Anal Sex: වැඩිහිටියන්ට පමණයි

මේ ආටිකල් එකට වීව්ස් තිබ්බට ෂෙයාර්ස්, කමෙන්ට්ස් වැටෙන්නේ නෑ කියලා අපි දන්නවා. කමක් නෑ කමක් නෑ අපි දන්නවා ඔයාලා ලැජ්ජ බයට හැදිච්ච ළමයි කියලා. හැබැයි ඔයාට ඔයාගේ හැදියාව ආරක්ෂා කරගෙන කට්ටිය එක්ක ෂෙයාර් කරගන්න ගුරු කමක් අපි කියලා දෙන්නම්, ඒ තමයි මේ ආටිකල් එකට බැණලා ෂෙයාර් කරන්න. ආහ් ඕනේනම් කමෙන්ට් සෙක්ෂන් එකෙත් අම්මමෝ නැතුව බණින්න. හරි අපි දැන් එහෙනම් ඒ උපදෙස් එක්ක අපේ කතාබහට යමු.

 

1. ග්‍රීක සෙල්ලම

Image Source – en.wikipedia.org

පුරාණ ග්‍රීසියේ තුළ ගුද සංසර්ගය ඉතාම ජනප්‍රිය දෙයක් වුණා. ග්‍රීක සංස්කෘතිය ඇතුළේ සමලිංගික සේවනය සැලකුණේ සාමාන්‍ය දෙයක් විදිහට. ඒ වගේම කෙනෙක්ගේ ලිංගික ජීවිතය සමබර වෙන්න නම් ගැහැණුන් එක්ක වගේම පිරිමි එක්කත් ලිංගිකව එකතු වෙන්න ඕන කියලා ග්‍රීකයෝ විශ්වාස කළා. මේ නිදහස් ලිංගික සංස්කෘතිය නිසා ගුද සංසර්ගය ග්‍රීසිය ඇතුළේ සාමාන්‍යකරණයට ලක් වුණා. සමහර මැටි බඳුන්වල ගුද සංසර්ගයේ යෙදෙන ගැහැණුන් සහ පිරිමින් චිත්‍රයට නැගුණා. ඒ නිසා අදටත් ගුද සංසර්ගයට ග්‍රීක ආදරය, ග්‍රීක සෙල්ලම, ග්‍රීක විදිහ වගේ වචන පාවිච්චි වෙනවා. ඒක හින්දා ඔයාට “අපි ග්‍රීක සෙල්ලම” කරමුද කියලා ඇහුවොත් බෑම කියන්න (කැමති නම් හා කියන්න).

 

2. වෙනත් සංස්කෘතීන් ඇතුළේ ග්‍රීක සෙල්ලම

Image Source – huffingtonpost.com

ග්‍රීසියෙන් ඇරුණම ගුද සංසර්ගය ගැන ඍජු තොරතුරු වාර්තා වෙන්නේ පුරාණ රෝමයේ. රෝමය තුළදී හුදු ලිංගික ක්‍රියාවලියකට එහා ගිහින් ආධිපත්‍යය පිළිබඳ නිරූපණයක් විදිහට ගුද සංසර්ගය සැලකුණා. විශේෂයෙන් රෝමයේ සිටි වහලුන් සමග ඔවුන්ගේ ස්වාමිවරු ගුද සංසර්ගය පැවැත්වුවා. විශේෂම දේ තමයි කාන්තාවෝ පවා ඩිල්ඩෝ අධාරයෙන් වහලුන් සමග ගුද සංසර්ගය පැවැත්වීම. ඒ වගේම උපත් පාලන ක්‍රමයක් ලෙසත් ගුද සංසර්ගයේ යෙදීම ජනප්‍රිය වුණා.

