කරාබුනැටිවල ගුණ ගැන ලෝකයේ අවධානය යොමු නොවුණු කතා

අනුග්‍රහය

 

 

 

වසර 350-400ක් පමණ පැරණි කරාබුනැටි ගහක් තමයි දැනට ලෝකයේ පැරණිම කරාබුනැටි ගස විදියට හඳුන්වන්නෙ. Afo කියල හඳුන්වන මේ ගහ මලුකු දූපත්වලින් එකක් වුණු ටර්නේට්වල තමයි හැදුනා කියල කියන්නෙ. Syzygium aromaticum ගහේ වේලපු මල් පොහොට්ටු තමයි කරාබුනැටි විදියට හඳුන්වන්නෙ. ප්‍රංශ භාෂාවෙන් “clou” කියල කියන්නෙ නියපොත්තට. ඒකෙන් ​තේරෙනවනෙ හැඩේ ගැන. ක්‍රිස්තු පූර්ව 1721 වගේ ඈත කාලෙකදි පවා සිරියාවෙන් කරාබුනැටි ගැන සාක්ෂි දකින්නට ලැබිලා තියෙනවා. ඉන්දීය සාගරේ හොඳටම නැගලා ගිය බිස්නස් එකක් වුණු කරාබුනැටි මේ තරම් දිගු ඉතිහාසයක් එක්ක පැවතෙන්නට මුල් කාලයේ හේතුව වුනේ සුවඳ වුනත් මේ වෙද්දි කරාබුනැටිවල ගුණ ගැන වැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා.

 

1. ඉදිමුම්, තුවාල සහ වේදනා

කරාබුනැටිවල සියයට 80ක් තියෙන බව කියන්නෙ eugenol කියන සංඝටකය. සුවඳවත් බවත් ඉක්මනින් තුවාල සුව කරන සහ ඉදිමුම් අඩු කරන ගුණයත් කියන දෙකම eugenol සතුව තියෙනවා. මුඛයේ සහ උගුරේ තුවාලවලටත් කදිම විසඳුමක් මේ නිසාම ලැබෙනවා. ඒ වගේම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය හොයාගෙන තියෙන විදියට නම් දිනපතා කරාබුනැටි භාවිතා කරන පිරිසගේ ආතරයිටීස් තත්ත්ව සහ සන්ධි රිදීම් පවා අඩු බව කියැවෙනවා.

 

2. පිළිකා සමග සටන්

එක් පර්යේෂණයකින් පෙන්වන්නේ කරාබුනැටිවල බලය පිළිකා සෛල මර්දනයට වගේම ටියුමර් (පටකවල අසාමාන්‍ය වැඩීමක්) වැනි තත්ත්වයකටත් සාර්ථකව ක්‍රියා කරන බවයි. එයද සම්බන්ධවන්නේ කරාබුනැටිවල සියයට 80ක් ඇති බව කියන ඉයුජිනෝල් සමගින්. කරාබුනැටි යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් නිසා කුඩු කරගන්නා ලද කරාබුනැටි තේ හැන්දක් දවසකට එක් පුද්ගලයෙකුට භාවිතයට ගත හැකි නම් එය සිරුරට වඩා යෝග්‍ය බවත්, පිළිකා මර්දනයට එහි දැඩි ඉවහල් වීමක් ඇති බවත් සොයාගෙන තිබෙනවා.

 

3. දියවැඩියාවට

ස්වේච්ඡාවෙන් තෝරාගත් මිනිසුන් යොදා කළ පරීක්ෂණයකින් තහවුරුව ඇත්තේ කරාබුනැටි සිරුරට ගැනීමෙන් සිරුරේ ඇති ග්ලූකෝස් පිටවන බවයි. මෙය සතුන් යොදා කළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. කරාබුනැටිවල eugenol සංඝටකයට අමතරව nigericin අඩංගු වෙන නිසා එමගින් ඉන්සියුලින් නිපදවන්නට උදවු දෙන බව පැවසෙනවා. එනිසා නිරන්තරයෙන් ආහාරයට යම් ප්‍රමාණයකින් කරාබුනැටි එක් කරගැනීම දියවැඩියා රෝගය පාලනයට උදවුවක් වනු ඇති බව ප්‍රත්‍යක්ෂ වෙනවා.

 

4. වෙනත් රෝග පීඩා

ප්‍රධාන ආහාර වේලකට පසුව බොහෝදෙනෙක් මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ ආහාර දිරවීමට ඇති අපහසුවයි. උදරයේ ඇති ආම්ලිකතා සේම දිරවීමේ අපහසුතා නසන්නට හැකි බලය කරාබුනැටිවල අඩංගු බවයි පැවසෙන්නේ. එය වැඩි දෙනෙකු පීඩා විඳින බඩේ දැවිල්ල (ගැස්ට්‍රයිටීස්) වැනි රෝගවලටත් කදිම බව කියැවෙනවා. ඊට අමතරව කරාබුනැටි වලින් බ්‍රොන්කයිටීස්, ඇදුම සහ කැස්ස වගේම සෙම් රෝගවලටත් විසඳුම් ලැබෙන බව කියැවෙනවා. සාමාන්‍යයෙන් පපුව සහ නාසය මුදුනත කරාබුනැටි තෙල් තරමක් යොදා පිරිමැදිය හැකි නම් එය බොහෝ ලෙඩ රෝගවලට විසඳුමක් වනු ඇත.

 

5. මුඛ රෝග විසඳුම්

ඔබ දැනටත් දන්නා පරිදි කරාබුනැටිවලින් වැඩිම සහනයක් ලැබෙන්නේ මුඛයට බව සත්‍යයක්. කරාබුනැටිවල අඩංගු eugenolවල ඇති ප්‍රතිබැක්ටීරියාකාරක ගුණ සහ වේදනා නාශක ගුණ එහිදී ප්‍රයෝජනවත් වෙනවා. දතක් වේදනා දෙන විට ඒ අසළට කරාබුනැට්ටක් තබා යම් තරමකට සැපීම වේදනාව අඩු කිරීමට සමත් ක්‍රියාවක්. එලෙස සැපූ විට නිකුවන්නේ කරාබුනැටි තෙල් වන අතර දැනට වෙළඳපොලේ කරාබුනැටි තෙල් අඩංගු දන්ත නිෂ්පාදනයක් සොයා ගත හැකියි. ඔබේ මුඛ සෞඛ්‍යය නිරෝගීව තබාගන්නට එය ඉතාමත් වැදගත් බව අප සිහිපත් කරන්නේ එනිසාමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *