ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකේ තියෙන ආතල් සහ වාසි 7ක්!

ක්‍රෙඩිට් කාඩ්? බුදු අම්මෝ එපා! ඕවා අරගෙන හිරවෙලා, බැංකුවෙන් දවස ගාණේ කෝල් කරලා බණින්න පටන් අරගෙන, ක්‍රිබ් එකේත් බ්ලැක් ලිස්ට් වෙලා, අන්තිමට ගෙවලුත් උකස් තියන්න වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වල ණය ගෙවන්න! එහෙම තමයි දැන් කාලේ ගොඩක් අයගෙන් ඇහුවොත් කියන්නේ. බොරුත් නෙවෙයි ඉතින්. දන්නවා ඇතිනේ ක්‍රෙඩිට් කාඩ් අරගෙන, පරම්පරා ගණන් ණය ගෙව ගෙවා හිටපු ඩයල්ස් ගැන එහෙම. හැබැයි මේ කතාවේ ඇත්ත තත්වේ මේකයි. ක්‍රෙඩිට් කාඩ් වල කිසිම වැ‍රැද්දක් නෑ. ඇත්තටම වැ‍රැද්ද තියෙන්නේ කිසිම මූල්‍යමය විනයක් නැති, මූල්‍ය කළමනාකරණය දන්නෙ නැති මිනිස්සුන්ගේ. එහෙම අය ක්‍රෙඩිට් කාඩ් ගත්තට පස්සේ ඉතින් මර උගුලකට අහු වුනා වගේ තමයි. හැබැයි ඉතින් කන්ට්‍රෝල් එකක් තියෙන, තමන්ගේ මාසිකව උපයන සල්ලි බාගේ හරියට කළමනාකරණය කරන්න දන්න හාදයොන්ට නම් ක්‍රෙඩිට් කාඩ් වාසනාවන්. ඇයි එහෙම කියන්නේ? ක්‍රෙඩිට් කාඩ් වල එච්චර වාසි තියෙනවද? ආන්න ඒ ගැන දැනගන්න තව දිගට කියවන්න.

 

1. කෑෂ් නෑ කාඩ්!

Image Source -medium.com

ලෝකේ මුදල් ගනුදෙනු කියන ඒවත් දැන් සෑහෙන්න දියුණු වෙලා තියෙන්නේ. මේ කාඩ් ගනුදෙනු කියන්නෙත් ඒ දියුණුවේ එක් ප්‍රතිඵලයක්. උදාහරණයක් විදියට කිවුවොත් රුපියල් ලක්ෂෙක වගේ ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන කාඩ් එකක් පර්ස් එකේ ලේසියෙන් තියාගන්න පුලුවන්. පර්ස් එක නැති වුනොත් පටස් ගාලා බැංකුවට කතා කරලා කැන්සල් කරන්නත් පුලුවන්. හැබැයි ඉතින් පර්ස් එකේ රුපියල් ලක්ෂයක් කෑෂ් වලින් තියාගෙන ඉන්න එක මොන තරම් කරදරයක්ද, මොන තරම් අවදානම්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

අනෙක් කාරණාව තමයි දැන් හැම සුපිරි වෙළඳ සැලකම වගේ, සාමාන්‍ය වෙළෙඳසැල් බොහෝමයක වගේ කාඩ් වලින් ගෙවන්න හැකියාව ලබාදීලා තියෙනවා. ඒක හරිම පහසුවක්.

හැබැයි මතක තියාගන්න, ගොනා වගේ දකින දකින දේ අරගෙන ඒකට කාඩ් එක දික් කරන්න යන්න නරකයි. මිලදී ගත යුත්තේ තමන්ට අවශ්‍යම දේවල් විතරයි.

 

2. ඔන්ලයින් පේමන්ට්!