රෝමය හැරුණම පුරාණ ඇමරිකා මහද්වීපයේ ශිෂ්ටාචාරවල ජනයා අතරත්, සුමේරියානු ශිෂ්ටාචාරය ඇතුළෙත් ගුද සංසර්ගයට වැඩි ඉඩක් ලැබුණා. ජපානය තුළත් පිරිමි පිරිමි ගුද සංසර්ගය පිළිබඳව වාර්තාවෙනවා

ලංකාව ඇතුළේ ලිංගිකත්වය ගැන විධිමත් සටහන් නම් අපිට මුණ ගැහෙන්නේ නෑ. ඒත් විනය පිටකය ඇතුළේ සමහර තැන්වල “යෝනි මාර්ග, ගුද මාර්ග සහ මුඛ මාර්ග” වශයෙන් සංසර්ගයන් ගැන සඳහන් වෙන නිසා අපේ සංස්කෘතිය ඇතුළෙත් ගුද සංසර්ගයට ලොකු විරෝධයක් එල්ල වුණේ නෑ කියලා හිතන්න පුළුවන්.

 

3. ග්‍රීක සෙල්ලම ඒ විදිහටත් පුළුවන්

Image Source – reddit.com

ග්‍රීක සෙල්ලම කරන සාමාන්‍ය විදිහ වෙන්නේ සහකාරයාගේ ශිෂ්ණය සහකාරියගේ/ සහකාරයාගේ ගුද මාර්ගයට ඇතුළු කිරීම. නමුත් ග්‍රීක සෙල්ලම් ලෝලීන් අතරේ ශිෂ්ණය වෙනුවට ඇඟිලි, දිව සහ විවිධ දේවල් ඇතුළු කිරීම වෙනවා.

 

4. ග්‍රීක සෙල්ලම කරද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු

Image Source – bustle.com

මුලින්ම කියන්න ඕන දේ තමයි ගුද මාර්ගය ස්වහාවිකව සැකසිලා තියෙන්නේ ලිංගික සංසර්ගයට නෙමෙයි. මේ නිසා ග්‍රීක සෙල්ලම කරන්න කලින් දෙදෙනාම ඒ සඳහා සූදානම් වීම වැදගත්. ඒ වගෙම මේ ප්‍රදේශය ආශ්‍රිතව අතිශය සංවේදී ස්නායු රැසක් තියෙනවා. මේ නිසා සිද්ද කරන දේ ඒ කලාපයට හානියක් නොවෙන්න කරන්න වග බලා ගන්න ඕන.

 

5. ග්‍රීක සෙල්ලමේ අවදානම

Image Source – hivequal.org

ග්‍රීක සෙල්ලමේ වින්දනය වගේම අවදානමකුත් තියෙනවා. ප්‍රධානම අවදානම තමයි ගුද මාර්ගය තුළ වගේම අවට තුවාල සහ සීරීම් ඇති වෙන එක. මේ දේවල් වළක්වාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ලිහිසිකාරක භාවිතය.

ඒ වගේම ලිංගාශ්‍රිත රෝග සහ පිළිකා වැලඳීමේ වැඩි අවදානමක් ග්‍රීක සෙල්ලමේ තියෙනවා. මේ නිසා හොඳම දේ ලිංගික සම්බන්ධතාවයන් එක් පුද්ගලයෙකුට සීමා කිරීම. නමුත් ගුද සංසර්ගයට වැඩි කැමැත්තක් දක්වන පිරිමි සමලිංගිකයන් බොහෝවිට සිය සම්බන්ධකම් එක සහකරුවෙක්ට පමණක් සීමා කරගන්නේ නෑ. ඔබ හෝ සහකාරයා එක් අයෙකුට වඩා වැඩි ගණනක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනෙක් නම් උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම සිද්ද කරන්න ඕන

 

6. ග්‍රීක සෙල්ලමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Image Source – verywellhealth.com

අපි කලින් කිව්වා වගේ සමහරු ගැබ් ගැනීම් වළක්වාගැනීමේ ක්‍රමයක් විදිහටත් ග්‍රීක සෙල්ලම කරනවා. නමුත් ඒකෙන් දරු ගැබක් හට ගැනීමේ අවදානම 100%ක් පහව යන්නේ නෑ. හේතුව තමයි ගුද මාර්ගයට ඇතුළු වුණු ශුකාණු පිටතට ගලා ඇවිත් යෝනි මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන් වීම. මේක වළක්වගන්න පුළුවන් හොඳම ක්‍රමය ඉතින් උපත් පාලන කොපු භාවිතය. ඒත් ග්‍රීක සෙල්ලමට කැමති අය වැඩි වශයෙන් ගුද මාර්ගය තුළම උපත් පාලන කොපුවක් රහිතව ශුකාණු මුදා හැරීම ප්‍රිය කරනවා.

 

7. ග්‍රීක සෙල්ලම කරන්න කලින්

Image Source – teenvogue.com

මේ මොන මොන සෙල්ලම කරන්නත් කලින් තමන්ගේ සහකාරියගෙ හෝ සහකාරයගේ කැමැත්ත ගැන විමසා බැලීම අත්‍යාවශ්‍ය වෙනවා. මොකද ලිංගිකත්වය ගැන ඔබ දෙදෙනාට තියෙන අදහස් සමපාත නොවෙන්න පුළුවන්. මේ නිසා ග්‍රීක සෙල්ලම කරන්න කලින් මේ දේට අනිත් කෙනා කැමතිද කියන එක ගැන විමසලා බලන්න. සාම්ප්‍රදායිකව සහ ස්වභාවිකව ගුද මාර්ගය සැකසිලා තියෙන්නේ මළපහ බැහැර කිරීමට. මේ නිසා ඇතැම් අය ග්‍රීක සෙල්ලම පිළිකුල් කරනවා. විශේෂයෙන් අසභ්‍ය චිත්‍රපටිවලදී ග්‍රීක සෙල්ලමට ක්ෂණිකව යොමු වෙන අවස්ථා පෙන්වනවා. නමුත් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි ඒ චිත්‍රපටියක් විතරයි කියන එක. නිකන් හිතන්න නිසි ලෙස පිරිසිදු නැති අවස්ථාවක ග්‍රීක සෙල්ලම කරන්න ගියොත් දෙපාර්ශවයටම ඒක කොච්චර අප්‍රසන්න සහ අමිහිරි අත්දැකීමක් වෙයිද? මේ නිසා ගුද සංසර්ගයට කලින් පෙර සූදානම අවශ්‍ය කරුණක් නෙමෙයි, “අත්‍යාවශ්‍ය” කරුණක්.

ඊළඟට හිතන්න ඕන දේ තමයි තමන්ට පළමු වරට මේ ගුද සංසර්ගය ඉතා වින්දනීය  අත්දැකීමක් වුණාට ගුද මාර්ගය භාවිතා කරන්න දෙන පුද්ගලයාට වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අනිත් කෙනා වේදනාවෙන් ඉද්දි පවා ආත්මාර්ථකාමී විදිහට තමන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න ග්‍රීක සෙල්ලමට කැමති අය පෙළඹෙනවා. දෙපාර්ශවයටම තෘප්තියක් ලැබිලා කෙළවර වෙන්න ඕන ලිංගික එකතුවීම එක පාර්ශවයකට දැඩි වේදනාකාරී අත්දැකීමක් වෙලා නවතිනවා. ඒ නිසා තමන්ගේ තෘප්තිය වගේම අනිත් කෙනාගේ තෘප්තිය ගැනත් හිතන්න ඕන.

හරි දැන් එහෙනම් ග්‍රීක සෙල්ලම ගැන කියෙව්වනේ, එහෙනම් දැන් ආටිකල් එකේ ඉන්ට්‍රෝඩක්ෂන් එක ආපහු කියවන්න. ඉස්කෝතුයි

Cover Image Source – helenchenoweth.org/ teenvogue.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *