බොස් ලෙවල් එකෙන් මෝටර් බයික් එකක් රයිඩ් කරන්නේ මෙහෙමයි!

දැන් අද කාලේ පාරට බැස්සොත් වැඩියෙන්ම බැණුම් අහන්නේ කවුද? බස්කාරයෝ, ත්‍රීවිල් කාරයෝ සහ මෝටර්බයික් කාරයෝ! මේ නාමකරණයේම අවුලක් තියෙනවනේ, නැද්ද? බයිසිකල් කාරයා! භැබැයි මිල ගණන් අතින් ගත්තොත් අඩුම කාර් එකක වුනත් යන කෙනෙක්ට මෝටර් බයික් පදින කෙනෙක්ට වඩා යම් තත්ත්වයක් සමාජය දෙනවා. ඇත්තටම මොකද්ද මේකට හේතුව? ඔව්, මෝටර් බයික් පදින හාදයෝ උඩ ඉඳන් පහළටම මාර්ග නීති උල්ලංඝනය කරනවා. හැබැයි කාර් බාර් වල යන මිනිස්සුත් මාර්ග නීති උල්ලංඝනය කරනවා. ඒත් මෝටර් බයික් වල යන ඈයෝ ෆුල් අවුල් කියලා සමාජ මතයක් හැදිලා තියෙනවා. හරි, අපි දැන් ලැහැස්ති වෙන්නේ ඔය ගැන සමීක්ෂණයක් කරන්න නෙවෙයි. මෝටර් බයික් පදින මිනිස්සු ගැන සමාජගත වෙලා තියෙන මේ මතය කුඩුපට්ටන් වෙන විදියට රාජකීය ලෙවල් එකෙන් බයික් එකක් රයිඩ් කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න.

 

1. මොකද්ද මල්ලි බයික් එක?

Image Source – youtube.com

සාමාන්‍යයෙන් ගත්තොත් අපිට පාරවල් වල වැඩියෙන්ම දකින්න තියෙන්නේ බජාජ් පල්සර්, ඩිස්කවරි, හොන්ඩා එෆ් ඉසෙඩ් වගේ කමියුටර් මෝටර් බයික්. ඊටත් වඩා වැඩියෙන් දැන් ස්කූටි පාරවල් වල දකින්න ලැබෙනවද මන්දා. මීට අමතරව ඉතින් තව මිලෙන් වැඩි දුර ගමන් මෝටර් සයිකල් එහෙමත් ඉඳලා හිටලා ලංකාවේ පාරවල් වල දකින්න පුලුවන්. දැන් විනාඩියකට පාරේ පල්සර් දහයක්වත් දකින්න පුලුවන් නිසා කෙනෙක් ඒ තරම් පල්සර් එකක් දිහා බලන්නෙ නෑ. හැබැයි හාලියක්, රෝයල් එන්ෆීල්ඩ් එකක් දකින්න ලැබෙන්නේ අතිශයින්ම කලාතුරකින්. ඒ වගේම ඒ වගේ බයික් එකක තියෙන ලුක් එක නිසා ගොඩක් වෙලාවට මිනිස්සු මේ බයික් දිහා බලනවා. ඒක ඇත්ත. හැබැයි මුලින්ම ඔලුවට ගන්න ඕන කාරණය තමයි, තමන් පදින බයික් එක මොකක් වුනත් ඒක සුපිරි වාහනයක් කියන එක. පරණ බොක්සර් එකක් වුනත්, චැලියක් වුනත්, ස්කූටියක් වුනත්, ඩිස්කවරියක් වුනත් මේ තියරිය වෙනස් වෙන්නෙ නෑ. ඔක්කොටම කලින් තමන්ගේ වාහනය ගැන තමන්ගේ ආකල්පයයි හරියට නිර්මාණය වෙන්න ඕන. තමන්ගේ බයික් එක තමන්ට සුපිරි වෙන්න ඕන. ඕක තමයි පළමුවෙනි පියවර.

 

2. මොඩිෆයි පාරක් දාමුද?

Image Source – bikeexif.com

බයික් එකක් මොඩිෆයි කරලා තියෙනවා දකින්න ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රෝද, ඇලෝයි වීල් සෙට්, හෙඩ් ලෑම්ප් කප්, හෙඩ් ලෑම්ප්, සීට්, සයිලන්සර් වගේ දේවල් මොඩිෆයි කරන එක. මේ මොඩිෆයි කිරිල්ල ඉතින් ලාබෙට කරන්න නං බෑ. හැබැයි සල්ලි ගියාට වැඩේ කොලිටි. බයික් එකේ අගයත් සෑහෙන්න වැඩියි. එහෙම නැතිනම් ඉතින් තව මොඩිෆයි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔය ඉස්ටිකරයක් දෙකක් අලෝලා, බයික් එකේ යටටයි, රෝද වටේටයි LED ලයිට් සිස්ටම් එකක් දාලා, හෑන්ඩ් බාර් එකේ රටේ ලෝකේ තියෙන හැම ප්ලාස්ටික් කෑල්ලක්ම හයි කරලා ගන්නත් පුලුවන්. වැඩේ ඉවර වුනහම බයික් එක හරියට ඒලියන්ස්ලාගේ පියාඹන පීරිසියක් වගේ. හැබැයි ඔය කියපු ජාතියේ මොඩි‍ෆිකේෂන් වල කිසිම සීරියස් ගතියක් නෑ. කවුරුවත් එහෙම මොඩිෆයි කරපු බයික් එකක්වත්, ඒක පදින බයිකර්ව වත් සීරියස් ගන්නෙ නෑ. ආන්න ඒ නිසා මොඩිෆයි කරන්න ඕන නම් අපි රෙකමන්ඩ් කරන්නේ පළවෙනි විදිය.

 

3. අතෙන් එකයිද දූවිලි?

Image Source – sg.carousell.com

සාමාන්‍යයෙන් බයික් එකක් දූවිලි පරිසරයක නිතර ධාවනය වෙනවා නම් ඒක අපිරිසිදු වෙන එක වළක්වන්න බැහැනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි කුණු ජරාව පිටින් බයික් එක දුවන්න ඕනද? ඇත්තටම සමහරුන්ගේ බයික් එකක් ඔහේ දුවනවා. එන්ජිම දුවනකල් දුවනවා. හේදිල්ලක්, පිහිදිල්ලක් නෑ. ආන්න ඒ වගේ බයික් එකක නැගලා යනකොට නම් කිසිම රෙස්පෙක්ට් එකක් ලැබෙන්නෙ නෑ. ඇත්තටම ඔය මිලෙන් අධික, සීරියස් බයික් එකක් පදින සීරියස් රයිඩර් කෙනෙක් මොන ගමනක් ගිහින් ආවත් තමන්ගේ බයික් එක හොඳින් පිහිදනවා. මාසෙකට සැරයක් දෙසැරයක් හෝ බොහොම ප්‍රවේසමට බයික් එක හෝදලා, ඔප දාලා තියාගන්නවා. ආන්න ඒ සාත්තුවෙන් බයික් එකට එනවා බොහොම පිරිසිදු, නැවුම් පෙනුමක්. අන්න ඒ පෙනුමත් වැදගත් අපි මේ කියන කතන්දරේට.

ඒ විතරක් නෙවෙයි, බයික් එකේ තෙල් අනං මනං හැමදෙයක්ම නිසි කාලෙට චෙක් කරලා බලලා, බයික් එක ටිප් ටොප් එකට තියාගෙන ඉන්න එකත් මේකට ඇතුළත්!

 

4. නියම බයිකර් ලුක් එකක්!

Image Source – rideapart.com

ගොඩක් වෙලාවට මෝටර් බයික් එකකට පාරේදි රෙස්පෙක්ට් එකක් නොලැබෙන්න රයිඩර්ගේ පෙනුමත් බලපානවා. ඒ කියන්නේ ෂෝට් කෑල්ලක් ගහගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ බයික් එකේ නැගලා යන එක ළඟ පාතකට යන්න අවුලක් නෑ. හැබැයි බයික් එකේ නියම ගමනක් යනවා නම් ඒකට සුදුසු විදියට සහ ආරක්ෂිත විදියට ඇඳුම් පැළඳුම් තියෙන්නත් ඕන. ඒ කියන්නේ හොඳ ජැකට් එකක් දාලා, බූට්ස් දෙකක් දාලා, රයිඩින් ග්ලවුස් දාලා පිළිවෙලකට නියම බයිකර් කෙනෙක් විදියට යනකොට තියෙනවා අමුතු ගැම්මක්. ඒක නිරායාසයෙන්ම බයික් එකට සහ බයිකර්ට ගෞරවයක් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි, ආරක්ෂාවටත් මේ දේවල් අනිවාර්යයි.

ඒ විතරක් නෙවෙයි, හෙල්මට් එකේ වුනත් තියෙන්න ඕන ඩීසන්ට් ලුක් එකක් මිසක් ඒලියන්ත ලුක් එකක් නෙවෙයි.

 

5. බයික් වැඩ කෑලි!

Image Source – giphy.com

දැන් පාරේ යන බයික් දිහා බලනකොට අපිට දකින්න පුලුවන් බයික් වලින් වැඩ කෑලි දාන්න ට්‍රයි කරන හාදයෝ. ඇත්තටම පල්සර් එකකින් හරි ඒ වගේ කමියුටර් බයික් එකකින් හරි ඉස්සරහ රෝදේ උස්සලා, පස්ස රෝදේ උස්සලා වැඩ කෑලි දාන එක හපන් කමක් තමයි. හැබැයි කිසිසේත්ම ආරක්ෂිත නෑ. ඔය වැඩ කෑලි නිසාම මැරිලා, අත පය කඩාගෙන තියෙන එවුන් නිමක් නෑ. ආන්න ඒ නිසා එහෙම බයික් ස්ටන්ට් දාන්න ඕනෑම නම් කරුණාකරලා ගන්න ඒවලටම හදපු බයික් එකක්. ඒ එක්කම ආරක්ෂිත ඇඳුම් පැළඳුම්. ආන්න දැන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට බයික් ස්ටන්ට් කරන්න. එහෙම නැතුව මේ පාරේ යන ගමන් මිනිස්සුන්ට පේන්න බයික් ස්ටන්ට් දාන එකෙන් තමන්ට පොරත්වයක් ලැබෙන්නෙ නෑ. වෙන්නේ බයික් එකට සහ පදින එකාට දකින අයගේ තියෙන අරුචිය වර්ධනය වෙන එක විතරයි.

