හැටන් සිරිපාද වන්දනාව යද්දි අවට තියෙන මේ දේවලුත් බලලා එමුද?

සිරිපා ගමන අපේ මුත්තලා ගියේ ඉඩකඩම් බෙදලා එහෙම ඕනි අවදානමකට සැරසිලා. ඒත් දැන් මෝටර් බෲම් එකෙන් නල්ලතන්නියටම යන්න හැකි නිසා ඒ කාලේ වගේ ලොකු අපහසුවක් නැතුව සිරිපාදේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සිරිපාද ගමනකදි හැමදාම අපි සිරිපාදේ බලනවා. සෙනග හින්ද බැරිවුනත් අඩුගාණේ මහගිරිදඹේටවත් නගිනවා. මේ සිරිපාද ගමන බෞද්ධ අපිට ලැබුණ තෑග්ගක් වගේ මහා ආනිශංස පිංකමක්. ඒකේ කිසිම විවාදයක් නැහැ. ඒත් සිරිපාද ගමනක් එක්ක තවත් තැනක් දෙකක් බලාගන්න ලැබෙනවා නම් වටිනවා නේද? අපිට හැමදාම ට්‍රිප් යන්න සල්ලිත් නැහැ, වෙලාවත් නැහැ. ඉතින් යන එකේ තව තැනක් බලාගන්න එක කොයි අතිනුත් හොඳයි .

 

1. නෝටන් බ්‍රිජ්

නෝටන් බ්‍රිජ් වල තියෙන්නේ අපේ මුල්ම විදුලි බලාගාරයක්. ඒක විමලසුරේන්ද්‍ර මහත්මයා සිහිවෙන්න විමලසුරේන්ද්‍ර බලාගාරය කියලා තමයි හඳුන්වන්නේ. මේ නෝටන් බ්‍රිජ් වලට එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි හැටන් ඉඳන් නල්ලතන්නිය එන පාර. ඒ වගේම ගිනිගත්හේන පැත්තෙනුත් නෝටන් බ්‍රිජ් එන්න පුළුවන්. ගිනිගත්හේන දිහායින් උදේ පාන්දර ඒ පාරේ එනකොට ඇහැට වදින ලස්සන කඳුකර භූමි දර්ශන සෙට් එකක් හමුවෙනවා.

 

2. සප්ත කන්‍යා කඳුවැටිය

කඳු හිස් හතක් තියෙන නිසා සප්ත කන්‍යා කියලා හඳුන්වන සප්ත කන්‍යා කන්ද නගින්න නම් ලේසි නැහැ. සප්ත කන්‍යා නැගීම අමාරු වගේම උත්සාහ කිරීමත් දඬුවම් ලැබෙන වරදක්. මොකද සමනල රක්ෂිත වනයේ කොටසක් මේ සප්ත කන්‍යා වල තියෙනවා. ඒත් විවේක තියෙනවා නම් ඒ සප්ත කන්‍යා කඳුවැටියට මීදුම වැටෙන වෙලාවක ටිකක් බලා කියාගෙන යන්න සිරිපාදේ යන උදවියට අවස්ථාවක් ලැබෙනවා.

 

3. ඩීසි අට අහස් යන්තරේ අනතුරින් මිය ගිය අයගේ සොහොන්

අපේ රටේ සිදුවුණු දරුණුම ගුවන් අනතුරක් තමයි ඩීසි අට අහස් යන්තර අනතුර. එයින් ගුවන් යානයේ ආ බහුතරයක් මිනිස්සු ගිනිබත් වුණා. මහා සප්ත කන්‍යා ශිඛරයක වැදුන ගුවන් යානය සෙල්ලම් යානයක් වගේ එදා බිමට වැටෙන්නට ඇති. ඒ ගින්නෙන් පිලිස්සුණු මළ සිරුරු වලදාපු තැන තමයි සොහොන් හදල තියෙන්නේ. මෑතක් වෙනතුරුම ඉන්දුනීසියානු ජාතිකයින් හෙම ඇවිල්ලා තිබුණා තමුන්ගේ සගයින්ගේ සොහොන් කොත් බලන්න. දැන් නම් ඒ මරණ අතීතයට එකතු වෙලා ඉවරයි. ඒත් ඒ ගුප්ත සොහොන් කොත් පමණක් ඉතිරි වෙලා තියෙනවා.

 

4. ලක්ෂපාන ඇල්ල

ලක්ෂපාන ඇල්ල තියෙන්නේත් සප්තකන්‍යා තියෙන ඉසව්වේම තමයි. වාහනෙන් බැහැලා ටිකක් පහළට බහින්න තියෙන ලක්ෂපාන ඇල්ල වතුර වැඩි කාලෙට නාන්න හොඳ නැති තැනක්. මේ ඇල්ල පහළ වතුර අඩු කාලෙට නම් ගමේ අයත් නානවා. ලොකු වතුර පදාසයක් ඉහළ ඉඳන් කඩාවැටෙන ලක්ෂපාන ඇල්ලේ දර්ශනය ඇසට ප්‍රියමනාප දසුනක්.

 

5. ඇබර්ඩීන් ඇල්ල

සිරිපාද යන නල්ලතන්නි පාරේම ටිකක් ඇතුළට ගියාම තමයි ඇබර්ඩීන් තියෙන්නේ. දැන් ඒක බලන්න වේදිකාවක් හදලා. ඒත් පහළට බහින්නත් හැකියාව තියෙනවා. ලක්ෂපාන ඇල්ල වගේම උස දිය ඇල්ලක් වෙන ඇබර්ඩීන් එකත් වරක් හෝ බලන්න වටින ඇල්ලක්. අපේ රටේ දිය ඇලි තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවල තියන දිය ඇලි වලට වඩා සැබෑවටම උසයි. සමහර වෙලාවට ඔය රටවල දිය ඇලිය කියලා මහා ලොකුවට කිව්වට ගූගල් පිංතූර බැලුවම ඔන්න අඩි දහයක් විතර ගලක් උඩින් වතුර පාරක් පහත් වෙන එක තමයි තියෙන්නේ. ඇබර්ඩීන්, ලක්ෂපාන දෙකම වචනෙන්ම දිය ඇලි කියන්න පුළුවන් සිරාම දිය ඇලි දෙකක්.

 

6. මස්කෙළිය ෆිෂින් හට්ස්

සුද්දා එක්කම සුද්දගේ රෙද්දත් මෙහෙට ආවා. ඒකට අපි කලිසම කියනවා. රෙද්ද වගේම සුද්දගේ සංස්කෘතියත් ආවා. මෙහෙට ඇවිත් වගා කටයුතු කරන්න ආපු සුද්දෝ එහේදි වගේම හැන්දෑවට මාලු බාන්න එහෙම තැනක් ඇතිකළොත් හොඳයි කියලා හිතන්න ඇති. මේ ෆිෂින් හට් කියන්නේ මරේ වත්තේ ඉස්සර හිටපු පාලකයෝ හදාපු ලස්සන ප්ලේස් එකක්. මේ හට් වල රැයක් ගත කිරීමට ඕනි කෙනෙක්ට අවස්ථාව තියෙනවා. හැබැයි කලින් බුක්කරගන්න ඕනා. කෑම උයාදෙන්නත් කෙනෙක් ඉන්නවා. සාධාරණ ගාණකට තියෙන නිසා සිරිපා කාලෙට නම් ෆිෂින් හට් හැමදාම වගේ බිසී. ගිහින් බලලා එන්න වුනත් වටින තැනක් තමයි ෆිෂින් හට්ස්. ඒ ෆිෂින් හට්ස් වලින් ගලන දොලපාර දිගේ උඩහට ගියාම ලස්සන දිය ඇල්ලකුත් හමු වෙනවා.

