ආයෙමත් දවසක – 23 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

22 කොටස මෙතනින් කියවන්න

 

23 කොටස

ඒක අතිශය ශෘංගාරාත්මක හවසක්. හෝටල් කාමරයට ඇතුළු වෙන්නට ලැබුණු සැනින් අරඹුනේ ඇඳුම් උනා දැමීමේ මහා තරගය. එකිනෙකාගේ ගැලවෙන ඇඳුම් අතරින් නිරුවත් වන කුඩා අගයක සම පවා දෙදෙනාම ඉතා ගිජු කමකින් මේ ආලිංගන කතාවට ආකර්ෂණය කරවන්නට සමත් වුනා. ගිමන් හරින මොහොතක නදිකට නොදන්නා නොම්බරයකින් ආපු කෙටි පණිවුඩයක තිබුනෙ I need to talk to you putha කියල වුනත්, ඒ ක්ෂණයකින් ආයෙආයෙත් ඉහළ නගින කාමගින්න නිසාම නදිකට ඒකට රිප්ලයි එකක්වත් යවන්න මතක තිබුනෙ නෑ.

ඒ ආදරය අතිශය සුන්දරයි. සියුමි ඒ වැඩේදි කොටියෙක් වගේ. අනිත් හැම මොහොතකම නිවුනු සැනහුණු කෙනෙක් වගේ. ඒ තරං ඉක්මනට චේන්ජ් වෙන්න නියම විදියට මනසේ පාලනයක් තියෙන්න ඕන. සියුමි චේන්ජ් වෙන ඉක්මන ගැන නදික කල්පනා කළා. සියුමි කල්පනා කරලා තිබුනෙ වෙනිං දෙයක්.

“අපි අද රෑම මෙහෙම ඉන්නවද?”

“ඇයි යන්න ඕන ව​ගේද?”

“ඩිනර් අවුට් කියලනෙ ආවෙ”

“ඔවු නේද?”

“ඒකත් අමතක වුනා”

“පුදුම සිහියක්”

“සිහිය විකල් වුනානෙ”

“හ්ම්ම්ම්”

“දැන් මොකෝ කරන්නෙ?”

“ටිකක් මෙහෙම ඉමු”

“කොහොමද?”

“මං ඔයාට තුරුල් වෙලා… ඔයා මගෙ ළඟට වෙලා…”

“නිවාඩු පාඩුවේ කියන්න”

“ආදරේ කියා”

“එහෙනං මෙහෙම ඉමු”

එහෙම ඉද්දි දෙන්නටම සනීපෙට නින්ද ගියා. ඇහැරෙද්දි වෙලාව රෑ එකොළහත් පහුවෙලා නිසා දෙන්නම රාගය පැත්තකින් තියල ඇඳුම් ඇඳගත්තා. පළවෙනි පාරට නදික ආලිංගන කාරියකින් පස්සෙ ගෑණු ළමයෙකුට ඇන්දුවා. මෙච්චරකල් නදික ගලවන්න උදවු කළාට අන්දන්න උදවු කරලා නෑ. අන්දන ගමනුත් කෙල්ලව පිස්සු වට්ටන්න නදික උත්සාහ කළත් සියුමි කියන්නෙ එහෙම දේකින් පිස්සු වට්ටන්න ලේසි කෙල්ලෙක් නෙමෙයි කියල අපි කලින්ම කිවුව. නදික සියුමිව ගෙදරට ගෙනිහින් ඇරලුවා. ගෙදරට යනකංම සියුමි කළේ නදිකගෙ අත අරගෙන උකුලෙන් තියාගෙන කල්පනා කර කර ගිය එක විතරයි. නදික සියුමිගෙ කකුල් අස්සෙ අත දඟ කරවන්න හැදුවත් නදිකට ට්‍රැෆික් ලයිට් එකකදිවත් කිස් එකක් සියුමිගෙන් ලැබුනෙ නෑ.

ගෙදරට ගෙනිච්චම අංකල් නදිකට ඩ්‍රින්ක් එකකට ඉන්න කිවුව. නදිකට ඕන වෙලා තිබුනෙ රන් පැහැ මධු බිඳකින් මේ ඔලුවෙ තියෙන කැලැම්බුණු ගතිය යටපත් කරගන්න. සියුමි එක්ක සිද්ධ වෙච්ච ලිංගික ගනුදෙනුව තරම් කදිම දෙයක් කාලෙකින් නදිකට වෙලා තිබුනෙ නෑ. නදික වොෂ්රූම් යන්න ගිහින් එනකොට සියුමිගෙ අම්මා ඇවිත් කිවුව කලින් මෙසේජ් එක දැම්මෙ එයා විත්තිය. ඒ වගේම මේ ගැන කාටවත් කියන්නෙපා කියන එකත්. නදිකට මුලින්ම හිතුනෙ නැන්දම්ම කරේ එල්ලෙන්න එනවද කියල. ඒත් මේක පෝන් හබ් නොවෙන නිසා නදික හරි කියල ආයෙත් ඩ්‍රින්ක් එකට සෙට් වුනා. තාත්තයි තමුන්ගෙ මනුස්සයයි බොනකං සියුමි ගිටාර් ගගහ සින්දු කිවුව. ඔක්කොම ඉංග්‍රීසි සින්දු. නදික ඒ තරං ඉංග්‍රීසි සින්දුවලට ආසා මනුස්සයෙක් නෙමෙයි. ඒත් ස්තෝත්‍රයක් වගේ එක දිගට ඇදි ඇදී කියපු කුම්බායා කියන සින්දුවට නදික ආසා වුනා. දැන් සියුමිගෙ සින්දුව, අංකල්ගෙ මධු සංවාද සහ ආන්ටිගේ මෙසේජ් එක විසින් ඉතුරු කරපු කුතුහලය නදිකගෙ ඇතුළෙ කැලතෙනව.

නදික වෙරි මතින් නියම ගාණට ආවා. දැන් ඕන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඒකට කදිම යෝජනාවක් අංකල්ගෙන්ම ආවා.

“පුතාට රිලැක්ස් වෙන්න ඕනනං අද රෑ මෙහෙම ඉන්න”

“ඒක හොඳ නෑ නේද අංකල්?”

“මේක දියුණු කාලයක් පුතා”

“ඕකේ අංකල් මාත් ඩ්‍රයිවු කරන්න කම්මැලි කමේ හිටියෙ”

ඒකට මැද්දෙන් පැන්නෙ සියුමි.

“ඕනනං මං ඔයාව ගිහින් දාලා එන්නං”

“ඇයි ඔයා කැමති නැද්ද මං ඉන්නවට?”

“නෑ ඉතිං ඩ්‍රයිවු කරන්න කම්මැලියි කියපු නිසයි කිවුවෙ. අනික…”

“අනික?”

“අනික ඔයා ඉන්න කැමති නෑ කියල මුලින්ම මට හිතුණෙ”

“පිස්සුද?”

“හා හා බඳින්න කලින්ම දෙන්න එක්ක රණ්ඩු වෙන්න තියාගත්තද?”

අංකල්ගෙ ඒ පැනිල්ලෙන් දෙන්න අතරෙ කතාබහ ඉවර වුනා. සියුමි ආයෙ සින්දු කියන්න පටන් ගත්තා. නදික අද රෑ ඉන්න නිසා ආයෙ පොඩියට ඩ්‍රින්ක් එකක් දාගත්තා. අංකල් රොකින් චෙයා එකේ පැද්දි පැද්දි සියුමිගෙ සින්දු ඇහුවා.

නදිකට හම්බුනේ පහළ තට්ටුවෙ කාමරයක්. කාමරේට ගොඩ වෙච්ච ගමන් නදික කළේ සියුමිට ටෙක්ස්ට් කරපු එක.

I need to cuddle

I knew

What?

You’ll text me right back

Hahahaha

Hahahaha?

Please?

No

Pretty Please

Okay

Where?

There’s music playing in my room

නදික සංගීත සද්දයක් හොයාගෙන ඉහළ මාලෙට ගෑටුවා. සියුමි හිටියෙ හිතාගන්න බැරි තරමෙ සරාගී ඇඳුමකින් සැරසිලා. නදික කෙලින්ම ගිහින් වැඩේ පටන්ගන්න හදද්දිම සියුමි ආදරෙන් නදිකගෙ ඔලුව අත ගෑවා.

“දැන් බෑ”

“ඇයි?”

“මට නිදහසේ කෑගහන්නවත් බෑ”

“ඇයි කෑගහන්නෙ?”

“ඒ සතුට මං මේ තරං හොඳට කවදාවත් ෆීල් කරල නෑ”

“මාත්”

“බොරු”

“ඇයි බොරු කියල හිතන්නෙ?”

“ඔයා මම එහෙම කියපු නිසා, මගේ හිත රිදෙයි කියලයි ඒක කිවුවෙ”

“නෑ. ඇත්තටම”

“බොරු නදික. ඔයාට නියම එක්ස්පීරියන්ස් ඇති”

“වෙන්න පුළුවන්. ඒත් ඔයා ෂෝක්”

“හරි. මොක වුනත් දැන් බෑ”

“ඕකේ”

“කඩ්ල් කරන්න ඕනෙ කියලනෙ ආවෙ”

නදික එච්චර සරාගී කෙල්ලෙක්ව පළවෙනි පාරට බදාගෙන නිදාගත්තා. ඇහැ පියවෙද්දි වෙලාව දෙකටත් කිට්ටුයි. මියුසික් දිගටම ප්ලේ වෙවී තිබුනා. නිදියන්න මොහොතකට කලිනුත් හිතුනෙ නැන්දම්මා එවපු ටෙක්ස්ට් එක ගැන. ඒවා මේ රෑ හිතන්න ඕන නෑ කියල නදිකගෙ අතට මිරිකිලා තිබුණු සියුමිගේ පියයුර කිවුවා. නදික ඒ සිහින ලෝකෙම නින්දට ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *