කොයිදේත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ.
1. විනී ද පූ

Image Source – usatoday.com
මේ කතාවෙ විනීද පූගේ අයිතිකාර ක්‍රිස්ටෝෆර් රොබින් කොලුවා තමයි මේකෙ නිර්මාණකරුගේ හුරතල් පුතා. ඒ නමම තියෙන තමුන්ගෙ පුතාගෙ නමින් තමයි ඔහු මේ කතාව නිපදවන්නෙ. විනී ද පූ එයාගෙ යාලු ඌරු පැටියයි කොටි පැටියයි එක්ක ලොකු ඉඩමක ආතල් එකේ හිටියා කියලනෙ කතාවෙ තියෙන්නෙ. හැබැයි ඇත්ත ඊට වෙනස්. ක්‍රිස්ටෝෆර් රොබින්ට පළවෙනි බර්ත්ඩේ එකට හම්බෙනවා එඩ්වඩ් කියලා ටෙඩි බෙයා කෙනෙක්. එයා මේ ටෙඩියගේ නම විනී කියල වෙනස් කරන්නෙ සත්තු වත්තට ගිය ගමනකදි දකින විනී කියන මහ ලොකු වලසා මතක් වෙන්නයි. පූ කෑල්ල එන්නෙ තවත් එහෙවු ගමනකදි මුණගැහෙන හංසයෙකුගේ නමෙන්. කතාවෙ ඉන්න ඉතුරු සත්තු ටිකත් රොබින්ගේම අයිතිකාර සෙල්ලම්බඩු කියලයි කියන්නෙ. රොබින් මේවත් එක්ක සෙල්ලං කරන දිහා බලලයි මේ සමහරක් කතා තාත්තා ලියලා තියෙන්නෙ. පළවෙනි කතාවෙන්ම මේ කතා සෙට් එක නැගලා ගියාට ඒක පුංචි රොබින්ට නං වාසියක් වෙලා නෑ. එයා ඉස්කෝලෙදි මෙහෙම සෙල්ලං සත්තු එක්ක නටන පිස්සුව නිසා ලොකුවටම බුලී වෙලා තියෙනවා කියලයි කියන්නෙ. ඉතිං රොබින් විනී ද පූ කැරැක්ටරේට පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ. තාත්තත් එක්ක කිසිම හිතවත්කමක් තියාගෙන නෑ. ගෙදරට අකමැත්තෙන් කසාදයකුත් කරගත්තු නිසා අම්මාගේ මරණ මංචකේදිවත් අම්මා ඔහු එක්ක කතා කරලා නෑ. ඉතිං අර හුරතල් විනී ද පූ නිසා වෙලා තියෙන සංහාරෙ මදිද?
2. පීටර් පෑන්

Image Source – jigsawpuzzle.co.uk
පීටර් ගැන කියන්න කලින් පෑන් ගැන කියලා ඉන්නං. පෑන් කියන්නෙ ග්‍රීක දෙවි කෙනෙක්. ලිංගික අපරාධ සහ කොටිම්ම කිවුවොත් වලත්තකම පැත්තෙ උපරිමෙන්ම ඉන්න දෙවියෙක්. මේක පෑන් කියන දෙයියගෙ චරිතයට සමහර සම්බන්ධකම් පෙන්වන අතරෙම ඒක භෞතිකව පෙන්වන්න පීටර් පෑන්ට සමහර වෙලාවට පෑන් දෙවියට වගේම එළු (යකාගෙ) අං දෙකක් දාලා අඳින්න නිර්මාණකරුවා උත්සාහ කරලා තියෙනවා. පීටර් පෑන් ළමයින්ට කියන්නෙ තමුන් කැමති ඕනම දෙයක් කරන්න පුළුවන් ලෝකෙකට (නෙවර්ලන්ඩ්) යන්නනං තමුන් ආදරය කරන සියල්ලන් සදාකාලිකව හැර දාලා එන්න කියලයි. අවුල් වගේ නේ? මේකෙ නිර්මාණකරුවා වෙන ජේ. බැරීගේ සොහොයුරා මිය යෑමත් එක්කයි ඔහු තරමක් අමුතු විදියට හිතන්න ගන්නෙ. කසාදයක් බඳිනවා. දරුවො නැහැ. ඇත්තටම කිවුවොත් ඔවුන් දරුවො හැදුවෙ නැහැලු. හැබැයි හදාගන්න ගන්නව දරුවො තුන්දෙනෙක්. වැඩිමහල් දෙන්නම මැරුණම ඉතුරු වෙන තුන් වැනි දරුවාගේ නම වන පීටර් තමයි මේ කතාවට තෝරාගන්නෙ. පොඩ්ඩක් අවුල් කතාවක් නේද?
3. ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ට්ල්ස්

