තැනකට යනකොට හැමෝගේම ඇස් ඔබ දිහා නවතින විදියේ තරුවක් වෙන්නේ මෙහෙමයි!

සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය තැනකට යනකොට එතන ඉන්න හැම කෙනෙක්ගේම ඇස් නවතින්නේ ඒ කෙනා ගාව. ඒ විතරක් නෙවෙයි, අඳුනන නාඳුනන හැමෝටම ඒ කෙනා එක්ක කතා කරන්න වුවමනා කරනවා. අනිවාර්යයෙන්ම එතන තරුව වෙන්නේත් ඒ කෙනා. ඇත්තටම මොකද්ද එහෙම වෙන්න තියෙන රහස? බාහිර ස්වරූපය විතරක් ඇතිද එහෙම තරුවක් වෙන්න? ඊට වඩා මොකක් හරි රහසක් තියෙනවද එතන? ආන්න ඒ කාරණා දැනගන්න වුවමනාවෙන් ඉන්නවා නම්, ඔබටත් යන ඕනෑම තැනක තරුවක් වෙන්න ඕන කරනවා නම්, මේ ආටිකල් එක ඔබ වෙනුවෙන්ම තමයි!

 

1. ඇඳුම් පැළඳුම්!

Image Source – realmenrealstyle.com

සමහරු ඉන්නවා නීට් එකට අඳින්න ඕන. සමහරු ඉන්නවා ඇඳුම් ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ. හැබැයි අපි අනික් අය අපිව දැක්කහම ඇති වෙන පළමු හැඟීම ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ තමන් යන තැනට ගැලපෙන විදියට, පිළිවෙලට, පිරිසිදුවට ඇඳුමක් අඳින එක.

මෙහෙම හොඳට ඇඳලා යනවා කියන්නේ එකක්, මිනිස්සුන්ගේ ඇස් නිරායාසයෙන්ම තමන් කෙරෙහි යොමු වෙනවා. දෙවෙනියට තමන් හොඳට තැනට ගැලපෙන විදියට ඇඳලා පැළඳලා යනකොට තමන්ගේ හිතේ තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය ඉහළයි.

 

2. ඔලුව කෙලින් තියාගෙන…

Image Source – theadultman.com

මනුස්සයෙක් ඇවිදින විදියෙන්, ඉන්න විදියෙන්, ඉරියව් වල විදියෙන් ඒ මනුස්සයා ගැන ලොකු දෙයක් කියවෙනවා. අන්න ඒ නිසා හොඳ ඉරියව් තනියෙන් ප්‍රැක්ටිස් කරන්න. ඔලුව කෙලින් තියාගෙන, සැහැල්ලුවෙන් ඒත් ආත්ම විශ්වාසයෙන් ඇවිදින විදිය හොයාගන්න. කෙනෙක් එක්ක කතා කරන්න හැරෙන විදිය, කෙනෙක්ට අතට අත දෙන විදිය වගේ දේවල් පුරුදු වෙන්න. මේක තනියෙන් තමන්ගේ කාමරේ ඉඳලා කරන්න පුළුවන් දෙයක්. තනියෙන් ප්‍රැක්ටිස් කරලා තමන්ට ගැලපෙනම ඉරියව්, ඇවිදින විදිය, හැසිරීම් ලීලාවන් හොයාගත්තට පස්සේ තියෙන්නේ ප්‍රායෝගික ලෙවල් එකෙන් ප්‍රැක්ටිස් කරන්න. මේ දේවලින් තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයෙන් ඇවිදගෙන එන අපි දකින අයටත් අපි ගැන හොඳ අදහසක් පහළ වෙනවා.

 

3. ආත්ම විශ්වාසය!

Image Source – lifegrease.com

දැන් අපි තැන් කීපෙකම සඳහන් කළානේ ආත්ම විශ්වාසය ගැන. ඇත්තටම තමන් තැනකට යනකොට එතැන හැමෝගේම ඇස් තමන් දෙසට හරවන්න පුළුවන් ප්‍රධානතම සාධකය තමයි ආත්ම විශ්වාසය. මේ ආත්ම විශ්වාසය කියන එක ඇතිවෙන්න නම් තමන් ගැන තමන් තුළම හොඳ හැඟීමක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අර උඩ කියපු කාරණා එක් ආකාරයකට වැදගත් වෙන්නේත්. ඊට අමතරව තමන්ට තමන්ගේ හැකියාවන් ගැන, තමන්ගේ සාර්ථකත්වය ගැන, තමන් අනාගතයේදී සාර්ථක වෙනවාය කියන එක ගැන හොඳ විශ්වාසයක් තියෙන්න ඕන.

 

4. යන්නේ කොතනටද, මුණගැහෙන්නේ කවුද?

Image Source – nightline.ac.uk

තමන් කොහේ හරි තැනකට යනවා කියමු. ඒක ඔ‍ෆිස් එකේ බෝඩ් මීටින්ග් එකක් වෙන්න පුළුවන්. ඉන්ටර්වීව් එකක් වෙන්න පුළුවන්. පාටියක් වෙන්න පුළුවන්. වෙනත් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. මේ මොන දෙයක් වුනත් අත් දෙක වන වනා ගිහිල්ලා හරියන්නෙ නෑ. තමන් යන්නේ කොතනටද කියන එක ගැන කලින් අධ්‍යයනයක් කරන්න ඕන. ඒ තැනේදී තමන්ට මුණගැහෙන්නේ කවුද කියන එක ගැන අදහසක් ගන්න ඕන. මෙහෙම පෙර සූදානමකින් යනකොට හැමදේම හුරුපුරුදුයි. උදාහරණයක් විදියට ගත්තොත් සරලවම අපි යන තැන තියෙන්නේ කොහේද කියලා ගූග්ල් මැප්ස් සර්ච් පාරක් දාලා දැනගෙන යන එක වටිනවා. එතකොට පාර වැරදිලා, තැන හොයාගන්න බැරිවෙලා කේස් වෙන්නෙ නෑ. එහෙම දෙයක් වෙලා තැනකට පරක්කු වෙලා යනකොට අපි  යන්නේ හදිසියෙන්, අප්සට් එකෙන්. ආන්න ඒක පැහැදිලිවම පේනවා. ඒත් අර විදියට කලින් සූදානම් වෙලා යනකොට හරියට අපේ තැනකට යනවා වගේ තමයි. කිසි හදිසියක්, කලබලයක් නෑ. අන්න ඒ හැඟීම ඉතාම වටිනවා.

 

5. ඇස් දිහා බලන්න, අවශ්‍ය මොහොතේදී හෘදයාංගමව හිනාවෙන්න

Image Source – youtube.com

මේක ඉතාම වැදගත්. කාමරයකට ඇතුළු වෙනකොට ඇවිදින්නේ කොහොමද, ශරීරය තියාගන්නේ කොහොමද කියන එක ගැන අපි කලින් කථා කළානේ. සමහරු කාමරයට ඇතුළු වෙනකොට දකින දකින හැමෝමත් එක්කයි, කාමරේ සීලිමේ හයි කරලා තියෙන බල්බ් එක්කයි හැම දේම එක්ක හිනාවෙනවා. ඒක එක්තරා විදියකට තමන්ගේ නොසන්සුන්කමත් ප්‍රදර්ශනය කිරීමක්. එහෙම එපා. තමන්ගේ බැල්ම තීක්ෂණව තියාගන්න. ඉන්න හැමෝම දිහා කෙලින් බලන්න. ඒකට කමක් නෑ. හැබැයි කෙනෙක්ගේ ඇස් දිහා බලන්න. කෙනෙක් මිත්‍රශීලී බවක් පළ කරනවා නම් හෘදයාංගමව හිනාවෙන්න.

 

6. කථාබහේදී

Image Source – wfuv.org

අපි තැනකට ගියහම අඳුනන අය වගේම නාඳුනන අයත් ඉන්නවා. අඳුනන අයත් එක්ක කොහොමත් කථා කරනවනේ. නාඳුනන කෙනෙක් අඳුනන අයත් එක්ක හිටියොත්, ගොඩක් වෙලාවට අඳුනන කෙනා අපිව හඳුන්වලා දෙයි. එහෙම කළේ නැතිනම් තමන්ගේ නම සහ ඉවෙන්ට් එකට තමන්ගේ තියෙන සම්බන්ධය කියලා හඳුන්වලා දෙන්න. ඒ හඳුනාගැනීමේදී අතට අත දීලා ආචාර කරන්න. “මුණගැහීම සතුටක්” වගේ දෙයක් කියලා ඒ ගැන සතුට ප්‍රකාශ කරන්න. කථා කරනකොට බොහොම පැහැදිලිව, මිත්‍රශීලීව කතා බහ කරන්න. වාද විවාද වලට නොයන්න. සැහැල්ලුවෙන් ඒත් පලක් ඇති දේවල් ගැන කතා කරන්න.

 

7. කොණකට වී නොසිටින්න

Image Source – mindforlife.org

සමහර වෙලාවට අපි කොයි තරම් ආත්ම විශ්වාසයකින් ඉවෙන්ට් එකකට ඇවිදගෙන ආවත්, අපිව අඳුනන කිසිම කෙනෙක් එතන නොහිටින්න පුළුවන්. ඒ නිසා කවුරුවත් අපි ගාවට ඇවිත් කතා නොකරන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? මුල්ලකට වෙලා ෂේප් එකේ වට පිට බල බලා ඉන්නවද? නැත්නම් කොණකට වෙලා ෆෝන් එක අතට අරන් ඔබ ඔබා ඉන්නවද? නැත දරුවා නැත. යන්න අනෙක් අය කතා කර කර ඉන්න තැනකට. හඳුන්වලා දෙන්න තමන්ව. එකතු වෙන්න කතාවට. තවත් කෙනෙක්ට ප්‍රශංසා කරන්න නොපැකිළෙන්න. “බොහොම ලස්සන ඇඳුමක්” කියලා කියන්න, “ඔබ හරිම ලස්සනයි අද” කියලා කියන්න, “බොහොම හොඳ අදහසක් ප්‍රකාශ කළේ කියලා කෙනෙක්ට කියන්න දෙපාරක් හිතන්න එපා. තමන් දිහාට ඇස් හරවන්න පුළුවන් දෙයක් තමයි සමාජශීලීත්වය. යන ඕනැම තැනක තමන්ගේ ෆන් එක ඩීසන්ට් විදියට ගන්න. එහෙම අය ගාවට අනෙක් මිනිස්සුත් නිකම්ම ආකර්ෂණය වෙනවා!

Cover Image Source – casinobond.at

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *