මාතර බත් කඩ එක්ක මේ අත්දැකීම් ඔබටත් තියෙනවාද?

බත් කඩ සහ මාතර අතර සම්බන්ධයක් තියනවාද කියල පැහැදිලි නැහැ. කෑම වලට නම් යෙදෙන විදි නම් මාතර නුවර විදියට වෙනස් වෙනවා. ඒත් මාතර කියලා වෙනම කරි හෝ කෑම කලාවක් තියේද කියන එකනම් පර්යේෂණ කරන්න ඕනි මාතෘකාවක්. කොහොම වුනත් මාතර බත් කඩ නම් රට වටේම තියෙනවා. සමහර විට මතු යම් දිනක මිනිසා සඳමත ජනාවාස හදාගෙන ලංකාවේ බත් කඩයක් ඇරියොත් බොහෝවිට ඒක මාතර බත් කඩයක් වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ තරම් මාතර බත් කඩ අපේ සාමාන්‍ය ජනයා අතර ජනප්රිය වෙලා තියෙනවා.

 

1. කඩේ බුවාගේ හිතවතා

Image Source – tvt.lk

කඩේ බුවාගේ හිතවත් මහතා හෝ මහත්මියවල් ගොඩක් ඉන්නවා. එයාල ඇවිල්ලා යාලු මිත්තරකමින් හොඳට කඩේ ඩෑල් එක ටෝක් කරනවා. සමහර අය නම් ඒ යාලුමිත්තර කමින් තව ටිකක් හොදි දාගන්න උත්සාහ කරනවා. සමහර යාලු මිත්තරයින් නම් එහෙම අවුලක් නැහැ, වැඩියෙනුත් එක්ක පුළුවන්නම් සල්ලි දීලා යනවා.

 

2. කරි වල අලගිය මුලගිය තැන් අසන අය

Image Source – tvt.lk

බත් එක්ක කන්න එළවලු තියෙනවා. ඔය සමහර එළවලු හදනකොට උම්බලකඩ, හාල්මැස්සෝ, කූනිස්සෝ දානවා රස වෙන්න. ඒත් ඒවා නොකන වෙජිටේරියන් සහ වීගන් අය ඉන්නවා. එයාලා මාතර බත් කඩේට ආවම ඉතින් කරි වල අලගිය මුලගිය තැන් අහනවා. අහලා බලලා මස්මාංශ නැතිම නම් තමයි ඒවා ගන්නේ. ඒත් ඉඳලා හිටලා මස් නොකන, හොදි කන වෙජිටේරියන් අයත් ඉන්නවා.

 

3. මෙනු එකම බලනවා… අඩුම එක ගන්නවා…

Image Source – zomato.com

“මල්ලි සී ෆුඩ් රයිස් එක තියෙනවාද? අහ්… මල්ලි මට චිකන් රෝස්ට් වල මිල කීයද දැනගන්න පුළුවන්ද?” වගේ මෙනු එකක් තිබුනා නොතිබුනා පේන්න තියෙන හැම එකේම මිල ගණන් අහන අය ඉන්නවා. එයාලා වෙළඳපොලේ රවුමක් යන්න වගේ ඇස් යවනවා මාතර බත් කඩේ හැම අයිටම් එකකටම. යවලා ඉතින් හැම එකේම මිල අහලා ගොඩක් වෙලාවට මිල අඩුම මොනාහරි වෙජිටබල් කරියක් කුදලගෙන යනවා.

 

4. හොදි මදිනෙ

Image Source – makeameme.org

සමහර අය ඉන්නවා බත් කන්න හොදි ගන්නව නෙවෙයි, හොදි කන්න බත් ටිකක් දාගන්නවා ආකාරේ අය. එයාල කරන්නේ බත් එක ගත් වෙලාවේ සිට හොදි ඉල්ලන එක. සමහර විට හොදි බොනවද මන්දා ඒ උන්දැලා. සාමාන්‍යයෙන් තෝසෙ කඩවලටත් එහෙම ඩයල් යනවා. සාම්බාරු කොච්චර දැම්මත් මදි එයාලට.

 

5. කයියට අර අදින අය

Image Source – videobloacks.com

බත්කඩේට එන්නේ බත් කන්න. බත් විකුණන්න නෙමෙයි නේ. ඉතින් කන ගමන්ය කියලා නැහැ. ළඟ ඉන්න ඩෑල් එක්ක කයියට සෙට් වෙන අය ඉන්නවා. ඔන්න ඉතින් ලස්සන ගෑල්ලමයෙක් එහෙම නම් “ඔයා මේ පළාතෙද? දැකලා නැහැ කලින්” කියලා පොඩ්ඩක් ටෝක දාන එක සාමාන්‍ය දෙයක් නේ. ඒත් මේ ලොවෙත් අංකල් බුවාලා කොල්ලන්ගෙන් එහෙම එක එක ප්‍රශ්න අහද්දි ඇත්තටම මාතරටම වැටෙන්න දෙකක් අනින්න හිතෙනවා ඒ අහන බුවාට.

 

6. වැරදිලා ගොඩ වුණු අය

Image Source – tripadvisor.com.au

සමහර අය පොෂ් කම පෙන්වන්ටත්, සමහර අය ඇත්තටම නොදන්නාකමටත් මෙහෙම කරනවා. පෙළක් මාතර බත් කඩවල ලොකු මෙනු එකක් තිබුනත් ගොඩක් ඒවායේ තියෙන්නේ අයිටම් කීපයක් විතරයි. චිකන් කෑම, මාළු කෑම, බිත්තර කෑම, එළවලු කෑම තමයි පොදු දේවල් විදියට තියෙන්නේ. ඉතින් මෙතන්ට ඇවිල්ලා වෙන වෙන කරිද, සලාදද, ජූස්ද අනන් මනන් ගැන අහන උදවියත් ඉන්නවා. කොච්චර ඉතින් බෝඩ් ගැහුවත් අපේ අය අහලා දැනගන්න කැමතියි නේ.

 

7. මල්ලිලා මාතරමද? කියලා අහන අය

Image Source – youtube.com

මාතර බත් කඩ කියන යෙදුම ආවේ කොහෙන්ද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් එක නමකට පුළුවන් වුනා බත් කඩ විශේෂයක් මුලු රටපුරා පතුරුවන්න. මේ මාතර බත් කඩ කරන අයත් බොහෝ වෙලාවට දකුණේ. දකුණේ කිව්වට මාතරම නෙමේ, ගාල්ලේ බේරුවල පැත්තේ අයත් මාතර බත් කඩවල ඉන්නවා. සමහර බත් කඩවලට නම් මාතර නෑයෙක් වත් නැහැ. ඒත් නමට සෙට් වෙන්න ඕනි නිසා මාතර ස්ටෑන්ඩර්ඩ් එකට බත් කඩේ රන් කරනවා. ඒත් ඉතින් නින්දෙන් අවදි වෙලා වගේ “මල්ලි මාතරද?” කියලා බත් කඩේ අයියාගෙන් අහන අයත් එච්චරම දුර්ලභ නැහැ.

 

හැමදාම ෆැෂන් එකට වියදම් කරලා තුන් වේල කන්න තියෙනවා නම් ඉතින් හොඳයි. සමහර විට අපිට පුළුවන් වුනාට හැමෝටම එහෙම බැහැ. අනික බත් ටිකක් කනව වගේ ඉතින් වෙන මොනම දෙයක් වත් අපේ ඇඟට වදින් නැති ගතියකුත් තියෙනවා. මාතර බත් කඩ කියන්නේ ආන්න ඒ අපේ අවශ්‍යතාවයට හැදුන, ලාබෙට කොලිටි බත් එකක් දෙන තැනක්. එතනත් අමුතු ආට් එකක්, කල්චර් එකක් තියෙනවා. ඉඳලා හිටලා හරි මාතර බත් කඩේකට ගියානම් මේ ඉහත ජනයාගෙන් කිහිප පොලක් හරි ඔබට මුණ ගැහිලා ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *