ලෝකේ පුරාම ඉන්න සංචාරකයින් සොයායන තැනක් තමා තායිලන්තය කියන්නේ. හොඳට සැප ගන්න පුළුවන් ප්ලේස් එකක් විදියට ඉන්දියානුවන් සහ ලාංකිකයින් අතරත් තායිලන්තය ජනප්‍රියයි. මේ සැප ගන්න පුළුවන් තායිලන්තයේ සුන්දර භූමි දර්ශන ගොඩක් තියෙනවා. ඒ අතර තායිලන්තයේ පට්ටම බීච් ඩෙස්ටිනේශන්ස් සෙට් එකක් තියෙනවා. ඒ මොනවද? අපි තායි වල ලස්සන බීච් ඩෙස්ටිනේශන්ස් කීපයක් බලමු.
1. කෝ පි පි පුකෙට් (Koh Phi Phi Phuket)
ලියනාඩෝ ඩිකැප්රියෝ ගේ “ද බීච්” ෆිල්ම් එක ශූට් කළ පුකෙට් හි කෝ පි පි දිවයින කියන්නේ සුන්දරම වෙරළ තීරයක්. පුකෙට් වල සංචාරකයින් අඩු කාලයක් නම් නැතිම තරම්. නිතරම සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යන පුකෙට් වල හොඳ එයාපෝර්ට් එකක් තියෙනවා. පුකට් වලට කෙලින්ම මැලේෂියා, සිංගප්පූරු ඉඳලත් කෙලින්ම ෆ්ලයි කරන්නට හැකියාව තියෙනවා. බීච් පාටි සීන් එකටත් පුකෙට් දිවයින ජනප්‍රියයි.
2. පතායා (Pattaya)
පතායා බීච් එක නම් අනික්ව එක්ක බැලුවාම එච්චරටම ලල් එකක් නැහැ. ඒත් පතායා තියෙන්නේ බැංකොක් වලට කිට්ටුව. ඒ ආසන්නකම නිසා පතායා බොහොම ඉක්මනින් ජනප්‍රිය වුනා. පතායා ඉස්සර කාලේ ඉඳලම වියට්නාම යුද්දෙට ගිය ඇමරිකානු සොල්දාදුවන්ගේ නවාතැන්පොලක්. ඒ නිසාම පතායා වල නයිට් ක්ලබ් සහ ලිංගික සුව වෙළඳාම ජනප්‍රිය වුනා. ආන්ටිස්ලා ඕනි නම් එහෙම, ලස්සන ගෑණු ළමයි ඕනි නම් එහෙම, ගේ අය නම් ඒ අයට එහෙම, ලේඩිබෝයිස්ල ඕනි නම් ඒත් එහෙම ආදී ඕනිම මාදිලියක ලිංගික අවශ්‍යතාවයක් සපුරාගන්න පතායා වලදි පුළුවන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ.
3. ක්‍රාබි (Krabi)
ක්‍රාබි කියන්නෙත් පුකෙට් වගේ ලස්සන තැනක්. ක්‍රාබි වල රේලි බීච් එක තායි වල ජනප්‍රියම ලස්සන තැනක්. ක්‍රාබි වලත් බීච් එකේ බීච් පාටි සහ ඉවෙන්ට්ස් තියෙනවා. ක්‍රාබි වල බීච් එක විතරක්ම නෙමෙයි හයිකින්, බෝට් රයිඩින්, ඩයිවින් (කිමිදීම), ස්නෝක්ලින් වගේ ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ක්‍රාබි කියන්නෙත් දැන් දැන් ගොඩක් ජනාකීර්ණ ටුවරිස්ට් ඩෙස්ටිනේශන් එකක්. මේ ක්‍රාබි වල මුහුද අයිනේ තියෙන විශාල ගල් උඩට නගින එකත් හොඳ සංචාරක අත්දැකීමක්. කෝච්චියේ යනව නම් බැංකොක් ඉඳන් සුරත් තානි (Surath Thani) කියන ස්ටේශමට ඇවිත් ක්‍රාබි යන්න ඕනි. කෙලින්ම ගුවනින් ආවොත් ක්‍රාබි එයාපෝර්ට් එකේ බහින්නත් හැකියි. මේ පළාතේ තියෙන දූපත් රැසකටම ක්‍රාබි බීච් එක හරහා පිවිසෙන්නට හැකියාවක් තියෙනවා.
4. ට්‍රෑන්ග් (Trang Thailand)
වසර ගණනාවක සිට ලස්සන තැනක් කියලා ප්‍රමෝශන් ගියත් ට්‍රෑන්ග් තාම ටුවරිස්ට්ලා අතර ජනප්‍රිය නැහැ. එහෙම වැඩිය ජනප්‍රිය නැති ලොකේශන් එකක් නිසා ට්‍රෑන්ග් වල ලොකු පාටි, නයිට් ක්ලබ් වගේ නයිට්ලයිෆ් එක සැරට නැහැ. ඒත් සොබාව සෞන්දර්යය අතින් ට්‍රෑන්ග් ක්‍රාබි පුකෙට් තරම්ම ලස්සනයි. ට්‍රෑන්ග් සිටි එකේ ඉඳන් බීච් එකට පැයක් විතර යන්න ඕනි. මේ ට්‍රෑන්ග් අයිලන්ඩ් වල ඉඳන් මැලේසියාව පේන දුර. මැලේසියාවේ ලංකාවි දූපතේ (Lankgkawi Island) ඉඳන් බෝට්ටුත් එනවා ට්‍රෑන්ග් දූපත් වලට. කෝ මොක් (Koh Mok), කෝ ලිබොන් (Koh Libong) ආදී දූපත් ගොඩක් ට්‍රෑන්ග් වල අන්දමන් මුහුදේ තියෙනවා. ගොඩබිම ඉඳන් ඒ දූපත් වලට බෝට්ටු සවාරිත් තියෙනවා. වැඩිය සංචාරකයින් නැති නිසා නිස්කලංකව අඩු මුදලකින් ට්‍රැවල් කරන්න ට්‍රෑන්ග් හොඳ ප්ලේස් එකක්.
5. හුවා හින් බීච් (Hua Hin Beach)
හුවා හින් බීච් එක තියෙන්නේ තායිලන්තේ බැංකොක් වලට කිට්ටුව. තායි ලෝකල් අය අතර මේ හුවා හින් ජනප්‍රියයි. හුවා හින් වල හොඳ හොටෙල්, බීච් රෙස්ටොරන්ට් ආදිය තියෙනවා. ඒවායේ මසාජ්, ස්පා සර්විස්, ස්විමින් පූල් සහිත හොඳ සේවයක් ලැබෙනවා. බැංකොක් ඉඳන් බොහොම ඉක්මනින් ලස්සන බීච් එකකට යන්න හිතනවා නම් හුවා හින් සුපිරි තැනක්.
6. කෝ ලන්ටා (Koh Lanta)
කෝ ලන්ටා තියෙන්නේ ක්‍රාබි වලට පහළින්. මීට වසර තිහ හතලිහකට ඉස්සරින් මේ කෝ ලන්ටා වගේ දිවයින් කියන්නේ සාමකාමී තැන්. දැන් සංචාරක ආකර්ෂණය නිසා මේ තැන් දියුණු වෙලා තියෙනවා. ජනප්‍රියතම තැන් වලට වඩා කෝ ලන්ටා හි සංචාරයට වියදම් වෙන ගාණ අඩුයි. මුහුදු පරිසරයක කාලයක් නිස්කලංකව ගතකරලා සතුටින් ඉන්න කැමති අය කෝ ලන්ටා වගේ තැන් තෝරාගන්නවා. කෝ ලන්ටා හි තමයි ලෝන්ග් බීච් තියෙන්නෙ. ඒ බීච් එක ඇත්තටම විශාල වපසරියක පැතිරුණු දීර්ඝ බීච් එකක්.
7. කෝ සමුයි (Koh Samui)
තායිලන්තයේ අන්දමන් මුහුද, එහෙම නැත්තං ලංකාව දිහාවට වෙන්න දකුණු තායිලන්තයේ බීච් තමයි ගොඩක් ලස්සන. ක්‍රාබි, පුකෙට් පි පි අයිලන්ඩ්ස් වගේ ඒවා තියෙන්නෙ අන්දමන් මුහුද පැත්තේ. කෝ සමුයි කියන්නේ ආන්න ඒ තායිලන්තේ අනෙක් පැත්තේ, තායිලන්ත ගල්ෆ් මුහුදේ තියෙන ලස්සන දිවයිනක්. කෝ සමුයි දිවයින විශාලත්වය අනුව දෙවැනි වන්නේ පුකට් දිවයිනට විතරයි. බෞද්ධ සිද්ධස්ථාන, දූපත් ආශ්රිත වනෝද්‍යාන, ඉහළ සංචාරක පහසුකම් සහිත සංචාරක පාරදීසයන් කෝ සමුයි දිවයිනේදී සංචාරකයින්ට විඳගන්නට ලැබෙනවා.
තායිලන්තයට දැන් ලංකාවෙන් ගුවන් සේවා හතරක් ඩිරෙක්ට් ෆ්ලයි කරනවා. ඒ තමයි ශ්‍රී ලංකන්, තායි එයාවේස්, එයා ඒෂියා සහ ඉතා මෑතකදී ආපු තායි ලයන් එයා කියන ගුවන් සේවා හතර. දැන් ගුවන් සමාගම් හතරක්ම තියෙන නිසා එයාර් ටිකට් බැංකොක් ගිහින් එන්නම රුපියල් 30,000/=කට විතර අඩුවෙලා. තායි වීසා ලබාගැනීමත් දවසකින් දෙකකින් බොහොම සරලව කරගන්න පුළුවන්. ඉතින් අපේ කෙනෙක්ට තායි පැත්තේ ගිහින් ලස්සනම ලස්සන මුහුදු වෙරළ ඩෙස්ටිනේශන් ටිකක් බලලා එන්න දැන් ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕනි නැහැ. ඔයාලගේ යාලුවොත් ඇති “යන්නෝන මචං ලංකාවෙන් එලියේ ටුවරක්” කියලා හැමවෙලේම කිය කිය ඉන්න. ඉතින් එයාලටත් පේන්න මේක ශෙයා පාරකුත් දාගෙනම යමු නේද?
Leave a Reply