 

6. එහෙන් මෙහෙන් රිංගාලා!

Image Source – giphy.com

මෝටර් බයික් වලට ගොඩක් මිනිස්සු බණින ප්‍රධානතම කාරණේ තමයි උන් පාරේ යන්න දන්නෙ නැහැයි කියන එක. මෙහෙම කියන්නේ සියේට අනූනවයක් මෝටර් බයික් කාරයෝ එහෙන් මෙහෙන් රිංගගෙන යන්න හපන්නු නිසා. ඒ කියන්නේ ඒක මාර ටැලන්ට් එකක්ද?  නෑ. ඒක වාතයක්. දැන් ට්‍රැ‍ෆික් එකක් සෙට් වුනහම එහෙන් මෙහෙන් රිංගගෙන යන එකෙන්, කලර් ලයිට් වල වාහන නැවතුනහම එහෙන් මෙහෙන් දාලා ගිහින් කලර් ලයිට් ගාව ඉස්සරහින්ම ඉන්න එකෙන් මාර වෙලාවක් ඉතුරු වෙනවද? නෑ. ඒකට හේතුව ඉවසීම නැති කම විතරයි. ඉතින් ඔය විදියට අරහෙන් මෙහෙන් රිංගගෙන, පේමන්ට් එකේ බැරිනම් රෝන්ග් ටර්න් හරි දාගෙන ඉස්සරහට යන්න බුදු ගේමක් දෙන බයික් මල්ලිලා ගැන පාරේ යන හැමෝටම ඇතිවෙන්නේ අරුචියක්, අප්‍රසන්නකමක්. ඉතින් බයිකර්ස්ලාට ගෞරවයක් ලැබෙන්නේ නැති එක අහන්න දෙයක්ද?

හැබැයි අර දැවැන්ත බයික් වල යන සීරියස් බයිකර්ස්ලා එහෙම කවදාහරි දැක්කොත් බලන්න උන් එහෙම එහෙන් මෙහෙන් දාගෙන, වාහන අස්සෙන් රිංගගෙන යනවද කියලා. නෑ, සීරියස් බයිකර්ස්ලා බොහොම මහේශාක්‍ය ලීලාවෙන් තමන්ගේ බයික් එක නියමිත ලේන් එකේ තියාගෙන යනවා වගේම, ට්‍රැ‍ෆික් එකක් එහෙම සෙට් වුනොත් ඒ මහේශාක්‍ය ලීලාවෙන්ම ට්‍රැ‍ෆික් එක ඉස්සරහට යනකල් ඉවසගෙනත් ඉන්නවා!

 

7. ස්පීඩ් සහ අනෙක් මාර්ග නීති!

Image Source – thoughtco.com

සමහරු ඉන්නවා මාර්ග නීති නොපිළිපදින එක මාරම වීරකමක් විදියට දකින. ඒකට බයික් පදින්නම ඕන නෑ. හැබැයි මාර්ග නීති දාලා තියෙන්නේ තමන්ගේ සහ පාරේ යන අනික් මිනිස්සුන්ගේ ආරක්ෂාවට. ආන්න එතකොට බයිකර් කෙනෙක් මේ මාර්ග නීති ගැන වැඩිපුර හිතන්න ඕන. මොකද අනතුරක් වුනොත් බයිකර් කෙනෙක්ට ඩැමේජ් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව ඉතාම වැඩි නිසා.

පාරේ යන අනික් මිනිස්සුන්ගේ රෙස්පට් එක ලැබෙන සීරියස් බයිකර් කෙනෙක් වෙන්න කරන්න ඕන පුලුවන් තරම් ගෑස් දීලා කණ පැලෙන වේගෙන් යන එක නෙවෙයි. ඒ ඒ පාරවල් වල නියමිත වේග සීමාවට අනුකූලව බොස් ලෙවල් එකෙන් රයිඩ් කරන එකෙන් ඇත්තටම තමන්ට රයිඩ් එකේ ත්‍රිල් එකත් විඳගන්න ලැබෙනවා. ආරක්ෂාවත් තියෙනවා. ඒ වගේම රෙස්පට් එකකුත් තියෙනවා.

ඇත්තටම ස්පීඩ් එක විතරක් නෙවෙයි, බොස් ලෙවල් එකෙන් රයිඩ් කරන සීරියස් බයිකර් කෙනෙක් කියන්නේ මොන තරම් යකඩ ලුක් එකක් තිබුණත් මාර්ග නීති පිළිපදින ඩයල් එකක්!

Cover Image Source – en.wikipedia.org

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *