රස්සාවකට යන මුල්ම දවසෙ හිතේ පොඩි චකිතයක් බයක් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒක කොහොමත් එහෙමයි කියලා මගහරින එක තමයි හොඳ. ගොඩක් දෙනෙක් රස්සාවක් කරන්න හිතන්නෙ නැත්තෙත් ඔන්න ඔය මුල් කාලෙට මුහුණ දෙන්න තියෙන අපහසුව නිසාමයි. මුල් කාලෙ ගෙවුනම කිසිම ගින්නක් නැතුව වැඩේ සිද්ධ වෙන විත්තිය දැනෙන්න ගනීවි. හරි දැන් මෙහෙමයි අපේ කතාව. ඔන්න ඔය විදියට චකිතයෙන් ඔෆිස් එකට යන මුල්ම දවසේ කාඩ් කුඩු වෙන වැඩ ටිකක් තියෙනවා. සමහරුන්ගෙ හිතේ තියෙන බය නිසාම ඔය කියන වැඩ දිගු දුරක් නොහිතාම සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි අපි මේ කියන වැරදි ටික හිතලාම පාලනය කරගත්තොත් රස්සාවට වගේම රැකියා ස්ථානයේ සේවකයෙක් සහ නව කණ්ඩායම් සාමාජිකයෙක් වෙන ඔයාටත් හොඳයි.
1. එබිකං එපා

Image Source – hcwsblog.wordpress.com
දැන් රස්සාවකට ගියාම මුලින්ම බොසා මුල්ම දවසෙ කතා කරලා කියයි අන්න අතනින් ගිහින් වාඩි වෙන්න. මුල් ටිකේ වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න කියලා. ඔන්න ඔය වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න කියන්නෙ එහා පැත්තෙ මනුස්සයගෙ කම්පියුටරේට ඇහැ තියාගෙන, ඒ මනුස්සයට කරදරයක් වෙන විදියට ඉන්න කියන එක නෙමෙයි. සූක්ෂමව කාර්යාලයේ දේවල් අධ්‍යයනය කරන්න කියන එක. ඒ දේවල්වලට අනුව තමුන්ටත් වැඩ කරන්න ඉඩ ලැබුනාම වැඩ කරගෙන යන ක්‍රමය අවබෝධ කරගන්න කියන එක මිසක් අනිකාගෙ වැඩේට ඇහැ තියාගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒක අනෙකාට වදයක් වෙනවා වගේම පෞද්ගලිකත්වයට අනවශ්‍ය අතපෙවීමක් විදියට දැනෙන්න ඉඩ තියනව. ඒ වගේම පළවෙනි දවසේ හිතේ නොහොඳක් ඇති වෙන එකත් හොඳ නැහැ.
2. බලෙන් ප්ලග් වෙන්න එපා

Image Source – bustle.com
ඔෆිස් එකකට තියා තනියෙම අලුතෙන් ඕනම තැනකට ගියාම තමුන්ට කවුරුත් නැති ගතියක් දැනෙනවා. ක්ලාස් එකකට වගේම අලුත් පළාතකට පදිචිංයටත් තනියම ගියාම ඒක දැනෙන්න පුළුවන්. ඒ අවට ඉන්න අය එක්ක කතා බහ කරන සහ යාළු මිත්‍රකම් ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. තමුන්ව හඳුන්වා දිය යුතු නියම කාලය එනකං ඉන්න ඕන. ඔයා ඒ මිනිස්සු දිහා බලන කුතුහලයට සමානවම ඒ මිනිස්සුත් ඔයා දිහා කුතුහලයකින් බලනවා. මේ කවුද? මූ ෂේප් ඩයල් එකක්ද? වැඩ කරනවද? තවත් අයිස් පප්පෙක්ද? ලොක්කට කේලම් කියන එකෙක්ද? කියන එක ඒ මිනිස්සුත් හිත හිත ඉන්නෙ. අන්න ඒ නිසා බලෙන් ප්ලග් නොවී ඒ පාර්ශවයෙන් මුහු වීමේ ආරාධනාව ලැබෙනකං ඉන්න. කොහොමත් ඉන්නෙ හොඳ මිනිස්සුනං, ඒ මිනිස්සු කවදාවත් අලුත් එකාට හිතේ කරදරෙන් ඉන්න දෙන්නෙ නෑ. ඉන්නෙ නරක මිනිස්සුනං තමුන්ගෙ පාඩුවෙ ඉන්නව ඇරෙන්න පෑහෙන්න යන්න ඕන නැහැනෙ.
3. ඉමීඩියේට් බොස් මගහැර බොස් හමුවෙන්න එපා

