Samsung සමාගම අලුතෙන්ම හඳුන්වා දීපු වැඩිම අවධානයක් දිනූ නිෂ්පාදන 10ක්

Samsung කියන්නෙ තාක්ෂණික ලෝකෙ දැවැන්තයෙක් විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ලෝකය පුරාම ඔවුන්ට ඉන්න පාරිභෝගිකයෝ ඔවුන්ගේ අලුත් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් වෙන තෙක් මග බලා සිටිනවා. පෙබරවාරි මාසයේදී ඔවුන් හඳුන්වාදීපු නව නිෂ්පාදන බොහෝමයක් වෙළඳපොලට නිකුත් වෙන්නට මාර්තු සහ අප්‍රේල් මාසවල දින වෙන්වුනත් Samsung ලෝලීන් ඒ වෙනතෙක් ඉවසා සිටින්නට සූදානම් නැහැ. අපි මේ සටහනින් ගෙනෙන්නේ Samsung සමාගම එලෙස වෙළඳපොලට හඳුන්වා දුන් නිෂ්පාදන අතරේ වැඩිම අවධානයක් දිනාගන්නා නිෂ්පාදන 10ක් ගැනයි.

 

1. Samsung Galaxy Fold

Image Source – digitaltrends.com

මේක ගැන වැඩිම කතාබහ ඇතිවෙන්නේ මේක අලෙවි කරන්නට නියමිත අතිශය ඉහළ මිල නිසායි. අප්‍රේල් මාසයේ අගදී වෙළඳපොලට පැමිණෙන්නට නියමිත මේ උපාංගය මිල කර තිබෙන්නෙ ඇමරිකානු ඩොලර් 1980කට නිසා ආසියාතිකයන් විදියට අපිට ඒ ගැන කියන්න තියෙන්නෙ දුක්බර කතාවක්. ඇමරිකානු ඩොලර් 1980ක් යනු ආසන්න වශයෙන් රැපියල් තුන් ලක්ෂ පනස් පන් දහසක් පමණ ඉහළ මිලක්. නමුත් ආසියාතිකයන් වීමේ අභාග්‍යය නිසා මෙම මුදල තවත් ඉහළ යන්නට පුළුවන්. එනම් එය අප්‍රේල් 26වැනිදා ලෝකයට නිකුත් වී මැයි මාසයේදීවත් ලංකාවේ අලෙවියට යොමු කළහොත්, ඒ වන විට එය රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලකට මිල කරන්නට ඉඩ තිබීමේ ඛේදවාචකයයි… එය Space Silver, Cosmos Black, Martian Green, Astro Blue වර්ණයන්ගෙන් නිකුත් වෙනවා. Snapdragon 855 ප්‍රොසෙසරයක්, අඟල් 7.3ක තිරයක්, 512 GB අභ්‍යන්තර මතකයක්, 12 GB RAM අගයක්, මෙගාපික්සල් 10 සහ 8ක ප්‍රධාන කැමරා දෙකක් එයට අන්තර්ගත වනු ඇති. එසේම එහි බැටරිය Li-Po 4380 mAh battery ලෙසින් නිකුත් කරනු ඇත.

 

2. Samsung Galaxy S10 ස්මාට්ෆෝන් ත්‍රිත්වය

Image Source – slashgear.com

වෙනස් මිල පරාසයන්ගෙන් ඒ ඒ අවශ්‍යතාවයට සරිලන ලෙසින් Samsung Galaxy S10 ස්මාට්ෆෝන් ත්‍රිත්වයක් මාර්තු දෙවැනි සතිය වන විට වෙළඳපොලට නිකුත් වනු ඇත. ඒ ප්‍රධාන උපාංගය වන S10, S10+ සහ S10e උපාංගයි. බොහෝදුරට එකම අන්තර්ගතය පැවතියත්, එකිනෙකට මිලෙහි, ප්‍රමාණයෙහි සහ ඇතැම් විශේෂාංගයන් හී වෙනස්කම් දකින්නට හැකි වනු ඇති. Samsung Galaxy S10 උපාංග ත්‍රිත්වයේම පිටුපසට Gorilla Glass 5 යොදා ඇති අතර වයර්ලස් චාජින් ඇති සේම තවත් වයර්ලස් චාජින් ඇති උපාංගයක් චාජ් කිරීමේ හැකියාවද ඊට ඇත. Dynamic AMOLED තිර යොදා ඇත. තිරය මත පිහිටි ඇඟිලි සලකුණු සෙන්සරය තිරය නිවී තිබියදී වුවද ක්‍රියාත්මකය. S10e වෙනුවෙන් පමණක් ස්මාට්ෆෝනයේ පසෙකින් පවර්බට්න් එක යොදන තැන ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරය යොදා ඇත. තිරයේ පින්ච් හෝල් එකක් යොදාගෙන ඉදිරිපස කැමරාව යොදා ඇති නිසා නොච් භාවිතය මග හැරී ඇත. සුවිශේෂයෙන්ම තවමත් ඕඩියෝ ජැක් එක ඉතිරිව තිබීම අගය කළ යුතුය. S10, S10+ සහ S10e හි තිර පිළිවෙලින් 6.10, 6.40 සහ 5.80ක් වෙයි. S10 හී 128/512 GB ලෙසින් තෝරාගත හැකි මතක ධාරිතාවන්​ට 8 GB RAM අගයක සහාය ලැබෙයි. S10+ හි 1 TB, 12 GB RAM, 128/512 GB, 8 GB RAM ලෙසින් තෝරාගත හැකි මතක ධාරිතාවන්​ට සරිලන RAM අගයන් සමග උපාංග වෙළඳපොලට යොමු කර ඇත. S10e හි 256 GB, 8 GB RAM හෝ 128 GB, 6 GB RAM ලෙසින් මිලදී ගත හැකි සංස්කරණ දෙකක් නිමවා ඇත. උපාංග ත්‍රිත්වයේම microSD හරහා තවත් මතක ධාරිතාවය ඉහළ නංවා ගත හැක. S10 ස​හ S10+ කැමරා ත්‍රිත්වය ගැන විශේෂ සඳහනක් කළ යුතුමය. 12 MP, f/1.5-2.4, 26mm (සාමාන්‍ය wide කැමරාව), 1/2.55″, 1.4µm, Dual Pixel PDAF, OIS හැකියාවෙන් යුතුය. 12 MP, f/2.4, 52mm (telephoto කැමරාව), 1/3.6″, 1.0µm, AF, OIS, 2x optical zoom වැදගත් වෙයි. 16 MP, f/2.2, 12mm (ultrawide කැමරාව) ඔබ නොසිතන තරම් ළඟක සිට ඕනෑම වස්තුවක කදිම සේයාරුවක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව සාදා දෙයි. S10 හී 10 MP බලැති ඉදිරිපස සෙල්ෆි කැමරාවකි. S10+ හී 10+8 MP ලෙස ඉදිරිපස කැමරා ද්විත්වයකි. S10e උපාංගයේ 12 MP, f/1.5-2.4, 26mm (wide), 1/2.55″, 1.4µm, Dual Pixel PDAF, OIS සහ 16 MP, f/2.2, 12mm (ultrawide) ලෙස ද්විත්ව කැමරා යොදා ඇති අතර ඉදිරිපසට තනි කැමරාවකි. උපාංග ත්‍රිත්වයේ බැටරි ජවය පිළිවෙලින් S10 හී 3400mAh, S10+ හී 4100mAh සහ S10eහි 3100mAh වේ. උපාංග ත්‍රිත්වයම ඒ ඒ අවශ්‍යතාවයන්ට සහ ගෙවන මුදලට කදිමට සරිලන උපාංගයන් වේ.

 

3. Samsung Galaxy Watch Active

Image Source – cdn.mos.cms.futurecdn.net

බොහෝදෙනෙකු එය Sport Watch කැටගරිය යටතේ පැමිණෙතැයි අපේක්ෂා කළද එය එසේ නොවීම දැඩි කතාබහකට ලක්විය. උපාංගයේ තිරය AMOLED තිරයක් වන අතර, බර ග්‍රෑම් 25කි. එයට සිම්පත් ඇතුළු කිරීමේ හැකියාවක් නොමැති අතර එයට 4 GB අභ්‍යන්තරික මතකයක් සහ 768 MB RAM අගයක් අන්තර්ගත කර ඇත. Accelerometer, gyro, heart rate, barometer, Natural language commands and dictation යන සෙන්සර් පද්ධති මෙහි ඇති අතර මෙය වයර්ලස් චාජින් පහසුකමද සමග Silver, Black, Rose Gold, Sea Green වර්ණයන්ගෙන් නිකුත් වෙනු ඇති බව කියැවෙයි. මෙයද බොහෝදුරට අප්‍රේල් මාසයේදී නිකුත් වනු ඇත.

 

4. Galaxy Fit සහ Fit e

Image Source – www.cnet.com

ෆිට්නස් බෑන්ඩ් තියෙන්නෙ ෆිට්නස්වලට අදාළ කැලරි දහනය, හාට් රේට්, වේගය, ස්ටෙප්ස් ගාණ, දවසකට ඇවිදින දුර වගේ දේවල් ට්‍රැක් කරන්න විත්තිය හැමෝම දන්නවනෙ. නමුත් මේ අලුත් ෆිට්නස් බෑන්ඩ් එක ස්ට්‍රෙස් ලෙවල් එක වගේම නින්ද ගැන කැල්කියුලේෂන් එකක් ගන්නත් උදවු වෙනවා. ගලා යන ජලයේ වගේම දැඩි පාරිසරික තත්ත්වවලටත් මුහුණ දෙන්නට මේවාට හැකියාව තියෙනවා. එලාම්, කැලැන්ඩරයේ තතු, කෝල් සහ ටෙක්ස්ට් ලැබීමේ සංඥා සේම කාලගුණික තත්ත්වයද ස්මාට්ෆෝනය හරහා ලබාගෙන දක්වන්නට මෙයට හැකියාව තියෙනවා. මේ සියල්ලම සමානව සිද්ධ වෙද්දි Galaxy Fit සහ Fit e වෙනස් වෙන්නේ දෘඪාංග කිහිපයක වෙනස නිසායි. Galaxy Fit එකට විශාල අඟල් 0.95ක full-color AMOLED display එකක් පැමිණියත්, Galaxy Fit e හී අන්තර්ගත වන්නේ කුඩා අඟල් 0.74 Passive Matrix OLED (PMOLED) display එකක් පමණි. Galaxy Fit e හී බැටරිය 70mAh වන අතර, Galaxy Fit එකට 120mAh බලැති බැටරියක් යොදා ඇත.

 

5. Samsung Galaxy Buds

Image Source – slashgear.com

ඇපල් සමාගම නිපදවූවාට වඩා වැඩි තාක්ෂණයකින් ගූග්ල් සමාගම පික්සල් බඩ්ස් නිපදවූවත්, ඊටත් වැඩි තාක්ෂණයකින් තම උපාංග නිපදවන්නට Samsung සමාගම සමත් වුනා. දුරකතන ඇමතුම් ලබාගැනීම, ගීතයක් වාදනය කිරීම හා නැවැත්වීම, ගූග්ල් ඇසිස්ටන්ට් ක්‍රියාත්මක කිරීමට හැකිවීම, ක්‍රියාශීලී මොහොතක වුවත් දෙසවනින් නොගිලිහෙන ලෙස සකසා තිබීම (මෙය ජොගින් කරන පිරිසට වැදගත් වන සහ අනිවාර්ය කාරණයකි), වයර්ලස් චාජින් (උදාහරණයකට Samsung Galaxy S10 උපාංගයක් උඩ තබා චාජ් කළ හැකිවීම), සාක්කුවේද ගෙනයා හැකි කදිම නිමාව, ඉන්බිල්ට් මයික්, Galaxy Buds දෙසවනින් නොගලවාම ක්ෂණයකින් අවට ලෝකයට වඩා පැහැදිලිව සවන්දෙන්නට ඉඩ සලසා දීම වැනි තාක්ෂණික වශයෙන් ඉහළ කරුණු රැසක් ​මෙහි අඩංගු වෙයි.

 

6. Samsung Galaxy S10 5G

Image Source – 9to5google.com

බොහෝදෙනෙකු කතාබහ කරන සහ වැඩිම අවධානයක් දිනාගත් උපාංගය වූ Samsung Galaxy S10 හී නුදුරු අනාගතයේ නිකුත්වීමට නියමිත 5G ස්මාට්ෆෝනයයි. එය අඟල් 6.7ක් පුරා විහිදුණු Dynamic AMOLED තිරයකින් යුක්ත අතර, Gorilla Glass 6 මගින් ඉදිරිපසත් පසුපසත් ආරක්ෂා වූ ඇලුමිනියම් රාමුවකට සවිවී ඇත. එය සාමාන්‍ය Samsung Galaxy S10 උපාංගයෙන් වෙනස් වන්නේ සුළු වශයෙන් වුවත්, ඒ වෙනස්කම් සේම ප්‍රධාන වෙනස්කම වන 5G තාක්ෂණය නිසා එය මිලෙන්ද වැඩි, වෙනස්කම්වලින්ද ඉහළ උපාංගයක් වනු ඇත. Snapdragon 855 ප්‍රොසෙසරයක්, 256 GB මතක ධාරිතාවයක්, 8 GB RAM අගයක් සේම 4500 mAh බැටරි ජවයකින් සමන්විත වනු ඇත. අනෙක් උපාංගවලට වඩා තවත් වෙනසක් වනු ඇත්තේ මෙහි බාහිර මතකය ඇතුළත් කිරීමේ ඉඩ ඇහිරීමයි. ඒ කෙසේවුවත් පසුපසට සුවිශේෂී කැමරා හතරක පද්ධතියක් ලෙසින් 12 MP, f/1.5-2.4, 26mm, 1/2.55″, 1.4µm, Dual Pixel PDAF, OIS wide කැමරාවක්, 12 MP, f/2.4, 52mm, 1/3.6″, 1.0µm, AF, OIS, 2x optical zoom සහිත telephoto කැමරාවක්, 16 MP, f/2.2, 12mm ultrawide කැමරාවක් සහ TOF කැමරාවකින් සන්නද්ධ වනු ඇත. ඉදිරිපස කැමරා ද්විත්වයත් සමග මෙම උපාංගය කැමරා 6කින් යුක්ත ස්මාට්ෆෝනයක් වනු ඇත. Prism White පැහැයෙන් පමණක් මෙම උපාංගය නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

7. Samsung Galaxy Tab S5e

Image Source – youtube.com

අප්‍රේල් මාසයේදී එළිදැක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනා Galaxy Tab S5e උපාංගයේ අඟල් 10.5 ක Super AMOLED capacitive touchscreen පැනලයක් තිබේ. මෙය Android 9.0 Pie මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ධාවනය වනු ඇති අතර, එය Snapdragon 670 චිප පද්ධතියක් සහිත Octa-Core ප්‍රොසෙසරයකින් බලගැන්වෙනු ඇත. මෙහි බාහිර මතකය 512GB දක්වා ඉහළ දැමිය හැක. මෙය අභ්‍යන්තර මතකය 128GB සහ ‍රැම් මතකය 6GB සංස්කරණයකින් සහ අභ්‍යන්තර මතකය 64GB සහ ‍රැම් මතකය 4GB සංස්කරණයකින් පැමිණෙනු ඇතැයි කියැවේ. මෙහි එක් එක් මුල්ලක ස්ථාපනය වූ AKG-Tuned ස්පීකර් සතරක් තිබෙනා අතර, එය Dolby Atmos තාක්ෂණයද සහිතව පැමිණෙනු ඇත. මෙහි 7,040mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර, එය ඔබට නොනවත්වා පැය 14 ක් පුරා වීඩියෝ නැරඹීමට ප්‍රමාණවත් වනු ඇත. මෙය ඔබට USB-C ද්වාරය ඔස්සේ ශීඝ්‍රව ආරෝපණය කිරීමටද ඉඩ ලබාදෙනු ඇත. මෙහි 3.5mm ජැක් එකක් නොමැති මුත්, ඒ සඳහා ඇඩැප්ටරයක් පැමිණෙනු ඇත. මෙහි Bixby ස්මාට් ඩිජිටල් සහකරු සමගින් පැමිණෙන Far-fielf මයික්‍රෆෝනයක් තිබෙනා අතර, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයද, බලගැන්වුම් බොත්තම මත ස්ථාපිත ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ සෙන්සරයක්ද අන්තර්ගත වේ. එසේම මෙහි 8MP සෙල්‍ෆි කැමරාවක් සහ 13MP ප්‍රධාන කැමරාවක්ද අන්තර්ගත කර ඇත. මෙය ඩොලර් 400ක් වැනි මුදලකට හඳුන්වා දෙනු ඇතැයි පැවසෙයි.

මෙම සටහනෙහි e අකුර යෙදූ උපාංග තුනක් අන්තර්ගත වෙන නිසාම ඒ ගැනත් කෙටි සඳහනක් කළ යුතුය. එනම් එය බොහෝවිට economical යන අදහසින් යෙදූවක් විය හැකි බවයි. එසේ පැවසූවා කියා S කියන්නේ ෂෝක්ද? යන්න ඇසීමෙන් වළකින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *