හරිම සරළව ගත්තොත් නොබොන මිනිස්සුන්ව සමාජය විසින් සෝක් ජනයා ලෙස වර්ග කරනවානෙ. “ආනේ ඒ මහත්තයා බොන්නෙත් නෑ… අරක්කුවලට කැමැතිත් නෑ… අපි එයාව ජනාධිපති කරමු…” වගේ ගොබ්බ තීරණ ගන්නත් ඒ වර්ග කිරීම ප්‍රබලයි. හැබැයි බොන මිනිස්සුන්ගෙ ටේබල් අස්සෙ ඉන්න නොබොන උන් කියන්නෙ නං වහක්. කොටිම්ම ඔවුන්ගෙ අතින් බොන මිනිස්සුන්ට වෙන්නෙ පාඩුම විතරයි. ඔය අතරෙ හොඳයි කියන්න පුළුවන් එකෙක් දෙන්නෙකුත් ඉන්න නිසා අපි ඒ අය ගැනත් ඉස්සරහට ලියන්නං. හැබැයි මේ කතාව අන්න ඒ එකා දෙන්නාට අයත් නොවන බොහෝමය ගැනයි. දුකෙන් වුනත් ලියන්නං ඒ කතාව.
1. බොකු දිරාස්
බොනකොට ලාවට හරි කන්න ඕන. එහෙම නැත්තං බොකු දිරාස් වෙන්න ඒක එක හේතුවක් වෙනවා. අනික බීමේ ආතල් එක තියෙන්නෙ ඒක කෑමකුත් එක්කම උදර ගත වුනොත් තමයි. හැබැයි ඉතිං බොන මේසේ ඉන්න බුවාලා විසින් ටූත් පික්වලින් ගන්න තියෙන බයිට් අල්ලට අරං ගිලිද්දි බොන උන්ට සිද්ධ වෙන්නෙ ඒ දුකට බොන්න විතරයි. මොකෝ ඉතිං මේ විදියට කද්දි එපා කියන්නයැ. හයිටි දූපත්වලට කෑම ලොරි ආවම කළු පොඩි උන්ගෙ මූණු දිලිසෙනවා වගෙයි මුන්ගෙ මූණු ටික මස් දීසි ටික දැක්කම. කන්න හිතෙන්නෑ ඉතිං. ජිම් පප්පා අහස් හෝටලේට ගියා වගේ එන එන ප්ලේට් එක ලෙව කනව විනාඩි පහෙන්.
2. ඇක්ෂන්
බොන උන්ගෙ තවත් එක් වීර වික්‍රමයක් තමයි අතේ තියෙන ස්මාට්ෆෝන්වලට හයි කරපු කැමරාව නිකං තියෙන එකේ ඒක වටේට වන වන ඉන්න එක. ඒ අය සතුටු වෙන්නෙ පහුවදාට ඒවයෙ සටහන් වෙච්ච වීඩියෝ දර්ශන දෙස බලා වීම හෝමෝ සේපියන් තත්ත්වයට නොවටිනවා වුනත් කරන්න දෙයක් නෑ. ඉතිං ඒ ත්‍රිල් එක වෙනුවෙන් බීපු මිනිස්සු අනේ වීඩියෝ කරපං කියලා ඔන්නොහේ බොනවා. තව සමහරු ඒ වීඩියෝ ගෙනිහිං කෙල්ලොන්ට පෙන්නනවා. ඒ අය ඒවා ලකුණු කැටගරියට දාගෙන කළත්, ගෑණුත් උඩදාගෙන බලන්නෙ මෙවුව පෙන්නන චීත්තෙට හිත යටින් හිනා වෙවී තමයි.
3. තව බොමු!
තමුන් නොබොනවා වගේම බොන නොබොන සැමටම අරක්කු පොවන්න උත්සාහ කිරීමත් මේ බුවාස්ලාගෙ වරදක්. ඒකෙන් අවුල් කිහිපයක් සිද්ධ වෙනවා. නොබොන උනුත් බීලා මේසෙක අරක්කු ඉවර වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං ගාණට මිම්මට බොන උන්ගෙ මිම්මවල් අවුල් යන්න පුළුවන්. ඒ වගේම බොන්නෙ වෙරි වෙන්න පමණක් නිසාත්, එකේකාගේ ආතල් වෙනුවෙන් නොවෙන නිසාත් ඒ අරමුණුත් මේ හේතුවෙන් පිට යන්න පුළුවන්. ඉතිං මෙන්න මේ හදිස්සි කිරීම සහ බොන මේසයක දක්වන පෙරේතකාරී හැසිරීම නිසා නොබොන මිනිස්සු ඔවුන්ටත් නොදැනීම බොන මිනිස්සුන්ට වාතයක් වෙනවා.