 

7. මාවුස්සාකැලේ ජලාශය

සිරිපාදේ  කාලෙට බැතිමතුන් දාන කුණු ගොඩවල් මාවුස්සාකැලේ ජලාශයට එකතු වෙලා කියලා පසුගිය කාලේ වාර්තා වුනා. මාවුස්සාකැලේ ජලාශය ඇතිවුනේ විදුලිබලාගාර ඇතිවීම එක්ක. ජලාශය තියෙන්නේ කඳුකර පරිසරයක නිසා බොහොම සුන්දර දර්ශනයක් මාවුස්සාකැලේ ජල තලාව විසින් පරිසරයට එකතු කරනවා. සිරිපාදේ යන ගමන් පොඩ්ඩක් මාවුස්සාකැලේ ජලාශය ගාව ගිමන් හැරලා යන්නත් පුුළුවන්කම තියෙනවා. කොහොම වුනත් මේ විදුලි බලාගාර වලට ගහපු ජලාශ මොනම එකක්වත් හොඳටම දන්නේ නැතිනම්, අනුමත කළ තැනක් නෙමේ නම් නාන්න යන්න නම් හොඳ නැහැ. මොකද කොයි වෙලාවේ මඩේ එරිලා ගිලිලා යයිද කියලා දෙයියෝවත් දන්නේ නැහැ.

 

8. වටවල දුම්රිය ස්ථානය

ලංකාවේ දුම්රිය ස්ථාන වලින් වටවලට ලැබෙන්නේ විශේෂ තැනක්. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන වටවල ආසන්නයේ බිංගෙවල් කිහිපයක්ම තියෙනවා. මේ බිංගෙවල් එක්ක රේල් පාරේ ගමන හොඳ විනෝද වැඩක්. ඒත් කෝච්චිය ගැන අවධානෙන් තමයි එහෙම ගමන් යන්න ඕනි. දුම්රිය නීති අනුව රේල් පාරේ පයින් ගමන් ගහනම්. ඒත් ආසාව ඇති අය කොහොමහරි බලධාරීන් ශේප් කරගෙන ගමන් යනවා. වටවල දුම්රිය පාරත්, ඒ ළඟ තියෙන උමං ආදිය බැලීමත් සිරිපාද ගමනකදි වෙලාව ඉතිරි වුනොත් කරන්න පුළුවන් දේවල්.

 

සිරිපාද ගමනකදි බැහැල ඉවර වෙලා බලන්න හොඳ ඉතින් ලක්ෂපාන, ඇබර්ඩීන් වගේ දිය ඇල්ලක් තමයි. ඒත් ඉතින් ගෙදරට වෙලා ඉඳපු ගෑණු උදවිය ටිකක් එක්කනම් සිරිපාදේ ගියේ, ඒක හරියන්නෙත් නැහැ. මොකද අමාරුවෙන් සිරිපාදේ නැගලා බැස්සම පාං කියාගන්නවත් බැහැ ඒගොල්ලන්ට. ඒ නිසා සිරිපාදේ යන්න කලියෙන් බලන තොයිලයක් කලින් බලලා යන එක තමයි කෝකටත් හොඳ. හැමදාම යන සිරිපාදේ ගමනෙදි මේ තැන් එක දෙකක්වත් බලාගන්න හැකි වුනොත් හැමෝම ගන්න ෆන් එකට වඩා අලුත් දෙයක් අපිට ඉතිරි වේවි. ඒ වගේද ලස්සන ෆොටෝ? වෙන අය සිරිපාදේ ගිහින් ගත්තේ නැති ෆොටෝ සෙට් එකකුත් මේ සිරිපාදේ අවට මේ තැන් බලනකොට අපිට ගන්න ලැබෙනවා.

Photo Credit – Amila Chaturanga

zvr
Your Reaction

Comments