Image Source – syfy.com
මෙයාලට එකිනෙකට වෙනස් උප්පත්ති කතා කිහිපයක්ම තියෙනවා. මේ ඉබ්බො හතර දෙනාව මහ මීයා විසින් සටන් පුරුදු කරවලා ගන්නෙ මේ කුරිරු ලෝකෙ ලේසි පාසුවෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන නිසා නෙමෙයි. තමන්ගෙ මහා හතුරා එක්ක සටනට යවන්න ඕන නිසායි මීයා මේ ගේම ගහන්නෙ. නැත්තං මීයෝ ඉබ්බොන්ට උගන්නයිද ජීට් කුන් ඩෝ? 1994 දි ආපු මුංගෙ උප්පත්ති කතාව තියෙන කොමික් එකේ විදියට මේ ඉබ්බො කල්ලියෙ නායකයා වෙන ලියනාඩෝ සාකි ට දෙනවා ඔප්ෂන්ස් දෙකක්. “එක්කො උඹ ඉබ්බොන්ගෙන් කාපං! නැත්තං මෙන්න කඩුව කපාගනිං තොගෙ බෙල්ල!” මෙහෙම කියන්න පුළුවන් කියල හිතුවද ඔයාලා අර ටීවී එකේ දැකපු පීසා කකා ලොලන්තලා වගේ කතා කරන ඉබ්බොන්ට. නෑ ඒ අය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කිලින් මැෂින්ස්. ඇන්දුනා කියලා හිතෙනවද?
4. කැස්පර්

Image Source – universalstudios.fandom.com
හාවි කොමික්ස්ලා තමයි කැස්පර් හදන්නෙ. හැමෝම බය වුනත් හැමෝටම ආදරය කරමින් උදවු කරන්න යන පුංචි භූතයෙකුගෙ කතාව තමයි කැස්පර්. හැබැයි ඇත්තටම කැස්පර් කියන්නෙ මේ ලෝකය දමා යන්න නොහැකිව සදාකල් මෙහිම සැරිසරන මිය යන්නට සියදිවි නසාගැනීම් ක්‍රමවේදයක් සොයන තනි වෙච්ච ළමා මනෝකායක් කියල කිවුවොත් හිතට පොඩි බයක් දැනෙනවා නේද? There’s Good Boos To-Night කියන කාටූන් එකේ තමන්ට කවුරුත් ආදරය නොකරන නිසා තමන්ගෙ යාලු හිවලා මැරුණාම කෝච්චියට බෙල්ල තියන්න යන කැස්පර් කෙනෙක් ඉන්නවා. පස්සෙ කාලෙක තනියෙන් ඉන්නවා කියල කියපු කැස්පර්ට අම්මලා තාත්තලා ඉන්නවා දකින්නත් පුළුවන් නිසා කැස්පර් උප්පත්ති කතාව ගැන අදහස වෙනස් වුනත්, 1995 ආපු කැස්පර් චිත්‍රපටියෙන් කැස්පර් කියන්නෙ නිවුමෝනියාවෙන් පොඩි කාලෙදිම මිය ගිහින් මේ ලෝකෙම කරක් ගගහ ඉන්න කුඩා දරුවෙක් කියන එක පෙන්වනවා. ඉතිං තමුන්ට යාලුවො හදාගන්න බැරුව මියැදෙන්න උත්සාහ කරන ළමා භූතයෙක් දරුවෙකුගෙ හිතට වැරදි ආදර්ශයකුත් දෙන්න ඉඩ තියෙනවා නේද?
5. පිනෝකියෝ

Image Source – awn.com
උපදෙස් දෙන පළඟැටියෙක් ඉන්නවා නේද පිනෝකියෝ කතාවෙ. පිනෝකියෝ දැන් පෙන්නන තරං හුරතල් නෑ කියල පෙන්නන්නෙ එතනින්මයි. කෙලින්ම මිටියෙන් ගහලා එයා ඒ පළඟැටියාව මරණවා. උණුසුම් උඳුනක් ගාව කකුල් තියාගෙන නිදාගෙන ලී කකුල් දෙක පිච්චෙනවා. අන්තිමටම බෙල්ල වැල දාගෙන පිනෝකියෝ මැරෙනවා. හැබැයි ඩිස්නිලා මෙහෙම කාටූන් එකකට කැමති වෙන්නෙ නෑ. ඉතිං තවත් ලියන්න වෙනවා. ඊටපස්සෙ තමයි ආයෙ අර පළඟැටියාව උපද්දලා අරගෙන අපි දැන් දකින අහිංසක පිනෝකියෝව නිර්මාණය වෙන්නෙ.
6. හර්කියුලීස්

Image Source – themarysue.com
හර්කියුලීස් කියන්නෙ යෝධයෙක් කියලනෙ දන්නෙ. එයාගෙ ශක්තිවන්තභාවය ගැන කතන්දර ගොඩකුත් තියනවා. මේ ඔක්කොම කතා එක්ක හර්කියුලීස්ට ඉස්සර ඉඳන්ම තියෙන ශක්තිවන්තභාවය වෙනුවෙන් වෙන භය පක්ෂපාතීත්වය නිසාම අපි මේ කියන කතාවට ටිකක් රිදෙන්නත් පුළුවන්. අල්ක්මීනී කියන්නෙ හර්කියුලීස්ගෙ අම්මා. එයා කසාද බැඳලා හිටියට දවසක් දෙයියන්ගෙ මහ එකා වෙච්ච සියුස් එනවා එයාව බැහැදකින්න. බැහැදැකලා නිකං ඉන්නෙ නෑ පිංවතුනි. එයා එන්නෙ අල්ක්මීනිගෙ හස්බන්ඩගෙ රූපෙ මවාගෙන. ඉතිං දෙන්නා කොරනව සෙක්ස්. ඉතිං චයිල්ඩ් සපෝට් එක විදියට හර්කියුලීස්ට සියුස් කරගහනව. දැන් ඔය කාටූන්වල පෙන්නන තරං හර්කියුලීස් කියන්නෙ පුංචි කාලෙ හුරතලයෙක් නෙමෙයි. තමන්ට දඬුවං දෙන්න ගිය සංගීත ගුරාව සංගීත භාණ්ඩෙන්ම ගහලා මැරුවා කියන චෝදනාව හර්කියුලීස්ට තියෙනවා. පස්සෙ කාලෙකදි උමතු තත්ත්වයකට පත්වෙලා පුත්තු තුන්දෙනාවයි වයිෆ්වයි හතුරො කියලා මරලා දානවා. ඉතිං සෝක්ද?
7. ස්ලීපිං බියුටි

Image Source – newshub.co.nz
නිදි කුමරියව යළිත් ඒ මහා නින්දෙන් ඇහැරෙන්නෙ කුමාරයෙක් ඇගේ දෙතොල් සිම්බොත් විතරයි කියලා නේද අපි දන්න කතාවෙ කියන්නෙ? ඒක එහෙම වෙන්න දෙන්නෙ නෑ ඔරිජිනල් කතාවෙ. ඒකෙදි කැලේ වදින කුමාරයෙක් දකින්නෙ නිදියාගෙන ඉන්න ලස්සන කෙල්ලෙක්. එයා ඔය දෙතොල් සිපගෙන කල් මරන්නෙ නෑ. මුලින්ම එයා කරන්නෙ මේ නිදි කුමරියව දූෂණය කරන එක. ඊටපස්සෙ එයාගෙ බඩට දරුවො දෙන්නෙක් දීලා පොර යනවා. හිතට පට්ට අවුලක් ආවා නේද? රජා යනවා පුරුදු බිරින්දෑ ගාවට. ස්ලීපිං බියුටි මායාකාරියොන්ගෙ උදවුවෙන් දරුවො දෙන්නව හදාගන්නවා. රජා ආයෙ ඇවිත් කුමාරිට තමුන්ගෙ ආදරේ පුදනවා. මේකෙන් කෝප වෙනවා කතාවෙ ඉන්න නපුරු රජ බිසව. එයා අර නිවුන්නු දෙන්නව උයලා රජාට කවන්න ට්‍රයි කරනවා. මේකට ඉඩක් ලැබෙන්නෙ නැත්තෙ නිර්භීත කෝකියෙක් නිසා. ඊටපස්සෙ මාලිගාවට ආපු ස්ලීපිං බියුටිව ගින්නකට තල්ලු කරන්න හදනව. ස්ලීපිං බියුටි කෑ ගහනවා. රජා ඇවිත් ස්ලීපිං බියුටිව බේරගෙන නපුරු බිසව ගින්නට තල්ලු කරනවා. පස්සෙ ස්ලීපිං බියුටියි මහ රජයි සතුටෙන් ආදරයෙන් ජීවත් වුනා කියලා කිවුවට මෙහෙම දුර්ගුණ පිරිච්ච කතාවක් අච්චර සුන්දර වෙන එක අවුල් නේද?
Leave a Reply