4. ගොං පාට්!
ෂොට් කවලං කරන එක කියන්නෙ ඉස්සර ඉඳන් කාලාන්තරයක් තිස්සෙ පැවත එන ගොං පාට් එකක්. මේක මූලිකව ඇතැම් බිස්නස් රහස් එළියට ඇද ගැනීම වෙනුවෙන් සහ තරුණියන් දැලේ දාගැනීම වෙනුවෙන් සිද්ධ කරන්න පටන් ගත්තු වැඩක් වුනත්, අද වෙද්දි බොහෝමයක් දෙනා තමුන්ගෙ ආතල් එක වෙනුවෙන් මෙහෙම ගොං පාට් සිද්ධ කරනවා. මේ නිසාම තමුන් බොන වීදුරුව යන තැනක ගෙනියන්න කියලා රීතියකුත් බීමත් එක්කම ඈඳිලා තියෙනවා. ඒ නැතත් නොබොන මිනිස්සුන්ටත් මේ විදියෙ අකටයුතුකම් සිද්ධ වෙන්න පුළුවන්.
5. දිව ගිලිලා
ඔය නොබී ඉන්න උන් බයිට් කාලා විතරක් නතර වෙන්නෙ නෑ. ෂැන්ඩි ටිකත් උගුරෙන් පහළට දාගන්න ගමන් තමයි කන්නෙ. ඉතිං බොන ගමන් කන්න දේවල් නැති වෙන වේගෙන්ම බොන්න තියෙන ෂැන්ඩි ටිකත් නැති වෙනවා. අන්තිමට නිකංම තියෙන මධුවිත හිස් කරන්න වෙන්නෙ ප්ලේට්වල ඉතුරු වෙච්ච ළූණු කෑල්ලක් කකා, ටැප් එකෙන් ගත්තු වතුර ටිකක් වීදුරුවට හලාගෙන තමයි. මොකද ඔය නොබොන උන් පොඩ්ඩක්වත් ඒ ගැන හිතන්නෙ නෑ. උන්ගෙ බඩ පිරුණානං ඇති වගේ කතාවක තමයි උන් ඉන්නෙ. අනික අන්තිම වෙද්දි නිකංම උගුඩුවො වගේ සීනි බීලා උන් අපිට වඩා වෙරි පිට තමයි ඉන්නෙ.
6. කරමුද බිස්නස්?
මේ කතාව වැඩිපුරම අදාළ වෙන්නෙ නොබොන උන්ටත් වඩා බොනවා වගේ පෙන්නලා නොබී ඉන්න බුවාලටයි. ඒ අයට උවමනා කරන්නෙ බොන උන්ගෙ ආස්සරේ විතරයි. ඒ වෙන මොකකටවත් වඩා බීපු වෙලාවට ගන්න වැරදි තීරණ වලින් ප්‍රයෝජන ගන්නයි. උදාහරණයක් විදියට බිස්නස් ඩීල්, ක්‍රියේටිවු අයිඩියාස් වගේ දේවල් එළියට අරගන්න බොන මනුස්සයාගේ වෙරි මතට සප් එකක් දීම තමයි මේ අය කරන්නෙ. බොහෝමයක් ලොකු පුටුවල උදවිය ඇසුරු කරන අය අතරේ මෙහෙම උන්දැලා ඉන්නවා.
7. ආපෝ මෙයා නං
මෙහෙම බුවාස්ලා හරිම කැමතියි සුදනා වෙන්න. කවුරුද කියලා අදාළ නැතුව ලෝකෙටම හොඳ මිනිහෙක් කියලා පෙන්වන්න මේ අයගෙ තියෙන කැමැත්ත නිසාම බීපු බුවෙකුව ඒ අයගෙ පවුලේ අය ඉස්සරහා වුනත් විවේචනය කරන්න මේ අය දෙපාරක් හිතන්නෙ නෑ. අන්න ඒ නිසාම විශ්වාසවන්ත යාළුවෙක් ඇරෙන්න නොබොන උන් එක්ක නොබී ඉන්න එක හිත නිදහසේ කේන්ති නැතුව අඩියක් ගහන්න පුළුවන් ලොකුම පොයින්ට් එකක් විදියට දක්වන්න පුළුවන්.
Cover Image Source – graham-mckean.co.uk/ thekindland.com
Leave a Reply