Image Source – fortune.com
රස්සාවට යන මුල්ම දවසෙ මහා බොසා විසින් ද්විතියික බොසෙක් හඳුන්වා දේවි. මේ හඳුන්වා දීම සිද්ධ කරන්නේ ඔය දෙන්නාටම නොකියනා පණිවුඩ දෙකක් කියන ගමන්. ඔයාට කියන දේ තමයි මීට පස්සෙ මේ මනුස්සයාගෙන් තොගේ තියෙන සියළු ප්‍රශ්නවලට විසඳුම් හොයාගනිං කියන කාරණේ. ද්විතියික බොසාට නොකියා කියන දේ තමයි මීට පස්සෙ මුගෙන් වැඩ ගන්න එක උඹට භාරයි කියන කාරණේ. අන්න ඒ නිසාම කිසිම මොහොතක රස්සාවට ගිය අලුත තමුන්ගේ ඉමීඩියේට් බොසා වූ ද්විතියික බොසා මගහැර ලොකු බොසා ගාවට යන්න හොඳ නෑ. කොටිම්ම ලොකු බොසා නෑයෙක් වුනත් ඒක එහෙම කරන එක ද්විතියික බොසාට හොඳ නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම සියළු ප්‍රශ්නත්, දැනුවත් වෙන්න තියෙන අවස්ථාත් පොඩි බොසා ගාවින්ම ඉවර කරන්න බලන්න.
4. අනිත් උන්ගෙන් පඩි අහන්න එපා

Image Source – dissolve.com
මිනිස්සු රස්සා කරන්නෙ සල්ලිවලට. ඒක තමයි ඇත්ත. නිකමට රස්සාවක් කරන, ජොලියට රස්සාවක් කරන, කම්මැලිකමට රස්සාවක් කරන කිසිම ඩයල්ස් එකක් පඩිය එපා කියන්නෙ නෑ. එහෙම වුනත් තමුන්ට පඩිය වැදගත් වුණු පළියට අනිත් උන්ගෙන් පඩිය කීයද කියලා අහන්න යන්නෙපා. ඒක අනිත් මිනිස්සුන්ට වාත වීමක්. පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් වගේම අනිත් මිනිස්සුන්ට වඩා අඩු පඩියක් ලැබුනාම ඔබට සිත් රිදවීමකුත් වෙන්න ඉඩ තියෙනවා. සර්ප්‍රයිස් කුඩු කරගන්නෙපා. සමහර දේවල් නොදැන ඉන්න තරමට හොඳයි.
5. බොස් සැරයිද කියලා හගිස්වන්න එපා

Image Source – people.howstuffworks.com
කට්ටිය අලුතෙන් ඔෆිස් එකකට ගියාම හිතට දැනෙන අනිත් බය තමයි බොසා මරං කන්න හදයිද කියන එක. ඒක දැනගන්න වෙන්නෙ ඔයාටම තමයි. මොකද බොසා ඇවිත් කියන්නෙ නෑ මං සැරයි යකෝ කියල. එහෙමත් නැත්තං මං අහිංසකයි මෙයා කියල. බොසා එක්ක ගනුදෙනු කරලාම තමයි ඒක දැනගන්න වෙන්නෙ. ඒක ගැන වටපිටාවෙ උන්ගෙන් අහන්න ගියාම ඒ අයට මුලින්ම හිතෙන්නෙ මූව එවුවෙ බොසාද? කියලයි. අන්න ඒ නිසා ඔෆිස් එකේදි සතියක් ඇතුළත නිරාකරණය වෙන ප්‍රශ්නවලට උත්තර කලින් හොයාගන්න දඟලන්න එපා. ප්ලීස්!
6. ඕප හොයන්න එපා

Image Source – inc.com
ඔෆිස් ගිය පළවෙනි දවසෙ මහා වැඩකුත් නෑ, කට්ටියත් හරිම හිත හොඳයි සහ කුළුපඟයි කියා දැනුනම කට්ටියට ඉතිං ගෙදර වගේ ෆීලිං එකක් දැනෙන එක පුදුමයක් නෙමෙයි. ෆීලිං දැනුනට කමක් නෑ ඒ වගේ වෙන්න යන්නෙපා. අන්න ඒ නිසා කරුණාකරලා යාලුකමට කතාබහ කරපු හිත හොඳ මිනිස්සුන්ගෙන් අනිත් අය ගැන ඕපදූප හොයන්නෙපා. අර අයියයි අක්කයි එකට කන්න යන්නෙ ඒ දෙන්නා යාලුද? දැන් ඇවිල්ලා ගිය අක්කත් මේ ඔෆිස් එකේ එක්කෙනෙක්ද? අර සීට් එකේ ඉන්න අයියා ගොඩක් වෙලා ඉඳන් නැත්තෙ ඇයි? ඉස්සෙල්ලා මීටිමෙදි ඇතුළට අරගෙන ලොක්කා මොනාද ඔයාලට කිවුවෙ? වගේ එවුව හොයන්න යන්නෙපා.
7. කොහෙත්ම එපා!

Image Source – greatist.com
මුල්ම දේ. ඔෆිස් එකට පරක්කු වෙලා එන්නෙපා. ඔෆිස් එක ගිය මුල් දවසෙම ෂෝක් කියලා දැනෙන්න පුළුවන්. වැඩත් අඩු ගතියක් දැනෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා නිදාගන්න එපා. ගේම් ගහන්න එපා. ෆේස්බුක් එකේ ලැගගෙන ඉන්නෙපා. කෙල්ලට අඟලෙන් අඟල විස්තර කිය කිය ලතවෙන්න එපා. කම්මැලි හිතුනා කියලා පල්ලෙහා කඩේට ගිහිල්ලා තේ සිගරට් බිබී ඉන්නෙපා. ලොක්කා ෂේප් කියලා හිතලා කලින් යන්නත් එපා. අනවශ්‍ය කිසිවක් එපා!
Cover Image Source – zerointerest- leadershipinstitute.org/ rd.com
Leave a Reply