Image Source -iamwire.com

ඉස්සර නම් ඔන්ලයින් මොනවා හරි දේකට ගෙවන්න අපි පරාණ බයයිනේ. ඇයි හිතෙන්නේම මොකක් හරි අවුල් වෙලා අපේ සල්ලි නැතිවෙලා යයිද කියලනේ. හැබැයි දැන් එහෙම නෑ. බොහෝමයක් භාණ්ඩ වගේම සේවාවන් වෙනුවෙන් වුනත් ඔන්ලයින් ගෙවන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඊබේ, ඇමසන් වගේ ඉන්ටර්නැෂනල් තැන් වලින් වුනත් කාඩ් එකෙන් ඔන්ලයින්ම ගෙවලා බඩු ගෙදරටම ගෙන්නා ගන්න පුලුවන්. මේක සෑහෙන්න ලොකු වාසියක්. වුවමනා නම් පේ පැල් එකවුන්ට් එකක් හදලා ඒකට ක්‍රෙඩිට් කාඩ් එක ලින්ක් කරන්න පුලුවන්. එතකොට ඔන්ලයින් ගෙවනකොට කාඩ් එකේ ආරක්ෂාව ගැන බය වෙන්න දේකුත් නෑ.

 

3. ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක!

Image Source -cnbc.com

අපි කලිනුත් කිව්වනේ සාක්කුවේ රුපියල් ලක්ෂයක් තියාගන්න එක ප්‍රායෝගික නැති වුනාට ලක්ෂයක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන කාඩ් එකක් සාක්කුවේ තියාගන්න එක ප්‍රායෝගිකයි කියලා. ඇත්තටම ලක්ෂයක් වගේ කියන්නේ දැන් කාලේ බොහොම සාමාන්‍ය ක්‍රෙඩිට් ලිමිට් එකක්. ඊට වඩා සෑහෙන දුර ක්‍රෙඩිට් ලිමිට් වලට යන්න පුලුවන් තමන්ගේ ආදායම හෝ වෙන යම් මූල්‍යමය කරුණු කාරණාවන්ට අනුව. හැබැයි ඉතින් මෙතනදීත් පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ ක්‍රෙඩිට් ලිමිට් එක කියලා දෙන රුපියල් ලක්ෂය කියන්නේ ඇත්තටම ණය මුදලක්. එතකොට ඒ ණය මුදලට යම් කාලයක් පැන්නට පස්සේ පොලී හැදෙනවා. ආන්න ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක කීය වුනත් මනුස්සයෙක් හිතලා බලන්න ඕන තමන්ගේ ආදායමට අනුව මාසිකව ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුලුවන් කොච්චරක්ද කියලා. ආන්න ඉන් පස්සේ ඒ මුදල තමයි වියදම් කරන්න ඕනා. ඒ වගේම හරියට වෙලාවට කලාවට ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි දාන්නත් වග බලා ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් ක්‍රෙඩිට් කාඩ් එකක වියදම් කරපු මුදල් ගෙවන්න දවස් 55 ක් වගේ ලැබෙනවා. හොඳම ක්‍රමේ තමයි තමන් මාසෙකට ක්‍රෙඩිටි කාඩ් එකෙන් වියදම් කරන මුදල මාසේ අන්තිමේදී වගේ කාඩ් එකට දාන එක. අන්න එතකොට පොලී අනං මනං නැතුව සැපේ කාඩ් එක පාවිච්චි කරන්න පුලුවන්.

 

4. ඩිස්කවුන්ට්ස්!

දැන් මේ උත්සව කාලේදී එහෙම ක්‍රෙඩිට් කාඩ් වලට හැම තැනම ඩිස්කවුන්ට් හම්බුවෙනවා. උත්සව කාලේ නොවුණත් ක්‍රෙඩිට් කාඩ් වලට සෑහෙන්න ඩිස්කවුන්ට් ලැබෙනවා. මෙන්න මේක ක්‍රෙඩිට් කාඩ් එකක් එක්ක ලැබෙන විශාලතම වාසියක්. මොකද මේ දෙන ඩිස්කවුන්ට් අර ඇත්ත ගාණ ඩබල් කරලා, ඒ ඩබල් ගාණෙන් ඩිස්කවුන්ට් දෙන මහා සේල් වගේ සීන් නෙවෙයි. ඇත්තටම යම් දෙයක් හෝ සේවාවක් සාමාන්‍යයෙන් ලබාදෙන මිලෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඉතින් මේක හැමෝටම වාසි වෙන විදියට තමයි හදලා තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ඔය ලොකු රෙස්‍ටුරන්ට් එකක ක්‍රෙඩිට් කාඩ් එකට දෙන ඩිස්කවුන්ට් එකක් තමයි දෙන්නෙක් ආවොත් එක්කෙනෙක්ගේ ඩිනර් බුෆේ එක ‍ෆ්‍රී කියන එක. එතකොට ගෑණු ළමයත් එක්ක ඩිනර් අවුට් එකකට ගියොත් ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එක තියෙන කොල්ලට වියදම් වෙන්නේ බිලෙන් සියේට පණහයි. එතකොට රෙස්‍ටුරන්ට් එකටත් පාඩුවක් නෑ, ඇයි බිස්නස් වැඩි වෙනවනේ!

ක්‍රෙඩිට් කාඩ් වල ඩිස්කවුන්ට් දෙන්නේ කන්න බොන්න තියෙන තැන්වල විතරක් නෙවෙයි. සුපර් මාකර්ට් වල, ඇඳුම් කඩවල, හොටෙල්ස් වල වගේ හැම තැනකම වගේ ඔෆර්ස් අවුරුද්ද පුරාම තියෙනවා. අධි සුඛෝපභෝගී හෝටල්ව​ලට මසකට වරක් සියයට පනහක වට්ටම් ලබාදෙන ක්‍රෙඩිට් කාඩ් පත් තියෙන විත්තිය විස්තර හොයන ඔබේ දෑසට හමුවේවි. ඒ වගේම ඔබේ ඉන්ධන බිල ගෙවූ පසු යළිත් අතට මුදල් ලැබෙන හාස්කම්ද ඒ කාඩ්පත සතුයි.

හෙට (මාර්තු 01දා) දිනයේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට සියයට 60ක් දක්වා වූ සුවිශේෂී වූ දීමනාවක් ජෙට්වින් හෝටල් ජාලයෙන් ලැබීමටත් නියමිතයි.

 

5. ගෙවන්න ගමුද?

Image Source -foundersguide.com

සාමාන්‍යයෙන් මධ්‍යම පංතියේ මනුස්සයෙක්ට ඔය ටීවී, ස්මාට්ෆෝන්, වොෂින් මැෂින් වගේ ඉහළ මිලක් වෙන උපකරණයකට හරි, ලොකු හොටෙල් එකක සති අන්ත නිවාඩුවක් ගත කළහම එන බිලට හරි එක පාර ලොකු ගාණක් යට කරන්න අමාරුයි. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් කිසි කරදරයක් නැතුව මේ විදියේ ඕනෑම ලොකු ගාණක මිලක් මාස්පතා ගෙවන්න සෙට් කරගන්න පුලුවන්.

හැම ක්‍රෙඩිට් කාඩ් එකකම වගේ කාලෙන් කාලෙට දෙනවා යම් යම් තැන්වලින් බඩු ගත්තොත්, මාසික පොලියක් නැතුව ඒ බඩුවේ ගාණ යම් මාස ගණනකින් ගෙවිලා යන විදියේ ප්ලෑන්ස්. හැබැයි ඉතින් දාහේ දෙදාහේ වියදම් නෙවෙයි. අඩු ගාණේ පහළොස් දාහක, විසිදාහකවත් වියදම් වෙන්න ඕන. ගොඩක්ම ලොකු මුදලක් නම් සමහර ක්‍රෙඩිට් කාඩ් වල පළවෙනි වාරිකය නොමිලේ. ඒ කියන්නේ මාසික පොලී නැතුව මාස්පතා ගෙවන්න හදලා දීලා පොඩි ඩිස්කවුන්ට් එකකුත් දෙනවා.

