පාරෙදි දකින කෙල්ලෙකුගෙන් කැමැත්ත අහන්න හොඳ නැත්තෙ ඇයි?

පිරිමි ඇස්වල ඇති විශේෂ තාක්ෂණයක් මගින් හිත කැමති ඕනෑම ගැහැණියක් නිරුවත් කිරීමට සහ ඇය සමග ප්‍රේමාලිංගනයේ යෙදෙන්නට හැකියාව තියෙනවානෙ. පිරිමි අපි ඒකෙන් දිනපතා ප්‍රයෝජන ගන්නවානෙ. ඒ කොහොම වුනත් මේ කියන්න යන්නෙ ඊට වඩා අවුල් තත්ත්වයක් ගැන. දෑහින් බලා රස විඳ නොසිට ඇතැම් ගෑණු ළමයින්ට යෝජනාවක් කරන්න යන්න පවා සමහරු පෙළඹෙනවා. මේ යෝජනා අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නෙ සෙක්ෂුවල් අප්‍රෝච් එකක් විදියට තමයි. මොකෝ ඉතිං පාරෙදි ඒ මොහොතෙ දකින කෙල්ලෙක් දැකලා සාරුක් කාජල්ව දැක්ක වගේ ගිහින් දොයිංපතං ගාලා ආදරෙයි ඒයි කියල කියන්නෙ නැහැනෙ ඇත්ත ලෝකෙ. ඉතිං ගැහැණුන්ගෙ හිතේ මුලින්ම ඇතිවෙන්නෙ මෙන්න වල්කමක් කරන්න එනෝ කියන හැඟීම. සමහර යුවතියො නං මේ ආරාධනාවට කැමැත්ත දෙන්නත් පුළුවන්. කැමැත්ත දුන්නත් නැතත් මෙහෙම අහන එකෙන් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න ටිකක් ගැනයි අපි මේ කියන්නෙ.

 

1. බඩුම තමයි

Image Source – giphy.com

මහත්තයො මේ වගේ දෙයක් නං කාටවත්ම සිද්ධ වෙන්න එපා. ඔන්න ලස්සන කෙල්ලෙක් ඉන්නව. ඔයා ඉන්න පැත්ත දිහාමයි බලාගෙන ඉන්නෙ. සැරින් සැරේ ෆෝන් එක දිහාත් බලනව. ඉතිං හිතන්නෙම නම්බර් එක දෙන්න තමයි මේ කතා කරන්නෙ කියල. ඔන්න ළඟට ගිහිල්ලා හිනාවක් දැම්මම ගණං උස්සනවා. අපේ උන්දලත් ඉතිං ඒවයින් සැලෙන්නෙ නැහැනෙ. පොඩි වචනයක් දෙකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලන්න ලෑස්ති වෙනකොටම ලස්සන වාහනයක් ඇවිත් එතන නවත්තනව. නවත්තලා ෂටර් එක පහත් කරන්නෙ කොල්ලෙක්. කෙල්ල ටක්ගාලා වාහනේට නැගලා නෝක්කාඩු කියනවා. “ඔයා පරක්කු වෙන නිසා තමයි මේ රස්තියාදුකාරයො මට එක එක ඒවා කියන්න එන්නෙ.” රස්තියාදුකාරයා කියල අහගත්තට හපං කොල්ලා ඇවිල්ලා දෙකක් ඇන්නම. ඒ නිසා මෙවුව කරන්න හිතන්නත් පෙරාතුවම වටපිටාව ගැන සැළකිලිමත් වෙන්න.

 

2. ගොසිප් ලංකා

Image Source – giphy.com

ලස්සන කෙල්ලෙක් ඉන්නව. වචනයක් දානව. සමහර කෙල්ලො ගණං ගන්නෙ නෑ. සමහර කෙල්ලොන්ට කේන්ති යනවා. සමහර කෙල්ලො කේන්ති ගන්නව මදිවට ඕවර් රියැක්ට් කරනවා. නම්බර් එක ඉල්ලන පිරිමියෙකුට කනට ගහන්න තරමෙ ඕවර් රියැක්ට් කරන අයත් ඉන්නව. කිසිම වැරැද්දක් නොකර කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කන එක අවුලක් තමයි. හැබැයි ඕක මොකෙක්හරි වීඩියෝ කළොත් ඊට වඩා අවුල්. හොඳටම අවුල්. මොකද ඉතිං ගොසිප් සයිට් වල වැටෙනවනෙ මහපාරෙ අයුතු යෝජනා කරන්න ගිය තරුණයාට සිද්ධ වෙච්ච වැඩේ වගේ වීඩියෝ. එහෙම එකක් ගියාම ෂෝක්. කොහොමත් නාකි පප්පලා බහුතරයක් දැන් උදේම බලන්නෙ ගොසිප් සයිට් නිසා මොකෙක්හරි ඔහොම එකක් තාත්තට පෙන්නුවම තවත් ෂෝක්.

 

3. ලංකන් ඩයරීස්

Image Source – giphy.com

කන්න බොන්න විදියකුත් නෑ, ඉගෙනගෙනත් නෑ, හැකියාවකුත් නෑ, රස්සාවකුත් නෑ, හැබැයි කැමරාවක් විතරක් තියෙන බුවාලා මොඩ්ල් ෆොටෝ ෂූට් කරනවට අමතර​ව තෝරාගන්න දෙයක් තමයි සෝෂල් එක්ස්පෙරිමන්ට් කරලා යූටියුබ් එකට දාන එක. විවුස් වලින් ගාණක් හොයන්නත් පුළුවන් නිසා කට්ටිය මේකට බැස්සට මොකද ගොං පාට් දාලා සමාජෙන් රෙදි ගැලවෙන්න කතා අහගන්න සමහරුන්ව අපි පහුගිය කාලෙ දැක්කනෙ. අනේ ඔය විදියට එක්ස්පෙරිමන්ට් කරන අයියලත් පාර අයිනෙ කෙල්ලොන්ව තියලා තියෙනවා. දැන් සමහරු ගිහිල්ලා නම්බර් එක ඉල්ලන්නෙ ඒ නංගිගෙන් වෙන්න පුළුවන්. එයා ගාව තියන මයික් එකෙන් ඔයා කියන ටික රෙකෝඩ් වෙන නිසා තත්ත්වෙ තවත් අවුල්.

 

4. බැරි බර

Image Source – giphy.com

දැන් ඔය විදියට පොඩි විසිට් එකක් දාලා, වචනයක් දාලා එකක් සෙට් වුනා කියමු. අලගිය මුලගිය තැනක් දන්නෑ, ආදරේ කරන්න කලින් අඳුරගෙන ඉඳලා නෑ, වගේ ප්‍රශ්න තොගයක් එක්ක දෙන්න එක්ක මුලින්ම යන්නෙ රූම් එකකට. නම ග​ම හරියට දැනගන්නෙත් අඩ නිරුවත් වුනාට පස්සෙ වගේ තත්ත්වයකදි දෙතුන් වතාවක් ඔය අල්ලපනල්ලෙ ඩිස්ටිඩිඩිං වුනාම මරු කතරට දිය පොදක් ඉස්සා වගේ වෙන සමහරු ඉන්නවා. හැබැයි ඔය තරම් දේවල් සිද්ධ වෙන්නෙ විඳින කලට දුක් දැඩිව විඳින්නටද දන්නෑ කියල ඒ වෙලාවට හිතෙන්නෙ නෑ. අනේ ඉතිං පස්සෙ සමහරු ඉන්නව කලින් කසාදෙ දරුවෙකුත් එක්ක ගෑණියෙක් කරගහගෙන.

 

5. සොර බිය

Image Source – giphy.com

ඔක්කොටම හපං ඔය සොරබිය. දැන් ඔය මහමග ඉන්නවනෙ වීදි ගණිකා සහෝදරියොත්. ඔය සමහර වීදි ගණිකා වෘත්තිය ගැන තියෙන කතා ඇහුවම තත්ත්වෙ මාර අවුල්. කම් සැප විඳලා එන්න හිතාගෙන දෙන්න එක්ක ත්‍රීවීල් එකකට නැග්ගට මොකද ත්‍රීවීල් එක අහුමුල්ලක නවත්තලා ත්‍රීවීල් බුවයි ගෑණු මනුස්සයායි දෙන්නත් එක්ක තරුණයාගෙ වටින කියන දේවල් ටික ඩැහැගන්න කතා අපි ඕනතරම් අහලා තියෙනවා. ඉතිං දෙයියො අපි මේ හිතේ කප්පරක් පැතුම් තියාගෙන පාරෙදි වචනයක් දාන්න යන්නෙ එහෙම එහෙකටද කියල කවුද දන්නෙ?

 

6. ෆ්‍රෙන්ඩ්

Image Source – giphy.com

දැන් ෆේස්බුක් නිසා නැති යාලුවෙක් නැහැනෙ. හැමදාම රික්වෙස්ට් හැමතැනම යාලුවොනෙ. ඔය අතරෙ ෆේක් එකවුන්ට් තියෙනවා, ඇත්ත නම වුනාට මූණ නොදාන එකවුන්ට් තියෙනවා. ඔන්න ඔහොම කේස් තියෙනවා. ඔය මහමග හිටගෙන ඉන්නෙත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්නෙ දෙයියො. නංගි ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔයාව දැක්කම කැමතියි කියල හිතුනා. ඒකයි කතා කළේ. වැරදියට හිතන්නෙපා කියල කිවුවට පස්සෙ, ආනේ ඔයා ශාන්ත අයියා නේද? කියල කෙල්ල ඇහුවම ගැස්සෙනවනෙ බ්‍රෝ.

 

7. ඔයා අරයගෙ?

Image Source – giphy.com

ඔන්න ගිහින් මුලින්ම හායි පාරක් දැම්මම කෙල්ලත් කලින් දන්න අඳුරන ගාණට හායි පාරක් දානව. කැමතියි කියල වචනෙත් දැම්මට පස්සෙ තමයි ෆුල්ෆේස් හෙල්මට් එක වගේ දාගෙන ඉන්න සන්ග්ලාස් දෙක ගලවන්නෙ. හුට්ටප්පරයයි. එතන ඉන්නෙ ඔයාගෙ වයිෆ්ගෙ හොඳම යාලුවෙක් වෙන්න පුළුවන්. ගෑණු ඉතිං තමුන්ගෙ මිනිහගෙ විස්තර අනිත් හැමෝටම කියන නිසා ඔයා ගැනත් අකුරක් නෑර දන්නවනෙ. ඉතිං ශාන්ත අයියෙ එයා ඔයා ගැන ඔයාගෙ වයිෆ්ට නොකියා ඉඳියි කියලද හිතන්නෙ? හොඳ වැඩේ ආදරේට බොරු කරන්න ගියාට.

Cover Image Source – youtube.com