මූණ කලු වෙනවා නම් තමයි ඉස්සර තෝන්තුවාවෙන් හිටියේ. හැබැයි දැන් මේ කරදරකාරී සමාජ රටාව අනුව අපේ වෙන වෙන මගුලුත් කලු වෙන්න පටන් අරගෙන. ඒ අතරින් ඇස් යට කලුවීම අධික වැඩවලින් ආපු පීඩනය නිසා වෙන්න පුළුවන්. ඇහැරගෙන ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් අපමණ වදවලට වේදනා දෙමින් ඇසුත් කලු කරලා දෙන එක මොන වේදනාවක් ද? අර ක්‍රීම් මේ ක්‍රීම් ගාන්න බැරි නම් මොකක්ම හරි විදියක් අපිමයි බලන්න ඕනි.
1. තක්කාලි තලපය
මේක තලපයක්. ඉතින් හදාගන්න අඩුමකුඩුම ඕනි වෙනවා. තක්කාලි ගෙඩියක් අරගෙන ඕක අඹරාගන්නවා. කොහොමහරි මේස හැඳි 1කට වගේ සෙට් වෙන්න තිබ්බා නම් ඇති. ඒකට දෙහියුෂ තේ හැඳි 1/2ක් කඩල පිටි හැඳි 2ක් එකතු කරගන්නවා. ඕක හොඳට මිශ්‍ර කරගත්තම ලැබෙනවා තක්කාලි තලපය. ඒක ඇස් යට කලු වුණ තැන්වල ගාලා විනාඩි 10ක් විතර තියෙන්න ඇරලා සීතල වතුරෙන් හෝදලා දාන්න.
2. දොඩම් සහ ආමන්ඩ් සත්කාරය
දොඩම් සහ ආමන්ඩ් කිව්වට මේක දොඩම්වල ඉඳන් ආමන්ඩ් දක්වා එක එක ඒවා පියවර ක්‍රමයෙන් ගාන සත්කාරයක්. වැඩේ වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම දොඩම් යුෂ තේ හැන්දකට ග්ලිසරින් තේ හැන්දක් එක් කරලා පුළුන් කෑල්ලක් ආධාරයෙන් ඇහැ වටා ගාගන්නවා. විනාඩි 5කට විතර පස්සේ නිකන්ම වතුරවලින් හෝදනවා. ඊට පස්සෙ සීත කරපු කිරි තේ හැන්දක් පුළුන් කැබැල්ලකින් පොඟවලා කලින් වගේම ආලේප කරනවා. මේකත් විනාඩි 5ක් තියෙන්න ඇරලා හෝදලා ආයෙත් කිරි ආලේප කරන්න ඕනි. වෙදැඟිල්ලට ආමන්ඩ් ඔයිල් තේ හැන්දක ප්‍රමාණයක් අරගෙන ඇහැ වටේ ගාලා මුකුත් කරන්නැතුව නිදාගන්න ඕනි. පහුවෙනිදා තමයි නැගිටලා හෝදන්නේ. ඉතින් මේක නිදාගන්න කලින් කරන්න ඕනි එකක්. දවසක් ඇර දවසක් තමයි කරන්න ඕනි.
3. යකඩ හැඳි සත්කාරය
යකඩ හැඳි දෙකක් අරගෙන ෆ්‍රිජ් එකේ පුරා රැයක් තියෙන්න අරින්න. උදේට අවදි වෙලා මේ හැඳි දෙක ඇස් උඩ තියාගෙන විනාඩියක පමණ කාලයක් ඉන්න බලන්න. හැමදාම කරන්න.
4. තේ කුඩු සත්කාරය
මේකට තේ බෑග් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ඉතින් සාමාන්‍යයෙන් තේ හදලා ඉවර වුණාම ඉතුරු වෙන කුඩු පිරිසිදු කපු රෙදි කඩක ඔතලා ගත්තාමත් හරි. මේ මොකක් හෝ වේවා විනාඩි 15ක් ඇස් උඩ තියාගෙන ඉන්නයි තියෙන්නේ (රස්නේ පිටින් ඇස් උඩ තියාගන්න යන්නෙ නැතුව වැඩිපුර කහට ටික මිරිකලා නිවුණාම තියාගන්න).
5. අයිස් සත්කාරය
මොකක් හෝ රෙදි කැබැල්ලකින් අයිස් කැට ඔතාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ එහෙම ඔතාගත් අයිස්කැට හැම රාත්‍රියකම ඇස් උඩ තියාගෙන විනාඩි 5ක් පමණ ඉන්න. මේකෙන් කලුවීම පමණක් නෙවෙයි ඇස් යට ඉදිමුමක් වෙලා තියනවා නම් ඒකත් අඩු වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනි දෙයක් තමයි මේක කරන්න ඕනි මේකප් සම්පූර්ණයෙන් අයින් කරපු සමකට බව.
6. කෝමාරිකා සත්කාරය
කෝමාරිකා ගහකින් කෑල්ලක් අරගෙන දෙකට පලලා ඇතුළෙ තියෙන මාංසල කොටස් සහ ශ්‍රාවයන් එකට මුසු කරලා නින්දට පෙර ඇහැ වටේ ආලේප කරන්නයි තියෙන්නේ. ඔය එක එක නම් දරාපු ජෙල් වර්ග තියෙනවා කෝමාරිකා සාරයෙන් හැදුවා කියලා. ඒ හැමකට වඩා හොඳයි ඇත්තටම කෝමරිකාවලින් කරන මේ ප්‍රතිකාරය නම්.
7. පිපිඤ්ඤා සත්කාරය
පිපිඤ්ඤා පෙති සම්පූර්ණයෙන්ම කපා ඇස් මත්තේ තියන්න. එහෙමත් නැත්තම් භාගෙට කපලා ඇහැ යට කලු වෙලා තියෙන හරියෙන් තියන්න. ඔය කොහොම වෙතත් විනාඩි 20ක් පමණ තියෙන්න අරින්න.
මේ මොන දේ කරත් හරිහමන් නින්දක් ගන්න අමතක කරන්න එපා. ඒ දේ නොකළොත් මේ දේවල් ගඟට කපපු ඉනි වගේ වෙනවා.
Cover Image Source – lorealparisusa.com/ thisthatbeauty.com.com/
Leave a Reply