ඔය කිව්ව මාසෙට ගෙවන්න ප්‍රොමෝෂන් නැතත් අපිට ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන ඕනෑම ලොකු වියදමක් මාස කීපෙකින් ගෙවන්න හදාගන්න පුලුවන් තව ක්‍රමයක් තියෙනවා. කරන්න තියෙන්නේ අවශ්‍ය දේ අරගෙන ක්‍රෙඩිට් කාඩ් හොට්ලයින් එකට කතා කරන එක. එතකොට ඒ අය ඒ වියදම් කරපු ගාණ මාස්පතා අඩුවෙන්න හදලා දෙනවා. එතකොට අමතර පොලියක් ගෙවන්න වෙන්නෙ නෑ. හැබැයි පොඩි මුදලක් ගෙවන්න වෙනවා හැන්ඩ්ලින් ෆී එකක් විදියට.

 

6. ඕනෑ රටකට ඔට්‍ටුයි!

Image Source -cardguru.com

ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන එකේ තවත් වටිනා කමක් තමයි ඕනෑම රටක ගනුදෙනු කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ පිටරට යනවා නම් සල්ලි ගෙනිහින් ඒ රටේ සල්ලි වලට හරවාගන්න දඟලන්න වුවමනා නැහැ. කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගනුදෙනු කරන්න පුලුවන්. කොහොමත් ලෝකේ ඕනෑම රටක වීසා, මාස්ටර්කාඩ්, ඇමෙක්ස් කියන කාඩ් වලින් ගෙවන්න පහසුකම් තියෙනවනේ. ඒ වගේම සමහර ක්‍රෙඩිට් කාඩ් වල එහෙම පිටරටක ගනුදෙනු කරනකොට තමන්ගේ බඩුවලට රක්ෂණයක් එහෙමත් ලබාදෙනවා.

 

7. තමන්ගේ කොලිටිය!

Image Source -etiketi.info

දැන් ඉස්සර ක්‍රෙඩිට් කාඩ් නැති කාලෙත් අපිට තිබුණනේ ඩෙබිට් කාඩ්. පොඩි කොල්ලෝ කෙල්ලෝ කාලේ ඉතින් මොනවා හරි අරගෙන ඔය ඩෙබිට් කාඩ් එක ඇදලා ඒකට සල්ලි ගෙවන්නේ මාර ආඩම්බරේකින්. හරි ඉහළයි. හැබැයි දැන් නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නෙත් සුලභ දෙයක් නිසා, ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගෙවනවා කියන එකේ අමුත්තක් නෑ. හැබැයි නිකමට හිතන්න, තමන්ගේ ඉස්කෝලේ නම තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට, ඒ විදියේ ක්‍රෙඩිට් කාඩ් එකක් එළියට ඇදලා අරගෙන සල්ලි ගෙවනකොට කොහොමද තියෙන ගැම්ම? එතකොට ලෝයර් කෙනෙක් නම් බාර් ඇසෝසියේෂන් එකටම විශේෂ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනකොට දැනෙන විශේෂත්වය? ඇත්තටම ඒ විදියට එක එක පාසැල් වලට විශේෂ වුණු, එක එක වෘත්තීන්ට විශේෂ වුණු ක්‍රෙඩිට් කාඩ් ලබාදෙන බැංකු ලංකාවේ තියෙනවා. ඒවලට විශේෂ වරප්‍රසාද එහෙමත් ලැබෙනවා!

එහෙමනම්, ගමුද ක්‍රෙඩිට් කාඩ් එකක්?

Cover Image Source – zerointerest-creditcard.com/ cnbc.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *